Watch Trailer

Arrow [S05 : E23] with Sinhala Subtitles | ආයෙත් ලියැන් යූ වලට… . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ඇරෝ කතාවේ පස්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ඇරෝ කතාව තේරෙන ස…

Arrow S5-1

 

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ඇරෝ කතාවේ පස්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ඇරෝ කතාව තේරෙන සිංහලෙන් ආසාවෙන් බලන්න සිංහල සබ් එක පුලුවන් තරම් ඉක්මනින් වගේම ගොඩක් නිරවද්‍ය විදියට මම ඔයාලට අරගෙන ආවා. ඒ වෙනුවෙන් ගොඩක් අය මට මල් වලින් ප්‍රසංශා කලා වගේම සමහරක් අය මට ගල් මුල් වලින් පහර දීලත් තිබුනා. වැඩේ කියන්නේ මේ ලගක ඉදන් ඒඩ්‍රියන් ඔලිවර් එක්ක කොච්චර තරහින් ඉන්නවාද ඒ තරමටම මාත් එක්ක තරහකින් හිටපු අයත් ටික දෙනෙක් පේන්න හිටියා. 😀 කමක් නෑ ඒ අයත් මට ශක්තියක්. කොහොමත් එදා ඉදන්ම ඒ වගේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි මම මේ සබ් කරන්න පටන් ගත්තේ. (ලංකාවනේ… නිකන්නෙ දෙන්නේ… එතකොට අගයක් නෑනේ… :p ) ඒ වුනාට කියන්නම ඕනි සමහර අය මගේ අම්මට තාත්තට පවා බැනලා තිබුනා. ඒ ගැන නම් ගොඩාක් ලොකු පසුතැවීමක් ඇතිවුනා. බනින්න ඕනෑ තරමක්. හැබැයි මට විතරක්. මගෙ අහිංසක දෙමව්පියෝ ගාවගන්නේ නැතිව. ඒ වගේම කියන්න ඕනිම හැමදාම වගේ ඉවසිමෙන් ඉදලා සබ් එක ඩවුන්ලෝඩ් කරපු, ඒ වගේම කමෙන්ට් කරපු, අර මට බැනපු අයට මං වෙනුවෙන් කතා කරපු ඒ වගේම බයිස්කෝප් වෙබ් සයිට් එකත් එක්ක ඉන්න ඔයාලා තමයි මගේ ලොකුම ශක්තිය. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ බහුතරයක් දෙනා වෙනුවෙන් තමයි තවමත් සැලෙන්නේ නැතිව හැම කට්ටක්ම කාගෙන අපි සබ් දෙන්නේ. හරි දැන් පදුර වටේ තැලුවා ඇති නේද? කෙලින්ම කතාවට. 😀

ඩේමින් ඩාර්ක්ගේ පිස්සු විකාර වැඩ නවත්වලා ස්ටාර් නගරය බේරාගත්ත ඔලිවර් උදේට නගරයේ නගරාධිපති විදියටත් රෑට නගරයේ ආරක්ෂකයා ඇරෝ විදියටත් නගරයට සේවය කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේ වැඩේ ලේසි දෙයක් නෙවෙයි. මොකද චරිත දෙකක් රගපානවා කියන්නේ ඔලිවර්ට කරන්න ගොඩක් අමාරු දෙයක්. ඒ විතරක් නම් කමක් නෑ නගරයේ එපා කරපු මැරයොත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ෆෙලසිටිගේ බලකිරිම නිසා ඔලිවර් ඇරෝ ටීම් එකක් හදන්න පටන් ගන්නවා. ඒකට වයිල්ඩ් ඩෝග් එහෙමත් නැත්නම් රෙනේ, ඒ වගේම එවලිනුත්, ෆෙලසිටිත් එක්ක එකට වැඩකරපු කර්ටිස් වගේම පරණ වැරහැලි කබායක් ඇදගත්ත අදෘශ්‍යමාන බලයක් තියෙන රෝරි කියලා කට්ටියක් එකතු කරගන්නවා. ඒ අයට පුහුණු කරන එක වගේම එයාලා පාලනය කරන එක නම් එච්චර සුන්දර වෙන්නේ නෑ. ඉතින් ඇරෝ කණ්ඩායම මෙහෙම ප්‍රබල වෙද්දි පාතාල ලෝකයේ නායකයා විදියට ටොබායස් චර්ච් කියලා දරුණු ඝනයේ අපරාධකාරයෙක් මතු වෙනවා. එයාව නම් නවත්වන එක එච්චර ලේසි වෙන්නේ නෑ. ඒ වගේම එයා ඇරෝවත් කොටු කරගන්න ගොඩක් උත්සහ කරනවා. ඔලිවර් නූලෙන් තමයි ඒ දේවල් වලින් බේරෙන්නේ.

