Watch Trailer

The Last Ship [S03 : E02] with Sinhala Subtitles| කැප්ටන් නැවතත් නිවස කරා … [සිංහල උපසිරසි සමඟ]

ප්‍රමාදයට සමා වෙන්ට ඕනේ. ඒත් ඉතිං ප්‍රමාද වුනු හේතුව නම් ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. පලවෙනි දවස තුලම කතා දෙකම රිලීස් වුනත්, දෙවැනි කතාවට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ ඊයේ රෑ වෙන්නද කොහේදෝ. උපසිරැසිය පරක්කු වුනු නිසාම වැඩකිඩ අස්සේ අසා ලිවීමක් තමයි සිද්ධ කලේ. කොහොම වුනත් මෙච්චර කාලයක් උපසිරැසි හැදුවත්…

ප්‍රමාදයට සමා වෙන්ට ඕනේ. ඒත් ඉතිං ප්‍රමාද වුනු හේතුව නම් ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. පලවෙනි දවස තුලම කතා දෙකම රිලීස් වුනත්, දෙවැනි කතාවට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ ඊයේ රෑ වෙන්නද කොහේදෝ. උපසිරැසිය පරක්කු වුනු නිසාම වැඩකිඩ අස්සේ අසා ලිවීමක් තමයි සිද්ධ කලේ. කොහොම වුනත් මෙච්චර කාලයක් උපසිරැසි හැදුවත් මේක තමයි මගේ පලමු අසා ලිවීම. වෙනදා වගේම උපසිරැසිය තිබුණත්, තරමක් ප්‍රමාද දෝශයන් තිබේනම් පොඩ්ඩක් ඉවසා වදාරන්න කියලා ඉල්ලා සිටිනවා. සඳුන් අයියගෙන් තමා ඔන්න ටයිම් ලයින් ගහන්න ගුරුහරුකම් ලබාගත්තේ. ඇත්තටම කිව්වොත් සඳුන් අයියා දුන්නු ලින්ක් එකක වීඩියෝ එකකින්.😀

අපි හැමෝම පුන පුනා බලාගෙන හිටියේ ඩොක්ටර් රේචල් ස්කොට්ට මොනවා වෙන්න ඇතිද කියන කුතුහලය මත. නමුත් ජනාධිපති ජෙෆ්රි මිචෙනර් මාධ්‍ය හරහා සිදු කරපු ප්‍රකාශයෙන් කියැවුනා, ඩොක්ටර් රේචල් ස්කොට්‘ගේ මරණය පිලිබඳව. එමෙන්ම මිනිසුන්ට සලාක වශයෙන් ආහාර පානාදිය ලබාදෙන්න මුද්දර පත් නිකුත් කරලා තිබුණා. ඒ වගේම රේචල්ට ගෞරව කිරීමක් විදියට ඇයගේ උඩුකය ඡායාරූපයක් තමයි මුද්දරයට යොදාගෙන තිබුනේ. ඒත් කැප්ටන්‘ගේ වගේම කාරාගේ අදහස වුනේ ලෝකයක් බේරගත්තු රේචල් වෙනුවෙන් මේ මුද්දරේ හොඳටෝම මදි කියලයි.

ඉතිං පලමු කතාංගය ආරම්භ වෙන්නේ අලුත් අග නගරය වුනු මිසූරි වල ශාන්ත ලුවිස් තුල ඉඳන්. කලින් සතුරන්ගෙන් බේරිලා ප්‍රතිකාරය සොයාගැනීම තමයි හැම දෙනාටම අභියෝගයක් වෙලා තිබුනේ. නමුත් ප්‍රතිකාරය සාර්ථකව සැලකිය යුතු ලෙස බෙදා දීමෙන් පසුව රටක් වශයෙන් ස්ථාපිත වීමයි ලොකුම අභියෝගය වෙලා තිබෙන්නේ. නමුත් එහි ආරම්භයක් විදියට ජෙෆ්රි මිචෙනර් ජනපති ලැයිස්තුවෙන් පත්කරගන්න හැකියාව ලැබුණා. දැන් කාර්යබාර්යය වෙලා තිබෙන්නේ රටක් වශයෙන් නැගී සිටින අතරතුර ප්‍රතිකාරය ලෝකය පුරා බෙදා දීමයි.

