Watch Trailer

Marvels Runaways [S03 : E10] Sinhala Subtitles | ඇය වෙනුවෙන් ජීවීත කැප කල මිතුරු කැල. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ජෙෆ්රිට දැනගන්න ලැබුනනේ මොලීට වෙන්න ගියපු දේගැන. පස්සෙ ආපහු වතාවක් ප්‍රයිඩ් එකේ හිටිය අනික් දෙමව්පියන්වත් එකතු කරන් මොලීව බේරගත්තා. හැබැයි ඒ වෙද්දී මෝගන් එයාගෙ මායා රංචුව එකතු කරගෙන කරන්න ඕන වෙලා තිබුන දේ කරගෙන තිබුනෙ. මතකනෙ එයාලගෙ පූජා කර්මය අතරේ මොලීට අකුණක් ගැහුවා. ජෙෆ්රි මැද්දට ප…

පසුගිය කොටසින්

ජෙෆ්රිට දැනගන්න ලැබුනනේ මොලීට වෙන්න ගියපු දේගැන. පස්සෙ ආපහු වතාවක් ප්‍රයිඩ් එකේ හිටිය අනික් දෙමව්පියන්වත් එකතු කරන් මොලීව බේරගත්තා. හැබැයි ඒ වෙද්දී මෝගන් එයාගෙ මායා රංචුව එකතු කරගෙන කරන්න ඕන වෙලා තිබුන දේ කරගෙන තිබුනෙ. මතකනෙ එයාලගෙ පූජා කර්මය අතරේ මොලීට අකුණක් ගැහුවා. ජෙෆ්රි මැද්දට පැනලා මොලීව බේරගෙන හොස්ටල් එකට අරන් ගියා. මොලීගෙන් ලබාගත්ත දේවල් එක්කලා මෝගන් ඇතුළු එයාගෙ මායා රංචුව සාර්ථක වෙලා හිටියෙ. පස්සෙ ජැනට් ඇතුළු මේ ළමයින්ගේ මේ වෙද්දී ඉතිරි වෙලා ඉන්න හැම අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙකුත්, ළමයි ටිකත් එකතු වෙලා මෝගන්ගෙ සැලසුම් කඩාකප්පල් කරලා විනාශ කරන්නත්, සටන් කරන විදිහක් ගැන හිත හිතා ඉද්දි මෝගන් එයාලගෙ හොස්ටල් එකට ඇවිල්ලා සටන එතනදීම ගියා. එතනදී මෝගන්ව පරාජය කරන්නත්, මෝගන් අතින් එල්ල වෙච්ච පහරකට ගර්ට්ට ලොකු තුවාලයකුත් ඇතිවෙලා ගර්ට් මැරිලා ගියා.

අද කොටසින්

ගර්ට් ඇත්තටම මැරුණද? එතකොට ඒකද අවසානය? මං වෙන දේ මොකවත්ම කියන්න යන්නෙ නැහැ. හැබැයි මං මේක මේ විදිහට අවසන් කරන්නම්.

කාල තරණය කියන්නෙ මොකක්ද කියලා ඕනෙම කෙනෙක් දන්නවා ඇති. සාමාන්‍යයෙන් මේ විදිහෙ දෙයක් කරන්නෙ තමන්ට අවශ්‍ය නැහැ කියලා හිතෙන දේවල් වෙනස් කරන්නනෙ. මේ විදිහෙ දේවල් කරන්න ගිහිල්ලා සිද්දවෙන්න පුලුවන් අත්වැරදී අහකට කලොත් වැඩිහරියක්ම කාල තරඟයක් කරන්නෙ ඔය හේතුව නිසානෙ.

