හැමෝටම සුභ නත්තලක් වේවා! විද්‍යාත්මක නියමන් සහ සිද්ධාන්තයන්හි 100% නිවැරදිභාවය ගැන විචාරකයින් මොන තරම් කතා කිව්වත්, ප්‍රේක්ෂකයින් විසින් ආදරයෙන් වැළඳගත්ත කතාවක දෙවැනි කතාසමය නෙට්ෆ්ලික්ස් ඔර්ජිනල් කතා මාලාවක් ලෙසින් 24 වෙනිදා නිකුත් උනා. මේ අරගෙන එන්නේ ඒ කතාවේ පලවෙනි කොටස. පරණ සිද්දි ටික මතක් කරගෙන…

හැමෝටම සුභ නත්තලක් වේවා! විද්‍යාත්මක නියමන් සහ සිද්ධාන්තයන්හි 100% නිවැරදිභාවය ගැන විචාරකයින් මොන තරම් කතා කිව්වත්, ප්‍රේක්ෂකයින් විසින් ආදරයෙන් වැළඳගත්ත කතාවක දෙවැනි කතාසමය නෙට්ෆ්ලික්ස් ඔර්ජිනල් කතා මාලාවක් ලෙසින් 24 වෙනිදා නිකුත් උනා. මේ අරගෙන එන්නේ ඒ කතාවේ පලවෙනි කොටස. පරණ සිද්දි ටික මතක් කරගෙන ඉමු එහෙනම්.
“මේ කතාව ආරම්භ වෙන්නේ 2046 අපේ පෘථිවිය දිහාට එන උල්කාෂ්මයක් හේතුවෙන් ලෝක වාසීන් දක්ෂතා තියන උදවිය එක්කාසු කරගෙන මේ ලෝකය හැර යනවා, එහෙම යන 24 වැනි කණ්ඩායමේ එක පවුලක් වුන රොබින්සන් පවුල තමයි මේ කතාවේ මුලික වුනේ. ඉතින් අපි දැක්කා රෙසලුට් මව් යානයට එල්ල වුන ප්‍රහාරයක් නිසාවෙන් එකේ මගින් තමුන්ට වෙන්වුන ජුපිටර් යානා යොදාගෙන මව් යානය හැර යන හැටි. ඉතින් පෙර වාසනාවකට රොබින්සන් පවුල කඩා වැටෙන්නේ පෘථිවියට බොහොම ආසන්න පරිසරය තත්වයක් තියන ලෝකයකට. මේක ඔවුන්ගේ සිතියම්වල පවා සටහන් නැති ලෝකයක්.
මේ ලෝකයේ ආරම්භයම ඔවුනට කරදරයක්, අම්මගේ කකුල කැඩෙනවා. සීතලෙන් මිදෙන්නට බැටරියක් ගේන්න යන ලොකු දුව ජූඩි විලේ වතුර ගල් වීම නිසාවෙන් හිර වෙනවා. ඇයව ගලවා ගැනීමට මැග්නීසියම් ගේන්නට පියා එක්ක ගිය විල් ඇද වැටෙන්නේ මෙතෙක් නොදුටු වෙනමම පරිසරයකට. මේ අතරේ ජූඩි බේරා ගැනීමේ මෙහෙයුමට දෛවය හරස් වෙන්නේ නොහිතු වැස්සක් ඇද හැලීම නිසාවෙන්. මේ ඔක්කොම අස්සේ පෙනීට සිද්ධ වෙනවා මවගේ කකුලේ පීඩනය මුදා හරින්නට සැත්කමක් කරන්නට. නමුත් ඒ ඇයගේ කැමැත්තෙන් නෙමෙයි මොකද මේ වැඩ සඳහා දක්ෂයා වෙන්නේ හිමේ හිරව ඉන්න ජූඩි. නමුත් ඒ වැඩේ කොහොම හරි ගොඩ ගිය හැටි මතක ඇති නේ. මේ ඔක්කොම අස්සේ විල් නව මිතුරෙක් හඳුනා ගන්නවා, එයාගෙන් ලැබුන දායකත්වයත් අමතක නැතුව ඇති කියලා හිතනවා. ඒ ප්‍රධාන පවුලේ කතාව, මේ ඔක්කොම අස්සේ අපි දැක්කා හොර දොස්තර ස්මිත් නෝනාගේ ආගමනය, ඒ වගේම එයා රොබින්සන් පවුල රොබෝ ගැන නොදන්නා යමක් දන්නා බවත් දකින්න ලැබෙන්න ඇති
හැබැයි පස්සෙ බලනකොට කතාව ඇවිල්ලා, නත්තල් දවසක කැනඩාවට විශාල ග්‍රාහකයක් කඩා වැටිල ඒ කඩා වැටීමෙන් සෑහෙන විනාශයක් වෙවෙලා. ඉතිං කතාවේ කියවෙන විදියට පෘථිවියේ ජිවත් වෙන්න අමාරු තත්වයක් හටගන්නවා ඊට පස්සේ. ඒත් එක්කම පෘථිවි වැසියෝ එකතුවෙලා රෙසලුට් කියල විශාල අජටාකාශ යානා හදාගෙන පෘථිවියෙන් පිටවෙනව. ඒ අභ්‍යවකාශ තාක්ෂණයේ එක්වරම පැනපු පිමි දෙක තුනක් නිසාවෙන්. දැන් තාක්ෂනය දශක ගණනාවක් ඉස්සරහට ගිහින් එක පාරම. ඒත් දැන් බලනකොට ඒක අපේ දෙයක් නෙමේ අර කැනඩාවට නත්තල් දවසේ වැටිලා තියෙන්නෙත් ග්‍රාහකයක් නෙමේ. පෘථිවියේ අය පිටසක්වල යානයකට වෙඩි තියල බිම දාල ඒකෙ අභ්‍යවකාශ තාක්ෂනය හොරකම් කරල. කොහොමහරි දැන් අභ්‍යවකාශ යානයේ ඉන්නකොට ඒ කියන්නේ රෙසලුට් එකේ ඉන්නකොට අමුතුම ජාතියේ දරුණු රොබෝ කෙනෙක් පහර දෙනවා. හේතුවක් හිතාගන්න බැහැ නමුත් කතාවේ අවසාන හරියෙදි අපිට දැනගන්න ලැබෙනවා ඒ රොබෝ එන්නේ රෙසලුට් යානයේ එංජිම කියල. ඒ එංජිම අර නත්තල් දවසේ පහර දීලා බිම දාපු පිටසක්වල යානයේ එංජිම. ඉතිං ඒ විදියට එන මාරක රොබෝ නවතින්නේ අන්තිමේදී විල් රොබින්සන් කියන පොඩි ලමයේගේ යාලුවෙක් වෙලා!”