පසුගිය කතාවේදී චීනයට යවන ප්‍රතිකාරය ගොඩක් දුරට රටවල් අතර බෙදාහැරෙන්නේ නැති වග ජනපති තුමාට දැනගන්න ලැබෙනවා. මේ හේතුවෙන් ආසියාව තුල රෝගය පැතිරී යාම තවදුරටත් සිදු වෙනවා. චීනයේ නව ජනපති ලෙස පත්වෙලා ඉන්නේ පෙන්ග් කියලා කෙනෙක්. ඉතිං මේ පිලිබඳ විමසන්න ජනපති තුමා විසින් ටොම් චැන්ඩ්ලර් (කැප්ටන්) යවනවා චීනයට. නම චැන්ඩ්ලර් වුනත් තාමත් කැමති කැප්ටන් කියලා කියනවට. ඒත් දැන් නේතන් ජේම්ස් වල කපිතාන් පදවිය කලින් X.O. හිටපු කැප්ටන්ගේ අතිජාත මිත්‍රයා වුනු මයික් ස්ලැටරි ට ලබා දීලයි තියෙන්නේ. චැන්ඩ්ලර්ට වගේම කණ්ඩායම මිනිහටත් හෙන ආදරෙයි. 😀 කොහොම වුනත් චීනය මේ අතරේ බොරදියේ මාලු බාන්නයි යන්නේ. ඒ කියන්නේ වසංගතය වෙනුවෙන් දෙන ප්‍රතිකාරය චීනය විසින් ගබඩා කරගෙනයි ඉන්නේ. මේ හේතුවෙන් ප්‍රතිකාරය නොලැබීම නිසා වෛරසයෙන් ආසියාතික රටවල් දුර්වල වුනු ගමන්ම ඒ රටවල් චීනය යටතට ගන්නයි අරමුණ වෙලා තියෙන්නේ. නමුත් මෙහෙම කරන්න යනවා කියලා ඔප්පු කරන්න තරම් කිසිම සාක්ශියක් කාටවත් ලැබිලා නෑ. නමුත් චීනය වියට්නාමයත් එක්ක සීතලට උණුසුම් වෙන්න පුළුවන් විදියේ යුද්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ.

මේ අතරේ නේතන් ජේම්ස් ගමන් කරන්නේ වියට්නාමය දෙසට. ඒ මානවවාදී මෙහෙයුමක් උදෙසා. ඒ කියන්නේ ප්‍රතිකාරයත් අරගෙන මෙයාලා කෙලින්ම වියට්නාමයට ගොඩබහිනවා. ඉතිං මේකේ ඇති විශේෂත්වයක් නෑ කියලා කාට වුනත් හිතෙන්න පුළුවන්. ඒත් දැන් නේතන් ජේම්ස් වගේම ඩොක්ටර් රේචල්, කැප්ටන් චැන්ඩ්ලර්, කියන අය ලෝකය පුරාවටම අති ප්‍රසිද්ධ වගේම භක්ති ආදරයට පත්වුනු පිරිසක් බවට පත්වෙලා. ඒ නිසා රටකට නේතන් ජේම්ස් වලින්ම ගිහිල්ලා ප්‍රතිකාරය ලබාදුන්නා කියන්නේ, අලුත් අවුරුද්ද දවසේ නත්තල් උදාවෙලා ලෝක විනාසෙත් නැවතුනා වගේ දෙයක්. 😛

චීනේ ජනපති පෙන්ග්ව හමුවෙලා කතා කලත් චැන්ඩ්ලර් දැනගන්නවා මිනිහා වැඩිය හොඳ කැරැට්ටුවක් තියෙන මිනිහෙක් නොවන වග. මේ ගමනට වැල්ක්‍රී, ද හැකර් කෙල්ල (වැලරි රේමන්ඩ්), වුල්ෆ්මෑන් (වුල්ෆ් ටේලර්) දෙන්නත් එකතු වෙනවා. ඒ වගේම කතාවට අලුතෙන්ම ප්‍රධාන චරිත දෙකක්ම සම්බන්ධ වෙනවා. සාශා තමයි පලවෙනි කෙනාගේ නම. කියන විදියට නම් කැප්ටන් චැන්ඩ්ලර්‘ගේ පරණ පෙම්වතිය. මේ දෙන්නගේ පලහිලව්වකුත් කතාව ඉදිරියට දකින්න ලැබේවි. ඒ වගේම තමයි හෙල්කොප්ටර් කෙල්ල. මාවල් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් එකේ  ජෛයෑන්ග් විදියට රඟපෑවේ මෙයා තමයි. මේ කතාවේදී නම් ජෙසී. මේ දෙන්නා කතාවේ ලොකු පෙරලියක් කරන්න සමත් වේවි කියලා විශ්වාසයක් තියාගත්තට හිත කලකිරෙන එකක් නෑ.

