Watch Trailer

Timeless [S01 : E14] with Sinhala Subtitles | රිට්න්හවුස්ලා හැමතැනම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට ඔන්න ඉතින් Timless කතා මාලාවෙ 14 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ වුනත් කියන්න කණගාටුයි අවසානය ලං ලං වෙනකොට කට්ටියට කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නත් අමතක වෙන තත්ත්වයක් තමා තියෙන්නෙ. හරි කොහොම වෙතත් පහුගිය සුමානෙන් මතක් කරගෙන ඉමුකො. ඔයාලට මතකනෙ වායට් ලුසීගෙ ගෙදරට ඇවිත් කියනවා එයයි රූෆසුයි දෙන්නා…

Timeless TV-2

කොහොමද කස්ටියට ඔන්න ඉතින් Timless කතා මාලාවෙ 14 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ වුනත් කියන්න කණගාටුයි අවසානය ලං ලං වෙනකොට කට්ටියට කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නත් අමතක වෙන තත්ත්වයක් තමා තියෙන්නෙ.

හරි කොහොම වෙතත් පහුගිය සුමානෙන් මතක් කරගෙන ඉමුකො. ඔයාලට මතකනෙ වායට් ලුසීගෙ ගෙදරට ඇවිත් කියනවා එයයි රූෆසුයි දෙන්නා ටයිම් මැෂින් එක හොරකම් කරන්න යන්නෙ කියලා. ඉතින් ලුසිත් මෙයාලත් එක්ක යන්න එනවා. ඒත් වායට් ඒකට ඉඩ දෙන්නෙ නැ. මොකද ලුසි ක්‍රිස්ටෝපර් එක්ක එකතාවකට ඇවිත් ඉන්නවා එයාගෙ නංගිව ආපහු ගෙන්න ගන්න. ඉතින් ඒක හින්දා වායට් ලුසීට ඉඩ දෙන්නෙ නැ එයාලත් එක්ක එන්න. අනික තමා ටයිම් මැෂින් එක හොරකම් කරන එක ලොකු වරදක් නිසා රූෆස් ඒකෙන් බේරගන්න වායට් එයාව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට තමයි අරන් යන්නෙ. එතකොට රූෆස් කැමත්තෙන් ගියා වගේ පේන්නෙ නැති නිසා.

ඔයාලට මතකයිනෙ ෆ්ලින් එමා කියලා තවත් නියමුවරියක් අතීතයෙන් බේරගෙන එනවා. එයා දන්න හැම දේම ෆ්ලින්ට සහා ඇන්තනීට කියනවා. ඒ මොනාද කියලා නම් එතන කියන්නෙ නැ. කොහොම වුනත් ඇන්තනී ඒක අහලා එයා කියන්නෙ මව් යානය විනාශ කරන්න ඕන කියලයි. ඒත් ලයිෆ් බෝට් එක ඉතිරි වෙන එක ෆ්ලින්ට අවුලක්. ඇන්තනි කියන්නෙ ඒක රූෆස් ලවා විනාශ කරමුයි කියලා. ඒ වුනත් රිට්න්හවුස්ලා තව එකක් හදන්න කාලයක් ගියත් එයාලා තවත් ටයිම් මැෂින් එකක් හදන නිසාවෙන් ෆ්ලින් ඒකට කැමති වෙන්නෙ නැ. එයා කියන්නෙ සැලැස්මට වැඩ කරමුයි කියලා.

ඒත් එමා කියපු දේවල් හේතුවෙන් ඇන්තනි තීරණය කරනවා මව් යානය විනාශ කරන්න. මෙයා රූෆස්ට කතා කලත් එයා නැති හින්දා ලුසිව හම්බවෙන්න අහනවා. කොහොමහරි ලුසීව හම්බවෙලා කියන්නෙ ඔහු මව් යානය විනාශ කරනවා ඔයාලා චන්ද්‍රිකා වලින් බලන් ඉන්න කියලා. ඒක එහෙම වුනාම ලයිෆ්බෝට් එකත් විනාශ කරලා දාන්න කියලා.

