Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E14] | ටහීටි… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… හැමෝටම සුභ දවසක් කියන ගමන්, ඔන්න මම අරගෙන ආවා ඔයාලා ආසාවෙන් බලන් ඉඳපු මාවර්ල්ස් පරීක්ෂකවරුන්ගේ කථා මාලාවේ, 14 වෙනි කොටස. ඊයේ හැන්දෑවේ තමයි ඉංග්‍රීසි සබ් එකක් අන්තර්ජාලයට නිකුත් වුනේ. රෑම උපසිරස දාන්න පටන් ගත්තත්, 12 විතර වෙනකොට නින්ද ගිහින්. නැත්නම් අද උදේ වෙනකොට දෙන්න තිබුනා. ඒ පිළ…

Marvels Agents of S H I E L D

කොහොමද යාළුවනේ… හැමෝටම සුභ දවසක් කියන ගමන්, ඔන්න මම අරගෙන ආවා ඔයාලා ආසාවෙන් බලන් ඉඳපු මාවර්ල්ස් පරීක්ෂකවරුන්ගේ කථා මාලාවේ, 14 වෙනි කොටස. ඊයේ හැන්දෑවේ තමයි ඉංග්‍රීසි සබ් එකක් අන්තර්ජාලයට නිකුත් වුනේ. රෑම උපසිරස දාන්න පටන් ගත්තත්, 12 විතර වෙනකොට නින්ද ගිහින්. නැත්නම් අද උදේ වෙනකොට දෙන්න තිබුනා. ඒ පිළිබඳව සමාව භාජනයක දාන ගමන්, අද කථාව ගැන කියන්න කලින් මීට මාසෙකට කලින් බලපු 13 කොටස දිහාවට පොඩ්ඩක් හැරිලා ඉඳිමු.

කථා මාලාවත් එක්ක දිගටම රැඳිලා ඉඳපු යාළුවන්ට මතක ඇති ඇවෙන්ජර්ස් නිව්යෝර්ක් සටනේදී මරණයට පත්වුනු පරීක්ෂක කොල්සන්ව අධ්‍යක්ෂ ෆියුරි විසින් නැවත පණගන්වලා මේ ලෝකෙට ගෙනාපු හැටි. ඒ වගේම මතක ඇතිනේ පසුගිය කොටසේදී අපේ ස්කයි කෙල්ලට උණ්ඩ දෙකක් වදිනවා තනියම වැඩ පෙන්නන්න ගිහින්. එයාට වෙඩි තියපු ඉයන් ක්වින්ව ෂීල්ඩ් කණ්ඩායම අල්ලාගත්තා. නමුත් හැමෝටම තිබුනු ප්‍රශ්නයක් තමයි, තමන් වෙනුවෙන් නරක වැඩ කරන්න සල්ලි වියදම් කරන ක්වින්, ස්කයිට වෙඩි තියව්වේ ඇයි කියන එක. අද කථාවේදි එහෙම කලේ ඇයි කියන දේට උත්තරේ කොල්සන් ක්වින්ගෙන් එළියට ගන්නවා.

දැන් හැරෙන්නම් අද කථාව දිහාවට, ක්වින්ගෙන් වෙඩි කාපු ස්කයි කෙල්ල, ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී, කොල්සන් ඇතුලු ෂීල්ඩ් කණ්ඩායම බලාගෙන ඉන්නවා ඇගේ ජීවිතේ බේරෙනකන්. ඒත් වෛද්‍යවරුන් කියන්නේ ඇයට තවදුරටත් ජීවිතාධාරක යන්ත්‍ර නැතිව ජීවත් වෙන්න බැරි බවයි. ඒ නිසා කොල්සන් උත්සාහ කරනවා තමන්ව මරණයෙන් ගලවගත් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ස්කයිව අරගෙන යන්න. ඒත් ඔවුන් හරියටම දන්නේ නැහැ, ඒ වෛද්‍ය මධ්‍යස්ථානය තියෙන තැනවත්, ඒ වෛද්‍යවරුන්වත්, ඒ බෙහෙත් වර්ග තියෙනවාද කියලාවත්. කොල්සන්ගේ දැඩි උත්සාහය හා බලාපොරොත්තුව පෙරදැරිකරගෙන වැඩ කරන ෂීල්ඩ් කණ්ඩායමට හැකි වෙනවා එම වෛද්‍ය මධ්‍යස්ථානය ඇති තැන සොයාගන්න. ඉතින් ඔවුන්ට හැකි වේවිද ස්කයිගේ ජීවිතය බේරගන්න.