කොහොම වුනත් අද ලිපියෙන් පොඩ්ඩක් බලමු ඉස්සරහට මොනවයින් මොනවා වෙන්න පුළුවන්ද කියලා. කතාව අවසානයේදී වැල්ක්‍රී ගුවන් යානය හරවද්දීම පිපුරුවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් රහස් පරීක්ශක කතා වල තියෙනවා වගේම, මිනියක් දැක්කත් මැරුණා කියලා විශ්වාස කරන්න බැරි තත්වයක් තමයි අද සිනමාවේ තියෙන්නේ. ඉතිං  ගුවන් අනතුරෙන් වැල්ක්‍රී නොමැරෙනවා වෙන්න පුළුවන්. මොකද කිව්වොත් යානය පුපුරද්දී ඒක තිබුනේ මුහුද උඩින් නිසා. අනික තමයි පසුගිය කතාවේදී කතා කරන්න යෙදුනා වෛරසය නැවතත් ප්‍රතිකාරයට ඔරොත්තු දෙන විදියට විකෘතිතාවයට පත්වෙලා කියලා. ඒ වගේම තමයි ජපානයේ දරුවෙකුට එන්නත ලබා දුන්නත්, ඒ එන්නත ක්‍රියා නොකරපු බවක් පෙන්නුවා. මේ ගැන ඇහුණු වෙලාවේ චැන්ඩ්ලර් විසින් කිව්වේ, ඩොක්ටර් රේචල් විසින් වෙන කිසිම දේකටත් වඩා මූලිකව තහවුරු කරලා කිව්වේ “වෛරසය තවදුරටත් විකෘතිතාවයට පත් වෙන්නේ නෑ” යන බව. ඉතිං අපිට හිතන්න අමාරුයි රේචල්ට වැරදුනා කියලා. මොකද කිව්වොත් කතාවේ චරිතය මහන්සි වෙන තරමට තමයි අපිට කතාව තුලින් පෙන්නුම් කිරීමක් කරන්නේ. ඒ කියන්නේ රේචල් ප්‍රතිකාරය හදද්දී සිදුවුනු අතපසුවීම්, නව සොයාගැනීම්, වැඩිදියුණු කිරීම් මේ සියල්ලක්ම අපිට කතාව අතරේ නොපිරිහෙලා පෙන්නුවා. ඒ කියන්නේ රේචල්ට වැරදුනා කියලා හිතන්න සාධාරණ හේතුවක් අපිට ඇත්තේ නෑ.