ඉතින් මේ ලොකු කරදරයෙන් බේරෙන්න ඔලිවර් මාස්ටර් ප්ලැන් එකක් ගහලා ටොබායස්ව කොටු කරගන්නවා. හැබැයි ඉතින් ටොබායස්ව නිතිය ඉස්සරහට ගෙනියලා දඩුවම් කරන්න නම් වෙන්නේ නෑ. මොකද ප්‍රොමෙතියස් කියලා කෙනෙක් එකපාරටම කඩා පැනලා මේ ටොබායස්ව මරලා දානවා. ඒ වෙන මොකටවත් නෙවෙයි ටොබායස් ඇරෝව මරන්න හදපු නිසා. ඉතින් ඊලග ප්‍රශ්නය කවුද මේ ප්‍රොමෙතියස් කියන්නේ? එයා ගැන කිසිම අදහසක් ඇරෝ ටීම් එකට නෑ. හැබැයි ඉතින් එයා ඔලිවර්ගේ අතීතයට සම්බන්ධ කෙනෙක් කියලා දැනගන්න තරම් දේවල් ගොඩක් සිද්ධ වුනා. කොහොම වුනත් ඔලිවර් කොයි තරම් දේවල් දන්නේ නැද්ද කියලා ඔප්පු කරමින් එයාගේ ටීම් එකේ හිටපු එවලින් ප්‍රොමෙතියස්ට සහය දෙන්න එයාගේ පැත්තට ගියා. ඉතින් ඇරෝ ටීම් එකේ හැම විස්තරයක් ගැනම දැනගෙන තමයි එයා ප්‍රොමෙතියස් ලගට ගියේ. මේ අතරතුර ඔලිවර් හිරේ හිටපු ඩිගල්වත් බේරාගන්න අමතක කලේ නෑ. තව ෆෙලසිටි හැකින් කරන ටීම් එකකටත් බැදුනා. ඒ දේ නම් හොද දෙයක් වුනේ නෑ. මොකද ඒ ටීම් එකට ගිහින් ෆෙලසිටිට කරන්න වුනේ ගොඩක් නිති විරෝධි වැඩයි. ඔය අතරේ ඔලිවර් මේ ප්‍රොමෙතියස්ගේ ප්‍රශ්නයේ ගොඩක් පැටලිලා හිටියා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රොමෙතියස් අල්ලන්න ගිහින් ෆෙලසිටිගේ ජිවිතයේ අලුත්ම ආදරයත් ඔලිවර් අතින් මැරුණා. ඒක නම් එයා හිතලා කරපු දෙයක් නෙවෙයි.

