Watch Trailer

Zoo [S03 : E01] with Sinhala Subtitles | දෙමුහුම්ලගේ ඇරැඹුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය, මේ සූදානම ZOO තෙවන කතාමාලාවේ ආරම්භක කොටසේ ලිපිය ලියන්නයි.ලිපිය කියලා කිව්වේ මෙදාපාර උපසිරසි රැගෙන එන්නේ මා නොවන නිසා. ඒ බාරදූර කර්තව්‍යයට මෙදාපොටේ කරගහන්නේ යසිරු හසරංග සහෝදරයා. ඔහුට මාගේ ස්තුතිය පුද කරනගමන් එහෙමනම් අපි බලමු කතාවේ මෙතෙක් ගමන්මග. සියවස් ගණනාවක සිට මනුෂ්‍ය වර්ගයා ප්‍රධා…

කොහොමද කට්ටිය, මේ සූදානම ZOO තෙවන කතාමාලාවේ ආරම්භක කොටසේ ලිපිය ලියන්නයි.ලිපිය කියලා කිව්වේ මෙදාපාර උපසිරසි රැගෙන එන්නේ මා නොවන නිසා. ඒ බාරදූර කර්තව්‍යයට මෙදාපොටේ කරගහන්නේ යසිරු හසරංග සහෝදරයා. ඔහුට මාගේ ස්තුතිය පුද කරනගමන් එහෙමනම් අපි බලමු කතාවේ මෙතෙක් ගමන්මග.

සියවස් ගණනාවක සිට මනුෂ්‍ය වර්ගයා ප්‍රධාන ජීවි කොට්ටාසයක්.අපි සතුන්ව හීලෑ කළා, කූඩු කළා,ක්‍රීඩාව උදෙසා උන්ව ඝාතනය කළා. නමුත් ලොව පුරා සිටින සතුන් තීරණය කළහොත් තවත්නම් බෑ කියා? ඔවුන් පෙරළා සටන් කළහොත්? මතකද ඔන්න ඔය විදිහට තමයි පළමු කතාමාලාව ආරම්භ වුනේ. සතුන්ගේ හැසිරීමේ යම් වෙනස්කම් ඇතිවීමත් සමග ඔවුන් මිනිසා වෙත ප්‍රහාර එල්ල කරන්න වුනා. ඔවුන්ගේ එම හැසිරීමට හේතුව කුමක්දැයි සෙවීමට තමයි ජැක්සන් ඔසී, ජේමි කැම්ප්බෙල්, ඒබ්‍රහම් කෙන්යාටා, මිච් මෝගන් සහ ක්ලෝයි ටුසිඤෝ යන පිරිස කණ්ඩායමක් ලෙස එක්වන්නේ.

ඔවුන් සතුන්ගේ හැසිරීමේ වෙනසට හේතුව සොයමින් කරගෙන යන ගවේෂණයෙදී විටෙක ඔවුන් ප්‍රතිකර්මයක් සොයාගැනීමටද ආසන්න වෙනවා. නමුත් යම් ප්‍රතිවාදී කණ්ඩායමක් විසින් ඔවුන්ගේ ගමනට බාධා කරමින් ප්‍රතිකාරය සොයාගැනීම වලක්වාලනවා. මෙලෙස විකෘතිභාවයට පත්වෙන සත්වයන් සමග ගැටෙමින් ආ කණ්ඩායමට දෙවැනි කතාමාලාවේදී හමුවෙනවා විකෘතිභාවයට පත් වූ මිනිසුන්වද ඒ අනුව ඔවුන් දැනගන්නේ මෙම ව්‍යාධිය තවදුරටත් සත්වයන්ට පමණක් සීමා නොවන බවයි.

කෙලෙසක මුත් ප්‍රතිකර්මයකට ආසන්න වනවාත් සමගම ෂෙපර්ඩ් නම් කණ්ඩායමක් සහ ජැක්සන්ගේ පියා වන රොබට් ඔසී විසින් ප්‍රතිකාරයක් ගැන වූ සිහින බිද දමන්නේ මනුෂ්‍ය වර්ගගේ අවසානයද සනිටුහන් කරමින්. ඔවුන් විසින් නිර්මාණය කළ දෙමුහුම් සත්ව කොට්ටාසයක් ලොව වෙත පියනගද්දී මිනිස් වර්ගයා වදවී යාමකට ලක්වෙනවා. එමෙන්ම මිච් මෝගන්ද දෙවැනි කතාමාලාව අවසන ජිවිතයෙන් සමුගන්නවා.

තෙවන කතාසමයට පාදක වන්නේ වදවී යාමෙන් ගැලවීමට මිනිසා සිදු කරන අරගලයත් දෙමුහුම් සත්වයන්ගේ සිය ජිවිත ගලවා ගැනීමට කරන නොනිමි යුද්ධය යන කරුණු තමයි.මම මෙතකින් නවතිනවා.යසිරු සහෝ සහ රවිඳු සහෝ අද ඉදන් ඔයාලට මේ කතාමාලාව රැගෙන ඒවි.

ලිපිය- නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,705 downloadsDownload Zoo-S03-E01.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,705 downloadsDownload Subtitles25 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Dharshana Kasun

    Thanks....

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තවත් ආයේ සබ් දෙන්නේ නැති වෙයි කියලා හිතපු කතාවක්...
    දිගටම දෙමු....

  4. csandaruwan2012

    ආයේ සබ් දෙන්නේ නැති වෙයි කියලා හිතපු කතාවක් :D
    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. shehanp

    Thank You

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Gathsara Umesh

    Hmmee..ekth hri ehnm..
    Bhoom sthuuthiyi ayyee athmyi...

  8. Sameera Dasanayake

    Ammeeeee pin sidda wenawa යසිරු හසරංග deiyyooooo....

  9. Udara Damith Dissanayaka

    ස්තුතියි
    මේකේ කොටස් ඔක්කොම ඩවුන් ලෝඩ් කරගෙන හිටියේ
    කවද හරි සබ දෙන නිසා
    මේවගේම මග නතර වෙලා තියෙන ඒවටත් දෙන්ඩ
    මන් කැපුනා

  10. anurudda

    after long time, thanks for sub bro.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. nimanaka

    thanks brother

  13. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  14. sandy16011

    Thank You Yasiru Malliya Oyata.

  15. MAALnath

    Thanks ..................good luck .............

  16. dewnilu

    thnx bro

  17. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.