කතාවේ පූර්ව ප්‍රචාරක පටයේ පෙන්නුම් කලා ස්ලැටරිගෙන් කවුදෝ ලේ ගන්නවා. ඒ වගේම ස්ලැටරි එක්ක හැම උසස් නිලධාරියෙක්ම වගේ පැහැරගැනීමට ලක්වුනා. ඒ කියන්නේ කවුරුහරි මේ ලේ පාවිච්චි කරලා වෛරසය හිතාමතා විකෘති කරනවා වෙන්නත් පුළුවන්. මොකද කිව්වොත් නැවේ ඉන්න අය තමයි ප්‍රතිකාරයේ මුල් එන්නත වගේම, වැඩිම කාලය ඉඳන් ප්‍රතිකාරය ඇඟේ රඳවාගෙන ඉන්නේ. මේ නිසා ඒක ප්‍රතික්ශේප කරන්න බැරි කාරණාවක්. ඒ වගේම තමයි රේචල් මැරුණා කිව්වත්, කලින් කිව්ව විදියටම අපි මිනියක් දැක්කේ නෑ. එක්කෝ වෙඩි වැදුනට පස්සේ සිද්ධවෙන දෙයක් ගැන සඳහනක් වුනෙත් නෑ. රේචල් ඇත්තටම මැරෙනවා නම් අනිවාර්යෙන්ම එහෙම සිදුවීමක් පෙන්වන්න ඕනේමයි. නැතිවුනොත් ඒක ලොකු අඩුපාඩුවක්. ඒ වගේම තමයි කවුරුත් බලාගෙන හිටපු තවත් චරිතයක් මේ කතාවේදී තාම දකින්න ලැබුනේ නෑ. ඒ  තමයි ටෙක්ස්. එයාට එයාගේ දූව හමුවුනාට පස්සේ ගෙදර දොරේ වැඩක් කරගෙන, දූවත් බලාගෙන සාමාන්‍ය සිවිල් ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ සිද්ධවෙන අවුල් තත්වයන් වගේම, ලොකු නිලධාරීන් හැම කෙනෙක්ම වගේ පැහැරගත්තු නිසා ටෙක්ස් තමුන්ගේ යාලුවොන්ට උදව් කරන්න ඉන්න තැනකින් එලියට එන්න බැරි කමකුත් නෑ. දැන් ඉතින් මේ කතාව පෙන්වන්නේ මුල් සමයේ අවසානයට වඩා මාස 10 -11ක විතර ක කාලයකට පස්සේ වෙන සිදුවීම් නේ. කොටින්ම කිව්වොත් මේ වෙනකොට කාරාට එයාගේ දරුවා හම්බෙලා. ඒත් ඩැනීට තාමත් දරුවා දකින්න ලැබිලත් නෑ. ඉතිං මෙතැනදී මේ කතා සමයේ ප්‍රධාන ශෝක ජනක සිදුවීමක් විදියට තමුන්ගේ දරුවා දකින්නවත් නොලැබී එයා මරණයට පත්වෙන්න හැකියාවකුත් තියෙනවා. හැබැයි ඒක මගේ හිතලුවක් විතරයි. ඒත් එහෙම නොවෙන්න කියලාම ප්‍රාර්ථනා කරමු.

මේ විදියට දිග ලිපි නම් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න එපා. කොහොමහරි ඇපෙන් බේරෙන රටාවට තමයි ඉදිරියට එන ලිපි ඉදිරිපත් කරන්න වෙන්නේ. කොහොම නමුත් වැදගත් කාරණාවක් ඔලුවේ පැලපදියං වුනොත් ඒ ගැනත් ඉදිරියේ ලිපි වල සටහන් කරන්නම්කෝ. අදට සමුගන්නවා. මීලඟ කතාංගයෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,283 downloadsDownload The.Last_.Ship_.S03E02.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode >>

Subtitles

11,283 downloadsDownload Subtitles28 KB

78 comments

  1. Lakshan

    Thanks

    1. rkkasun

      Thank
      menna
      https://thepiratebay.org/torrent/14898136/The.Last.Ship.S03…

      magnet:?xt=urn:btih:485C122BC984CBF7CC559433D525A1154A921A29&amp;dn=the+last+ship+s03e02+720p+hdtv+x265+hevc+200mb+shaanig&amp;tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80%2Fannounce&amp;tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&amp;tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80%2Fannounce&amp;tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce

      http://rapidgator.net/file/255df2a5981bd6a20a57c69529ccd60a…
      http://uploaded.net/file/s8a2hwhg/The.Last.Ship.S03E02.720p.HDTV.x265.ShAaNiG.mkv
      http://clicknupload.link/thp7mxp4nfwh
      https://1fichier.com/?ygbjyxs95e
      http://hugefiles.net/3r5rc6xuybrv
      http://uptobox.com/qbqokwe3u6mh

  2. Rasitha Pradeep Somasiri

    උපසිරැසට බොහොම ස්තූතියි සහෝ............

  3. Udara Damith B\K

    ...................................................................................
    ........................උපසිරැසට බොහොම ස්තූතියි.........................
    ................................................................................

  4. Udara Damith B\K

    ............................................
    .THANKS.
    ...........................................

  5. tharindu

    ඔයාල උපසිරස දීල තියෙන්නෙ HDTV වලටනෙ. x264 / x265 කියන්නෙ Codec එක මිසක් ඒකට උපසිරස හදන්න බෑ. හරියට දන්නෙ නැත්තන් Post එකට එහෙම දාන්න එපා. x264 / x265 – HDTV විතරක් නෙමේනෙ වෙබ් එකට එන්නෙ. WEB-DL / Blu-ray / DVD / DVD Scr / HDTC / HDTS / Cam Rip මේ වගේ සියළුම කොපි එනව.