ඔය අතරේ තමයි ඔලිවර්ගේ නගරාධිපති කාර්යාලයේ වැඩ වලට උදව්වට ඒඩ්‍රියන් චේස් කියලා කෙනෙක් එන්නේ. එයා ඇවිත් ඔලිවර්ගේ හැම වැඩකටම උදව් කරලා එයාගේ හොද හිත දිනාගන්නවා. ඉතින් ඔලිවරුත් එයාව ගොඩක් විශ්වාස කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේ ප්‍රොමෙතියස් ගැන හොයාගෙන හොයාගෙන යද්දි තමයි ඔලිවර් දැනගත්තේ මේ ඒඩ්‍රියන් චේස් තමයි ප්‍රොමෙතියස් කියන්නේ කියලා. එයා ඔලිවර්ගෙන් මේ තරම් පලිගන්නේ එයා පොඩි කාලයේදි එයාගේ තාත්තව ඇරෝ මරලා දාපු නිසා. ඒකට පලිය ගන්න තමයි එයා මේ තරම් දේවල් සැලසුම් කරලා තියෙන්නේ. ඒත් ඒක දැනගත්තා කියලා ඔලිවර්ට කරන්න කිසි දෙයක් නෑ. මොකද එයාව කොටු කරන්න කිසිම විදියේ සාක්ෂියක් තිබුනේ නෑනේ. ඒ වුනාට ඉතින් ඒඩ්‍රියන් හිතු මතේ වැඩ කරන ගමන් ඔලිවර්ට හැම වෙලාවෙම වගේ තර්ජනය කලා. ඒ විතරක් නෙවෙයි එයාව පැහැරගෙන යන්නත් ගියා. ගිහින් දවස් ගානක් ඔලිවර්ව හිර කරගෙන තියල එයාට කායික වගේම මානසිකවත් ගොඩක් වද දුන්නා. ඒ දේ නිසා ඔලිවර් කලකිරිලා ඇරෝ ටීම් එක පවා විසුරවන්න තිරණය කලා. මොකද ඒඩ්‍රියන් හැම වෙලාවකම ඔලිවර්ට කිවේ එයා අතීතයේ කරපු දේවල් නිසා එයා ලගින් ඉන්න හැමෝම එයාගේ වැරදි වෙනුවෙන් විදවනවා කියලා.

හැබැයි ඉතින් ෆෙලසිටිගේ අර හැක් කරන ටීම් එකේ උදව්වෙන් මේ ප්‍රොමෙතියස් කියන්නේ ඒඩ්‍රියන් කියලා ඔප්පු කරන්න පුලුවන් සාක්ෂියක් මෙයාලා හොයාගන්නවා. ඒක පොලිසියට පෙන්වලා ඒඩ්‍රියන් අපරාධකාරයෙක් විදියට ලයිස්තුවට දානවා. හැබැයි ඉතින් ඒඩ්‍රියන් එයාලට වඩා කපටියි. එයා හැමෝගෙම ඇස් වහලා පැනලා යනවා. ඒ වගේම දිගින් දිගටම ඔලිවර්ට කරදර කරන එකත් නවත්වන්නේ නෑ. මේ හැම වෙලාවෙම ඔලිවර්ට වුනේ චේස්ගේ පදේට නටන්නයි. අවසානයේදි චේස්ව අල්ලාගන්න ඇරෝ ටීම් එකට පුලුවන් වෙනවා. ඉතින් කොහොම හරි හැමදේම අවසාන වුන නිසා මෙයාලා සතුට සමරනවා. හැබැයි ඒක සමරන්න වෙන්නේ ටික වෙලාවකට විතරයි. මොකද ඒඩ්‍රියන්ගේ ගෝලයෝ ඔලිවර්ගේ ටිම් එකේ වගේම එයාගේ ලගින් ඉන්න එකින් එක්කෙනා පැහැරගන්නවා. මේ මොකද වෙන්නේ කියලාවත් ඔලිවර්ට හිතාගන්න බැරිවෙනවා. අන්තිමේට ඔලිවර් ඉතිරිවෙන්න අනිත් හැමෝම ඒඩ්‍රියන් පැහැරගෙන.

