අවුරුද්දකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසි අරගෙනයි අද මේ ආවේ. මේකනම් මම විමාගෙන් ඉල්ලන් කාපු ෆිල්ම් එකක්. හැබැයි සබ කරගෙන යනකොට මේක හමුවෙච්චි එක කොච්චර හොඳද කියල හිතුනා. විශේෂයෙන්ම මට මේක කරන්න හිතුනේ MDG සොහොයුරා උපසිරසි දුන්නු කොන්ස්ටන්ටීන් ටීවී සීරියස් එක බලපු නිසාමයි. DC කොමික් හි Hellblazer කොමික් ප…

අවුරුද්දකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසි අරගෙනයි අද මේ ආවේ. මේකනම් මම විමාගෙන් ඉල්ලන් කාපු ෆිල්ම් එකක්. හැබැයි සබ කරගෙන යනකොට මේක හමුවෙච්චි එක කොච්චර හොඳද කියල හිතුනා. විශේෂයෙන්ම මට මේක කරන්න හිතුනේ MDG සොහොයුරා උපසිරසි දුන්නු කොන්ස්ටන්ටීන් ටීවී සීරියස් එක බලපු නිසාමයි.
DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා වන චැස් ක්‍රේමර් ලෙසින් ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමාපට හරහා ජනප්‍රිය වූ Shia LaBeouf එක් වෙනවා.
මේකේ කතාව ගැන කියන්නම් කිසිම අදහසක් නැහැ. බලලම ඒක රසවිඳින්නකෝ.
මේ පහලින් එකතු කරලා තියෙන විස්තරය MDG සොහොයුරා කොන්ස්ටන්ටීන් ටීවී සීරියස් එක වෙනුවෙන් S01E01 හි දුන්නු ලිපියේ උපුටාගැනීමක්. ඒ ලිපියත් කියවලම ෆිල්ම් එක රසවිඳින්න.
#Hail_Hydra
Hellblazer (1988–2013) සහ Constantine (2013–):
කොන්ස්ටන්ටීන්, එහෙම නැත්නං ජෝන් කොන්ස්ටන්ටීන් චරිතේ මුලින්ම අදුන්වලා දුන්නේ DC Comics ප්‍රකාශයට පත් කල The Saga of the Swamp Thing අංක. 37 -1985 ජුනි කලාපය තුළිනුයි. පසුව, 1988දී, ඔවුන් කොන්ස්ටන්ටීන් ප්‍රධාන චරිතය හැටියට ඉදිරිපත් කරමින් හෙල්බ්ලේසර් (Hellblazer) කියන කොමික් පොත් මාලාව හදුන්වා දුන්නා. මේ චරිතය නිර්මාණය කලේ ඇලන් මූර් (Alan Moore), ස්ටෙෆන් ආර්. බිසට් (Stephen R. Bissette) සහ ජෝන් ටොට්ලෙබන් (John Totleben) බවයි පැවසෙන්නේ.
පසුව 2013දී 300 වෙනි කලාපයෙන්, හෙල්බ්ලේසර් නවතා දැමු DC Comics, කොන්ස්ටන්ටීන් නමින් එම කතා මාලාව ඉදිරියට ගෙනගියා. (තවමත් පලවෙනවා) මේ තීරණය බොහෝ අයගේ අසතුටට හේතු වුන බවකුයි පැවසෙන්නේ.
කොහොම වුනත් ගුප්ත දෑ පිළිබද රහස් පරීක්ෂක කතා ගැන උනන්දුවක් සහ ජනප්‍රියත්වයක් ඇති කරන්න මේ කතා මාලාව සමත් වුනා. මෙයින් ආභාෂය ලැබූ නවකතා, රුපවාහිනි කාටුන්, කොමික් මෙන්ම රුපවාහිනි වැඩසටහන්ද බොහෝ බිහිවුනා. මේ අතරින් මම උපසිරසි ලබා දුන්න Supernatural රුපවාහිනි වෘතාන්තයත් විශේෂයි 😀 කොහොම වුනත් ජෝන් කොන්ස්ටන්ටීන් රුපවාහිනි තිරයට මේ පැමිණෙන්නේ ප්‍රථම වතාවටයි.