    1. supun

      mechchra mahansiwela sena akata baninda apa ban mehema dena akath kochchra watinawada

    2. shane

      නිකන් දෙන දේවල් වල ඇද හොයන්න එපා බන්.උඹට ඕකට ඔච්චර අමාරු නම් සබ් ගන්නේ නැතිව හිටපන්කෝ.

    3. rkkasun

      මෙ නිකමො මම X265 ඩවුන්ලොඩ් කරල බෑලුවත් එක්ක අඩු තරමෙ හොයලා බලලා බෑනපන්

    4. Ni

      Oyata me site eke dana film hari yanne nathnam wena site ekakata gihin download karala bala ganna.mechchara mahansi wela dena sub wala nikan garhanna epa.nikan labenakota kohomath agayak nane.

    5. නිෂූ

      මේ පිස්සා ගිය සති යෙත් මේ ටෝක් එක දීලා තිබුනා., මූ හදන්නේ මූ තමයි දන්න පොර කියලා පෙන්නන්න. දන්න දෙයක් තියනවනම් අනිත් එවුන්ට පවු නොදී හිටපන් යකෝ !

    6. Crazy Connoisseur :D (y)

      ලැජ්ජයි....

    7. tharindu

      hodana hoyala thama ona deyak kiyanne. baninawa neme.

      The Last Ship S03E01 720p HDTV HEVC x265-RMTeam[720P][HEVC]
      The Last Ship S03E01 720p HDTV 2CH x265 HEVC-PSA
      The Last Ship S03E01 1080p HDTV HEVC 6CH x265-RMTeam [1080P][HEVC]

      mewa HDTV Copy HEVC x265 Encode karapuwa. mekata sub eka wada. eth mama pahatha dena ewata wada karanne ne.

      The Last Ship Season 1 S01 (1080p Bluray x265 HEVC AAC 5.1 Joy)[UTR]
      The Last Ship S02 1080p BluRay x264-ROVERS[rartv]
      The Last Ship S01 Complete Season 1 BluRay 720p x265 HEVC [nate_666]
      The Last Ship Season 2 S02 (1080p x265 HEVC AAC 5.1 Joy)[UTR]
      The Last Ship Season 2 S02 1080p WEB-DL AAC5.1 HEVC/x265-LGC

      HDTV eke time code eka wenai. WEB-DL / Bluray Wala time code eka wenai. site eken karana wade hodai. narakai kiwe ne. mata godak sub Sync karala balanna una a nisama

    8. rkkasun

      දෑන් කොහෙද තියන්නෙ මෙ සබ් 1ට 1080p Bluray ගන්න කියල දාල තියෙන්නෙම
      "මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ"
      HDTV(x264 / x265)ගන්න කියලනෙ බන් උබට ඩෙට ෆ්‍රී ඔනට අපටනම් ඩෙට ෆ්‍රී නෑබන් මම නම් ගන්නෙ කොපි X265 විතරයි
      https://kat.cr/the-last-ship-s03e01-720p-hdtv-x264-dimensio…
      මෙ ලින්ක් 1ක 1.1GB මෙ ඩෙට වලට Episodes 4ක් වත් අඩුම බලන්න පුලුවන් බන්

    9. harsha

      machan oya deela thiyana link aka S03 E01 walane

  6. Sajeevi

    Thanks

  7. Raveendra Thennakoon

    Thanks mcn

  8. Lahiru

    Thanks

  9. Sajith Anthony

    උපසිරැසට බොහොම ස්තූතියි සහෝ

  10. nish

    balagena hitiye saho .....thankssssssssssssssssssssssssssss

  11. darshana

    superb bro

  12. ashan lankanath

    thanks

  13. dharshana...

    Thanks..

  14. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති සහෝ

  15. Sisila Prashad

    එළ හොඳේ...
    උපසිරසියට බොහොම ස්තුතියි...

  16. Thilina

    අඩෙ ඉක්මනින් sub danna try කරපන්කො ... වැඩි කල් යන් නැතිව.
    Thnx subata..

