කොහොමද හැමෝටම..NOS4A2 කතා මාලාවේ ඉතිරි උපසිරැසි ගේන්න ප්‍රමාද වීම ගැන මුලින්ම සමාව ඉල්ලනවා. වැඩි කතා නැතුව අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බින්ග් එක්ක වේන්ව පැහැරගන්න එන මැන්ක්ස් වැඩේ වැරදීගෙන එනකොට බින්ග්ව දාලා වේන්වත් අරගෙන යනවනේ. මේක ගැන තරහින් ඉන්න බින්ග් කොහොමහරි එතනින් පැනගෙන මැන්ක්ස් හැංගිලා ඉ…

කොහොමද හැමෝටම..NOS4A2 කතා මාලාවේ ඉතිරි උපසිරැසි ගේන්න ප්‍රමාද වීම ගැන මුලින්ම සමාව ඉල්ලනවා. වැඩි කතා නැතුව අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
බින්ග් එක්ක වේන්ව පැහැරගන්න එන මැන්ක්ස් වැඩේ වැරදීගෙන එනකොට බින්ග්ව දාලා වේන්වත් අරගෙන යනවනේ. මේක ගැන තරහින් ඉන්න බින්ග් කොහොමහරි එතනින් පැනගෙන මැන්ක්ස් හැංගිලා ඉන්න තැනට ඇවිත් ගෑස් එක පාවිච්චි කරලා මැන්ක්ස්ව සිහිනැති කරවනවා. ව්‍රේත් එකේ කොටසක් අක්‍රීය කරන බින්ග් ඔහුට කලින් හිටිය උදව්කාරයෝ ගැන මැන්ක්ස්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ හැමෝම මැන්ක්ස් විසින් මරපු බවත් ඔහුට කවදාවත් බින්ග්ව නත්තල්ලන්තයට එක්කගෙන යන්න අදහසක් නොතිබුන බවත් බින්ග් දැනගන්නවා.මේ වෙලාවෙ නත්තල්ලන්තයේ ඉන්න මිලීට ඈත තියෙන ගෙදරක තමන්ගෙ අම්මගෙ හොල්මන හම්බෙනවා. මැන්ක්ස්ගේ අතීතය ගැන කියන ඇය මිලීට නත්තල්ලන්තයෙන් පිටවෙන්න කියනවා.මේ අතරෙදි තමන් කරපු දේවල් ගැන කලකිරීමක් ඇති වෙන බින්ග් ව්‍රේත් එක ඇතුලෙ ඉන්න වේන්ව එලියට අරන් ගෙදර යන්න කියලා තමන් සහ මැන්ක්ස් ව්‍රේත් එක ඇතුලෙ ඉද්දිම වාහන පොඩිකරන යන්ත්‍රයකින් විනාශ කරන්න සැරසෙනවා..බින්ග්ට මේක කරන්න පුළුවන් වෙයිද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,014 downloadsDownload NOS4A2-S02-E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
3 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks...........good luck..........
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි