2013 මාර්තු 03 වැනිදා History නාළිකාව ආරම්භ කරපු වයිකිංග්ස් කතා මාලාව අපි මාර්තු 06 පළමු කොටසට උපසිරැස ලබාදීමෙන් ආරම්භකලා අද වෙනකොට පළමු කතා සමය අවසානයට ඇවිදින්. (10 වැනි කොටසක් ගැන කියවුනත් ඒක විකාශයවන දිනය ලෙස සටහන් වන්නේ ඔක්තෝබර් මාසේ 23 වැනිදා.) දැනුනෙවත් නැහැ නේද….! මේ කතා මාලාවේ පළමු කොටස අපි…

2013 මාර්තු 03 වැනිදා History නාළිකාව ආරම්භ කරපු වයිකිංග්ස් කතා මාලාව අපි මාර්තු 06 පළමු කොටසට උපසිරැස ලබාදීමෙන් ආරම්භකලා අද වෙනකොට පළමු කතා සමය අවසානයට ඇවිදින්. (10 වැනි කොටසක් ගැන කියවුනත් ඒක විකාශයවන දිනය ලෙස සටහන් වන්නේ ඔක්තෝබර් මාසේ 23 වැනිදා.) දැනුනෙවත් නැහැ නේද….! මේ කතා මාලාවේ පළමු කොටස අපි දින තුනක් ගොස් ලබා දුන්නේ. එය තුල තියනව රසබර කතාවක්, අද ඒක කියන්න මම හිතුව සති නමයක් රැග්නා එක්ක ඉදපු ප්‍රේක්ෂකයන්ට. මම පළමු කොටසේ උපසිරැස කරන්න ගත්ත, නමුත් එක හේතුවක් නිසා විකිය සහෝ එක්ක කතා කරල ඒක නවත්වලා දැම්ම මගදි, කොහේද උදේ නැගිටිනකොට මෙන්න ආයෙ පටන් ගන්න අපේ අය ඒක බලනවා කියල පණිවිඩයක් තිබ්බ විකිය සහෝගෙන්. ඔන්න ඔහොමයි ඔයාලට පළමු කොටස ගෙනාවේ… 😉 දෙවෙනි කොටස පළමු කොටස ලබාදීල පැය 24 යන්න කලින් ලබාදුන්න, මට විවිධ තර්ජන ගර්ජන ආව මේක කරන්න ගත්තට. කොහේද ඉතින් මම මේ ඊලගට ස්තුතියි කරන උදවිය නිසා ඒවට සැලෙන්න මට ඉඩක් ලැබුන්නෙ නැහැ. පේළියට ස්තුතියි කරගෙන එමු එහෙනම්, මුළින්ම අපේ හසන්ත අයිය තමයි බයිස්කෝප් අඩවියට මේ කතා මාලාව ගැන කියල තියෙන්නේ, ඔබ වෙනුවෙන් හොදම දෙය ගේන්න අපිට කරදර කරන විකිය අයිය 😉 මට මේක ලාබාදුන්න, පිටපත් අන්තර්ජාලයට පිටවුන ගමන්ම මට ඒව ලබාදුන්න අපේ වාසල අයියා, ඔන්න මෙහෙම කරගෙන යනකොට 7 වැනි කොටස කරගන්න බැරිවුනා මට මගේ අසනීප තත්වයක් නිසා. එදා උදා සහෝදරයා තමයි කොහොම හරි ඒ උපසිරැස ඔබට ගේන්න මට වඩා මහන්සිවුනේ. මේ ඔක්කොම එක්ක මාත් එක්ක මුළ ඉඳල උන්න 1500/2000 වගේ මේ කතාව නරඹපු ප්‍රේක්ෂක ජනතාව කියන ඔය හැම ප්‍රාර්ශවයකටම මගේ හදපිරි ස්තුතියි හිමි වෙනවා. මේ හැමෝ එක්කම අපිට හැමදාම අමතක වෙන පිරිසකට විශේෂ ස්තුතිය හිමිවෙන්න ඕනේ. ඒ තමයි මේ කතා මාලා අන්තර්ජාලයට පිටවුන ගමන්ම ඒකට ඉංග්‍රීසි උපසිරැස ලබාදෙන සහෝදරවරු… එයාල නොහිටින්න අපිට වයිකිංග් සිංහලෙන් මෙහෙම බලන්න නොලැබෙන්න ඉඩ තිබ්බ.
