Masters of the Air Sinhala Subtitles ඔන්න යාළුවනේ Masters of the Air කතා මාලාවේ පළවෙනි කතා සමයේ 03 වෙනි කොටසට උපසිරැසිය දාලා ඔයාලට ගෙනවා. මේ කොටස නිකුත් වෙලා තියෙන්නෙ 2024 පෙබරවාරි 02. විනාඩි 48ක් පුරාවට දිවෙන මේ කොටස මේ වන විට IMDb අගය 8.6/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටස ගැන පොඩි හැඳින්වී…

ඔන්න යාළුවනේ Masters of the Air කතා මාලාවේ පළවෙනි කතා සමයේ 03 වෙනි කොටසට උපසිරැසිය දාලා ඔයාලට ගෙනවා. මේ කොටස නිකුත් වෙලා තියෙන්නෙ 2024 පෙබරවාරි 02. විනාඩි 48ක් පුරාවට දිවෙන මේ කොටස මේ වන විට IMDb අගය 8.6/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.
මේ කොටස ගැන පොඩි හැඳින්වීමකුත් කරන්නම්. මේ කොටසෙදි සිදු කරන මෙහෙයුම හඳුන්වන්නේ රේන්ස්බර්ග් – සයින්ෆර්ට් (Regensburg-Schweinfurt) මෙහෙයුම කියලා. මේ මෙහෙයුම සිදු කරලා තියෙන්නෙ 1943 අගෝස්තු 17 දිනයි. මේ කතාව ලියපු පුද්ගලයා වන ඩොනල්ඩ් මිලර් විසින් මේ මෙහෙයුම “ඒ වන විට විශාලතම හා විනාශකාරී ම ඇමරිකානු ගුවන් මෙහෙයුම” විදිහට විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේජර් ක්ලෙවන් ලෙස රඟපාන ඔස්ටින් බට්ලර් උපත ලබලා තියෙන්නෙත් 1991 අගෝස්තු 17 වන දින එනම්. රේන්ස්බර්ග් – සයින්ෆර්ට් මෙහෙයුමෙන් හරියටම වසර 48 කට පසුව කියලා තමයි කියන්නේ.
මේ රේන්ස්බර්ග් – සයින්ෆර්ට් මෙහෙයුම ජර්මනියේ බෝල බෙයාරින් නිෂ්පාදනය කරන ෆැක්ටරියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න තමයි ඇමරිකානුවෝ සැලසුම් කරන්නේ. ඒකත් අති දැවැත්න ප්‍රහාරයක් විදිහට මෙයාලා සැලසුම් කරනවා. ඒ කාලෙ වෙනකොට ඒ තරම් දැවැන්ත ප්‍රහාරයක් ලෝකෙ කොහේවත් සිදු කරලා නෑ. මෙයාලා මේ බෝල බෙයාරින් ෆැක්ටරියකට මේ විදිහේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න හදන්නේ විශේෂ හේතුවක් ඇතුව. මේ කොටස පුරාම තියෙන්නේ මෙහෙයුම සැලසුම් කරපු විදිහයි මෙහෙයුම ක්‍රියාත්මක කරපු විදිහයි තමයි.
ඉතිං යාළුවනේ . ඇයි මෙයාලා බෝල බෙයාරින් නිෂ්පාදන ෆැක්ටරියක් තමන්ගෙ ඉලක්කය විදිහට තෝරගන්නේ? ඒකත් මෙච්චර දැවැන්ත විදිහට සිදු කරන්නෙ ඇයි? මේ මෙහෙයුමට ජර්මානුවෝ මොන විදිහේ ප්‍රතිචාර දක්වයිද? ඇමරිකානුවන් කී දෙනෙකුට මේකෙන් බේරෙන්න පුළුවන් වේවිද? එහෙම නැත්නම් ඇමරිකානුවෝ මේ මෙහෙයුමෙන් පරදීවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!
Masters of the Air Sinhala Subtitles S01.E03Director : Cary Joji Fukunaga
Writers : Donald L. Miller, John Orloff,
IMDB : 8.6 (April 12 2024)
Episode Airs : Feb 02, 2024
Masters of the Air Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,044 downloadsDownload Masters-of-the-Air-S01-E03-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Masters of the Air Sinhala SubtitlesMasters of the Air Sinhala Subtitles
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
- #2024
- #Editor's Pick
- #Masters of the Air Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #දිනිඳු සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Bimsara Yashan(ඔලිව)
Buddhika Lakmal
බොහෝම ස්තූතියි සහෝ සබට.. ජයවේවා.......
Ishan Madusha
බොහෝම ස්තූතියි...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Lakshan
Thank you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan malinga
Thank you-.
Akila Dilhara
Thanks for Sub....❤
Advertisement
![Masters of the Air [S01 : E03] Sinhala Subtitles | දැවැන්ත ප්‍රහාරයකට සැලසුමක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Masters-of-the-Air-2024-Mini-Series-c.jpg)



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!