ඔන්න එහෙනම් සඳුදා දවසේ විකාශය වුන මළවුන්ගෙන් නැවත පණලත් ඈයොන්ගේ කතාවේ හත්වෙනි කොටස අරගෙන එන්නයි සූදානම. වෙනදා වගේම උපසිරැසියක් අද උදේ වෙද්දී තමයි ඇවිත් තිබුනේ. ඒ වගේම ගොඩක් අයට තියෙන ගැටළුවක් වෙන්නේ X265 වීඩියෝ ගොනුව බාගත කරගෙන බලනකොට එක එක ගැටළු වලට මුහුණ පාන්න වෙලවලුනේ. මමනං කියන්නේ x265 වීඩියෝ ප…

ඔන්න එහෙනම් සඳුදා දවසේ විකාශය වුන මළවුන්ගෙන් නැවත පණලත් ඈයොන්ගේ කතාවේ හත්වෙනි කොටස අරගෙන එන්නයි සූදානම. වෙනදා වගේම උපසිරැසියක් අද උදේ වෙද්දී තමයි ඇවිත් තිබුනේ. ඒ වගේම ගොඩක් අයට තියෙන ගැටළුවක් වෙන්නේ X265 වීඩියෝ ගොනුව බාගත කරගෙන බලනකොට එක එක ගැටළු වලට මුහුණ පාන්න වෙලවලුනේ. මමනං කියන්නේ x265 වීඩියෝ පිටපත බලනවනම් කරුණාකරලා MPC (Media Player Classic) ප්ලේයර් එක පාවිච්චි කරන්න. මමනං හැම චිත්‍රපටියක්ම, වීඩියෝවක්ම බලන්නේ MPC ප්ලේයර් එකේ.
එහෙනම් පසුගිය කොටස ගැන මතක් කරගමු,…
ලීනාට සිහිනැතිව කැලෑව ඇතුලෙදී ඇදගෙන වැටුනනේ. ඉතින් මෙයාට සිහිය එන්නේ ඇඩම්ගේ කාමරේදී. ඔතනදී ලීනාගේ පිටේ තියෙන තුවාලය දැකලා ඇඩම් තුවාලෙට බෙහෙත් කරනවා. ඔය අතරතුර ටෝනි ගෙදරට එනවා. ටෝනි කලිං හැමෝටම කියලා තියෙන්නේ ඇඩම් මැරුණා කියලනේ. ඉතින් මේ ඉන්නේ ඇඩම්ගේ මල්ලී කියලා දැනගන්න ලීනා තේරුම් ගන්නවා මෙයත් අනිත් අය වගේම ආපහු ආව කෙනෙක් කියලා. ලීනාගේ ගෙදර අය ගොඩක් දුකින් ඉන්නවා මෙයාගේ අතුරුදහන් වීම සම්බන්දයෙන්.
ඔන්න ඔය අතරේදී ජැක්ට ක්ලෙයාර් බයිනවා, මොකද ලීනා බාර් එකට ඇවිත් පාටි දාද්දි ජැක් ඔහේ නිකං බලාන හිටියා කියලා. පීටර් වික්ටර්ව සොහොනකට එක්කරගෙන යනවා. ඒ යන්නේ එයත් එක්ක හවුලේ වැඩකරලා වික්ටර්ගේ අම්මට වෙඩි තියපු මිනිහව පෙන්වන්න. පීටර් වික්ටර්ගෙන් ආයාචනා කරනවා එයාට සමාව දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි. එයාගේ තුවක්කුවත් තියෙනවා එයාගෙන් පලිගන්න කියලත්. වික්ටර් පීටර්ගේ මැරුණ හවුල්කාරයා ඇවිත් එයාට වෙඩි තියනවා වගේ බොරුවට මවා පෑවත්, තුවක්කුවේ කොකා ගැස්සුවත් වෙඩිල්ලක්නම් පත්තුවුනේ නෑ. හැබැයි තුවක්කුවේ උණ්ඩ සේරමත් තිබුනා.
ජූලි හෙලේන් එක්ක නගරයට ජල ගැල්ම ඇතිවුන දවසේ එයා මැරුණ හැටි ගැන කතා කරනවා, එතකොටයි දැනගත්තේ වික්ටරුත් ඒකෙන් මැරිළා ආපහු මේ පණ පිටින් ඇවිත් තියෙන්නේ කියලා. කැමීල් උත්සාහ කරනවා බෙන්ට තේරුම් කරලන්න මේ ඉන්නේ ඇලිස් නෙමෙයි, ඇත්තටම කලින් හිටපු කැමීල් කියලා. ලූසිට රෝහලේදී බෙහෙත් කරද්දී එකපාරටම හුස්ම වැටෙන එක නැවැත්තුවා. හැමෝම හිතුවේ එයා මැරුනා කියලා. නමුත් එයා ආපහු පණපිටින්ම පටස් ගාලා නැගිටිනවා දකින්න ඇතිනේ. ඒ වගේම ජැක්ගේ තාත්තා බීලා වාහනේ එලවද්දී වෙච්ච අනතුර ගැන එයාට ජැක්ගේ තාත්තා කියනවා ඇහෙනවා. ඒ කියන්නේ මෙයාට ඇත්තටම දැන් මළගිය ඈයොත් එක්ක කතා කරන්න පුලුවන් වෙනවා…
අද එතැන් පටන්..
අද කතාවෙන් ගොඩක් අයට තිබුන ගැටළු කීඵයකටම උත්තර දෙනවා. මැරුණ අය ආපහු නැගිටලා ආවනම් එයාලගේ සොහොන්වලට, මිණී පෙට්ටි වලට මොකද වුනේ, මේ ආපහු නැගිටලා ආපු ඈයොන්ට ආපහු මැරෙණ්න හැකියාවක් තියෙනවද….. අද කතාව බලන්න එහෙනම්.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
41eb43f457bbc0daf53d2cd482be03a2c920f320 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,172 downloadsDownload The-Returned-US-S01E07.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
21 comments
සුපුන් බුදිධික
chathura
Thanks...
Kulanjana Maduranga
Niyamai...thanks CHALINDU saho sub ekata...digatama sub demu.jaya wewa...
KAL32
Sub ekata Thnxxxxx.
මධුකප්‍රිය පෙරේරා
සබට තුති සහෝ
isuru
thanks bro!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
akalanka
ඔන්න අපු අන්තිම එකත් බා ගත්තා ගොඩක් ස්තුති බයිස්කොපෙ එකේ හැමොටම..ජය වෙවා.
dilshan
thanks saho sabata. X265 video file download karagena balanawanana ani waryayen mpc,VLC hari wena onama media player ekaka aluthma version eka tiyenna ona. e wagema Intel Pentium series eke processors wala X265 files weda karanne ne.sound eka witarai ehenne. X265 video files balanawanan core 2duo,duel core ho I series eke processor ekak tibiya uti. ehima nettan X264 video files witarak download karagena balanna
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කලින්ම දිලනේ.
නියමයි, නියමයි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisal
tnxxxxxxxxxxxxxxxx
ishan
tns mcn
Sanjaya
Thanks Saho.....
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........akalanka
බයිස්කොප් එකේ සියලුව දෙනට ජයෙන් ජය ..ස්තුති සියලුම දෙනාට,,,
Ruchira
sub 1ට ස්තුතියි.......
අබා
බොහොම ස්තුතියි කිනා උපසිරසියට...බලන්න ටිකක් පරක්කු උනා..අද බලමු..ජයෙන් ජය....!!!!
Chandima
Thankzzz
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Advertisement

බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම සබ් දෙමු..
ජය වේවා !!!