මෙවර මම ඔබ වෙත ගෙන එන්නෙ David Fincher විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Zodiac (2007). 60 දශකයේ සහ 70 දශකයෙ මුල් කාලයෙ මුළු අමෙරිකාවම භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු (Serial killer) පිළිබඳ සත්‍ය ලිපිගොණු පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර…

මෙවර මම ඔබ වෙත ගෙන එන්නෙ David Fincher විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Zodiac (2007). 60 දශකයේ සහ 70 දශකයෙ මුල් කාලයෙ මුළු අමෙරිකාවම භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු (Serial killer) පිළිබඳ සත්‍ය ලිපිගොණු පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb ) 7.7 ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 84.8 ඉක්මවා යන ආදායමක් ලබාගත්තේ එහි නිෂ්පාදන පිරිවැය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 65 අභිබවමින්.
Zodiac ඝාතන පිළිබඳ පරීක්ෂණ වලට පොලිසියට සහය දැක්වූ රොබට් ග්‍රේස්මිත් නම් කාටුන් ශිල්පියා මේ ඝාතන පිළිබඳ එක්රැස් කරගත් තොරතුරු අනුව රචනා කල ලොව වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වුණු (Best seller ) Zodiac නම් ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය ඇසුරු කරගනිමින්, මේ පරීක්ෂණ භාරව ක්‍රියාකළ පොලිස් පරීක්ෂක ඩේවිඩ් ටොස්කි මහතාගේ සහ රොබට් ග්‍රේස්මිත් මහතාගේ උපදෙස් ද ලබාගනිමිනුයි මේ චිත්‍රපටය නිපදවා ඇත්තේ. මේ සිද්ධියට මුහුණදුන් සත්‍ය පුද්ගලයන්ගේ නම්, ස්ථාන නාම ආදිය එලෙසින්ම මේ චිත්‍රපටයේ සඳහන් වෙනවා. මෙහි අධ්‍යක්‍ෂක Fincher, Vanderbilt සහ නිෂ්පාදක Bradley J Fischer ද සමඟ ඝාතන පිලිබඳ මාස 18ක් පමණ කල අධ්‍යයනයකින් පසුවයි චිත්‍රපටය වෙනුවෙන් ඝාතන සිද්ධීන් ප්‍රතිනිර්මාණය කළේ.
අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයේ මුලින් නිකුත් කළ පිටපත පැය තුනයි මිනිත්තු අටක ධාවන කාලයකින් යුතු වුණා. එය ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන කාලයේ නිකුත් කිරීමට නියමිතව තිබුණත් චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු භාරවුණු පැරමවුන්ට් සමාගම එය දීර්ඝ වැඩි බව පවසා එය තවත් සංස්කරණය කරන ලෙස අධ්‍යක්ෂක Fincher ට දැනුම්දුන්නා. අනතුරුව එහි දර්ශන කිහිපයක් සංස්කරණය කර මිනිත්තු158ක ධාවන කාලයක් සහිතව නැවත ඉදිරිපත් වුණා. එය මුල්වරට තිරගත වුණේ 2007 මැයි 17 වෙනිදා, කෑන්ස් සිනමා උළෙලේදියි. මේ සිංහල උපසිරැසි නිකුත් කළේ එම සංස්කරණය (Director Cut) වෙනුවෙනුයි.
මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණු රංගන ශිල්පීන් ගැනත් කෙටි හැඳින්වීමක් කරන්නම් :
- Jake Gyllenhaal – රොබට් ග්‍රේස්මිත් (සැන්ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතේ කාටුන් ශිල්පී) ලෙස
- Mark Ruffalo – ඩේවිඩ් ටොස්කි (සැන්ෆ්‍රැන්සිස්කෝ පොලිස් පරීක්ෂක) ලෙස
- Robert Downey JR – පෝල් ඒවරී (සැන්ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතේ මාධ්‍යවේදී) ලෙස
- Brian Cox – මෙල්වින් බෙලායි (සුප්‍රකට නීතිඥ) ලෙස
- John Carrol Lynch – ආතර් ලී ඇලන් ලෙස
- Philip Baker Hall – ෂර්වුඩ් මොරිල් (අත්අකුරු විශේෂඥ) ලෙස
මේ මගේ එකොළොස්වන උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටය පිළිබඳ සත්‍ය අපරාධ සිද්ධීන් පදනම් කරගත් චිත්‍රපට වලට කැමති අයට මේක නියම චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හුදෙක් මිනීමැරුම් සිද්ධීන් වල ප්‍රතිනිර්මාණයක් පමණක්ම නෙවෙයි. ඝාතකයා සොයමින් පරීක්ෂණ දියත්වුනු ආකාරය පිළිබඳව කුතුහලය උපදවන අන්දමින් මෙහි සිදුවීම් පෙළගස්වා තිබෙනවා. අන්න ඒ නිසයි මේ චිත්‍රපටය මම තෝරාගත්තේ.