ස්තුතියි කතා ඇති එහෙනම් ඔන්න අපි පසුගිය කොටස මතක් කරගම්මු, රැග්නා එරල් බවට පත්වුනත් එක්කම වසර නවයකට වරක් ඔවුන්ගේ අප්සාලාවට යන නඩයට ගොඩවන්න වෙනව. මේ වෙනකොට රැග්නා බොහෝම දුකෙන් ඉන්නේ තමන්ගේ මියගිය නූපන් බිලිදා ගැන. රැග්නා මේ ගමනට බිලි දෙන්න අරගෙන යන්නේ අපේ ඇතල්ස්ටන් පූජකතුමව. නමුත් ඕඩි දෙවියන් එම බිල්ල පිළිනොගන්නා බවක් අහන්න ලැබුන. එකෙන් තමන්ගේ වර්ගයා වෙනුවෙන් රණශූර ලීෆ් බිලිවෙනව….! මේ හැම දෙයක් අතරම රැග්නා හොරෙන් රජු හමුවී සන්දාන ගතවෙනව එක්ව ආක්‍රමණවල නිරත වෙන්න….
එහෙනම් ඒ සාරාංශය එක්ක අද කොටසට යොමුවෙමු. මතකද පහුගිය කොටසේ රජු රැග්නාගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා? ඔන්න රැග්නා යනව තමන්ගේ පිරිස එක්ක ඒක ඉටු කරන්න. එතනදි නොහිතපු විදිහට කෙනෙක් හමු වෙනව එයා එක්ක කතාවම අනික් පැත්ත හැරෙනව…! මේ අතරේ රැග්නා නැති නිසා ලගතා තමයි නායිකාව. බොහොම අවාසනාවන්ත දෙයක් වෙනව ඒ ගම තුල… අද කතාව මම තව කියන්නෙ නැහැ මාතෘකාව අර විදිහට අපි සිංහලෙන් දැම්ම හේතුව එක්ක ඒ ඔක්කොම ඔබලාට බාරයි බලාගන්න.
මුලින් නම කියන්න මට අමතක වුන කෙනෙක් ඉන්නවා නම් මට සමාවෙන්න, දින නමයක් පුරා මම හිතනව මගේ මහන්සිය නිකම්ම කතාවකට වඩා ඉතිහාස පාඩමක් උගන්වන්න යම් තරමකට උපකාරී වෙන්න ඇති කියල, ඒ හැම වෙහෙසකටම කමෙන්ටුවක් කොටන්න තරම් කරුණාවන්ත වුන හැමෝටම බොහොම ස්තුතියී කියනව අන්තිමට, අපි බලාපොරොත්තුවෙන හිතේ සතුට බලාදෙන්න ඔවුන් කරුණාවන්ත වුනා කොටස් අටක් පුරාවටම, මම හිතනවා අදත් එහෙමම කරාවි කියල සමුගන්න හදන මේ මොහොතේ…! බයිස්කෝප් සිංහල උපසිරැස කලාවේ මහගෙදර විදිහට හැමදාම ඔබට ගෙනාවෙ හොඳ දෙයක්, මේ උපසිරැස කරුවන් තමන්ගෙ වටිනා කාලය කැප කරන්නෙ ඒ මෙහෙවර ඒ ගුණාත්මක බාවයෙන් ඉදිරියට ගෙනියන්න. නමුත් වැඩි සද්ධ බද්ධ නැති වෙන්න පුලුවන්. එහෙම වුනත් මෙතනට එන අය දන්නව මෙතන වෙන දෙය… ඉතින් එහෙව් තැන රැදෙන්න එයට දිරි දෙන්න ඔබ සැමට ආයුබෝවන්….!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,427 downloadsDownload Vikings.S01E09.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
109 comments
kalinga
lasidu
ජය වේවා සහෝට
chami
thnxxxxxxxxxxxxxxxxx
kasun
Thanks....
