Watch Trailer

The Mentalist [S04 : E04] | දිගු රැවටීම….. [සිංහල උපසිරසි සමඟ]

මනෝවේදිකයාගේ කතා මාලාවේ තවත් අළුත් කතාවකට උපසිරැසි අරගෙන තමයි මම අදත් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ. අද සූදානම් වෙන්නේ සිව්වන සමයේ 4 වන කතාවට උපසිරැසි සපයන්න. අද කතාව තරමක් අමුතු කතාවක් කියලා දැනේවි. කතාව ආරම්භයේදීම නගරාධිපති විසින් රැලියක් පවත්වනවා. ඒ පිලිබඳ ආරක්ශාව පොලිසියට මෙන්ම CBI එකට තමයි බාරවෙ…

The-Mentalist-4

මනෝවේදිකයාගේ කතා මාලාවේ තවත් අළුත් කතාවකට උපසිරැසි අරගෙන තමයි මම අදත් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ. අද සූදානම් වෙන්නේ සිව්වන සමයේ 4 වන කතාවට උපසිරැසි සපයන්න. අද කතාව තරමක් අමුතු කතාවක් කියලා දැනේවි. කතාව ආරම්භයේදීම නගරාධිපති විසින් රැලියක් පවත්වනවා. ඒ පිලිබඳ ආරක්ශාව පොලිසියට මෙන්ම CBI එකට තමයි බාරවෙලා තියෙන්නේ. ඒ අතරතුර මිනීමැරුමක් සිදුවෙලා තියෙනවා ස්කොට් ගිබ්සන් කියලා තැනැත්තෙක් තමයි මැරිලා තියෙන්නේ. පිහි ඇනුමකින් තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. මේ අතරේ ජේන් අපරාධ ස්ථානයට පැමිණෙන අතරතුරේ දැකගන්න ලැබෙනවා සැකසහිත මිනිහෙක් රැලිය පවත්වන පාරේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. කොහොම වුනත් ජේන් මේක ගැන ලිස්බන්ට කියනවා. ඉතිං ඔහුව පරීක්ශා කරද්දී ඔහුගේ ලඟ තිබිලා තුවක්කුවක් හමුවෙනවා.

මේ තැනැත්තාගේ නම තමයි හෙන්රි ටිබ්ස්. මොහුට කැලිෆෝනියාවේ ඕනෑම තැනකට තුවක්කු ගෙනියන්න බලපත්‍රයක් තියෙනවා. නමුත් මේ තැනැත්තා නෙමෙයි මිනීමැරුම සිදුකරලා තියෙන්නේ. ජේන් විසින් කියන්නේ ඔහු මානසික රෝගියෙක් කියලා. ඔහු ඕනෑම වෙලාවක මිනිහෙක් මරන්න සූදානමින් ඉන්න විදියේ කෙනෙක් විදියට තමයි ජේන් විසින් ඔහුව හඳුන්වන්නේ. ඒ වගේම CBI එකට අළුතින් ලොක්කකෙක් එනවා. ඔහුගේ නම තමයි ලූතර් වේන්රයිට්. මෙයා ගොඩක්ම තරුණ කෙනෙක්. සාමාන්‍යයෙන් CBI එකට ආපු හැම ප්‍රධානියෙක්ම වගේ තරමක් වයස අය. ඒක නිසා හැමෝටම මේක අමුතුම අත්දැකීමක්. ඒ වගේම රිස්ග්බි ඒ වගේ තරුණ කෙනෙක් යටතේ වැඩ කරන්න තරමක් අකමැත්තෙන් තමයි ඉන්නේ. කොහොම නමුත් ජේන් කියපු කතාව හරිද බලන්නත් එක්කලා අළුත් ලොක්කා වේන්රයිට් විසින්, ජේන්ට ඉඩ දෙනවා මිනීමැරුමක් නොකරපු මිනීමැරුමක් කරන්න ඉන්න මිනිහෙක් අල්ලන්න. නමුත් ඔහු මිනීමරන්න කලින් තමයි ඒක සිදුකරන්න ඕනේ. ඒක නිසා තමයි අද කතාව විශේෂිත එකක් වෙන්නේ. කොහොම නමුත් ජේන් දිගු රැවටීමේ උපායක් යොදනවා, ඔහු මිනීමරන්නට බලාගෙන ඉන්න විදියේ මානසික අබාධයක් තියෙන කෙනෙක් බව ඔප්පු කරන්න.

අපි බලමු මිනී නොමරපු මිනීමරුවා කොහොමද ජේන්ගේ උප්පරවැට්ටියෙන් අල්ලගන්නේ කියලා. ඒ වගේම මීලඟ උපසිරැසියෙන් හමුවෙමු කියලා මම මෙතැනින් නවතිනවා.

ආයු – බෝ- වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,928 downloadsDownload The-.Mentalist.S04E04.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,928 downloadsDownload Subtitles86 KB

13 comments

  1. kalana

    THANKS bro

  2. Ashan

    Niyamai Bro
    Ikmanata denna anith Sub tikath
    Dawasata 2k hari kamak na
    jaya wewa

  3. Sach

    සබට තුති සහෝ !!!!!!

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  7. Eranda

    maxxxa kolloo

  8. prabhath

    thanks

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය...................

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. Mano

    Godak sthuthi,,jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.