Watch Trailer

Space Force [S02 : E07] Sinhala Subtitles | එකට එක්ව නව ගමනක් [සිංහල උපසිරසි]

Space Force [S02 : E04] Sinhala Subtitles Evan Almighty එකෙන් පස්සෙ මගෙ තිබ්බ හෙනම ආසාවක් තමයි Steve Carell ගෙ තවත් මොකක් හරි එක්කට සබ් එකක් කරන එක. ඒ අනුව තමයි මං මේ Space Force කතා මාලාව තෝරගත්තෙ. පලමු කතා සමය කරන්න පටන් ගත්තට පස්සෙ ඒක කරලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි සබ් කරන මගෙ ලැප් […]

Space Force Sinhala Subtitles

Evan Almighty එකෙන් පස්සෙ මගෙ තිබ්බ හෙනම ආසාවක් තමයි Steve Carell ගෙ තවත් මොකක් හරි එක්කට සබ් එකක් කරන එක. ඒ අනුව තමයි මං මේ Space Force කතා මාලාව තෝරගත්තෙ.

පලමු කතා සමය කරන්න පටන් ගත්තට පස්සෙ ඒක කරලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි සබ් කරන මගෙ ලැප් එක ගැහිලා ගියා,ඊට පස්සෙ ඒක කොහොම හරි ෂේප් එකට හදාගෙන අන්තිම එපි ටිකත් කරා.ඔහොම කොහොම හරි පලමු කතා සමය ඉවර වුනාට පස්සෙ ලැප් එකෙන් වැඩක් ගන්න පුළුවන් තත්වයක නැති නිසා දෙවෙනි කතා සමය අරන් එන්න ලොකු කාලයක් ගියා මට හරියටම කිව්වොත් අවුරුදු 1.30 විතර කාලයක් ගියා.එතනින් පස්සෙ මගෙ අලුත් ලැප් එකත් එක්ක පටන් ගත්තා දෙවෙනි කතා සමයත් කරන්න.එක සතියෙන් සම්පූර්ණම සීසන් එක කොහොම හරි අරන් ආවා.

මං වුනත් ආසම ෆිලුමක් හෝ TV series එකක් බලන්න සිංහල සබ් නැතිව අසරණ වෙච්චි වාර අනන්තයි අප්‍රමාණයි.ඒ නිසාමයි මටත් හිතුනේ මාත් සබ් කරන්න ගන්නෝනි කියලා.

ඒ වල්පල් ඇති දැන්,

මම කෙටියෙන් මුළු කතා මාලාව ගැනම කෙටි හැඳින්වීමක් කරන්නම්,

අභ්‍යවකාශ බලකායේ 1 වන කතා සමයේදි , ජෙනරාල් මාර්ක් නයාඩ් චන්ද්‍රයා මත ජනපදකරණය කිරීම සඳහා අලුතින් පිහිටුවන ලද අභ්‍යවකාශ බලකායට නායකත්වය දෙයි, ඒත් ඔහුගේ උත්සාහයන්ට ප්‍රතිවාදී ජෙනරාල්වරයෙකු සෑම විටම ඩැහැගැනීමට බලා සිටී. ඒ වගේම ජෙනරාල් නයාඩ්ගෙ බිරිඳ මැගී සිරගත කිරීමට සිදුවෙනවා ඇය සිදුකලා යැයි සැලකෙන වැරැද්දක් සඳහා. අභ්‍යවකාශ බලකාය විසින් නව මෙහෙයුමක් ආරම්භ කරනවා චන්ද්‍රයා තුල වාසස්ථාන ඇති කිරීමට හැකිවේද යන්න සොයා බැලීමට.ඊට පස්සෙ ඔයාලට මතක ඇති චන්ද්‍ර වාසස්ථාන පරීක්ෂාවට යවන ලද චන්ද්‍රිකාවකට සිදුවන අලුත්වැඩියාවක් සිදු කරන්න බලකාය විසින් වඳුරෙකු යවනු ලබනවා සඳ සඳහා, ඊට පස්සෙ සාර්ථක චන්ද්‍රිකාවක් දියත් කිරීමෙන් පසු බලකාය විසින් හොයාගන්නවා චීනයේ සැඟවුණු චන්ද්‍ර කඳවුරක් සඳ මත පවතින බවට, මෙය දැනගත් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්ථමේන්තුවෙන් සෘජු නියෝගයක් ලැබෙනවා ජෙනරාල් නයාර් හට චීන කඳවුර විනාශ කිරීමට. නයාඩ් මෙම නියෝගයට අකීකරු වීම නිසා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා, ඒත් අන්තිමට එක්සත් ජනපදයේත් චීන පදයේත් චන්ද්‍ර වාසස්ථාන විනාශ වීම පමනක් සිදුව ඇති බවට වැටහුනා.

