Watch Trailer

Inhumans [S01 : E05] with Sinhala Subtitles | ඇට්ලැන් තුල ඇවිලෙන ගිණිසිළු [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් සතියෙ පොරොන්දු වුනා මේ වතාවෙ මැක්සිමස් පිළිබඳව පොඩි විස්තරයක් කියනව කියලා. ඔන්න ඉතින් ඒ ගැන තමා මේ කියන්න හදන්නෙ. හරි එහෙනං මැක්සිමස්ගෙ දෙමව්පියන්ගෙන්ම පටන්ගමු. මැක්සිමස්ගෙ දෙමව්පියන් වෙන්නෙ Agon සහා Rynda. මෙයාලා තමයි ඉන්හියුමන්ලගෙ කලින් රජ්ජුරුවො සහ රැජින වුනේ. හැම කෙනෙක්ම වගේ මැක්සිමස්ට…

මම කලින් සතියෙ පොරොන්දු වුනා මේ වතාවෙ මැක්සිමස් පිළිබඳව පොඩි විස්තරයක් කියනව කියලා. ඔන්න ඉතින් ඒ ගැන තමා මේ කියන්න හදන්නෙ. හරි එහෙනං මැක්සිමස්ගෙ දෙමව්පියන්ගෙන්ම පටන්ගමු. මැක්සිමස්ගෙ දෙමව්පියන් වෙන්නෙ Agon සහා Rynda. මෙයාලා තමයි ඉන්හියුමන්ලගෙ කලින් රජ්ජුරුවො සහ රැජින වුනේ. හැම කෙනෙක්ම වගේ මැක්සිමස්ටත් අවස්තාවක් ලැබෙනවා ටෙරිජන් වායුවට මුහුණ දෙන්න. නමුත් ඒ කාර්යයෙන් පස්සෙත් මෙයාගෙ කිසිම ඉන්හියුමන් ලක්ෂණයක් පෙන්නුම් කරලා නැ. ඒ කියන්නෙ මැක්සිමස් නිකන්ම මනුස්සයෙක්. කොහොම වෙතත් කාලයත් එක්ක මෙයාගෙ හැකියාවන් වර්ධනය වෙලා තියෙනවා. ඔව් දැන් ටිවි සීරියස් එකෙත් ඒ හරිය දැක ගන්න ලැබෙනවා. ඒ වගේම තමා අපි කතාව තුල දැක්කෙ එක වතාවක් මැක්සිමස් ඇට්ලැන් වල බලය අල්ල ගන්නවා විතරනෙ. ඒ වුනත් මෙයා කිහිප වතාවක්ම ඇට්ලැන් වල බලය අල්ලගෙන තියෙනවා. ඒ හැම වතාවකම වගේ නැවත වරක් මැක්සිමස්ම බලයෙන් නෙරපලා බ්ලැක් බෝල්ට් ඇට්ලැන් වල පාලනය අරන් තියෙනවා. ඒ ගැන ඉතින් කියන්න ගියොත් ලොකු හෑල්ලක් කියන්න වෙනවා. ඒ නිසා ඔය ටික දැනගත්තම ඇති.

දැන් බලමු මැක්සිමස්ට තියෙන හැකියාවන් මොනවද කියලා.

මැක්සිමස්ගෙ හැකියාව තමයි අනුන්ගෙ මනස පාලනය කරන්න පුළුවන් වීම. මැක්සිමස්ගෙ හැකියාවන් ටෙලිපති එහෙම නැත්නම් පරචිත්තඥානයෙන්වත් අවුල් කරන්න බෑ. ඒ කියන්නෙ මැක්සිමස්ට පුළුවන් හැඟීම් වගේම අදහසුත් පාලනය කරන්න. මැක්සිමස්ට හැකියාව තියෙනවා එයාගෙ අදහස් අන් අයගෙ මනසට ඇතුල් කරලා එයාලගෙන් වැඩගන්න. තවත් විශේෂ දෙයක් තමා මේ මනස පාලනය කිරීම එකම වතාවෙ කිහිප දෙනෙකුගෙ මනස වුනත් පාලනය කිරිමෙ හැකියාව මෙයාට තියෙනවා.

