කොච්චර කාලයක් උඹලා සමාජයේ මිනිස්සු අතර ජාති භේද ආගම් භේද ඇතිකරලා ඡන්ද ගන්නවද? කවද්ද උඹලා අවංකව හරියට දේශපාලනය කරන්නේ? —————————————————————– මොනවද උඹ මේ සමාජයක් ගැන කියවන්නේ? මේ මිනිස්සු කවුද කියලා දන්නවාද? අපි සැලසුම් කරපු විදියට ජීවත් වෙන රූකඩ.! තනිකර රූකඩ! මේ මිනිස්සු අපේ සැලැස්ම අනුව දවස් හතරක…

කොච්චර කාලයක් උඹලා සමාජයේ මිනිස්සු අතර ජාති භේද ආගම් භේද ඇතිකරලා ඡන්ද ගන්නවද?
කවද්ද උඹලා අවංකව හරියට දේශපාලනය කරන්නේ?
—————————————————————–
මොනවද උඹ මේ සමාජයක් ගැන කියවන්නේ?
මේ මිනිස්සු කවුද කියලා දන්නවාද?
අපි සැලසුම් කරපු විදියට ජීවත් වෙන රූකඩ.!
තනිකර රූකඩ!
මේ මිනිස්සු අපේ සැලැස්ම අනුව දවස් හතරක් මහඇමති තුමා ගැන කතා කරයි.
ඊට පස්සේ IPL ක්‍රිකට් ලෝක කුසලානය ඕවා ගැන තමා කතාව.
ඕවා ගැන තමයි උන් වද වෙන්නේ.
එහෙම උන් ගැන උඹ ඇයි දුක් වෙන්නේ.?
අද කතාවේ ප්‍රධානතම අංගය තමයි ටයිම් ලූප් (Time Loop) කාල තරණය ගැන අහලා තියෙනවාද? කාල තරණය ගැන විද්‍යාඥයින් පවා නොයෙකුත් න්‍යායයන් ඉදිරිපත් කරලා තියෙනවා.තවමත් සිදුකරලා නැතිවුණත් ඒ න්‍යායයන් වල තිබෙන විද්‍යාත්මක කරුණු වලින් කාලතරණය ගැන යමක් උපකල්පනය කරන්න පුළුවන්,නමුත් Time Loop කියන්නේ විද්‍යාඥයකු විසින් ඉදිරිපත් කරපු න්‍යායක් නම් නෙවෙයි. Time Loop කියන්නේ එක්තරා විදියක ප්‍රබන්ධයක්,නමුත් ටයිම් ලූප් ගැන සොයාගෙන යනකොට අපට හමුවෙන තොරතුරු දිහා බලපුවාම ලෝකයේ විවිධ ස්ථාන වල සිටින විවිධ පුද්ගලයින් තරමක් දුරට සමාන දේවල් ප්‍රකාශ කරලා තියෙනවා.ඒ තමන් එකම දිනයක කිහිප වතාවක්ම ජීවත් වුණ බව! ඒ සිදුවීමට තමයි Time Loop එකක් Time Loop එකක හිර වෙලා වගේ කතා කියන්නේ! විද්‍යාත්මකව නිවැරැදි අර්ථ දැක්වීමක් නැති නිසා අද මම Time Loop ගැන ගැඹුරින් විමර්ශණය කරලා තොරතුරු ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ නෑ නමුත් මේ Time Loop මාතෘකාව පාදක කර ගනිමින් මෙහි අධ්‍යක්ෂවරයා කාලීන මාතෘකාවක් ගැන ඉතාමත් රසවත් අන්දමින් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුලට කාවදින ලෙස ඉදිරිපත් කරන්නට සමත්වී තිබෙන බව අවිවාදයෙන්ම කියන්න ඕන කාරණාවක්!
