Watch Trailer

One Strange Rock [ S01 : 03 – shield ] Sinhala Subtitles | හිරුගේ වියරුව සහ මිහිකතේ සොඳුරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ඔන්න එහෙනම් තුන්වෙනි කොටස අරගෙන ආව. ආයේ අහන්න යන්නේ ප්‍රශනයක්. “ඔබ හිතන් ඉන්නේ හිරු පිහිටලා තියෙන්නේ පෘථිවියේ ඉන්න අපිට වාසි සහගතම ස්ථානයක කියලද? හිරු හොඳ කෙනෙක් කියලද හිතාගෙන ඉන්නේ?” 😀 ඔව් දැන් අනිවාර්යෙන්ම උත්තරේ විදියට, “හිරු තමා පෘථිවියේ තියෙන ශාකවල ප්‍රභා-සංස්…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස අරගෙන ආව. ආයේ අහන්න යන්නේ ප්‍රශනයක්.

“ඔබ හිතන් ඉන්නේ හිරු පිහිටලා තියෙන්නේ පෘථිවියේ ඉන්න අපිට වාසි සහගතම ස්ථානයක කියලද?
හිරු හොඳ කෙනෙක් කියලද හිතාගෙන ඉන්නේ?” 😀

ඔව් දැන් අනිවාර්යෙන්ම උත්තරේ විදියට,

“හිරු තමා පෘථිවියේ තියෙන ශාකවල ප්‍රභා-සංස්ලේෂණයට උපකාර වෙන්නේ. අපේ ශක්ති ප්‍රභවය හිරු. පොසිල ඉන්ධනවල අඩංගුවෙලා තියෙන්නේ හිරුගෙන් ලද ශක්තිය. හිරු තමා පෘථිවියේ උෂ්ණත්වය පාලනය කරලා අපිට ඉන්න ඕන කරන උෂ්ණත්ව මට්ටම හදල දෙන්නේ. හිරු නැත්නම් අපිත් යුරේනස්, නෙප්චුන් වගේ ශිත ග්‍රහයෙක්.”

ආදී කාරනා හිතට ආව පිළිතුර අතරේ ඇති නේද?  හරි එහෙනම් ඔහොමම පොඩ්ඩක් ඉවසන් ඉමු. 😀

කලින් කිව්වා වගේ, අද කියන්නේ යන්නේ සුර්යා අපිට බලපෑම් කරන විදිය සහ ඒ බලපෑම්වලින් පෘථිවිය අපිව ආරක්ෂා කරන විදිය ගැන.ඒ වගේම අමතර කරුණක් හැටියට එංජින් එකක් නැතුව අඩි අනුදාහක් ඉහලට පියාසර කරන යානයකුත් බලාගන්න ඒ ගැන දැනගන්න අවස්තාව ලැබෙනවා. මුලික කරුණු දිහාවට යොමු උනොත් කලින් කිව්ව වගේ හිරු කියන්නේ අපේ අතිජාත මිත්‍රයෙක් නෙමේ. මිනිහා මිත්‍ර වෙසින් ඉන්න ද්මාරයෙක්. හැබැයි මිනිහව නැතුවත් බැහැ. ඇයි එහෙම කියන්නේ? හිරු සතුව තියෙනව ජිවය විනාශ කරලා දාන්න පුළුවන් අතිශය භයානක මාරක අවි තුනක්. පලවෙනි අවිය තාපය, දෙවැනි අවිය ආලෝකය, තුන්වෙනි අවිය තමා මාරක විකිරණ. මේ දේවල් පෘථිවිය මතුපිටට සෘජුවම පතනය උනොත්. ඇසිල්ලකින් සියලුම ජිවය නැතිවෙලා යනවා. ඒ විතරක් නෙමේ අපි වායු ගෝලයට විමෝචනය කරන කාබන් ඩයි-ඔක්සයිඩ් ප්‍රමාණය ගැනත් ඉන් අපිට සිදුවන හානිය ගැනත්, සොබාදහම් මාතාව විසින් ඒ හැම අන්තරායකින්ම අපිව ආරක්ෂා කරලා, අපි ඇයට කරන හානිදායක තුවාල ඇය විසින්ම සුවපත් කරගෙන තවදුරටත් අපිට මේ මිහිතලය මත ජිවත් වන්නට, ජිවය ඉදිරියටත් පවත්වාගෙන යන්නට හැඩ ගැහෙන්න ඉඩ හරින ආකාරය ඉතාම පැහැදිලිව පෙන්වා දෙනවා.. ඒ වගේම අන්තිමේදී යම් කරුණක් මතුකර පෙන්වනවා. ඒ මෙතෙක් කාලයක් ජිවය ඇතිවී, ඉදිරියට පවත්වාගෙන යාමට උපකාරීවූ සුර්යා, දවසක අපේ විනාශයට හේතුවන ආකාරය… එහෙනම් ඉතිං එක කතාංගයක් බලපු කෙනෙක් හරි ඉන්නවනම් මේ වෙනකොට මේ කතාවට ඇබ්බැහි වෙලා ඇති අනිවාර්යෙන්ම. මේ කියා දෙන්නේ.. අපි නොදන්නා… අපේම කතාවයි!