2019 අවුරද්දෙ කාල තරණය කිව්වම වැඩි හරියක්ම චිත්‍රපට රසිකයන්ට මතක් වෙන්නෙ “Avengers: Endgame” චිත්‍රපටය. මොකද ජිවිතේට කාල තරණයක් එහෙම නැත්තම් ටයිම් ට්‍රැවල් කිරීමක් ගැන අහලා නොතිබුනා වුනත් බහුතරයට ඔය සංකල්පය එන්ඩ්ගේම් හරහා මතකෙ රැදුනා. පොඩ්ඩක් මතක් කලොත්, 

තැනොස්ගෙ ස්නැප් එකෙන් පස්සෙ කට්ටිය හිතනවා තැනොස්ව හොයාගෙන සිද්දවෙච්ච විනාශය අනික් පැත්ත ගහන්න. මතකනෙ එයාගෙ බෙල්ල ලගින් යන්න පහරක් පවා දෙනවා. ඒත් කට්ටියට තේරුම් ගියා තැනොස්ව මරලවත් සිද්දවෙච්ච කිසිම දෙයක් හරිගස්වන්න බැහැ කියලා. සාමාන්‍ය ජීවිත වලට හැඩ ගැහෙන්න හැදුවත් ඒක කරගන්නත් බැහැ. පස්සෙ තමයි මේ අය කාල තරණය ගැන හිතන්න ගන්නෙ. 

චිත්‍රපටයෙ වැඩි කොටසක් වෙන් වෙලා තිබුනෙ කාල තරණය කරන්නෙ කොහොමද, ඒ හරහා එයාලට අවශ්‍ය දේවල් ලගා කරගන්නෙ කොහොමද, නොයෙක් හේතුන් නිසා කාල තරණය කිරීමකදී වෙන්න පුලුවන් බලපෑම් මොනාද වගේම මේ හරහා ජයග්‍රහණයක් ලගා කරගන්නෙ කොහොමද කියලා.

කාල තරණය ගැන මතක් කරද්දී තවත් දෙයක් කොමික් රසිකයින්ට මතක් වෙන්න ඕන. ඒ තමයි “Legion” අවසන් කතාසමය.

2019 වසරේ ජූනි – අගෝස්තු කාලය අතරතුර විකාශය වූ Legion කතාමාලාව පුරාවටම අන්තර්ගත වෙලා තිබුනෙ කාල තරණය ගැනමයි. මතකනෙ මං මාතෘකාවට දාලා තිබුනෙත් “කාල තරණයෙන් අතීතයෙ සිදුවීම් නිවැරදි කිරීම” කියලා. ඩේවිඩ්ට කාල තරණය කරන කෙනෙක්ව හම්බුනා. එයා ඒ කෙනා හරහා කරන්න උත්සහ කලේ තමන්ගේ පොඩි කාලෙට ගිහිල්ලා අමාල් ෆරූක් තමන්ව ධාරකයෙක්ව කරගන්න හදන උත්සහ නවත්තන එකයි. 

ඒකෙදි එයාට සෑහෙන ලොකු වෑයමක් දරන්න වුනා. විශේෂයෙන්ම කාල තරණය කරන කෙනාව කායිකව බලපෑමකට ලක් වුනා වගේම තවත් ජීවීන් කොට්ටාශයක් මේ අයගෙ සාමාන්‍ය ලෝකය ඇතුල්වුනා. එන්ඩ්ගේම් එකේදී වගේම මේකෙදිත් කාල තරණය කරන්න තිබුණු අවශ්‍යතාව වගේම ඒ හරහා සිද්දවුන බලපෑම ගැන වෙනස්ම විදිහකින් දැකගන්න ලැබුනා.

“Runaways” තුන්වන (අවසන්) කතාසමය ගත්තොත් මේක තමයි 2019 වසරට නිකුත් වෙච්ච අවසාන කාල තරණය කිරීමක් අන්තර්ගත වෙන නිර්මාණය කිව්වොත් නිවැරදියි.