දේශපාලනය! කතා කරන්නත් මොකක්ද වගේ? නමුත් දේශපාලනය කරන උදවිය බලයට එන්න සිදුකරනා නොයෙකුත් නොහොබිනා ක්‍රියාවන් ගැන කතා නොකරත් බෑ! ජාතිය,ආගම මේ කාරණා ඉදිරියට දාලා මිනිසුන් භේද කරලා බලයට එන එක කොතරම් සදාචාර සම්පන්නද? එවන් දේශපාලඥයින්ගේ රූකඩ වී ජීවත් වීම කොතරම් අභාග්‍ය සම්පන්නද? රූකඩ විදියට ජීවත් වෙන්නේ කවුරුවත් නෙවෙයි මහජනතාව! මහජනතාව කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනද? මිනිසුන් විදියට තේරුම් ගන්න ඕන දෙයක් තමයි වැරදි කිරීම ජාතියට අනුව ආගමට අනුව සිදුවෙනවාද කියන කාරණාව! සුළු පිරිසක් යම් වරදක් කලාම ඔවුන්ගේ සමස්ථ ජාතිය සහ ආගම එල්ල කරලා හැමදාම ඒ වැරැද්ද ඔවුන්මයි කරේ කියලා හංවඩු ගහලා ඒක මුළු මහත් සමාජය තුල හුවා දක්වමින් පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගත්තාම ඒ ජන සමාජයට ඒ ආගම අදහන මිනිස්සුන්ට ඒ චෝදනා වලින් නිදහස් වෙන්න පරම්පරා කීයක් ගත වෙයිද? පරම්පරා ගණනාවක් එකම දේ වෙනකොට කොහොමද? ඔවුන් අතරත් සිටිනා නිර්දෝෂි අහිංසකයින් කුමක් කරන්නට පෙලඹෙයිද? එහෙම වෙන්නේ නෑ කියනවා නම් ඒ වඟකීම දරන්නේ කවුද? කල්පනා කිරීම සිතා බැලීම ඔබ සතුයි! චිත්‍රපටයේ අධ්‍යෂකවරයා කියලා තියෙන්නේ එහෙමයි! ඔහුගේ අරමුණ වෙන්න ඇත්තේ ඒකමයි!
සුභ දවසක් වේවා! සුපුරුදු ලෙසින් අදත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත පියනඟන්නේ මේ වසරේ දී තිරගත වූ තවත් අපූරුතම සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි.මුලින්ම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මේ සිනමාපටය වෙන් කර දුන් සිසිල ප්‍රසාද් සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමන අතරම සිනමාපටයෙන් හරි අඩක් සඳහා සිංහල උපසිරැසි කිරීමට සහය දුන් සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාටත් ස්තුතී කිරිමට මෙය අවස්ථාවක් කරගන්නවා.එසේනම් සිනමාපටය හා බැඳි අනෙකු තොරතුරු මොනවාදැයි විමසා බලමු.
මේ වසර අවසානය වන විට කොරෝනා වසංගත තත්වය හමුවේ සිනමාව පැවැති පසුබෑම පහව ගොස් ක්‍රමයෙන් ඉදිරියටම එන වඟක් පෙනි යනවා.ඒ කෙසේදැයි කියලා බැලුවහොත් වසර ආරම්භයේ පටන්ගෙන මාස කිහිපයක් නැවතත් සිනමා ශාලා වසා දැමුණු අතර නැවතත් දීපවාදී උත්සවයට සමගාමීව සිනමාපටයන් තිරගත කිරීමේ වැඩි ප්‍රවණතාවයක් පෙනි ගියා,එයින් බොහොමයක් සුපිරි නළුවන් සම්බන්ධ චිත්‍රපටද වුණා.ඇතැම් සිනමාපටයන් ඉතාමත් ආසන්න දිනයන් හි තිරගත වීම යෙදී තිබුණ නිසා තිරගත කිරීම කල් දැමිමට පවා සිදු වුණා.කෙසේ වූවත් මේවන් කාලසීමාවක සිනමාපටයක් තිරගත කර හොඳ ආදායමක් ලබාගැනීම බැලුබැල්මට ඉතාමත් දුෂ්කර කාර්ය්‍යක් බව ප්‍රේක්ෂක ඔබ අප මෙන්ම චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරුන් පවා දන්නා කරුණක්, එනමුත් එම අභියෝගය සාර්ථකව ජය ගන්නට Maanaadu 2021 සිනමාපටය සමත් වූ බව අවිවාදයෙන්ම කිවයුතු කරුණක් බව සිනමාපටය සඳහා ලැබුණ විචාරකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර මෙන්ම, චිත්‍රපටය තිරගත කර ඉතාමත් කෙටි කාලයක් තුලදි Blockbuster ලේබලය අලවා ගනිමින් ඒ බව මැනැවින් පෙන්වා දී තිබෙනවා.