කවුද මේ ජෝන් කොන්ස්ටන්ටීන්?
දැන්, දන්නවනේ මෙයා කොමික් චරිතයක් බව. හැබැයි, මෙයා සුපර් හීරෝ චරිතයක් නෙමේ; මේක ප්‍රතිවීර (antihero – ඇන්ටිහීරෝ) චරිතයක්. (ඒ කියන්නේ සාමාන්‍ය වීරයන්ගේ දකින්න ලැබෙන උත්තම ගති ගුණ, පරමාදර්ශී බව, සදාචාරය වගේ දේවල් නැති චරිතයක්. හැබැයි දුෂ්ඨ චරිතයක්ම නෙමේ).
ඉතින්, කොමික් කතාවල දක්වලා තියෙන ආකාරයට මේ පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. සුදු කමිසයක්, කළු ටයි පටියක් සහ දුඹුරු පැහැයට හුරු ට්‍රේන්ච් කොට් එකක් තමයි මෙයාගේ ඇදුම. මෙයා ලග අධිස්වාභාවික, ගුප්ත දෑ ගැන තියෙන දැනුම බොහොම ඉහලයි. ඔහු දක්ෂ මායා කාරයෙක්, මන්ත්‍ර ගුරුකම් පිළිබද කෙළ පැමිණියෙක්, ගුප්ත දෑ පිළිබද රහස්පරීක්ෂකයෙක් වගේම කපටි රැවටිලි කාරයෙක් (con-man කෙනෙක්) ඒ විතරක් නෙමෙයි ඇස් බැන්දුම් කාරයෙකුත් වෙනවා (මැජික් ශිපියෙක්); කට කැඩිච්ච කතා කියන, අනුකම්පා විරහිත, කාවවත් නුරුස්සන පුදගලයෙක්. හැබැයි බොහෝ වෙලාවට ගැටළු වලට මුහුණ දෙත්දී ඔහු වැඩිපුර භාවිතා කරන්නේ තමගේ ගුප්ත දැනුම නොවෙයි කපටි කයිරාටිකකම්නුයි වෙනත් දක්ෂකම්නුයි තමයි. ඒ වගේම කෙළවරක් නැති දුම් බීම ගැනත් ඔහු කුප්‍රකටයි. කොහොම වෙතත් ස්වර්ගයත් නිරයත් සමග නිතර ගැටෙන ඔහු මේ දෙකටම එරෙහිව මනුෂ්‍ය වර්ගයා ආරක්ෂා කරන මානව වාදියෙක්.
|| Hail Hydra ||
۩۩ තිසර නියෝ ۩۩
2009 ජුලි මස 09 වෙනිදා රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පලකල ලිපිය…
මේකනම් ටිකක් පරණ ෆිල්ම් (2005) එකක්. කට්ටිය බලලත් ඇති. ඇත්තටම මේකේ කථාව Hellblazer කියන චිත්‍රකතා පොතේ ගිය කතාවක් අනුවයි හදලා තියෙන්නේ. කතාව යන්නෙ මෙහෙමයි. ජෝන් කොන්ස්ටන්ටයින් කියන්නේ උපතින්ම ලැබුනු තෑග්ගක්(?) සහිත පුද්ගලයෙක්. එනම් ඔහුට පුලුවන් ලෝකයට බැහැල ඉන්න යක්ෂයන් හා දෙවියන්ව දකින්න. ඔහු යක්ෂයන්ව නැවත අපායට යවනවා. නමුත් ඔහුට හිතෙනවා දැන් ජීවත් උනා ඇති කියලා. මේ අතර ඔහුට හමුවෙනවා පොලිසීයේ සේවය කරන ඇන්ජලා ඩොඩ්සන් ව. ඇයගේ නිවුන් සොහොයුරිය රෝහලේදි සියදිවි නසා ගනු ලබන අතර ඇයට එයට සම්බන්ධ අයව අල්ලා ගැනීමට කොන්ස්ටන්ටයින් ගේ වීශේෂ බලයේ උදව්ව ඉල්ලනවා. මේ හාදයට අපායට උනත් ගිහින් එන්න පුලුවන්. මාරයි නේ 😀 බාලම බලන්නකෝ අඩුම ගානේ අපාය මොන වගෙද වත් කියලා. 😀 මේක සම්මාන 4 කට නිර්දේශ වී ඉන් 1ක් දිනා තිබෙනවා
801 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න
12B8C0894AD796A2A97B6396626746914D5E6E101.60 MB (1080p BRrip) කොපිය මෙතනින් බාගන්න
BAD4719C9FB4767A53DAB2D957B046B9F4D998A1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,280 downloadsDownload Constantine-2005.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
68 comments
me
kavinda
නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.NUWAN
YAKO MU HAMOMA KIYANNA ONE AWWA KIYALANE
Wushan
ela hode...onna palaweni comment eka mama.jaya wewa
Amila Mudalige
thanks saho
vikum08
සබට ස්තූතියි සහෝ..!