vernie
niyamai malli oyaage wada
Saranga
Machan tnx wewa .mama sinhala sub danakam meka balanne natuwa hitiye
Isuru
patta patta machan thnxz
was
මචන් සුපිරි හොදේ... දිගටම දෙමු
sarath
thanks sameera.
quik
thanks
lk
thknsssssssssssssss so muchhhhh
shann
බොහෝ තුති......! ජය වේවා!!!!!!
ositha
maxxxaaa saho
amilatk
jayen wewa!!!!
දීනු
සහෝදරයා ස්තුතියි කියන්න ඇර වෙන දෙයක් කියන්න මට මේ වෙලාවේ හිතට එන්නේ නැ. මම මේ සීරීස් එකේ ට්‍රේලර් එක දාපු දවසේ ඉදලා මේක පටන් ගන්න දවස වෙනකම් හිටියේ ඇගිලි ගැන ගැන. ඒත් මම හිතුවේ නෑ මේ වගේ සිංහල සබ් එක්ක මේක බලන්න ලැබෙයි කියලා. මොකද මේක යන්නේ හිස්ට්‍රි චැනල් එකේ වගේම මේ වගේ ඩොකියුමන්ටරි ඩ්‍රාමාවකට සබ් දෙයි කියලා හිතුවේ නෑ. හිස්ට්‍රියේ යන්නේ අධ්‍යාපනික වැඩසටහන් කියලා දන්නවානේ. ඉතින් ඒ වගේ අධ්‍යාපනික වැඩසටහනකට සබ් දෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. ඔන්න දැන් ඉතින් අවසාන කොටස බලන්න පුළුවන්. තව කොටසක් නෑ කියලා තමයි තියෙන්නේ නම්. ඒත් බලමුකෝ. ස්තුතියි සබ් එක හදන්න මහන්සි උනාට.
මේ සීරීස් එකේ දෙවැනි සීසන් එකත් මේ වගේම බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. :)
නෙරා
අනේ... මේ ටික ඔක්කොම මට බලන්න ඕනෙ... කොහෙද ඩේටා ඉතුරු කරගන්න එපැයි
mihin ලංකා
නියමයි මචං ... තෑන්ක්ස්
wow
wow... maru :D
zumo man
elazzzzz thnxzzzzz
ns
බොහොම ස්තුතියි....
yash
ela ela machooo.thanks ikmanatama sub eka dunnata.jaya wewa!!!!!!!!!!!!
srk
ela mach, thanks
Janaka
elaz :D
Shan ගමගේ
ස්තුතියි සහෝ අපිට මේ කතාව දිගටම අරගෙන ආවට.....හැබැයි දැන්නම් පොඩ් දුකක් එනවා මේක ඉවර වුණ නිසා :( :( :( මම කියන්නේ දිගටම සබ් දෙන්න....අපි හැමදාටත් බයිස්කෝප් එක්ක තමයි ඉන්නේ :) :) :)
ඔබට ජය!
කේ.යු.ජී.උදාර
වටිනවා සමීර......
