Watch Trailer

The Man in the High Castle [S02 : E01] with Sinhala Subtitles | කන්ද උඩ බලකොටුවේ මිනිසා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට? මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයෙන් මම ටීවී කතා මාලාවකට උපසිරැසියක් අරගෙන ආවා. මේකෙ පළවෙනි සීසන් එක කරපු කළිඳු වසූක අයියා කාර්යබහුල හින්දා මේක මම බාරගත්තා. ඉතින් මේකෙ පළවෙනි සීසන් එක බලපු අයට නම් අමුතුවෙන් කතාව ගැන කියන්න දෙයක් නෑනේ. IMDB අගය 8.1 ක් මේ කතා මාලාවට හිමිවෙලා තියෙනවා වගේම ක…

Man in the high castle Season 2

කොහොමද කට්ටියට? මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයෙන් මම ටීවී කතා මාලාවකට උපසිරැසියක් අරගෙන ආවා. මේකෙ පළවෙනි සීසන් එක කරපු කළිඳු වසූක අයියා කාර්යබහුල හින්දා මේක මම බාරගත්තා. ඉතින් මේකෙ පළවෙනි සීසන් එක බලපු අයට නම් අමුතුවෙන් කතාව ගැන කියන්න දෙයක් නෑනේ. IMDB අගය 8.1 ක් මේ කතා මාලාවට හිමිවෙලා තියෙනවා වගේම කතා මාලාවේ මේ කොටසට IMDB අගය 8.2ක් ලැබිලා තියෙනවා.‍ ඒ වගේම මේ කතා  මාලාවට Rotten Tomatoes අගය 78%ක් හිමිවෙලා තියෙනවා. මේ කතා මාලාව බාර ගනිද්දි මම හිතුවෙත් නෑ  මේ තරම් සුපිරි ඇති කියලා. පළවෙනි සීසන් එකේ මුල් කොටස් දෙක බැලුවට පස්සෙ මට මේක නොබල ඉන්න බැරිවුනා. ඒ තරම් හොඳ කතා මාලාවක් මේක.

මුල් සීසන් එක නොබලපු අයට දැනගන්නත් එක්ක කතාව ගැන කෙටියෙන් ටිකක් කියන්නම්කෝ. මේක ඉතිහාස කතාවත් වගේම විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් කියලත් කියන්න පුළුවන්. මොකද මේකෙ යන්නෙ අපේ විශ්වයට සමාන්තර විශ්වයක් ගැන කතාවක්. අපේ ඉතිහාසය අනුව නම් දෙවෙනි ලෝක යුද්ධෙන් ජර්මනිය ඇතුළු අක්ෂ පක්ෂයට අයිති රටවල් පරාද වුනානේ. ඒත් මේකෙ අනිත් විශ්වයෙ වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඒ කිව්වෙ ජර්මනිය ඇතුළු අක්ෂ පක්ෂයේ රටවල් දිනලා. ඊට පස්සෙ ඒ විශ්වයේ සිද්ධවෙන දේවල් ගැන තමා කතාවෙ තියෙන්නේ. මේක විකල්ප ඉතිහාස කතාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපේ විශ්වයේ හිට්ලර් එහෙම නැත්නම් ජර්මනිය පරාද වුන වීඩියෝ හම්බවෙනවා අර හිට්ලර් දිනපු විශ්වයේ ඉන්න කැරළිකාරයො කට්ටියකට. කතාවෙ ප්‍රධාන තේමාව වෙන්නෙ ඕක. ඉතින් මේ හිට්ලර් දිනපු විශ්වයෙ ඉන්නවා විශ්වයන් දෙක අතරේ ගමන් කරන්න පුළුවන් අය. හොඳම උදාහරණෙ තමයි වෙළඳ ඇමති ටගෝමි. ඉතින් ඒ වගේ විද්‍යා ප්‍රබන්ධ කතා වලට කැමති අයටත් මේක හොඳ කතා මාලාවක් වෙයි.

ඒ වගේම කියන්න ඕනි මේ කතා මාලාවට සබ් එක හදනකොට කළිඳු වසූක අයියගෙන් මට ලැබුන සහයෝගය ගැන නම් කියන්නම ඕනි. මම නොදන්න දේවල් සෑහෙන තිබුනා මේ කතා මාලාවේ. සමහර දෙබස් සිංහලට හරවන්න ගියාම මටත් නිකන් පිස්සු වගේ. මොකද මතුපිටින් පේන්නෙ නැති ගැඹුරු තේරුම් තියෙන හින්දා. ඒ වෙලාවට මට කළිඳු අයියා මට සෑහෙන උදව් කළා. ඉතින් කළිඳු අයියටයි, මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරු ඇතුළු සියළුම සාමාජිකයන්ටයි මම මේ වෙලාවෙ මගේ ස්තූතිය පුද කරනවා. දැන් ඉතින් කතාව පැත්තට හැරෙමුකෝ.