මෙහෙම කිව්වට මේ හාදයාගේ සදාචාරය ඩේඩ්පූල් කාරයට වඩා නම් හොඳයි..!mithun
සහො මෙකට උපසිරැසි දුන්න එකට ඔයාට ෆිං මචන්.. ගොඩ කල් බලපු ෆිල්ම් එකක් එත් තෙරුම් ගන්න බැරි උන තැන් එමටයි.. එ දවස් වල මම සයිඩ් එකෙ සර්ච් දුන්න එත් සබ් තිබුන් නෑ.. කොහොම හරි අයෙ බලනව මෙක , මෙක සුපිරි මුවී එකක් ගොඩක් ගොඩක් ස්තුතියි යාලුව අපි වෙනුවෙන් සබ් කරාට.. දිගටම දෙන්න උපසිරැසි මචන්
mithun
ෆිල්ම් එක සයිඩ් එකට වැටිල තියෙනව දැක්කම,දෙපාරක් බැලුව අයෙ එකමද කියල.... ඔන්න යලු මත් බගන්නව ඔයාට බොහොම ෆිං නියමයි
yeshu
Tnx
lakshan
Thanks.
charith ishara
patta machan eth ai ban hail haydra kiyanne apita duka hithenawane api sheld 1e
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
Aditha Praween
ලිපිය පට්ට .
බොහොම ස්තුතියි තිසර අයියා සබට !S.K.Ruchiranga
elma ,.. thz machoo sub ekata
indika
ගොඩක් ස්තුතියි..
Nishadi Wickrama
tnx
ප්‍රණීත් චින්තක
කතාව නම් බලලා තියෙනවා.
උපසිරැසියට බොහෝම ස්තුතියි.pramuk
thanx bro.......
Zucker Bug
meka nam patta wage
Supun
baiscop keyana ape haiya a haiyata saktiya dana brola
ok thankas subSanath Perera
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක දුන්නට...
මං මේ සහෝගේ 50 වෙනි උපසිරසට කොමෙන්ටුවක් දාලා එන ගමන්... ;)
මේක 49 මගෙ හිතේ...
එළ එළ...
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ජයෙන් ජය...Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Chami.S
Thanks..
Good Luck...සාරංග
උපසිරැසි හදලා, අපිට මේක බලන්න අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි !
ඔබගේ ලිපිය අවසන් කරලා, ඊට යටින් යොදලා තියෙන දෙයක් ගැන,
මට පොඩි ගැටළුවක් මතු වුනා.
“ Hail Hydra ”මගේ දැනුමෙ හැටියට, මේ යෙදුම නාසි වාදීන් භාවිතා කළ එකක්.
ඔවුන්ගේ සංකල්පය සහ අරමුණු වෙනුවෙන් භාවිතා කළ, එම අරමුණු හැඳින්වීම පිණිස භාවිතා කළ කෙටි යෙදුමක්.
ජර්මානුන් කියන්නේ, විවිධ ජන කොට්ඨාශ අමු-අමුවේ ම ඝාතනය කළ, මිනිසුන්ව කුරිරු වද හිංසාවලට ලක් කළ, අතිශයින්ම අසාධාරණ සංකල්ප වලින් හිස පුරවාගත්, පහත් අසීලාචාර ජාතියක්.