මනස පාලනය කිරිමට තියෙන හැකියාවටත් වඩා භයානකම හැකියාව තමයි මැක්සිමස්ගෙ තියෙන කූට මනස [ his own scheming mind.]. මැක්සිමස්ට හැකියාව තියෙනවා විශ්වාස කරන්න බැරි සැලසුම් යෝජනා කරන්න අඩුම තරමෙ කර්නාක්ටවත් අහුවෙන්නෙ නැතිවෙන්න. ඒ කියන්නෙ කර්නාක්ගෙ බලය මැක්සිමස්ට වැඩ කරන්නෙ නෑ කියන එක.[කර්නාක් පිළිබඳව පස්සෙ කියන්නම්] ඒ වගේම තමා මැක්සිමස්ට අධිමානුෂික බුද්ධියක් වගේම අතිශයින් වැඩි දියුණු කරපු අවි ආයුධ සහා උපකරණ විශාල ප්රමාණයක් මෙයා නිර්මාණය කරලා තියෙනවා. මේ උපකරණ අතරෙ තියෙනවා බ්ලැක් බෝල්ට්ගෙ හඩ ඝන සන්නායකයක් බවට හරවන්න පුළුවන් උපකරණයක් වගේම බ්ලැක් බෝල්ට්ගෙ හඬට ක්රියාත්මක වෙන නියුක්ලියෝ බෝම්බයක්. ඉතිං හිතා ගන්න පුළුවන්නෙ මැක්සිමස් කියන්නෙ කොච්චර නම් දරුණු කෙනෙක්ද කියලා. දැනටත් නපුරු එකේ බලයන් ලැබුනම කොහොමට තියේවිද. මොනාවුනත් Iwan Rheon මැක්සිමස්ගෙ චරිතය සුපිරියටම කරනවා කියන එක තමයි මට නම් කියන්න තියෙන්නෙ.

හරි එහෙනං සුපුරුදු විදිහට කලින් කොටස ගැන කියන්නම්.

බ්ලැක් බෝල්ට් හෙලිකොප්ටරෙන් පැනලා යන වෙලාවෙ මෙඩූසා කාර් එකකින් ඒ පස්සෙ පන්නගෙන එනවා. ඒහෙම යන්න ගිහින් පොලිසියෙනුත් පස්සෙන් ගෙන්න ගන්නවා. මොන දේ කලත් මෙඩූසට බ්ලැක් බෝල්ට්ව මගෑරෙනවා. බ්ලැක් බෝල්ට්ව ගෙනියන්නෙ මහාචාර්ය ඩෙක්ලන්ගෙ විද්යාගාරයකට. එයා පොරොන්දු වෙනවා මෙඩූසව හොයලා දෙන්න. ඔය අතරෙ තමා ක්රිස්ටල්ට ඩේව්ව හම්බවෙන්නෙ. එයාගෙ මාර්ගයෙන් ලොක්ජෝට බෙහෙත් කරන්න විදිහක් හොයා ගන්නවා. ඒ ඩේව්ගෙ හිටපු පෙම්වතිය හරහා. කොහොම වෙතත් එයා නම් ලොක්ජෝ දැකලා තක්කු මුක්කු වෙනවා. ඔය අතරෙ තමා මෙඩූස එක්ක ඉන්න ලුවිස්ට බ්ලැක් බෝල්ට් ගිය හෙලිකොප්ටරය හොයාගන්න විදිහක් මතක් වෙන්නෙ. ඒ වෙනුවෙන් මේ දෙන්නා ලුවිස් නැවතිලා ඉන්න හොටෙල් එකට යනවා.

මහාචාර්ය ඩෙක්ලන් බ්ලැක් බෝල්ට්ගෙයි අනික් කෙනාගෙයි ඩි එන් ඒ චෙක් කරලා පුදුම වෙනවා. ඔය අතර වාරයෙ තමා අපි නොහිතපු විදිහට මෙයා මැක්සිමස් එක්ක කතා කරන්නෙ. ඩෙක්ලන් කියන විදිහට මේ ඩි එන් ඒ වලින් හිතා ගන්න බැරි දේවල් වුනත් කරන්න පුළුවන්. මැක්සිමස්ට බලයන් ලබා ගන්න පවා. ඔය අතරෙ තමා මෙඩූසයි ලුවිසුයි ඉන්න හෝටලයට පොලිසියෙන් එන්නෙ. මේ දෙන්නා කොහොම හරි එතනින් පැන ගන්නවා. අන්තිමේ බ්ලැක් බෝල්ට් ඉන්න තැනත් හොයා ගන්නවා.

කොහොමහරි බ්ලැක් බෝල්ට් දැනගන්නවා එයාලව එක හිර ගේකින් තවත් එක්කට මාරු කලා වගේ වැඩක් වුනේ කියලා. ඉතින් මේ දෙන්නම ආපහු වතාවක් මෙතනින් පැනලා එළියට එනකොටම ඕරාන් ඇතුළු කට්ටිය මෙයාලට හරස් වෙනවා. මොර්ඩිස් බ්ලැක් බෝල්ට්ට පහර දෙන්න යද්දිම තමා මෙඩූසා ඇවිත් මිනිහගෙ ඇගේ වාහනේ හප්පන්නෙ. එතනදි ලොකු පිපිරීමක් වෙනවා. එතනදි බ්ලැක් බෝල්ට් සහ මෙඩූසා එකතුවෙනවා. ඒ දෙන්නා ලූකස්වත් එතනින් අරන් ලුවිස් එක්ක පිටත් වෙනවා.

