Watch Trailer

Darkest Hour (2017) Sinhala Subtitles | අඳුරුතම හෝරාව! [සිංහල උපසිරසි සමඟ] (200*)

කොහොමද කට්ටියට, මේ එකතුවෙන්න හදන්නේ මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය එක්කයි. අහස කඩවැටීමෙන් මේ ගමන පටන්ගත්තේ අවුරුදු 5ට කලින්. ඒ කියන්නේ 2013දී. හැමදාම කියනවා වගේ මේ ගමන පටන් ගත්තේ උපසිරැසි 50ක් කරලා නවත්වන්න හිතාගනයි. ඒත් 50න් පස්සේ ඉතිං නවත්වන්න පුළුවන් වුනේ නැහැ. 200 දක්වා මේ ආපු ගමනේ ඉතිං වැඩි පු…

කොහොමද කට්ටියට, මේ එකතුවෙන්න හදන්නේ මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය එක්කයි. අහස කඩවැටීමෙන් මේ ගමන පටන්ගත්තේ අවුරුදු 5ට කලින්. ඒ කියන්නේ 2013දී. හැමදාම කියනවා වගේ මේ ගමන පටන් ගත්තේ උපසිරැසි 50ක් කරලා නවත්වන්න හිතාගනයි. ඒත් 50න් පස්සේ ඉතිං නවත්වන්න පුළුවන් වුනේ නැහැ. 200 දක්වා මේ ආපු ගමනේ ඉතිං වැඩි පුරම තියෙන්නේ ටීවී සීරිස් තමයි. (නියමිත වෙලාවට ලබා නොදීපු) Falling skies, Intelligense, Daredevil, The Blacklist, Colony වගේම Tangled:The sereis ඒ අතරේ තියෙනවා. මීට අමතරව 24 වගේ එපි දෙක තුනකුත් කරලා තියෙනවා. ෆිල්ම්ස් නම් අතේ ඇගිලි ගානටත් අඩු ඇති. දැන් දැන් නම් කඩඉමකට විතරයි ෆිල්ම් එකක් කරන්නේ.  කොහොම වුනත් දැන්නම් මේක කරගන යන්න බොහොම අමාරු තත්වයක් තමයි උදාවෙමින් තියෙන්නේ. ඒත් ඉතිං නවත්වන්න හිත හදාගන්නත් බැහැ. බලමු ඉස්සරහට මොනවා ව්විද කියලා..