එම ජර්මන් දඩබල්ලන්ගේ හැසිරීම සහ ආකල්ප ඔබ අනුමත කරන බව මෙන්ම, ඔබගේත් දැක්ම ‘එය’ ම බව, මේ යෙදුම භාවිතා කිරීමෙන් ඔබ අපිට හඟවනවා.ඒ වගේම, කිසිම ශිෂ්ඨ සම්පන්න ජාතියක් අනුමත නොකරන ඒ ම්ලේච්ච වර්ගවාදීන්ව සහ ඔවුන් භාවිතා කළ යෙදුම, මේ site එක හරහා ඔබ යස අගේට promote කරනවා. මම එහෙහම කිව්වෙ, ඔබ ඒක හොඳට promote වෙන විදිහට, කැපිල පේන තැනක, හොඳ පරිස්සමට කල්පනා කරල භාවිතා කරල තියෙන නිසයි.
ඒ වගේ දෙයක් මේ site එකේ ප්‍රචාරය කිරීම,
මම හිතන්නෙ බයිස්කෝප් site එකට කරන ලොකු අපහාසයක් !
බොහෝම උදාර අරමුණකින්, සද්භාවයෙන් කටයුතු කරන පිරිසක් තමයි මේ බයිස්කෝප් Lk වෙබ් අඩවියට එකතු වෙලා ඉන්නෙ. මේ හැමෝම ස්වේච්ඡාවෙනුයි ඒ වැඩ කටයුතු කරන්නෙ. මේ site එක සිංහල අපිට ලොකු ආඩම්බරයක් !මේක, පිරිසිදු කිරි පිරිච්ච “කිරි කළයක් ” වගේ !
ඒකට ගොම එකතු කරන්න උත්සාහ කරන අය ඕන තරම් ඇති.
තිසර,
එවැනි අය ගැන විමසිල්ලෙන් සිටිය යුත්තේත්, මෙහි සාමාජිකයින් වන ඔබමයි.
අපට වඩා, ඒකට ඔබට අයිතියක් තිබෙනවා, ලොකු අයිතියක් තිබෙනවා !
මේ වෙබ් අඩෙවිය පවත්වාගෙන යන්න දර-දිය අදින්නේ මා නොවෙයි, ඔබ යි !!ඒ ගැන සැලකිල්ලෙන් හිඳිමින්, එවැනි උත්සාහයන්, එසැනින් වලක්වා ගැනීමට ඔබ සැමට හැකි වේවා !!
උපසිරැසි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කළ ස්තුතිය, මෙයින් අඩු වන්නේ නෑ.
සැමට ජය !!!- සාරංග -
Jerome Valeska
මචං මට මේක කියෙව්වාම හිනා යන එක නවත්තගන්න බැරි වුණා. ඒකට මුළින්ම සමාවෙන්න.
ඔයා නාසි ගැන හොඳට දන්නවා කියලා පේනවා.
හැබැයි තිසර නියෝව හොඳින් දන්නා හැමෝම සහ මාවල් කොමික් කියවන හෝ මාවල් කොමික් බලන හැමෝම සහ විශේෂයෙන්ම ශීල්ඩ් සීරියස් එක බලන අය දන්නවා මේ "Hail Hydra" කියලා තිසරයා කියන්නෙ මොකද්ද කියලා.
මූ තමා බයිස්කෝප් එකේ ඉන්න Hydra සාමාජිකයා. හැබැයි මේ ඔයා කියන ඇත්ත නාසි වාදීන්ගෙ කණ්ඩායමේ සාමාජිකයෙක් නෙවේ. මෙයා මේ මාවල් කොමික් වල නාසි කණ්ඩායමේ සාමාජිකයෙක්.