 

” මේ ග්‍රහ ලෝකය හරියට වෙනම ජීවියෙක් වගේ.
මේ ග්‍රහ ලෝකය ජිවත් වෙනවා, හුස්ම ගන්නවා..
මෙහි වලාකුළු එහා මෙහා වෙන්නේ,
හරියට නිකම් මේ ලෝකය ජිවත් වෙන බව පෙන්වන්න වගේ… “

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,645 downloadsDownload One-Strange-Rock-2018-S01-E03-shield.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,645 downloadsDownload Subtitles24 KB

31 comments

  1. rangika Kariyawasam

    එල විමා සහෝ. මේක ෆට්ට. තැන්කු සබ දුන්නට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. thilinaasiri

    Thanks Bro... "OUR PLANET " KIYANA EKATATH SUB DENNA BALANNA.... Jayawewa.!!!!!!!

  4. Ruk96

    Hi sthuthi sub ekata.

    s01 e02 ta yanna bahane not found kiyala watenawa

    1. විමා

      දැන් බලන්න සහෝ

    2. Ruk96

      Dan wada sthuthi sahoo
      Niyamai meka

  5. nuwanem

    One Strange Rock S01E02 web page eka load wenne na mchn. Sub eka down karaganna wodiyak na.
    Thanks for the sub.

    1. විමා

      දැන් බලන්න සහෝ'

    2. nuwanem

      Dan hari saho. Thnkz.
      Ithuru tikakth ikmanata onee....

      Great work mchn...

  6. DjMayura

    බොහොම ස්තුතියි සහෝදරයා .....

  7. Krishan NiShalya

    බොහොම ස්තූතී
    ඉතුරු ටිකත් පුලුවන් ඉක්මනින් ඕනේ
    Good Luck Bro..

  8. buddikakb

    Tanx saho

  9. Rds

    විමා මෙකේ E02 එකේ සබ් එක නැනේ .

  10. nisalasewana

    tnkz bn

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. sajithasamod

    Thanks bn

  13. dush135

    ela

  14. dush135

    download link ekak nadda?

  15. Lahiru Lakshan

    thanks......

  16. Waruna Kamalawansha

    නියම වාර්තා කාතවක්.... බොහෝම ස්තූතියි මෙවන් වැදගත් කතා අපිට තේරෙන බසින් ගෙන එනවාට....

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Milinda Sadaruwan

    thank you bro

  19. sam fisherr

    මාවි අයියේ ස්තුති.true detective season 3 ⁣වලට සබ් දෙනවැයි

  20. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  21. suranuwan

    thanks..

  22. sampath n perera

    thanks

  23. Nirosha Nirosha

    thanks

  24. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  25. Amila Mudalige

    Sub ekata Thanks

  26. Waruna Wijerathna

    Thanks

  27. Manu

    Godak Sthuthi..jaya wewa!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.