ඔය අතරෙ ඇට්ලැන් වල මැක්සිමස්ට ඕන ආපහු වතාවක් ටෙරිජෙනිසස් වලට මුහුණ දෙන්න.ඒත් ඒකට ප්රවේණි කවුන්සිලය කැමති වෙන්නෙ නෑ. ඒ නිසාම මැක්සිමස් ප්රවේණි කවුන්සිලය නෙරපා දමන්න තීරණය කරනවා. අන්තිමේ එයාට කැමති ඕන දෙයක් කරන්න ඉඩ ලැබෙනවා.

එහෙනං මං ගිහින් එන්න. කමෙන්ටුවක් හලන් යන්න අමතක කරන්න එපා ඉතිං. එන්න එන්න අඩු වෙනවා වගේ දැනෙනවා අදහස් දැක්වීමෙ ප්රමාණය.

ජය වේවා!

Inhumans on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,596 downloadsDownload Marvels-Inhumans-S01E05-Updated.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

4,596 downloadsDownload Subtitles26 KB

36 comments

  1. SUPUN KAVINDA

    Sub akata thanks saho. ahenam labala sathiye thawath kenek gena denaganna lebeyi kiyala hithanawa.

  2. Nirodhauthpala

    Hambe eanakan hitiyeth thx very much to sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  3. Charith Madhusanka

    THANKS ! for the sub bro.

  4. Dinuka Jayasekara

    තැන්ක්ස් මචෝ......මං හිතුවෙ eng sub එක්ක බලන්ඩ වෙයි කියලා...එතකොට තමා සබ් එක දැක්කේ.

  5. Lasa

    බොහෝම ස්තුතියි සහෝ

  6. Kalana

    Thanks bro.

    Gifted sub denna kenek nedda

  7. Charuka

    Thanks bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝ‍රම ස්තුතියි සහෝ........

  10. Viraj tharuka

    Sub akata thanks bro!!habai gifted akata sub thama diala na ne!puluwan nm akath karala denna!!

  11. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  12. Udara Damith B/K

    වෙන්ඩ වගේම ලිපියට ස්තුතියි ගොඩක්
    ඊලග කොටස දෙනකොට ත් මේවගේ ලිපියක් ඕනි
    එල

  13. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!

  14. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මැක්සිමස් තමා සුපිරි....

  15. Nuwan

    gunpowder suB dennako

  16. Udara Damith B/K

    DAන් නම් කතාව සුපිරි වීගෙන එනවනේ

  17. Himaru

    Thanks sahoo sub ekata...

  18. RuchiMax

    **--__--Tnx--__--**

    **--__--For--__--**

    **--__--Sub--__--**

  19. රයන් ද සිල්වා

    සබ් එකට තුති ලහිරු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

  20. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
    06 වෙනි කොටසෙන් ලබන සතියේ දී හමු වෙමු

  21. මලිත් සංදීප

    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තව කොටස් 3 ගින්දර වගේ ඒ ටිකත් මේ වගේම ඇදලා දාමු මචෝ
    #සුභ පැතුම්

  22. ඩිලාන් හසිත

    සබ් එකට තුති මචෝ
    මේ සීරීස් එක තව සුපිරියට කරන්න තිබුනා බන තනිකරම මල් කතාවක් කරලනේ...
    මම නම් කියන්නේ 2වන සීසන් එකට දීර්ග කරලා සුපිරියටම කරන්න තිබුනා...
    මොනව කරන්නද ඉතින් තව 3කින් ඒකත් ඉවරයි...

  23. කනිශ්ක ලක්මාල්

    තෑන්ක්ස් ලහිරු සහෝ සබට
    ඊලග කොටසෙන් ලබන සතියේ දී හමු වෙමු

    The Gifted 3 වෙනි කොටසේ සබ් දුන්නේ නෑ සහෝ
    පුලුවන් නම් ඒකත් කරලා දාමුද?

  24. විනෝද් විදුශ්ක

    ස්තූතියි සහෝ

  25. Sachintha

    Thanks

  26. ඩිලාන් හසිත

    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තෑන්ක්ස්

  27. Ajith Priyantha

    sub akata thanks wawa

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. isuru

    tnx bro...keep it up..highly appreciated your effort

  30. Ravin

    Thanks for the sub

  31. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  32. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  33. Tharaka Lahiru

    tnq mcn

  34. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  35. piyumal sanjeewa

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  36. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.