මේ වෙලාවේ තමයි ඔලිවර්ගේ උදව්වට මර්ලින් එන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි තියාව බේරාගන්නයි. ඒ වගේම ඔලිවර් නසාට කතා කරලා එයාගෙනුත් උදව් ඉල්ලනවා. අන්තිමේට ඔලිවර්ට නොහිතපු දෙයක් කරන්න වෙනවා. ඒ තමයි එයාගේ අම්මගේ මිනී මරුවා ස්ලේඩ් විල්සන්ගෙනුත් උදව් ඉල්ලාගෙන යන්න ඔලිවර්ට සිද්ධ වෙනවා. හැමෝම එකතු කරගත්තට පස්සේ ඔලිවර් දැනගන්නවා ඒඩ්‍රියන් අර අය කොහෙද තියාගෙන ඉන්නේ කියලා. ඒ වෙන කොහෙවත් නෙවෙයි ලියැන් යූ දුපතෙයි. ඊට පස්සේ ඔලිවරුයි අනිත් අයයි ඒ දූපතට යනවා. ඉතින් ඒඩ්‍රියන්ගෙ අවසාන සෙල්ලම කොයි වගේ වෙයිද? මේ වතාවේදිවත් ඔලිවර්ට එයාට වඩා ඉස්සරහින් හිතන්න පුලුවන් වෙයිද? අනිත් අයව බේරාගන්න පුලුවන් වෙයිද? මොනවායින් මොනවා වෙයිද? මේ ගැන දැනගන්න අපි මේ කොටස බලලා ඉමු…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

ප.ලි :
ආරංචි විදියට CW නාලිකාව ඇරෝ කතාවේ 6වෙනි සිසන් එකකුත් එවන්න තිරණය කරලා තියෙනවා. ගොඩක් දුරට 6වෙනි සීසන් එක ඔක්තොම්බර් මාසයේදි විතර විකාශය වෙන්න පටන් ගනිවි. මොනවා කරන්නද ඉතින් ඒ වෙනකන් ඔයාලට ඉවසා වදාරා ඉන්න වෙනවා. 😀

ප.ප.ලි:
ආයෙමත් කියන්න ඕනි සබ් ඩවුන්ලෝඩ් කරපු වගේම කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මගේ වැඩත් එක්ක ඒ කමෙන්ට් වලට රිප්ලයි කරන්න නම් බැරි වුනා. ඒ වුනාට ඒ හැම කමෙන්ට් එකක්ම මම අනිවාර්යයෙන්ම කියවනවා. මොකද ඔයාලගේ එය පුංචි රිප්ලයි එක නිසා තමයි අපිට අපි මේ සල්ලි, කාලය නාස්ති කරගෙන කරන වැඩේ ගැන ආඩම්බරයක්, වටිනාකමක් වගේම සතුටක් දැනෙන්නේ. එහෙනම් ඉදිරියටත් ඒ විදියටම සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ජය… !

 

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

23,881 downloadsDownload Arrow-S05E23.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

23,881 downloadsDownload Subtitles27 KB

182 comments

  1. TháRàñga Ñ ÐaRshánà

    බොහොම ස්තූතියි සහෝ. දිගටම කරගෙන යමු. ජය!

  2. Prįñçë Ç Jåÿ

    Thanks for sub brow <3

  3. charith

    tnx bn anthima epiya wenakan sub eka welawata dunnata

  4. Samuditha sankalpa

    Thank you very very much i've been waiting for this good luck all of you guys

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  6. Rusiru Dilsara

    මුළු කතාමාලව පුරාම කර උපසිරැසිවල බොහොම ස්තූතියි.