රනවේස් දෙවැනි කතාසමයෙ අවසානය වුනෙ තුන්වැනි කතාසමයටත් අරන් යන්න පුලුවන් විදිහෙ පිටසක්වල හතුරන්ගෙ එකතු වීමකින්. හැබැයි කතාවට එකතු වෙන මෝගන් කියන ප්‍රධාන දුෂ්ට චරිතය නිසාම තුන්වැනි කතාසමය අවසානයක් කරා රැගෙන යන්නෙ හරිම අපූරු කාල තරණ චාරිකාවකට. හැබැයි අමතක කරන්න හොද නැහැ රනවේස් මුල්ම කතාසමයෙ චේස් එයාගෙ තාත්තට අනාගතයෙ ඉදලා ලබා දුන්නු පණිවිඩය ගැන. ඉතිං අවසානය වෙන්නෙත් චේස් නිර්මාණය කරන කාල තරණ යන්ත්‍ර හරහා සිදුවන සිදුවීම් පෙලක් ගැනයි. 

එහෙනම් ඔන්න තවත් මාවල් කතාමාලාවක අවසානය සනිටුහන් වෙනවා. ඉවරයි කිව්වේ ආයෙ එන්නෙ නැති වෙන්නම ඉවර වෙනවා. මේ සම්බන්ධ සම්පුර්ණ විස්තරය මෙතනින් >> 

උපසිරැසි ගන්වන්න එකතු වෙච්ච ලහිරු, උදයංග, රවිදු, කවිෂල් වගේම අචින්තවත් මේ වෙලාවේ මතක් කරන්නම ඕන මොකද මේ අය එකතු නොවුනා නම් බොහෝදුරට මේක නවතින්න ඉඩ තිබුනා. ඒවගේම රනවේස් මුල් කතාසමයෙ ඉදලා මේ අවසානය දක්වාම කතාව බලන්න තියෙන ඕන කමට රැදි හිටිය ඔයාලා හැමෝටමත් හුගාක් ස්තුතියි.

එහෙනම් ඉතිං ගිහින් එන්නම්. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,364 downloadsDownload Marvels-Runaways-S03-E10.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,364 downloadsDownload Subtitles68 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. Marvel's Runaways season 03 එකට සබ් දීපු හැමෝටම ස්තුතියි :) ...
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    දැනට විකාශය උන සියලුම මාර්වල් ටිවී සීරීස් සදහා උපසිරැසි ලබා දීම වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් සහෝදරවරු සහ ඒ සදහා දායක උන සියලුම උපසිරැසි කරුවන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙමි...
    ජය

  3. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!
    ජය වේවා සහෝ! ✌❤

    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)
    The Dark Crystal: Age of Resistance (2019)

  4. Soori

    ඩවුන්ලෝඩ් කරන්නේ, බලන්නේ ‌බොහෝම සුළු පිරිසක් වුනත් ඒ් අය ‌වෙනුවෙන් කතා මාලාව ඉවර කරපු එකට ඒ සියළු ‌දෙනා ‌වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය උපසිරැසි කරපු සියළු ‌දෙනාට පිරිනමමි.

  5. shadow@worker

    aththatama fattama asaven balapu TVS ekak supirima mula idan eka husmata beluva okkoma upasirasa tika veradiadupadu nethuva thibba godak ithuthi set ekatama oyavagema digatama sub denna

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ටික දෙනෙක් බැලුවත් ඒ අය වෙනුවෙන් සබ් අරන් ආපු හැමෝටම ස්තුතියි...
    සුපිරිම වැඩක්....
    දිගටම මාවල් ඒවාට සබ් දෙමු...
    මේක ඉවර උන විදිහනම් ටිකක් අවුල් වගේ මටනම්... MCU එකත් එක්ක තිබ්බ පොඩි හරි සම්බන්දෙ නැති උන වගේ..

    1. Anonymous

      me ban runways eke ending eka theruna nam podak explain karapanko

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Shehan putha

    Thanks Bros....

  9. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  10. chinthaka.max4

    thankx machan

  11. lakshan

    thanks ....................

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  13. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.