එතනින් පස්සෙ දෙවෙනි කතා සමයේදි

බලකාය විසින් සෘජු අණකට අකීකරු වීම නිසා ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුවුනා.එහිදී බලකායෙ සියළුම දෙනාගෙ ඒක මතික තීරණය වුයේ ජෙනරාල් නයාර්ඩ් නැත්නම් ඔවුනුත් නැති බවයි.බලකායට නැවතත් මෙහෙයුම් කරන් යන්න අවසර ලැබෙන අතර ඒත් මාස තුනකට ඔවුන්ගේ අය වැය සංශෝධනයක් කරා.එම කාරණාව නිසා ප්‍රධාන මෙහෙයුමක්ව පවතින්න තිබ්බ අඟහරු ව්‍යාපෘතියත් නවතන්න වුනා.ඒත් මතක ඇති ඔයාලට ටෝනි විසින් අනුග්‍රාහකයෙක් හොයාගන්නවා ඔවුන්ගෙ ආදායම් නැවත සොයා ගන්න. ඒත් ඒ වැඩෙත් අන්තිමට හරිගියෙ නැතිවුනා.මේ සියළුම ප්‍රශ්න නිසා බලකායෙ ප්‍රධාන මෙහෙයුම් සිදු කල කැප්ටන් ඇන්ජෙලා,ආචාර්ය මැලෝරි,ආචාර්ය චෑන් සහ ටෝනි යන අය බලකායෙන් අයින් වෙන්න තීරණය කරනවා.

ඔතනින් පස්සෙ අද කතාව පැත්තට ආවොත්

කැප්ටන් ඇන්ජෙලා,ආචාර්ය මැලෝරි,ආචාර්ය චෑන් සහ ටෝනි යන තට්ටියම ඉන්නෙ බලකායෙන් අයින් වෙන්න,

ඒත් එයාලට තාමත් දෙගිඩියාවක් තියෙනවා බලකායෙන් අයින් වෙනවද නැද්ද කියන එකට,දැන් වෙද්දි බලකායට පනවලා තිබුන මාස තුනක අයවැය කප්පාදුවටත් මාස 04 කිට්ටු කාලයක් ඇවිත්, මේ නිසා ජෙනරාල් නයාර්ඩ් විසින් ආරක්ෂක ලේකම් ප්‍රධානියා එක්ක සාකච්ඡාවක් කරනවා බලකායෙ පැවැත්මට වැටුප් වැඩි වීමක් අවශ්‍යය බවට.මේ අතර තුර බලකායේ මෙහෙයුම් යටතේ පවතින චන්ද්‍රිකාවක් කක්ෂයෙන් පිටතට ගොස් රුසියානු කක්ෂයකට ආසන්න වීම නිසා බලකාය හැක් වීමකට ලක් වෙනවා.

මෙතනින් එහාට මම කතාව ගැන කියන්න යන් නැහැ.

බලකායේ අවසානයද මේක?

හැක්වීම කොතෙක් දුරට බලපායිද

මේ ඔක්කොම දේවල් වලට උත්තර ඔයාලම හොයාගන්න කියල කියන ගමන් අදට මම ගියා.

ඊලඟට මම එන්නේ Boonie Bears Homeward Journey 2013 ෆීලුමට සබ් එක අරන්.

මතක ඇතිව පල්ලෙහයින් අදහසකුත් දීලා යන්න කියල ඉල්ලමින් වලස් මුල්ලෙදි හම්බෙමු!

ජයවේවා !

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

213 downloadsDownload Space-Force-S02-E07-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Subtitles

213 downloadsDownload Subtitles25 KB

1 comment

  1. Sahan Gayantha

    thanks a lot Ravisara brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.