Watch Trailer

Mr. Robot [S04 : E11] Sinhala Subtitles | නොනවතින යුද්ධයට පය තැබීම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ඩොම් රෝහල් ගත වෙලා හිටියෙ FBI එක යටතෙ එයා සම්බන්ධ සමීක්ෂණයක් වෙන අතරතුරක. ඩොම් ඉන්න තැනට ඩාර්ලීන්ට ඇවිල්ලා බල කරලම එක්කන් ගියා එහෙන් පිටවෙලා ඒ දෙන්නා බූඩාපේස්ට් වලට පලා යන්න ඕන අරමුණින්. බූඩාපේස්ට් වලට ගොඩවෙන ගුවන්යානයට ගොඩවෙන්න කලින් මේ දෙන්නා ගිය ගුවන් තොටුපලේදී ඩොම්ට අ(ර්)වින්ග්ව…

පසුගිය කොටසින්

ඩොම් රෝහල් ගත වෙලා හිටියෙ FBI එක යටතෙ එයා සම්බන්ධ සමීක්ෂණයක් වෙන අතරතුරක. ඩොම් ඉන්න තැනට ඩාර්ලීන්ට ඇවිල්ලා බල කරලම එක්කන් ගියා එහෙන් පිටවෙලා ඒ දෙන්නා බූඩාපේස්ට් වලට පලා යන්න ඕන අරමුණින්. බූඩාපේස්ට් වලට ගොඩවෙන ගුවන්යානයට ගොඩවෙන්න කලින් මේ දෙන්නා ගිය ගුවන් තොටුපලේදී ඩොම්ට අ(ර්)වින්ග්ව මුණගැහෙනවා. තුන්වෙනි කතා සමයේදී මතකනෙ මිනිහා ඩාක් ආමි එකට වැඩ කරලා ලැබෙන විවේකය අතරතුරේදී කලේ පොතක් ලියපු එකනෙ. අන්න ඒ පොත එයාට කොහොම හරි ඉවර කරගන්න ලැබිලා තියෙනවා. අන්න ඒ පොත තමයි කලින් කොටසදී දැකගන්න ලැබුනෙ. ඒ වගේම තමයි අ(ර්)වින්ග් කිව්වා ඩාක් ආමි එක තවදුරටත් ඩොම් හො එයාගෙ පවුල පස්සෙ යන්නෙ නැහැ කියලත්. වගේම ඩොම්හා ඩාර්ලීන් දෙන්නට කිසිම කරදරයක් වෙන්නෙ නැහැ කියලත් දැනගන්න ලැබෙනවා. මේ නිසාම ඩාර්ලීන් එක්ක පැනලා යන එකත් ප්‍රතික්ෂේප කරලා එයා පිට වෙලා යන අතරවාරේ ඩාර්ලීන් තීරණය කලා  බූඩාපේස්ට්වලට නොගිහින් ඉන්න. මේ කිසිම නොදන්න, හැරිලා යන්න ගිය ඩොම් ආපහු ඇවිල්ලා ගුවන් යානයට ගොඩවෙනවා ඩාර්ලීන් ඒකෙ ඇති කියලා. හැබැයි කලින් කොටස පෙන්නපු විදිහට නම් ඒකට ඩාර්ලීන් පරක්කු වෙලාවත් ගොඩ වුනෙ නම් නැහැ.

අද කොටසින්

මතකනෙ එලියට් ඩාර්ලීන්ට කිව්වා එයාට එයාලා එක්ක යන්න එන්න බැහැ කියලා. එයාට ඕන වුනෙ පිලිප් ප්‍රයිස්ගෙ ඉල්ලීම ඉෂ්ට කරන්නයි. ඒ වෙන මොකුත් නෙවෙයි වොෂින්ටන් ටවුන්ශිප්වල තියෙන වයිට්රෝස්ගෙ මැෂින් එක විනාශ කරන්න. මේ දේවල් කරන්න යන එලියට්ට හරිම අමුතුම දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. කොටින්ම කතාව බලන ඔයාලව කරකවලා අත හැරියා වගෙ හැගීමක් දැනෙයි.

ලබන සතියෙ 12 හා 13 කියන කොටස් දෙකම එකවර විකාශය වෙන්නෙ. ඒ කියන්නෙ පැය දෙකක කොටසක් දෙසැම්බර් 22 රෑ විකාශය වෙලා 23’වැනිදා නිකුත් වෙනවා. මේ අරන් එන ආව කොටස් වගෙ ඉක්මනින්ම දෙන්න නම් බැරි වෙයි. මොකද අනිවාර්යෙන්ම ෆිල්ම් එකක වගෙ වැඩි ලයින් ප්‍රමාණයක් පරිවර්තනය කරන්න සිද්දවෙයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසන් ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,466 downloadsDownload Mr.-Robot-S04-E11.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,466 downloadsDownload Subtitles44 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Ishan Madusha

    ස්තූතියි සහෝ

  3. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  4. charuni

    thank you

  5. LimeGreenSoda

    Thanks.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.