ඉතිං මේ ගමනේදී උපකාර කරපු අයවත් ටිකක් මතක් කරලා ඉන්නම්. නැත්නම් ඒක අඩුපාඩුවක් වේවිනේ. මුලින්ම මගේ පවුලේ අය, හැමදාම මට බැන බැන මේ කරදරේ ඉවසා වදාරගන ඉන්නවා මේ අවුරුදු 5 පුරාවටම. අපරාදේ කියන්න බැහැ අම්මා නම් ටිකක් බැන්නත් සෑහෙන සපෝට් එකක් දෙනවා. වැඩිපුර වැඩ කියන්නෙත් නැහැ මම සබ් එකක් කරනවා කියලා කිව්වම. ඒ වගේම තමයි එදා ඉදන් අද වෙනකම් එක පවුලක් වගේ එකට එකතු වෙලා ඉන්න බයිස්කෝප් සහෝදරත්වය. හැමදාම කියනවා වගේ මුලින්ම ඉන්නේ රොයිලි අයියා. එයාගේ සබ්ටයිට්ල් තමයි බලලා තමයි අද මේ 200ක් සම්පූර්ණ කරන්න ආසාව ඇතිවුනේ. පටන් ගත්තම ඉතිං අබිං කෑවා වගේ තමයි. නවත්වන්න බැහැ. ඊටපස්සේ හසන්ත අයියා, හැම වෙලාවකම කරදරයකදී උදව්වට එන පූසා මල්ලී සහ විමා මල්ලී, (200ට කරන්න ෆිල්ම් එකක් හොයලා දෙන්න ඒ දෙන්නම සෑහෙන්න මහන්සි උනා) ඒ වගේම දැන් වැඩිය පේන්න නාවත් ගයාන් මල්ලී ( මේ ලිපිය ලියන මොහොතෙත් මගේ වැඩක් කරන ගමන් ඉන්නේ) නිර්මාණි නංගී, සමීර අයියා, සදුන්, ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ආසිරි සහෝදරයා ( ඔන්න නම දැම්මා, දැන් පෙප්සි කේස් එකක් එවන්න), සූධීර මල්ලී සිසිල මල්ලී ඇතුළු ඇඩ්මින් මන්ඩලය සහ අනෙකුත් උපසිරැසි කරන සියළුම සහෝදරියන්, සහෝදරයන් වගේම විකියා අයියාවත් අමතක කරන්නම බැහැ. විකියා අයියා තමයි මුලින්ම ඇඩ්මින් කෙනෙක් හැටියට මට කතා කලේ. මේ ගැන කියලා දීලා වැරදි පෙන්වලා දුන්නේ. ඒත් ඉතිං අද වෙනකන්, මේ 200 කරනකොටත් අඩුපාඩු වැරදි නම් නොඅඩුවම ඇති. ඊට පස්සේ තමයි විමා මල්ලී හසන්ත අයියා එහෙම අදුනගත්තේ. ඉතිං මේ උපසිරැසිකරණයෙන් ලැබුන හොදම තෑග්ග, හැමදාම කියනවා වගේ මේ සහෝදරත්වය ගොඩක් වටිනවා. ඒ ගැන කියලා නිම කරන්න වචන නැහැ. සමහරවිට අපි හමුවෙලා තියෙන්නේ දවසක් දෙකක් වෙන්න ඇති. ඒත් ඒ බැදීම නම් ජීවිත කාලයක් තිස්සේ තිබුන එකක් විදියටයි දැනෙන්නේ. ඒ වගේ බැදීමක් අපි හැමදාම ආශ්‍රය කරන අයගෙන් වුනත් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඉතිං මේ හැම දෙනාටම කෘතඥපූර්වක ස්තුතිය පුද කරන්න ඕන, ලැබුනු උපදෙස් වලට වචනයකින් හරි ලැබුනු දිරි ගැන්වීම් වලට වගේම මේ ලබා දුන්න සහෝදරත්වයේ බැදීමට.

හොදයි එමෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු නේද? 200 සම්පූර්ණ වෙන්න එනවා කියලා දැනුම් දුන්නේ අපේ සුධීර මල්ලී. ඊට පස්සේ කරන්න ෆිල්ම් එකක් නැතිව දවස් කිහිපයක් ගතවුනා. ෆිල්ම් එක ගැන ඔත්තුව දුන්නේ අපේ පූසා මල්ලී, මේ ෆිල්ම් එක නෙගෝෂියේට් කරලා මට අරගන දුන්නේ අපේ විමා මල්ලී,  ඒ වෙනකොට ෆිල්ම් එක බාරගන තිබුනේ හසන්ත මාලින්ග සහෝදරයා, මේ ෆිල්ම්එක මට ලබාදීපු එක වෙනුවෙන් ඒ 4 දෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕන..

2017 නොවැම්බර් මාසයේ විකාශය සදහා නිකුත් වුන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4ක අගයක් සහ කුණු තක්කාලි 86% ක් ලබාගන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය Joe White ගෙන්. ඒ වගේම ප්‍රධාන චරිතය රංගනයෙන් දායක වනවා ඇකඩමි සම්මානය සදහා නායයෝජිත Gary  Oldmen. ඒ වගේම ඒ රංගනය වෙනුවෙන් ඔහුට ගෝල්ඩන් ග්ලෝබ් සහ මෝෂන් පික්චර්ස් සම්මාන ලැබිලා තියෙනවා හොදම රංගනයට.  ඒ වගේම ඔස්කා සම්මාන 6ක් සහදා නාම යෝජනාවී තිබෙනවා. ඉතිං ෆිල්ම් එක මොනවගේද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඉතිං ත්‍රිලර් සහ ඉනස්පයරින් ස්ටෝරි ගනයට වැටෙන මේ ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..