ඔය අතරෙ වායට් සහා රූෆස් අතීතයට ගිහින් එයාලා ගුවන්තොටුපලක ඉන්නවා ක්ලෙයාර් ගිලියම් කියලා කෙනෙක්ව හම්බවෙන්න. ඒ තමයි වායට්ගෙ බිරිදව මරපු කෙනාගෙ අම්මා. මෙහෙදි තමයි ක්ලෙයාර් ගිලියම්ට පෙම්වතෙක් හම්බවෙන්නෙ. ඒ සම්බන්ධය නිසා තමයි එයාට වෙස් ගිලියම් එහෙම නැත්නම් වායට්ගෙ බිරිදගෙ මිනි මරුවගෙ අම්මා වෙන්න වෙන්නෙ. ඉතින් වායට් හදන්නෙ ක්ලෙයාර්ට ඔහුව හමු නොවෙන්න වග බලා ගන්න. කොහොම නමුත් වායට්ට කලින් ක්ලෙයාර් හෝටලේට ගිහින්. ඉතින් වායට් සහා රූෆස් හෝටලේට යනවා. එතනදි වායට් ක්ලෙයාර් එක්ක කොච්චර හොදට මිතුරු වුනත් ඒ හෝටලේ සේවකයෙක් එක්ක ක්ලෙයාර් පැටලෙන එක නවත්තන්න වායට්ට බැරි වෙනවා. කෙසේ නමුත් අවසානයෙ මේ පලහිලව්ව නවත්වන්න ගිහින් ඒ තරුණයා මිය යනවා. ඒ වායට්ගෙ වරදින්. ඉතින් මේක මෙහෙම වුනත් රූෆස් කියන්නෙ එයාලා වායට්ගෙ බිරිද ඇතුළුව තිදෙනෙකුගෙ ජීවිත බේර ගත්තා කියලයි. ඒත් ආපහු ඇවිත් බලද්දි තමයි තේරෙන්නෙ වායට් මොනා කලත් එයාගෙ බිරිදව නම් එයාට බේරගන්න බැරිවෙලා කියලා. ඒත් ෆ්ලින් සදහන් කරපු අනික් ගැහැණු දෙදෙනා නම් ජීවත් වෙනවා. ඒ කියන්නෙ ෆ්ලින් වායට්ට කිව්වෙ බොරුද? නැත්නම් ෆ්ලිනුත් හරියට දන්නෙ නැද්ද කියලා තාම කියන්න බැ. කොහොම නමුත් වායට් මේ කරපු දේ නිසා එයාව අත්තඩංගුවට අරගන්නවා.

ඔය අතරෙ ඇන්තනි කිව්වා වගේම ලොකු පිපිරීමක් ඇති වෙනවා. ඒත් එතනට ගිහින් බැලුවත් මව් යානයෙ කිසිදු කොටසක් හොයා ගන්න බැරි වෙනවා නමුත් එතන තිබිලා ඇන්තනිගෙ මළසිරුර හමු වෙනවා. එයාව වෙඩි තියලා මරලා තියෙනවා. ඒ ඉතින් අනිවා ෆ්ලින් වෙන්න ඕන. එයා මොන විදිහකින් හරි දැනගන්න ඇති ඇන්තනී මව් යානය විනාශ කරන්න හදනවා කියලා. ඔහොම තමා කලින් කොටස අවසන් වුනේ.

අද කොටස ගැන කියන්න අදහසක් නම් නැ ඉතින් ඔයාලම බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්.

ජය වේවා!

Timeless on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Timeless.S01E14.HDTV.XviD-FUM
Timeless.S01E14.HDTV.x264-KILLERS
Timeless.S01E14.720p.HDTV.x264-KILLERS
Timeless.S01E14.720p.HDTV.HEVC.x265-RMTeam
Timeless.S01E14.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,272 downloadsDownload Timeless.S01E14.Baiscopelk.com_.zip32 KB

 

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode               All Episodes                      Next Episode >>

Subtitles

1,272 downloadsDownload Subtitles32 KB

20 comments

  1. Udara Damith B/K

    ස්තුතියි

  2. Udara Damith B/K

    කාලෙකින්ද කොහෙද අද මන් තමයි ඉස්සර වෙලාම
    පළවෙනියටම ඩවුන්ලෝඩ් කරේ උපසිරස

  3. චමිත්

    Thnx bro

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sherlock galle

    Thanks

  6. Ashan Lasantha

    thanks machan well done

  7. Nirodha uthpala

    Mona yaka nate vunath api oya eakka bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  8. Dilan

    Thank you machan. jaya wewa

  9. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  10. එල්.සී. දමැල්

    Thanks

  11. අසංක

    අප සැම වෙනුවෙන් වටිනා කාලය කැප කල ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!

  12. Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

  13. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ..

  14. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rasanga Heshan

    thanks bro

  17. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි….

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  19. Gayan_madushanka_

    Thanks bro

  20. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.