ඉතින් ඔයාලට මතක ඇති කලින් සීසන් එක ඉවර වුන විදිහ. හෙඩ්රිච්ගෙ කුමන්ත්‍රණය අසාර්ථක වෙනවා. එඩ්ව අත්අඩංගුවට ගන්නවා. ලෙම් ඇතුළු කැරළිකාරයෝ කට්ටියටත් අර චිත්‍රපටිය ගන්න බැරිවෙනවා ජෝගෙන් අන්තිම මොහොතේ ජුලියානා ජෝට බෝට්ටුවකට නැගලා පැනලා යන්න උදව් කරන හින්දා. ඇමති ටගෝමිත් අනිත්මා සමාන්තර විශ්වයට යනවා පෙන්නුවනේ.

එතනින් එහාට මේ කතා මාලාවේ මොකද වෙන්නෙ කියලා අද ඉඳන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද කතාවේ පෙන්නනවා ජෝ ඒ බෝට්ටුවේ ඉන්නවා. එයා ඉවසිල්ලක් නැතුව ඉන්නේ ජුලියානා ගැන දැනගන්න. ඒ වගේම ෆ්‍රෑන්ක් උත්සාහ කරනවා එයා වෙනුවෙන් වැරැද්ද බාරගත්ත එඩ්ට උදව් කරන්න. ඒ වගේම තමයි ජපානෙ අලුත්ම සැලසුම මොකක්ද කියලත් අද කතාවෙන් පැහැදිලි වෙනවා. අද කතාවට මේ දාලා තියෙන නම දැම්මෙත් හේතුවක් හින්දා. අද කතාව බලද්දි ඔයාලට ඒ ගැන තේරෙයි. ඉතින් ඔයාලම බලන්නකෝ අද කොටසින්මො කද වෙන්නේ කියලා. අද කතාව ඉවරවෙන්නේ නම් ශෝකාන්තයකින් කියලා කියන්න පුළුවන්. ඊළඟ කොටසින් ඉක්මනට එන්නම්. මේ කතා මාලාව බලපු නැති අයටත් මම ආරාධනා කරනවා මේක බලන්න කියලා. බලන්න පටන් ගත්තොත් නම් නවත්තන්න හිතෙන්නෙ නැති කතා මාලාවක් මේක. උපසිරැසියෙ හොඳ නරක කියලා ඔයාලගේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E01.WEBRip.RARBG
The.Man.in.the.High.Castle.S02E01.WEBRip.DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

250 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E01.Baiscopelk.com_.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

250 downloadsDownload Subtitles47 KB

20 comments

  1. sudeera

    ela malli digatama sub denna. pattma kathawak meka. thnax wewa.....!

  2. pasindu

    කිව්ව වගේම ඉක්මනටම දීලා තියෙන්නෙ,
    සබට ස්තූතියි.................!
    දිගටම සබ් දෙන්නෝ................!

  3. kawesha dissanayaka

    THANKS MCN

  4. Kalindu Wasuka

    බොහෝම ස්තුතියි මල්ලි සබ් එකට. සබ් එක නියමෙට කරලා තියෙනවා. Direct translation නැතුව හැමෝටම තේරෙන සරල සිංහලෙන් සබ් එක තියෙනවා. .ඔබට ජය.

  5. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.ස්තුතියි.මේකට සබ් කරපු එකනම් ලොකු දෙයක්
    ඔන්‍න‍ අදම දානව season 2 download වෙන්න.
    දිගටම සබ් දෙන්න.ජය වේවා!

  6. එල්.සී. දමැල්

    ස්තුතියි උපසිරසට... වටින වැඩක්...
    පළවෙනි එක මට කොහොම මඟඇරුණද :( පළවෙනි එකේ ඉඳල බලන්න පටගමුකො ඉතින්...
    දිගටම දෙමු...

  7. harsha

    බොහෝම ස්තූතියි සොහාන් මේ වැඩේට අත ගැසුවාට මේක බොහෝම අපූරු කතාවක්. මේක බලද්දී මට හිතුන දෙයක් තමයි ඇමරිකාවේ ජාතික කොඩියට කරලා තියන වෙනස. ඒවගේ දෙයක් අපේ රටේ උනොත් කොහොමද? හිතලා බලන්න ඒ ගැන. ඔන්න එහෙනම් මේ කතාව බලන්න මමත් එකතුවෙනවා. ජයවේවා

  8. Sohan jayasooriya

    Hamogema adahas walata sthuthi digatama kathawath ekka ekathu wela inna

  9. දිල්ශාන් සචින්ත

    ado ela ah

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  12. Udara Damith B/K

    බොහොම ස්තූතියි....
    මන් මේකේ පලවෙනි එක බලලා නෑ
    බයිස්කෝප් එකේ උඩ තියෙන ට්වි
    කියන එකේ මේකේ නම නැති නිසා මන් හිතු වේම නෑ කියලා

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  15. Viraj

    sub ekata thanks saho..

  16. dilrukshi

    තැන්ක්ස් මච්න් ගොඩක්ම ස්තුතිතී.. ගොඩක්ම

  17. lakshan

    jaya wewa thank mcn sub ekata

  18. yash

    Thank you very much

  19. skora

    s01e01 web eke ne sub

  20. Tharindu07

    Thanks Machoo....!!! Patta wedak...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.