චිත්‍රපටය ගැන සැලකිය යුතු කරුණු ටිකක් ඉහතින් දක්වා තිබෙනවා.වෙනදා මෙන් චිත්‍රපටයේ අන්තර්ගත කතාව නම් අදත් කියන්න සූදානම් වෙන්නේ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඉඟියක් දුන්නේ ඒ නිසා.එසේ නම් චිත්‍රපටය නරඹලා ඒ පිළිබඳව ඔබගෙත් යම් යම් අදහස් උදහස් තියෙනවා නම් පහත ඇති කමන්ට් තීරුවේ දක්වා යන ලෙසට ඉල්ලා සිටිමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!
(ලිපිය – M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා)
UPDATE
උපසිරසි නිර්මාණය කිරීමට ලබාදීමේදී අප අතින් වූ අතපසුවීමක් නිසා තරිඳු රුක්ෂාන් සොහොයුරාට සමඟ රවිඳු නවීන් සොහොයුරාටත් මෙම සිනමාපටයට උපසිරසි නිර්මාණය කිරීමට ලබා දී තිබුනා. M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහ චාමික මධුෂාන් සොහොයුරන්ගේ උපසිරැසිය ප්‍රථමයෙන් ලැබුණු විට මේ වැරැද්ද හමුවූ අතර ඒ වන විටත් රවිඳු සොහොයුරා අඩකට වඩා උපසිරැසිය නිමවා තිබු නිසා ඔහුගේ මහන්සියට සාධාරණයක් වනු පිණිස ඔහුගේ උපසිරසියත් සම්පූර්ණ කර පලකිරීමට අප තීරණය කරන ලදී.

![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HC-HD/ HQ HD/ TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
21,920 downloadsDownload Maanaadu-2021-Tamil-HQ-HDRip.zip288 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට සහ “රවිඳු නවීන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2021
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Kalyani Priyadarshan
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #MaxxA
- #S.J. Suryah
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #Subtitles
- #T.R. Silambarasan
- #You Decide
- #උපසිරැසි
- #චාමික මධුෂාන්
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
70 comments
oshanda
Anonymous
Konda polam filumatath sub denna
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
sudarshana
thanks bro sinhala sube ekata supiri film ekak maraikkayar2021 film ekatath sube dannako jayawewa,
Anonymous
Thanks for sub
Konda polam filumatath sub dennagihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Micky
Supiriyak Thanks sub ekta
Ikmaninma
Konda Polam (2021)
Kurup (2021)
Jango (2021)
Mewatath sub eka dennaKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Sameera
24 wenidata otiginal hd copiya enawa..eekata update 1k ooni...
Naveen Mbr
එල! ජයම වේවා!
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
DMT SANJEEWA
thanks for subs
Samith
Thanks both
Anonymous
සබට තෑන්ක්ස්
Mohanlal ගේ අලුත් මලයාලම් ෆිලුමටත් ඉක්මනින් සබ් දෙන්නකෝAyesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
V.P
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
Jevan
Thanks machi
Redrux
Thnkz bro
Anonymous
thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම ..!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Kurup film එකත් දෙන්නකෝ
Nilush Angana
Sub ekata thanx
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
සුපිරිම ෆිලුමක්
සුපිරිම සබක්
තෑන්ක්ස් වේවාdulan
ස්තුතිය !
මංජුල සම්පත්
ස්තුතියි යාළුවා
වැඩේ සුපිරිAnonymous
Patta
Anonymous
සුපිරියි ඇහ්හ්හ්
Anonymous
Kurup akata sub one
Manoj
උපසිරසියට ස්තුතියි
Anonymous
පිං හොදෙයි ඔයාලට
Lakindu
StR nawatha oluwa ussapala action hero kenek widiyata ena eka gana nam sahena sathutui..e wagema wedi wage sub ekakut labuna ...thank you million times..
indika 75
thanks..
Anonymous
Marakkar: Lion of the Arabian Sea -2021 sub plz
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
ජය වේවා!!!Anonymous
තෑම්ක්ස් කොම්ලෝ
Lahiru
බොහොම ස්තුතියි සහෝලා දෙපලටම
Sachith
Thank you brothers❤
Neo
Thanks both
Keep it upbunny
උපසිරසියට ස්තුතියි ✌️
Anonymous
elakiri
Idunil Weerasinghe
Thanks both
Gihan
දෙන්නටම ගොඩක් ස්තුතියි
Yash
උපසිරසියට ස්තුතියි
Woody
තෑන්ක්ස් සහෝලා තුන්දෙනාටම
oshanda
thun dhenatama thanks...
Naveen Mbr
ස්තූතියි ඔෂධ සහෝ!
Eranda
Thanks
Advertisement
thank u dennatama... onna mama issellama gaththa... wedakarayo gemata behela