මෙහෙම දාන එකෙන් මෙයා ඒ නාසි කණ්ඩායම් අර විදිහට් මිනිස්සුන්ව මරපු එක සාධාරනීකරණය කරලා ඒකට රුකුල් දෙනවා නෙවෙයි. මෙයා මේ විනෝදෙට මේක දාන්නෙ. අනික අපි මේ මාවල් ඩීසී කියලා පිල් බෙදිලා කරන වලි දාගන්න එකෙත් කොටසක් මේක. මම මෙහෙම කමෙන්ට් කළේ ඔයා මාවල් කොමික් ෆිල්ම් බලලා නැතුව ඇති කියලා හිතලා. එහෙමත් බලලා නම් ඔයා මේක කියන්නෙ මම ඉතින් ඔයාට කියන්නෙ ශීල්ඩ් ඇතුළු මාවල් සිනමා විශ්වයේ යන ෆිල්ම් එකක්වත්(ඔයා බලනවා නම්) නොබලා ඉන්න කියලා තමා. මොකද ඒ ඔක්කොටම Hydra සම්බන්ධයි... ;)~ ජෙරොම් වැලෙස්කා ~
තිසර නියෝ
සාරංග
මටනම් මොනා කියන්නද කියල හිතාගන්න බැහැ ඔබේ ඔය ඔලමොට්ටල දැනුම ගැන හිනාවෙනවා හැරෙන්නට. මම කියන්න හිටපු දේ ජෙරොම් සහෝ කියලයි තියෙන්නේ. ඔයා දන්නේ නැති උනත් කොමික් පාදක කරගත්තු මාර්වල් සිනමාපට හෝ අඩුගානේ ශීල්ඩ් හෝ කාටර් tv සීරියස් බලපු අය හොඳින්ම දන්නවා Hail Hydra කියන වචනේ ගැන. මමනම් දැනුවත් නැහැ සැබෑ ලෝකයේ හිට්ලර් හා සම්බන්ධ නාසිවරුන් Hail Hydra කියන වචනේ යොදා ගත් බවක්. මොකද මේ යෙදුම දැකගන්න පුළුවන් වෙන්නේ කොමික් පොත් වලින් නිසා. විශේෂයෙන්ම මාර්වල් කොමික් වලින්.
ඔයාගේ මේ අපහාස උපහාස දිහා බැලුවම පේන එකම දේ තමයි ඔයාගේ තියෙන ළදරු මානසිකත්වය සහ නොදැනුවත්කම.
නිකමට කියන්නේ. මේ වගේ ගොන් කමෙන්ට් එකක් දාන්න කලින් අඩුගානේ හොයල බලල ඉන්න. අඩුගානේ දන්නවා ඇතිනේ ගූගල් කියන්නේ මොකක්ද කියල. Hail Hydra කියල ඒකෙන් සර්ච් කරලා බලන්න. අඩුගානේ මාර්වල් කොමින් පාදක කරගත්තු කැප්ටන් ඇමෙරිකා ෆිල්ම් ටිකයි, ශීල්ඩ් සීරියස් ඒකයි බලල එන්න. ඊටපස්සේ අපි කතාකරමු ඔයා කියන විදියට ඒ ම්ලේච්ච වර්ගවාදීන්ව සහ ඔවුන් භාවිතා කළ යෙදුම, මේ site එක හරහා යස අගේට promote කරපු හැටි ගැන. (සැබෑ ලෝකයේ නාසි ගැනත් දැනගෙන එන්න ගොබ්බකම පෙන්වන්න කලින්)#Hail_Hydra
හසන්ත
ඔව් මූ තනිකර නාසි කාරයෙක්. කමෙන්ට් එකක් දැම්මත් හේල් හයිඩ්‍රා. තනිකර තියෙන්නේ මිලේච්ච ගතිය. අපි මේ ගොම බිංදුව ඉක්මනටම අයින් කරනවා ශීල්ඩ් එකෙන් දම්මවලා. බිංදුව කිව්වට ගොම කන්දක් ඉතින් :P
Gayan_madushanka_
Ub paw bn
RandiS
හිනාව නවත්තගන්න කියා දෙන්න ඇවිත් යන්න එන්න දෙවියනේ...
Jerome Valeska
ඔන්න තිසරයෝ බලහං. කොහොම හරි උඹ කොච්චර මාවල් හොඳයි කියලා කෑගැහුවත් උඹලගෙ මේ මාවල් සීන් එක ගැන විස්තර කරන්න වුනෙත් අන්තිමට ඩීසී කාරයෙක්ට...
සන්තෝසේ බැරුවා...