බලලා නැති අය බාගෙන බලන්න. බලපු අය ඉන්නවා නම් ආයෙත් බලන්න.
එක්වරක් නොව කිහිපවරක් නරඹන්න හිතෙන පට්ටම චිත්‍රපටයක්. 🙂
කලින් පළවූ ලිපිය
මේ කියන්න යන්නෙ නිකම්ම නිකම් චිත්‍රපටයක් ගැන නෙවෙයි..කැලිෆෝනියාව භීතියෙන් මුසපත් කළ මිණීමරුවෙක්ගේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ චිත්‍රපටයක් ගැනයි මේ ලිපිය වෙන් වෙන්නෙ..මේක සත්‍ය කතාවක් නිසා ඔයාලට ඕනවට වඩා ක්‍රියාදාම,අති දක්ශ පොලිස් පරීක්ශකවරුන් එහෙම දැකගන්න ලැබෙන්නෙ නෑ..හැම දෙයක්ම බොහොම තාත්විකයි..IMDB රේටින්ග්ස් වල මේ චිත්‍රපටය 7.9/10 ක් ලබාගෙන තියෙනව..
මම මේ ෆිල්ම් එකේ කතාව කියන්නෙ නැතුව මේ මිණී මරුවා ගැන කියන්නම්..මොකද ඔහුගේ කතාව තමයි චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..
Zodiac Killer නම් අනුවර්ථ නාමයෙන් තමන්ව හදුන්වාගන්න මේ මිණීමරුව බොහොම බුද්ධුමත් කෙනෙක්..ඔහු දන්නව පොලිසියෙන් ගැලවෙන්නෙ..මහපාර මැද මිණී මැරුමක් කළත් සාක්ෂි සගවන්න තරම් ඔහු දක්ශයි..මොහු මිණී මැරුමක් කළ ගමන් ඇමරිකාවේ ප්‍රධාන පත්තර වලට එවනව ඒ ගැන ලිපියක්..එය කළ ආකාරය,ඇයි එක කරන්න සිතුනේ ආදිය දක්වමින්..මේ ලිපියත් සමගම ඔහු මිනිසුන් සමග බුද්ධියෙන් සටනක් කිරීමේ බලාපොරොත්තුවෙන් එවනව රහස් සංඛේත වලින් ලිව්ව ලිපියක්..මේ ලිපියෙ තියෙන්නෙ ඔහු ගැන විස්තර..ඔහු මෙලෙස බොහෝ ලිපි එවනව..දැන් හිතාගන්න පුලුවන් නේද මේ කතාව කොහොම එකක්ද කියල?අනික මේක සත්‍ය කතාවක් නිසා වෙන හැම දෙයක්ම ප්‍රේක්ෂකයාගෙ සිතට දැනෙනව වැඩියි..
මොහු ලිපි එවන පත්තරේක කාටුන් චිත්‍ර අදින පුද්ගලයෙක් ඉන්නව මේ ආකාරයේ ප්‍රෙහේලිකා විසදන්න කැමැත්තක් දක්වන..ඔහු මේ මිණීමරුවා ලුහුබදින අයුරු කතාවෙන් අපට දැකගන්න පුලුවන්..
ඔහු ගැන විකිපීඩියාවේ තොරතුරු මෙතනින් බලාගන්න..
23,550 downloadsDownload Zodiac-2007.rar160 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
73 comments
chamila
kolla
අනෙ ගුරො බොහොම ස්තුතියි මගෙ හාර්ඩ් එක ෆුල් පිරිලා තියෙන්නෙ.මට හාර්ඩ් එකක් අරන් ඩෙනවානම් තවත් ස්තුතියි:D හික් හික් ලොල් :) :D
kolla
බානවො.. බානවො..