සිංහල සබට බොහොම ස්තූතියි.kasun
jayama sahota
navin
THANKS
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල සමීර මචෝ..පට්ටම වැඩක් හොදේ...අනිවා අපෙත් හද පිරි ස්තුතිය ඔයාට හිමිවෙනවා මේක ආපු ගමන්ම සනිහලෙන් අපිට දෙනවට...ජය වේවා එහෙනම්...
dewaka
ela ela machan maxxa wadak.
ravi70
pissu hadenawa adama dilane sub,,jayen jaya,sahooo.bets motel ekath ona,,,,bohoma pin ehenam
“චූටී මල්ලි”
ela ela saho
10th aawoth ekatath denna
sabata thuthi
obata jaya.....Rohitha
Thanks
Uvindu sathsara
thank u very much
dev
niyamai niyamai saho...
me katawa maxxa...
metuwak kal sinhala sub dala apita meka balanna set karata bohoma stuti saho...
nxt season ekat awama me wagema dei kiyala api hope tiyagena inne saho.
private life ekat ekka me wage kepa kirimak karana aya godak adui.me sab dana aya hemoma ehemai....
jaya wewa saho.... .පිස්සු පුසා
ela saho.. godak sthuthi..
raveckrox
thawth supiri tv series ekak apita oneeeeeee
shani
තෑන්ක්ස් සිංහල සබ් වලට.
නලින්
ඔක්තෝම්බර් වෙනකම් ඉන්න බැ මට නම් ඹගේ යාළුවේ ...
නොබලා ඉන්න බැහැ වයිකිං අනේ යාළුවේ...:D :D එළ එළ
ජය වේවා!!
mudiya / මුදියා
ඇත්තටම ගොඩාක් ආසාවෙන් බලපු කතාවක් මේක.පටන් ගත්තු කොටසෙ ඉඳන් මෙච්චර අපිව ඇඳල බැඳල තියාගත්ත නියමම කතාවක් තමයි මේක.ගිය සතියෙ නම් මල පැන්න ලීෆ් බිලි වුනාම.අපේ රැග්නාට අළුත් කෙල්ලෙක් සෙට් වෙනව වගේ මට නම් පේන්නෙ.
එහෙනම් අපේ සමීර සහෝ ඇතුළු ඔහු උඩ සඳහන් කරල තියෙන හැමෝටම පිං සිද්ධ වෙනව මේ වගේ ලස්සන කතාවක් අපිට ගෙනාවට.
තව නියමම කතාවක් ඕනි හොඳේ අපිට.
ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!ශාන් විමුක්ති [වීමා] 〠
එලම වැඩක් සහෝ ආයෙ කතා දෙකක් නෑ මල් හතට ඔයා වැඩේ කරා
හසනත අයියට වගේම උදාටත් එහෙමන්ම් මගෙත් ස්තුතියි හොදේ
උපසිරසියට බොහොම තුති.
ඊලග එකත් ආවම ඉක්මනටම ගෙනත් දෙන්නෝ..... :D
ජය වේවා!!Sisira Hegoda
Thanks... Thanks...Thanks...
අයේශ් S CBR
එනකම් ඇගිලි ගැනලා ඇගිලි ටිකත් රිදෙනවා වගේ,, :p කරගෙන යමු ජය හෝඕඕඕඕ
nadika
tnx mcho....
kasun
Thanks ! I'm waiting for this Episode
pradeep nilanga
thanxxxxx
Nalaka
Thanks machan oyage sub wlata. mama balapu hodama tv series walin ekak. eke gurawe oyata thiyanwa.
ithin thawa thawath me wage ela kiri films walata sub daanna shkthiya dahiriya labewa.jayama wewa
suresh
thank you bro....
rp
thanks, great work
saman
Ela ela machan ohomame karagena yan meka iwara uname thawa apisode 1 patangamu
Shaggy
එක එක එපිසොඉඩ් එක ගානේ කමෙන්ට් නොකලත් මම මේ කතාව බොහොම ආසාවෙන් බලනවා. මේක අපිට ගේන්න මහන්සි වෙන මචන්ලා ඔක්කොටම ගොඩාක් තෑන්ක්ස්. ජයෙන් ජයම වේවා........!!
Advertisement


පට්ට එනකම් උන්නේ... ජය