ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. මේ කොටස අරගෙන එන්න නම් ටිකක් පමා උනා අපේ සහෝදර උපසිරසිකරුවෙක් වෙන නලින් පෙරේර අයියගේ විවාහ මංගල්‍යට සහභාගිවීම නිසාවෙන්. එයාටත් සුභ මංගලම් කියමින් පස්වෙනි කතා මාලාවේ 13 වැනි කොටසට පිවිසෙමු. අද කතාංගයට IMDB 7.5ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගි…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. මේ කොටස අරගෙන එන්න නම් ටිකක් පමා උනා අපේ සහෝදර උපසිරසිකරුවෙක් වෙන නලින් පෙරේර අයියගේ විවාහ මංගල්‍යට සහභාගිවීම නිසාවෙන්. එයාටත් සුභ මංගලම් කියමින් පස්වෙනි කතා මාලාවේ 13 වැනි කොටසට පිවිසෙමු. අද කතාංගයට IMDB 7.5ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.
ඇල්ෆ්‍රඩ්ට අලුත් මනමාලියෙක් ගෙනල්ල තිබ්බ මතකනේ. අන්තිමට අලුත් මනමාලි නැවතුනේ බියෝන්ගේ යහනින්. ඇල්ෆ්‍රඩ්ගේ බලය තවම ස්ථිරවම තහවුරු වෙලා නැති වෙලාවක එංගලන්තයටම තර්ජනයක් වෙලා තිබ්බ උතුරු වැසියන් එහෙම නැත්නම් වයිකින්වරු රාජසභාවේ සිටීම වංශවතුන්ගේ සහ ආගමික සංස්ථාවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙලා. ඒ වගේම ආගම සාමාන්‍ය ජනයාටත් විවෘත වීමෙන් ආගමික පුජකවරුන් තමන්ට අවැසි ලෙස බලය පවත්වාගෙනයාමේ ගැටළුවක් මතුවෙන්න ගන්නවා. ඒ නිසාම දැන් ඒ අය සැලසුම් කරන්නේ ඇල්ෆ්‍රඩ්ව මරල දාන්න.ඒ අතරේ වෙනම දුපතක ඉන්න ෆ්ලොකි කල්පනා කරනවා දෙවියන් එයාට ඇත්තටම පෙනුන කෙනෙක් නෙමේ එයාගේ හිතේ ඇතිවුන දර්ශනයක්, තමන්ට ඇත්තටම උමතුවක් වැළඳිලාද කියලා… ඒ වගේම දකින්න ඇතිනේ මාග්‍රත්ව මරල දානවා. මටනම් හිතෙන්නේ ඒක අයිවර් දැක්ක හීනය නිසා අයිවර් විසින් කරවපු ඝාතණයක් කියල. ඒ වගේම රැකවරණය පිණිස එංගලන්තයට පලා ගිය ලගතා ඇතුළු පිරිසට බිෂොප් හෙහ්මන්ඩ් නිසාවෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම ඉදිරියට නිදහසේ කැමති විදියට ඉන්න නම් ඇල්ෆ්‍රඩ්ගේ පැත්ත අරගෙන වයිකින්ලට පවා විරුද්ධව සටන් කරන්නත් ඔවුන්ගේ වටිනාකම ඔප්පු කරල පෙන්වන්නත් කියල කියනවා.. රජු ඝාතණ කුමන්ත්‍රණයත් එක්ක ඒ වටිනාකම ඔප්පු කෙරෙයි කියලත් හිතෙනවා. ඒ වගේම බිෂොප් හෙහ්මන්ඩ් තමන්ගේ අනුප්‍රාප්තිකය වෙච්ච කත්‍රඩ්ව පල්ලිය ඇතුලේදීම මරල දානවා. ඊට හේතු වෙන්නේ හෙහ්මන්ඩ් ලගතා එක්ක තියෙන සම්බන්ධතාවය කත්‍රඩ් විසින් දැනගැනීම නිසා. ඉතිං හැම තැනම වෙන්නේ දැන් බල අරගල..
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් හෙහ්මන්ඩ් විසින් හැම දේම කලේ රජුගේ ආරක්ෂාවට කියල ඇල්ෆ්‍රඩ් රජතුමාට ඒත්තු ගැන්වීම සිදුකරනව. ඒ වගේම ඇල්ෆ්‍රඩ් රජුගේ විවාහය සමගම ඇල්ෆ්‍රඩ් සහ ඒතල්රෙඩ් අයියා මලෝ විරසකය අද පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ හොඳම දේ වෙන්නේ වයිකින් රටේ. අයිවර් තමන්ගේ උමතුවේ ඉහලටම එන බවක් පෙන්න තියෙනවා. වැඩි කතා ඕන නැහැනේ ඔයාලටත් බලන්න ඉතිරි කරන්න එපාය. එහෙනම් ලබන සුමානේ ආයේ හමුවෙමු.ලබනසුමානේ ඉක්මනට එන්නම්කෝ පමාවට වන්දියක් විදියටත් 😀
උපසිරසියෙහි ඇතිවී තිබු ගැටලුව නිවැරදි කළා, කරුණාකර නැවත ඩව්න්ලෝඩ්කරගන්නාමෙන් ඉල්ලාසිටිමි…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,753 downloadsDownload Vikings.S05E13.update.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
39 comments
Buddhika1
Hetti
බොහොම ස්තූතියි සහෝ.ඉවසිල්ලක් නැතිව හිටියේ...
dsdkavishka
Thenks aiya elama
tharuka didulanga
Thanks Bro sub ekata
කවිශල් රසින්ත (කවී)
මන් හිතුවේ අමතක වෙලා කියලා... එහෙනම් සබට ස්තූතියි විමායියේ. ජය වේව...!!
Hetti
අයියෝ කෝ සිංහල සබ් ??
igaara
thanks bro hari amaruwen iwasan hitiye sub danakam
Kasun Andy Doo
සිංහල sub වලට ඇබ්බැහි වෙලා.ස්තුතියි....
Ishan
ස්තූතී අශාන් අයියේ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
LahiruImanshana
Thnkz Bro
Kulanjana Maduranga
subata thanks saho...keep it up..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!nuwan maduranga
Thanks
sakitha vibamith
thnx bro
geethkamal
tnx saho, jaya wewa...
Viraj
thanks saho..
GD Dhanushka
elazzz...tnx...
Achi
Thanks vima ❤️
budagoda
thanx bro
suresh shantha
මගේ ජීවිතයේ බලපු හොදම කතා මාලායි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Kumara
suba thawama wada naa bro..
suranuwan
thanks bro....
Thilina Chamara
Thank you machan
baiscop_roshana
elo
dileksha123
VIkings කතා මලාවේ අවසානයක් නැද්ද බන් තව සිසන් කියක් එනවාද ??
සබ් එකට තැම්ස්
chamith555
ft
Milinda Sadaruwan
thanks bro
KUSAL LIYANAGE
vikings wlt sub denwat godak sthuthi ,jaya wewa
Dewadithya
Thanks for Sub!
kumarapsp
Thanks Bro !!!
sahancharuka
Thank you!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you. Keep it up good work.. :)
lakshan
thanks ......................
sadeepa
tanks for sub.............
Kaveesh Maduranga
Subtitle හරියටම Sync වෙන Web Copy හොයාගන්න තැනක් නැද්ද
Advertisement
![Vikings [S05: E13] Sinhala Subtitles | අළුත් දෙවියෙක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Vikings-Season-5-Part-2-pic-1.jpg)



Thanks....