ඔන්න මාවල්ලා ඉන්න තත්ත්වය... :v :vතිසර නියෝ
අපි ඉපදෙන්නත් කලින් කොමික් බලල ඉන්න මාමි.. ශීල්ඩ් තියා කව්රු ගෙනාවත් අයින් කරන එකනම් ලේසි වෙන එකක් නැහැ කොහොමත්. මොකද දැන් ඔය ඇවිත් ඉන්න IT එක්ක ලේසි නැහැ හොඳේ....
Jerome Valeska
#Hail_DC
තිසර නියෝ
මොනා කරන්නද ඉතින්. DC ගැන කියල දෙන්නවත් හරිහමන් ෆිල්ම් සීරියස් එකක් තියෙනවා කියලයැ ඉතින්... ඔන්න අඩුගානේ උඹ තව අවුරුදු 2-3කින් ඔය ක්තාව් කීවානම් කමක් නෑ.
ප.ලි
එහෙන් මෙහෙන් ෆිල්ම් දෙක තුනක් බලල කොමික් කියන්නේ/ කොමික් පාදක කරගත් ෆිල්ම් කියන්නේ මොනවද කියල නොදැන සමහර උන්දැලා දාන කමෙන්ට් දැකල උඹටයි මටයි හිනාවෙන්න තමා තියෙන්නේ බං උන්ට මේවා තේරුම් කරලා දෙනවට වඩා.මොනා උනත් මට මිනිහගේ ජර්මානු දැනුම ගැනනම් දුකයි...
Kasun Upeksha
සිනහව සම්බන්ධයෙන් මුලින්ම සමාව... මොනාවුනත් මිනිහ වැඩේ සීරියස් අරගෙන... අපේ සෙට් එකේ නම් සහ යෙදුම් ගැන වැඩිය හිතන්න යන්න එපා සහෝ, මෙතන යන්නෙ ෆිල්ම්වාදේ... ඒක ජාතිවාදෙට හපන් සහෝ... ඒ නිසා නම් ගම් ගැන වැඩිය හිතන්න යන්න එපා...
ප.ලි
අන්තිමට සුපර් මෑනුයි බැට් මෑනුයි හොරු ටික අල්ල ගත්තලු...
-Team DC-තිසර නියෝ
#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Himaru
sub ekata tnxx
රවී
පට්ට සහෝ වැඩේ
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jerome Valeska
අඩෝ උඹ මේකට සබ් එකත් දැම්මද???
අදයි යකෝ දැක්කෙ...
ෆිලුම බාල තියෙන්නෙ...
තෑන්ක්ස් වේවා...!!!
ජය...Kasun Upeksha
තිසර සහෝ නේද සබ දීලා තියෙන්නෙ, දැනුයි දැක්කෙ... සුපිරි සහෝ.. සබට තුති....
ගයාන් රූකාන්ත(ජෝනා)
එල තිසරයෝ මමත් මේක බලන්නම උන්නේ
සබට තුති හොදේ...අර කොමෙන්ට් එක දාලා තිබ්බ සහෝදරයට
සරලවම කියන්න තියෙන්නේ, කරුණාවෙන් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් හෝ ඒජන්ට් කාටර්,
කැප්ටන් ඇමරිකා, එහෙම බලලා එන්න, ඊට පස්සේ ඔයාගේ කොමෙන්ට් එක සධාරණද කියලා
ඔයාම ආයෙම කියවලා බලන්න.Tharindu
Thank you very much saho...!!!
Lakshan waiydarathna
Thank you bro
Lakshan waiydarathna
kolla mama fb aka post akak dannda?
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sunanda shanth
thanks
hdhmaduranga
ela
sandharu
Thanks broo elaa
raza72
Thanx bro..
Sandunprabath1230
බොහොම ස්තූතියි සහෝ
TMK
thanks
Davindu reshan
thank u saho
RandiS
තෑන්ස් බ්‍රෝ සබට!
HD9922
Thank you broh!!!
aks
Thanks...
indika75
thanks..
sanjaya thilina danushka
thank you
salindakgrs
Thanks bro
Sasindu chamod
Thanks aiye sub ekata. Puluvan nam American psycho movie ekatath sub dennako.
chammaxx
තනිකර ෆිල්ම් එක කන්නම ගහපු සබ් එකක්.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Advertisement

Thanks