Watch Trailer

Sex Education [S04 : E01] Sinhala Subtitles | නව පාසලක්, වෙනස් ආරම්භයක් [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු සෙක්ස් එඩියුකේශන් කතා මාලාවේ හතර වෙනි සීසන් එක. එහෙමත් නැති නම් අවසාන සීසන් එක. කට්ටියට මතක ඇතිනේ සීසන් තුනක් පුරාවට මේ ගමනෙදි වුණ දේවල්. මතක නැති අයට අපි සීසන් තුනේ වුණ දේවල් ටිකක් මතක් කරගෙන ඉමු. සීසන් තුනේදි අපිට ගොඩක්ම බලාගන්න පුළුවන් වුණේ බ්‍…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු සෙක්ස් එඩියුකේශන් කතා මාලාවේ හතර වෙනි සීසන් එක. එහෙමත් නැති නම් අවසාන සීසන් එක. කට්ටියට මතක ඇතිනේ සීසන් තුනක් පුරාවට මේ ගමනෙදි වුණ දේවල්. මතක නැති අයට අපි සීසන් තුනේ වුණ දේවල් ටිකක් මතක් කරගෙන ඉමු. සීසන් තුනේදි අපිට ගොඩක්ම බලාගන්න පුළුවන් වුණේ බ්‍රේකප් සීන්නෙ. ඒ අනුව,

එරික් සහ ඇඩම් දෙන්නා වෙන් වෙනවා. මොකද එරික් පවුලෙ අය එක්ක ලේගොස් ගිය වෙලාවෙදි එයාට තමන් වගේම සමලිංගික යාලුවො ටිකක් සෙට් වෙනවා. එහෙදි එරික් ඕබාව කිස් කරනවත් එක්කනෙ. ඒ බව පස්සෙ එරික් ඇඩම්ට කිව්වට පස්සෙ දෙන්න අවසානෙදි තීරණේ කරනවා වෙන් වෙන්න.

ඊලඟට අපිට බලාගන්න පුළුවන් වුණා ඇඩම්ගෙ අම්මයි තාත්තයි වෙන මොරීනුයි මයිකල් දෙන්නත් වෙන් වෙන්න යනවා. ඒකට හේතුව වෙන්නෙ මොරීන් තේරුම් ගන්නවා එයාලගෙ සම්බන්දෙ ඇඩම්ට ගොඩක් සංකීර්ණ වැඩී ඒ නිසා දෙන්න වෙන් වෙන්න ඕනෙ කියලා.

තවද අපිට බලාගන්න පුළුවන් වුණා කැලුයි ජැක්සන්ගෙයි සම්බන්දෙකුත්. ඒත් කැල් තේරුම් ගන්නවා එයාව හරියටම තේරුම් අරන් නෑ කියල ජැක්සන්. මොකද කැල් කියන්නේ නන්-බයිනරි කෙනෙක් ඒත් ජැක්සන් කැල්ව පිලිගන්නේ ගොඩක් දුරට කෙල්ලෙක් විදිහට. ඒකට කැල්ට ගොඩක් අවුල් යනවා සහ එයා ජැක්සන්ට කියනවා අපි තවත් මේක කරගෙන යන්න ඕන්නෑ කියලා.

ඒ විතරක් නෙවේ ඒමී සහ ස්ටීව්ගෙ සම්බන්දෙටත් තිත වැටෙනව අපිට කලින් සීසන් එකේ අවසානෙදි බලාගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඒමිට සිද්ධ වුණ කරදර නිසා එයා බය වෙනවා ස්ටීව්ව ආශ්‍රය කරන්න. ඒක ස්ටීව්ගෙ වරදක් නොවුනත් ඒමිට එයාලගෙ සම්බන්දෙ තියාගන්න අපහසු වෙනවා. කොහොමින් හරි අවසානෙදි ඒමි තීරණේ කරනවා එයාලගෙ සම්බන්දෙ නවත්තන්න.

හැබැයි සීසන් තුනේදි වුණ හොඳම කොටස විදිහට අපිට බලාගන්න පුළුවන් උනා ස්කූල් ට්‍රිප් එකේදි මේව් සහ ඕටිස් දෙන්නගෙ හැඟීම් ප්‍රකාශ කරලා අන්තිමේදි දෙන්න සෙට් වෙනවා. හැබැයි ඒකත් වැඩි කාලෙකට නම් නෙවේ, මතක ඇතිනෙ කට්ටියට මේව් අවසානෙදි තීරණේ කරනවා ඇමරිකාවෙ යන්න.

මේත් එක්කම ඕටිස්ගෙ අම්මා වෙන ජීන්ට සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා. මොකද එයාට ජේකබ්ගෙන් ලමයෙන් ළමයෙක් ලැබෙන්න ඉන්න නිසා. කොහොම හරි සෑහෙන ප්‍රශ්න ගොඩකට පස්සේ ආයෙත් දෙන්න එකතු වෙලා ළමයට ජෝයි කියලත් නම තියනවා. ඒත් ජීන්ගෙ ප්‍රශ්න නම් ඉවර වෙන්නෑ, මොකද අවසානෙදි එයා කරපු පරීක්ශනෙන් ජෝයිගෙ ඇත්තම තාත්තා ජේකබ්ද කියන එක ගැනත් ප්‍රශ්න මතු වෙනවා.

එහෙනම් ඔය විදිහට තමයි අපිට කලින් සීසන් එකේ දේවල් බලාගන්න හැකි වුණේ. මේ දේවල් ඉදිරියට කොහොමින් කොහොම වෙයිද කියන එක ගැන අපිට දැං හරියටම බලාගන්න පුළුවන්.

පෞද්ගලිකව මාත් ආසාවෙන් බලපු සීරිස් එකක් මේක, ඒ නිසාම මාත් මේ පාර මේකට උපසිරැසි කරන්න දාකය වුණා. ඒ වගේම ඉතිරි කොටස් වලට උපසිරැසිත් යුරාන්/ හිරාන්/ ලහිරු/ නිර්මාල්/ විහඟ/ සුචිත්‍ර/ සුජිත් යන සහෝදරවරු ඔයාලට අරහෙන එයි. එහෙනම් මගේ වැඩ කොටස මෙතනින් ඉවරයි. නැවත හමුවෙමු එහෙනම්. ජයවේවා!

අධ්‍යක්ෂණය – Laurie Nunn
කතා මාලාවේ IMDb අගය – 8.3/10
කතා මාලාවේ කුණු තක්කාලි – 95%
කතාංගයේ IMDb අගය – N/A
කතාංගය විකාශය වූ දිනය – September 21, 2023

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

24,234 downloadsDownload Sex-Education-S04-E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous SeasonAll BT1

Subtitles

24,234 downloadsDownload Subtitles30 KB

5 comments

  1. Minu

    Godak sthuthi..Jaya wewa!

  2. ArunaSK

    thanks sub ekata

  3. lakshan

    thanks ......................

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.