කට්ටියටම ආයුබෝවන් කිව්වා.18 වෙනි කොටස ගැන කියන්න කලින් පහුගිය කොටසේ මොකද උනේ කියල කතා කරල ඉමු. 06වෙනි කාතා මාලාවම සාරංශ වෙලා තියෙන්නේ රෙඩින්ග්ටන් ඇත්තටම කවුද? හා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන. ඉතින් පහුගිය කොටසේ ඒ කුමන්ත්‍රණය ගැන ලැබුනු හෝඩුවාවක් පසුපස යනවා.ඒ තමා තර්ඩ් එස්ටේට්. හැමෝම හිතුවෙ තර්ඩ…

කට්ටියටම ආයුබෝවන් කිව්වා.18 වෙනි කොටස ගැන කියන්න කලින් පහුගිය කොටසේ මොකද උනේ කියල කතා කරල ඉමු. 06වෙනි කාතා මාලාවම සාරංශ වෙලා තියෙන්නේ රෙඩින්ග්ටන් ඇත්තටම කවුද? හා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන. ඉතින් පහුගිය කොටසේ ඒ කුමන්ත්‍රණය ගැන ලැබුනු හෝඩුවාවක් පසුපස යනවා.ඒ තමා තර්ඩ් එස්ටේට්. හැමෝම හිතුවෙ තර්ඩ් එස්ටේට් කියන්නේ 1%ට එරෙහිව 99%යේ කණ්ඩායමක් කියල. සරලවම කිව්වොත් දුප්පතුන්ට එරෙහිව ධනවතුන්. ඒත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ධනවත් අයගෙ උරුමක්කාරයෝ එහෙම නැත්නම් එයාලගෙ ලමයි තමන්ගේ දෙමව්පියන් බ්ලැක්මේල් කරලා සල්ලි ගන්න දෙයක් තමා උනේ. ඇනා මැක්මහන් ගෙ කුමන්ත්‍රණයට මේ කණ්ඩායමේ සම්බන්ධයක් ඇති කියන සැකය නිසා තමා රෙඩින්ටන් හා කාර්ය බලකාය මේක පස්සේ ගියේ. ඒත් අන්තිමට ඇනා මැක්මහන් ඇයගැන හොයන එක මගහරින්න කරපු දෙයක් කියලා තමා දැනගන්න ලැබුනේ.අනිත් දේ තමා ඇත්තටම රෙඩින්ටන් කියන්නේ කවුද කියන එක. නියෝජිත රෙස්ලර් ඒ ගැන තාමත් හොයනවා. ඇත්තටම කිව්වොත් රෙස්ලර් ඒකට හුගක් ලං වෙලා කියල තමා අපිට නම් පේන්නේ.
කොහොම උනත් අද කොටසේ ඒක බලාගන්න පුලුවන් වෙයි. රෙඩින්ටන්ව පොලිසියට අල්ලල දුන්න ප්‍රශ්නෙත් තාම ඉවරයක් නෑ.. මොකද තාම රෙඩින්ටන් දන්නේ නෑ ඒක කරේ එලිසෙබෙත් කියල. අද කොටසින් ඒකත් බොහෝදුරට ඉවර වෙයි කියල හිතන්න පුලුවන්. අද කොටස ගැන තවදුරටත් කියනවනම් මාතෘකාව වෙලා තියෙන්නේ “බ්‍රොක්ටන් පාසලේ ඝාතකයා” කියල. ඇත්තටම මේක අර කියපු කුමන්ත්‍රණයට සම්බන්ධ ද නැද්ද කියන්න නම් කතාව බලලම ඉන්න වෙනවා. කොහොම උනත් පුංචි හැදින්වීමක් කරොත් බ්‍රොක්ටන් විශ්ව විද්‍යාලයේ අමුතු විදියේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක උනා. ඒකට වැරදිකරු උන කෙනාට දඩුවම් නියම උනා. ඒත් හදිසියේ ම ඒ ආකාරයටම තවත් මීනීමරුමක් සිද්ධ වෙනවා. මිනීමැරුම් ගැන සදහන් කරොත් මේ අයව ඝාතනය කරලා තියෙන්නේ අධිශීතකරණයට ලක් කරල. සරලවම සීතලෙන් ගල් කරලා පිලිමයක් විදියට සරසල. ඉතින් රෙඩින්ටන් මේ ගැන කාර්ය බලකායේ අවධානයට ලක් කරනවා…එතනින් පස්සේ වෙන දේ එහෙනම් බලලම ඉන්නකො.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,326 downloadsDownload The-Blacklist-S06-E18.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සදරුවන් ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මංජුල සදරුවන්
Subtitles
14 comments
indika75
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුAmalNishshanka
thanx
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Lucifer94
bohoma sthuthi sahodaraya..
Rasitha Illangasinghe
Thanks sub ekata..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....akalankagayan
Thnx ..........
suranuwan
thanks.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s.s.m
tz sub ekata....
Sajithlakshan
thanks ...................
Anonymous
Thnx sub ekta ...
Anonymous
Thnx for sub ...
Advertisement




thanks..