Saman
mama nam banna patan gaththa......
පොතේ ගුරා
@chamila! අෆොයි..මූත් එක්ක නම් බෑ මේ වැඩේ කරන්න.. :P :P
@kolla!ආහ්..HDD එක ෆුල් වෙන එකට නියම බෙහෙතක් තියෙනව මචන්,මම නම් අත්දැකීමෙන්ම දන්නව..ඒකට කියන්නෙ 'ප‍්රණ ෆිල්ම් මකල අලුත් ෆිල්ම් බාන සිස්ටම් එක' කියල.. :P
@Saman! එළ එළ මචෝ.. :)
kolla
@පොතේ ගුරා!: ආහ්...thanks පට්ට බෙහෙත..
මම හිතුවෙ නෑ අපෙ පොතේ ගුරා ඩොක්ටර් කෙනෙක් කියලා හික් හික් :P :) :DKasun
මචං, බොහෝම ස්තුතියි.උපසිරස් ටිවි එකේ පේන්න විදිහට ඩි.වි.ඩි.එකකට රයිට් කරන්නේ කොහොමද කියලා කියා දෙනවද?divx වලට කෙලින්ම උපසිරස් දාන්න පුලුවන්ද?
පොතේ ගුරා
@kolla! :P :P
@Kasun!divx විදියට කළොත් නම් වැඩේ හ‍්රියන එකක් නෑ මචන්..හොදම වැඩේ තමයි උපසිරැස ෆයිල් එකයි ෆිල්ම් එකයි එකම ෆයිල් එකක් වෙන විදියට රිප් කරන එක..එතකොට නම් ඕන ප්ලේයර් එකක වැඩ කරයි මචන්..
සහන්
මගෙත් ඉතිං HDD පිරිලා තව හාඩ් ගහන්න SATA port ඉතුරු වෙලත් නෑ, ඒකනිසා මාත් පරන ෆිල්ම් Del key එක press කරල පරිස්සමට තියාගන්නවා. ආ ඒත් එක්කම මේකත් බාමි.....
මෙයට විශ්වාසී
සහන්පික්චර් පිස්සා
එලකිරි ගුරො , මන් හරි ආසයි real story තියෙන ෆිල්ම් බලන්න. Catch me if u can .. Hotel Ruwanda එහම නියම ෆිල්ම් තමයි ඉතින් .. මමත් පාවිච්චි කරන්නෙ ගුරාගෙ බෙහෙත තමයි ..
DragonD
uba daana hama film ekakma wage itin mama baanawa ne !
meekat baanawaa
බුධාජීව
බාමි !
nelantha herath
මචන් ගුරා. නියම බෙතක්නෙ හොයගෙන තියෙන්නෙ. එක පාවිච්චි කර මෙකත් බාන්නම්.thanks
marvelTracker
mama mee film eka 2parak baluwa .. maxxa film eka ... kattiya issalla wiki eka kiyawala film eka baluwoth thawath maxxa wei.. gurata jaya wewa...
සමන්
බානවා ගුරා ............... හික් ...
පොතේ ගුරා
@සහන්! හික් හික්...එළ එළ මචෝ.. :)
@පික්චර් පිස්සා ! මැක්සා මචෝ..මම දාන්නම් ඒ ෆිල්ම් ගැනත්..ස්තූතියි.. :)
@DragonD! අනිවා අනිවා..උඹ ආස වෙයි,ප‍්රේහෙලිකාමය ගතියක් තියෙන නිසා..(හැබැයි ෆිල්ම් එක පොඩ්ඩක් දිගයි)
@බුධාජීව !එළ මචෝ.. :)
@nelantha herath! හික්z..එළ එළ මචෝ..
@marvelTracker! ඕව් බන්..මමත් ෆිල්ම් එක බලල ඉවර වෙලා තමයි විකි එකේ හෙව්වෙ..මුලින් මේ විස්ත‍්ර දැනගෙන හිට්ට නම් මීට වඩා ගති කියල හිතුන ඒව බලද්දි!