ඔන්න ඔහොමයි, පළමු කතාසමය පුරාවටම සෑහෙන සිදුවීම් රැසක් එක්ක කතාවේ සාරාංශය සිද්දවුනේ. එහෙනම් නැවුම් විදියට දෙවැනි කතාසමය එක්ක එකතුවෙමු කට්ටිය. මාත් එක්ක වැඩේට තව සහෝදර උපසිරැසිකරුවන් 10 දෙනෙක් එකතුවෙලා ඉන්නවා. හැකි ඉක්මනට උපසිරැසි ටික ඔයාලගේ අතට ලැබේවි දවස ගානේ, සම්හරවිට දවසකට දෙකක්වගෙ ලැබෙන්නත් පුළුවන්… 😉 දෙවැනි එපියෙන් නුවන්ත ඔබ හමුවට ඒවි.
තවත් අපුරු කතාවකින් 2020 ජනවාරි පළවෙනිදා ඔබලව මුණගැහෙන්න එන්නම් 😀
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,244 downloadsDownload Lost-in-Space-S02-E01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
31 comments
sachintha
Rasindu Perera
ඔව්. Jessica Jones එකටයි Runaways එකටයි දීලා ඉවර කරනම් හොදයි...ඒවා ඉවර වෙච්ච කතා නේ..
ප්‍රශාත් මදුෂංක
Thank you brother.
Well done!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.!Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
kelumchathuranga
thanks
osramdhl
Tnxs bro. Enakan maga balagena idapu series ekak
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති විමා උපසිරසට..කලින් එකනම් සෑහෙන්න ආසාවෙන් බලපු කතාවක්. මේකත් ඒ වගේම වෙයි කියලා ප්‍රාර්ථනා කරමු..ජය වේවා..බුදුසරණයි..!
Naleya
meke season 1 direct down load link ekak nedda
rockz2020
බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥rockz2020
The Dark Crystal: Age of Resistance සීරිස් එක දෙන්න එපා හොඳේ හෙ හේ ✌;)
☺☹☝✋✊✍❣❤
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ට්කත් ඉක්මනටම අරන් එමු...Brothers435
TNq bro
dsdkavishka
Thenks
Pasindu16022
Thanks for the sub bro.
Sanath Indika
thx bro
Ayesh Prashan
Thank You
Hiran Eranda
thanks for the sub
Navanjanaishan
Sub ekata thanks! Puluvannao X Files s8 & s9 sub denna.
The Planets eke 2019 ekatath sub denna!Direct Links Paradise
Ithuru tikath ikmnt dannako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madusada07
machan me font eka mokadda..?
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
rwdilshan
sub eke font eka aul bro. kohomada hada ganne,
sanjeewakbg
thanks bro..
MAALnath
Thanks ...............good luck ...................
Bruce___Wayne
බොහොම ස්තූති සිංහල උපසිරසට
ජය ✌️✌️✌️Tharindu07
Thanks Machooooo.....!!!! Jayavewa....!!!!
Buddhi
thanks !!!
chinthaka.max4
thankx machan
Anonymous
Thanks Brother
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේ වගේම jessica jones s03 එකටත් උපසිරැසි ලබා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