  7. asiri

    ස්තූතිය

  8. harsha

    sabta sthuthi mcn

  9. Ajith Priyantha

    sub akata thanks wawa

  10. Ashan herath

    Ela mcn

  11. Samitha

    Thnkz broo

  12. Gimhana Withana

    thanks bro

  13. රන්දීර

    සීසන් එකක් පුරාවට අපිට සබ් ලබා දුන්නට බොහොම ස්තූතියි අයියේ

  14. Flynn Rider

    Thanks kollo.
    S 6 eken hambemu

  15. ut

    patta thanks bro

  16. kavinda

    sub dunnata godak thanx... elaga season eken hambawemu... sub dena set ekata jaya wewa....!!!!!!!!!1

  17. Pragath

    Thanq saho ikamanta dunna ekanam elamahh!!
    till S06..

  18. Udara Damith B/K

    flash බැලුවා විතරයි
    පස්සේ හොද එකක් දැන්නම්
    මේක බලලාhadissiyi

  19. Sahan

    Thanks Bn Sub Ekata

    menna direct link eka : - dailymkv.info/episodes/arrow-5x23/

  20. ishan

    thnqu shoooo..gud luck

  21. Kasun Widusha

    Elama mchoo

  22. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි..
    නින්දා අපහාස මැද්දේ පවා මේක අන්තිම වෙනකම්
    උපසිරසි අරන් ආව එකට බොහොම ස්තුතියි සහෝ..
    ඊලග කතා සමයත් ඔයාගේ උපසිරසිවලින්ම බලන්න බලාපොරොත්තු වෙනවා..
    ඔබට ජයෙන් ජය.

  23. madushan

    thanks macho... sub akta.....

  24. nuwan

    thada thada bro..ela aee..

  25. krishan

    Patta
    ...
    Thankz ... sub ekata...
    Good luck....!

  26. Bhanuka

    බොහොම ස්තුතියි mc sub එකට.....,ඊලග season එකත් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.....,

  27. Mahesh

    Sub ekata thanx

  28. Chamith

    තැන්ක්ස් මචං

  29. kosala

    බොහෝම පින් සහෝ..
    උබල නැත්නම් tv සීරිස් පිස්සො අඩුවෙනව.
    පිස්සුවක් උනාට ඒක නරක පිස්සුවක් නෙමෙයිනෙ බන්.

  30. silent$

    Thnxxxxxxxxxxxxxxxxx

  31. sameera

    thx machan,,,, jaya wewa,,,,,

  32. බුද්ධික (ඇල්පිටිය )

    එල එල සහෝ , සබ්එක නැතුවම බැලුව , දැන් සබ් දාගෙන බලනවා :D

  33. Gihan Iddamalgoda

    thanks 4 sub.

  34. Ashen

    tnx saho,

  35. Nirodha uthpala

    Apita bro gen flash eakai arrow eakai dekama hambavuna eakata mage avanka uttamacharaya digatama denna labeva keya hadavatinma partana karanava bro obata Jayen jaya

  36. amila

    thanks 4 sub.

  37. Janith.K.B.

    බොහොම ස්තූතියි

  38. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  39. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. Kapila

    thanks bro

  41. Brother007

    බොහොම ස්තුති බන් සබට.... ලොකුවට නොපෙනුනාට උබලා කරන්නේ ලොකු සමාජ සේවයක්....මේකේ හොද ප්‍රතිපල උබලට අනිවාරෙන්ම ලැබෙනවා.....බුදු සරණයි...!!!

  42. shan apura

    tnz bro for everything

  43. Chalana

    thnx bro...

  44. charuka

    thanks bn karana sewaya hadawathinma agaya karanawa

  45. buddhika

    thnx bro... oyanm subrb..... jaya wewa!

  46. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ!!!

  47. MeNu

    Tnq shodaraya. Hamadama sub eka download karan gya vtrai bn.. E unata ubka karana de age danne api bn. Kuru khma qwat karagena yman mchan. Jaya weeva

  48. nirosha

    mechchara kalayak apita meke sub dunnata thanks.
    ilaga ekath denakan api maga balan innawa. arrow enakan wenth sub walin api hamba wemu. wasanawak

  49. Danushka Sanjeewa

    Godaak pin.............

  50. Sahan

    Thanx saho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.