පහුගිය කොටසින්… ජූඩ් ලින්ඩවුර් අත්තඩංගුවට ගත්තට පස්සෙ ප්‍රශ්න කිරීමක් කළත් කෛරාටික ලින්ඩවුර් ඒවයින් ලිස්සල ගියා. මේ අතරෙ තමයි නගරාධිපතිණිය ආවෙ ජූඩ් හොයාගෙන. ඇවිල්ල කියනව ලින්ඩවුර්ව නිදහස් කරන්න කියල. ඔන්න එතකොට තමයි ඇය දැනගන්නෙ මේ කඳවුර හොර එකක් කියල. ඉතිං ඇය ගිහින් ලින්ඩවුර්ගෙන් ප්‍රශ්න කරනව. ඉතිං…

පහුගිය කොටසින්…
ජූඩ් ලින්ඩවුර් අත්තඩංගුවට ගත්තට පස්සෙ ප්‍රශ්න කිරීමක් කළත් කෛරාටික ලින්ඩවුර් ඒවයින් ලිස්සල ගියා. මේ අතරෙ තමයි නගරාධිපතිණිය ආවෙ ජූඩ් හොයාගෙන. ඇවිල්ල කියනව ලින්ඩවුර්ව නිදහස් කරන්න කියල. ඔන්න එතකොට තමයි ඇය දැනගන්නෙ මේ කඳවුර හොර එකක් කියල. ඉතිං ඇය ගිහින් ලින්ඩවුර්ගෙන් ප්‍රශ්න කරනව. ඉතිං ඒ අනුව විනිවිදභාවය රකින්න කියල හිතාගෙන ලින්ඩවුර් පොරොන්දු වෙනව කඳවුරේ තෝරගත්ත පිරිසක් නගරයේ එක්දින සංචාරයකට එක්කගෙන එන්න. මේ සංචාරයේ යන පිරිස අතරට ලියා, රෙබෙකා වගේම හැනාත් එකතු වෙනව. මේ අවස්ථාවෙන් රීස් ප්‍රයෝජන අරගෙන ලියා එතනින් එයාගෙ ලඟට ගන්නව. නමුත් මේ සිදුවීම තමයි ලින්ඩවුර්ට ලැබෙන ලොකුම අවස්ථාව වෙන්නෙ රීස්ව අල්ලගන්න. ඒ අනුව ලියාගෙ පුළුන් හාව ඇතුළෙ දාල තිබුණු හඹායන උපකරණයකින් රීස් ඉන්න තැන ගැන හොයගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි රීස්ව අල්ලගෙන්නත් අවස්ථාව ලින්ඩවුර්ට ලැබුණ.
අද කොටසින්…
ඉතිං ලින්ඩවුර්, රීස්ව අල්ල ගත්ත්ට වැඩක් වෙන්නෙ නෑ, ඇය ඉන්නෙ උදාසීන තත්වයක. ඒ කියන්නෙ ඇය ඇහැරිලා නෙවෙයි ඉන්නෙ. ඇය ඇහැරෙන්නෙ නැතුව පරීක්ෂණ කළොත් ක්ෂණිකව ඇය මැරිල යනව. ඔන්න ඒ නිසා ලින්ඩවුර්ට සිද්ධ වෙනව කටු අත්ත අල්ලන්න. ඔහු යනව ඩොක්ටර් ෆෝබ්ස් හමු වෙන්න. නමුත් එතනත් වංචාවක් යන්නෙ. කොහොමහරි ෆෝබ්ස්ට තමන්ගෙ පරීක්ෂණ නැවත කරන්න ඉඩ දෙන්නම් කියල තමයි ෆෝබ්ස් එක්කගෙන ඇවිල්ල රීස්ව උදාසීන තත්වයෙන් මුදවගන්න ෆෝබ්ස්ගෙ උදව් ගන්නෙ. ෆෝබ්ස් කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියල අද තේරෙයි. මේ අතරෙ අද ඔන්න ජූඩ් දැනගන්නව එමාට වුණේ මොකද්ද කියල. ඒ වගේම ඇපෙක්ස් සාමාජිකාවක් දැන් කඳවුර ඇතුළෙ ඉන්නව. ඇය යම් දෙයකට සැලසුමක් හදනව. ඒ වගේම පෝල් කියල හාදයෙක් එක්ක ඊව් අලුත් දේකට අතගහන්න යන්නෙ කියල යන්තමට දැනගන්න පුළුවන් අද. එහෙනම් ඉතිං සංවත්සර සැමරුමට මගේ දායකත්වය මෙතෙකින් අවසන් වෙනව. හැමෝටම ජය වේවා! බයිස්කෝප් සදාකල් දිනේවා..!
Hail බයිස්කෝප්..!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,691 downloadsDownload The.Crossing.S01E08.Baiscopelk.com_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
10 comments
darshana100
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
TENKIW
raacmgt
Thank you Bro... Ithuru episode 3 th ikmanata Sub labewaaaaa.....
sineth devapriya
Tq tq
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Advertisement



well done sahola budusaranai oyalata