අවසාන වශයෙන් කියන්නම් තව එක දෙයක්, තමන්ට ප්‍රතිකාර කරපු වෛද්‍ය මධ්‍යස්ථානය ඇතුලේදී කොල්සන් අනාවරණය කරගන්නවා, ඇත්තටම ටහීටි කියන්නේ මොකක්ද, එහෙම නැත්නම් මොන වගේ තැනක්ද කියලා, ඒ වගේම ඊළඟ කොටස ගැනත් පොඩ්ඩක් කියන්නම්, ඊළඟ කොටසේදී ඔයාලට බලාගන්න පුළුවන් තෝර්ගේ ලෝකයෙන් මෙලොවට පැමිණෙන සුරූපී ඇස්ගාඩියන් රණශූරියන් දෙදෙනෙක්ව. එච්චරයි හේ හේ.. ඒ කුතුහලය ඔයාලට ඉතිරි කරන ගමන් ස්තූති කරන්න කැමතියි, හැමදාම වගේ ඉංග්‍රීසි සබ් එකක් අන්තර්ජාලයට නිකුත් වුන වහාම එය මට ලබාදෙන වාසල සහෝට සහ හසන්ත සහෝට. වෙනදා වගේම ඔයාලගේ අදහස් බලාපොරොත්තු වන ගමන් මම නවතිනවා. සියලු දෙනාටම ජයම වේවා..!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 241a231b3f787569ea44dfbab71af65303698c79 240 MB කොපිය මෙතනින් බාගන්න 9f5543b599a598e0b23578107c9e685e1b63e81c 350 MB කොපිය මෙතනින් බාගන්න e1ccdc69c3d3e8cada5d9fe4ce292259700d51ae 785 MB කොපිය මෙතනින් බාගන්න dd5ee7beb6ede85cdf01dc0cd4c4b0c76867ca24 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,493 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01-E14.zip103 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles

5,493 downloadsDownload Subtitles103 KB

29 comments

  1. Thisara Neo (තිසර නියෝ)

    මග බලාගෙන හිටියේ

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  2. නලින්

    ස්තුතියි ශ්‍රීමාල් සහෝ!

    ජය වේවා!

  3. shani

    thanks

  4. ns

    thanx...

  5. CHAMEE

    thanks sahooo

  6. ෂෙහාන්

    නියමයි සහෝ,,,,, නියම කතා මාලාවක්,,,, උපසිරැසියට ස්තුතියි!!! baiscopelk එකට ජය!!!

  7. chamath

    thankz saho

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  9. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සහෝ සබට තුති

  10. sachesc

    ගොඩාක් ස්තූතියි සබ් ලබාදුන්නට...!!!

  11. Sam

    meka enakn tmai baln hitiye..thnkss sahoo

  12. Sujith

    Thanx bro!! :)

  13. dilshan

    thanks

  14. piya

    loku hayyak...
    ela...
    thax....

  15. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. දෙනකම්ම මඟ බලාගෙන උන්නා. මෙන්න බානවා. ජය෴෴ :P :P

  16. isuru

    Niyamai yaluva.niyamai.metharam ikamanata sinhala sub danna puluvan unada koyala hitha gannath ba.kohoma unath supirima vadak thama.kathavath supiri.bohoma isthuthi

  17. “චූටී මල්ලි”

    එල ස්
    සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය........

  18. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  19. nalaka

    enakan itiye saho..bohoma sthuthyi sub laba dunnata

  20. sudeera

    තුති සහො

  21. Sithira

    tanx machan

  22. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ… දිගටම දාන්න …… ජයවේවා……!!!!

  23. sasi

    patta

  24. me

    Thanks

  25. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  26. Madhusankha

    thannnnnks !

  27. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  28. Pramukmili

    thanxx bro......

  29. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.