මේ 1940 මැයි 9, හිට්ලර්ගේ නාසි හමුදා චෙකොස්ලොවේකියාව, ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු යුරෝපයේ විශාල ප්‍රදේශයක් යටත් කරගන බෙල්ජියමේ දේශසීමාවට ඇවිත් යුරෝපයේ ඉතිරි ප්‍රදේශ ජයග්‍රහණය කරා මෙහෙයවන්නයි සූදානම් වෙන්නේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ වෙනකොට අතිශය අස්ථාවර තත්වයක තියෙන්නේ. ඔවුගේ අගමැති නෙවිල් චෙම්බර්ලීන් වෙත ඔවුන් තැබූ විශ්වාසය බිදවැටී අවසන්. දැන් සභාග ආණ්ඩුවක් පිහිටවන්න විපක්ෂය ආණ්ඩු පක්ෂය සමග එකතු වෙන්න සූදානම්. හැබැයි මේ පක්ෂ දෙකේම කැමැත්ත හිමිවෙන්නේ එක් පුද්ගලයෙක්ට විතරයි. ඒ තමයි වින්ස්ටන් චර්චිල්. ඔහු මේ අවස්ථාව එනකන් මුළු ජීවිත කාලයම බලාගන හිටියාවුනත් ඒක ලැබුනු කාලය නම් ඒ තරම් සුන්දර නැහැ. මේ වෙනකොට නාසි හමුදා බටහිර යුරෝපය යටත් කරගන්න සූදානමින් ඉන්නවා, මුලු බ්‍රිතාන්‍ය හමුදාවම ඩන්කර්ක් වල හිරවෙලා, ඒ වගේම තමයි මේ වෙලාවේ හිට්ලර් ආරධනා කරනවා සාම ගිවිසුමකට එන්න කියලා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර පාක්ෂිකයින්ට. මේ අවස්ථාවේ වින්සටන් චර්චිල් උභතෝකෝටික ගැලළුවක ඉන්නේ. ඩන්කර්ක් වල ඉන්න හමුදාව සහ බ්‍රිතාන්‍ය ජාතිය වෙනුවෙන් අධිරාජ්‍ය යටත් විජිතයක් බවට පත්වෙමින් හිට්ලර්ගේ සාම ගිවිසුමට අවතීර්න වෙනවද, එහෙම නැත්නම් දිගටම යුද්ධය කරගන ගිහින් හිට්ලර් පරාජය කරලා අධිරාජ්‍ය විජයග්‍රහණය කරා මෙහෙයවනවද? ඔහු නම් ක්ෂණික තීරණයක් ගන්නවා ඒ තමයි විජයග්‍රහණය. නමුත් ජනතාවට අවශ්‍ය කරන්නේත් ඒකමද? ඔහු නැවතත් කල්පනා කරනවා. ඉතිං කතාව බලන්න. චර්චිල්ගේ අවසාන තීරණය මොකක්ද කියලා. ඇක්ෂන් ෆිල්ම් එකක් නොවුනට කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් සුපිරි ෆිලුමක් හැටියට තමයි මම මේක නම් කරන්නේ! කළු ලැයිස්තුවේ  ඊයේ නිකුත් වූ අලුත්ම කොටසින් හමුවෙමු….

 

“You cannot reason with a tiger when your head is in its mouth.”

 



 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HD/Web පිටපත් සඳහා අදාළ වේ.

8,330 downloadsDownload Darkest.Hour_.2017.zip239 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,330 downloadsDownload Subtitles239 KB

98 comments

  1. Udithakavinda123

    Suba pathum akke..nawaththanda epa digatama karandooooooooo

  2. gihan perera

    No..no..Don't stop sis...keep continue....god bless you!...Thank you sooo much for this sub....don't stop sis....good luck....