    1. වස්සානය

      සබ් එක ඉක්මනින් කරන්න කියන සහෝදරයොන්ට කියන්නේ මම. යකෝ මුන්ට සබ් කරනවයි කියලා පඩි දෙන්නැ කවුරැත්. උන් උන්ගේ වැඩ අස්සෙ අපි වෙනුවෙන් මේ කරන ටිකවත් මදිද බං? දුන්න දවසට බලල ස්තුති කරලා යන්න පුරැදු වෙයල්ලා. නැත්තං පඩියක් දීලා ඔහොම කෑ ගහපල්ලා.

      ගොඩක් පින් සහෝ සබට. උබලගේ වෙලාව කැප කරගෙන අපෙ රස වින්දනේට මේව කරනවට පිං.

  17. Lahiru prasad

    thanx saho....

  18. Bobby

    Thank you very much friend.

  19. Kalum Ekanayaka

    thanx bro,. Elzzma,. Niyama lipiya ah,.

  20. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසිට..
    ඒ වගේම සාශාගේනුත් පොඩි වැඩ කැලි ටිකක් බලගන්න පුලුවන් වෙයි..
    කට්ටිය මිට කලින් මෙයාව දැකලා ඇති එකේ Agent Carter (Dottie) විදිහට.
    තව දෙයක් පුලුවන්නම් Outlander සීසන් 2 එකට උපසිරැසි කරන්න..
    වෙනස්ම විදිහේ සුපිරිම කතා මලාවක්..

    ජය වේවා !!!

  21. Dhanushka

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. sanath indika

    thx broo

  23. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය !!!

  24. kasuni

    thanks sahodaraya...

  25. harsha

    ස්තූතියි මේක දෙනතුරු තමයි බලන් හීටියේ ඔන්න ගත්තා ජයවේවා

  26. Dinuth Chathuranga

    ස්තුතියි සහෝ........ :)

  27. yumal

    thanZZZZZZZZZZZ bro!!

  28. rrandika

    Thanks

  29. DVC

    Thanks machan.....

  30. Hemal

    supiri saho sub eka niyameta daala thiye :) (y)
    tikak ikmanata deepanko :3 balan inna giyahama bada papuwa hoos gaanawa :D

  31. Ishan

    Thanks a lot

  32. D Chamara

    bohoma sthuthi sahooo

  33. Thilina

    Thanks bro

  34. harsha

    මම දැනුයි කොටස් දෙකම බලලා ඉවර උනේ. කියලා වැඩක් නෑ පට්ට පට පට. මේ පාර කාරා කෙල්ල ජනාදිපති මන්දිරයේ ඉඳන් ගෙම දෙන්න වගේ හදන්නේ. එකම වචනයක්වත් නැතිව බේරිලා ඉන්න හැමදෙනාම නැවත නේතන් ජෙම්ස් නැවට නැග්ගා කියල කාරා කියන හැටි නම් හරිම අපූරුයි. තුවක්කූ, මිසයිල, ටෝපිඩෝ අතරට කරාටි බොක්සිං ජුඩෝ එහෙමත් තියනවා. ඉතින් මචෝ උඹට නැවතත් ස්තූතියි තියන වැඩ වලට අමතරව අපි වෙනුවන් කරන සේවයට. ජයවේවා

  35. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ.කලින්ම බැලුවා මේක.
    ඒත් ඔන්න අද ආපහු බලනවා සිංහල සබත් එක්කම.
    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.

  36. Bhanuka Samarasinghe

    Thank you macho........:-)

  37. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. tharindu

    thank u machan..

  40. exit_9.1

    Wow bro.. Fatta lipiya mcn.. Hithe thibba hama awulkma ubath kiyala thiyanawa. Niyamy bro..

  41. hashan

    මචන් ඉස්තූතියි සබට ..ඔන්න අපිත් බාගත්තෝ ..........ඔබට ජය

  42. sujeewa

    Thanks

  43. laksirigraphics1

    Thanks Saho.. හැමදාම වගේ ගොඩක් ගොඩක් ගොඩාාාාාාාාාාක් පිං ඈෑෑෑෑෑ

  44. pv chathur

    thanks saho.....

  45. Prasa

    බොහොම ස්තුතියි…

  46. Noize

    Amme pin yko

  47. Shehan Rajitha

    Tnx macho!!! Anith ekath awa gaman demu. Meka eka digatama balanna hithena storyak ne

  48. Dasitha DK

    sabata thankzzzz, digatama denna bro......

  49. hashan

    machan s 3 sub eka nathda ban

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.