@සමන් !එළකිරි සහෝ.. :)
asitha
ane machan,meke DVD rip ekak unata quality madiy ne.axxo rip ekak thiyeddi mokada me torrent eke link eka damme?
menna axxo rip ekahttp://btjunkie.org/torrent/Zodiac-2007-DvDrip-Eng-aXXo/423…
රොයිලි
සත්‍ය කතා මත නිර්මාණය උනු ෆිල්ම් තමා මම කැමතිම ෆිල්ම්. අනිවා බානවා. ස්තූතියි මචං.
dk
thank yo gidara film eka
RANUSHKA
MEKA VADAKERANNA UPDATE KERANNA
ගෝලයා
සබැඳුම යාවත්කාල කලා..
Tharindu Chat
පට්ට ෆිල්ම් එක... රියල් ගතිය හින්දා දැනෙනවා වැඩ්යි..
තැන්කූ පොතේ ගුරා මචන් ෆිල්ම් එක හොයලා දුන්නට....
rukshan
subs na ne.......
Hashan
sub link eka nathooo.. sub oneee
praja
sub nathuwa hariyan na
Malith
මේකටවත් සබ් දාලා දෙනවද?? පරණ දවස් වල දාපු ගොඩක් films වල සබ් නැ.....
mithun
උපසිරැසි ගැන්නුවට බොහොම තුති බ්‍රෝ.. සයිඩ් එක අරම්බ කරපු කාලෙ ගොඩක් ෆිල්ම් වල සබ් නෑ .. එවත් බලල හොද එව ටික නිවාඩුව දෙන්න පුලුවන් නම් බොහොම ෆිං . හැමොම බලයි එහෙම උනොත්.. මන් දැක්ක ලස්සන චිත්‍රපට ටිකක් දිල තියෙනව සයිඩ් එකෙ. ගොඩක් ස්තුතියි මෙ චිත්‍රපටයෙ සබ් එක නිර්මාණය කෙරුවට
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
මේ වගේම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ඉක්මනට ආයෙමත් එන්න...
ජයෙන් ජය...Theekshna Samaraweera
patta ati.......
Dimal
එළ එළ...' බොහොම ස්තූතියි සහෝ උපසිරසට. ජයෙන් ජය…!!!!
Asitha
මෙන්න ෆිල්ම්.පට්ට.
බොහොම තෑන්ක්ස්.
සබක් හොයලා හොයලා නැති තැන බාල බැලුවා.
මේ වගේ පරණ හොද ෆිල්ම් වලට සබ් දෙන එක හොද වැඩක්.ජය වේවා!!!
කාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!Kulanjana Maduranga
niayamai…thanks PRABHUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
කේ.යූ.ජී. උදාර
ඔන්න එහෙනම් මාත් ගත්තා...............
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.Nilan
Thank you,
shehan
bohoma pin yaaaluwa
SandZ18
Thanks!
Please add subs to Ride Along 2!Supun Piyumantha
Niyamai saho hodee thama downloading :) :) :) :) :) :) :) :) :) :) :) :)
indika
ගොඩක් ස්තූතියි.....
D Chamara
bohoma sthuthi sahooo niyamai degatama karagena yamoo jaya... !
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා..!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!රොයිලි
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Thanks saho sub ekta
Samith
සබ් එකට ස්තුතියි සහෝ
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Sajmadu
Ela.the gril with Dragon tattoo 2011.karanne nedda?
Nishanfernando
Thanx bro
Thilankadissanayake
ස්තුතිය සහෝ . Good luck !
Eranda Malith 2.0
ස්තූතියි සහෝ ජයවේවා
sandharu
Thanks sahoo
Ravisara Dharmapala
Aioo mtanm epa una ane film eka patta boring bn mnm kine meka dowanlod krnda kalin podk 2prk huthala downalod krnda kila film eka eka kariy booring pattama..but mahnsiwela sub eka genawata thnks broo..
Sahan Prabhasara
menna goks
Advertisement

...ඔහු මෙලෙස බොහෝ ලිපි එවනව..දැන් හිතාගන්න පුලුවන් නේද මේ කතා ඔක්කොම බලන එක කොච්චර අමාරුද කියල?අනික මේක සත්‍ය කතාවක් නිසා වෙන හැම දෙයක්ම ප්‍රේක්ෂකයාගෙ සිතට දැනෙනව වැඩියි.. :)