    1. Udara Damith Dissanayaka

      මන් කමෙන්ට් එක ටයිප් කරනකොට මෙන්න එකක් දාල එල

  3. Udara Damith Dissanayaka

    ~~~~~ජීවිතය ජය ගන්න ~~~~~~~
    ~~~~~~මගපෙන්නවන්නේ ~~~~~~
    ~~~~අපේ සුන්දර සිහිනයන්ය ~~~~~
    ~~~~සිහිනයක් නොවන්නට පුළුවන~~
    ~~~~~ඒ අප සැබෑ මිනිසුන් නිසාවෙනි`
    ~~~~~සිහිනයකින් තොර ජිවිතයක්~~
    ~~~~~~නොමැත~~~~~~~~~~~
    ~~~~~~එහෙත් උත්සාහය කැපවීම ඇත්නම්
    ~~~~~~ඒ සිහින සැබෑවටම~~~~
    ~~~~~~ සිහිනයක් නොවනු ඇත~~
    200 වනි කදිම පහු කරපු ඔයාට උණුසුම් සුබ පැතුම් අක්කේ
    පුලුවන් විදිහට දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්ඩ
    මෙච්චර කාලයක් අපිට සබ් දුන්න ඒවගෙන් මන් වැදිය බැලුවේ ටීවී සීරියස්
    ඒවාට සබ් දුන්නට ගොඩක් ස්තුතියි
    අනාගතේ කටයුතු සාර්ථක වෙනද කියලා ප්‍රා ර් ත නා ක ර න වා
    සුබ අනාගතයක් වේවා

  4. Navodani Thilini Sasanika

    200 වෙනි උපසිරසිය වෙනුවෙන් සුභ පතනවා අක්කේ!!!
    ගොඩක් කල් ඉඳන් කරන මේ සේවයට ගොඩක් ස්තූතියි. ඒ වගේම බැනුම් අහගෙන හරි සිංහල උපසිරසි මෙච්චර කල් කරපු එක ලොකු දෙයක්. මං හිතන විදියට බයිස්කෝප් මෙච්චර කල් ආපු ගමනේ අක්කත් ලොකූ පුරුකක් වෙලා තියෙනවා මේ උපසිරසිත් එක්ක.
    තවත් උපසිරසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සුභ පතනවා.

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    200 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්..

  6. Nirosh C

    සුබපැතුම් සහෝදරී.උපසිරැසියට ස්තුතියි.ජයවේවා!

  7. baiscope_chandima

    සුභපැතුම්...
    නියමයි 250 ත් ඉක්මනටම ඕන.
    ස්තුතියි මේකරන සේවාවට.

  8. THE NEW FOLDER

    I WISH YOU ALL THE BEST. THANKS FOR SUBTITLE

  9. Shan Ashok

    PLZ ANE MAN GODAK ASAI OAYGE SUB VALATA.MAN MEKA BISCOP WEB AEKATA KEEWA.BUT NOT DO IT,plz HOT TUB TIME MACHINE COMEDY meke 2 dunna.AEKA NEYAMETA HINA YANAWA.but 1 an 3 4 ne.PLZ OYATA PULUWANNAM AE TEKA DENNA.HOT TUB TIME 2 dunna KENA NEYAMA ENGLISH SUB VALA SINHALA TERUN DUNNA ADULT WORDS VUNATH.PLZ AEVIDEHATA DENNA ,AETAKOTAI fun.AM 30 +

  10. Shan Ashok

    SURENI PLZ AEKA DENNA

  11. Shan Ashok

    AETAKOTAI NEYAMA FUN

  12. Helili Hemamali

    උණුසුම් සුබ පැතුම් අක්කේ! 250, 300 කඩයිම් පහු කරන්නත් වාසනාව, ශක්තිය ලැබේවා!

  13. JackJill

    Nago , meke BR out wela godak kal , sub eka BR update karana .
    thanks

  14. එල්.සී. දමැල්

    200ට සුබපැතුම්. මෙතිනින් නොනැවති 250, 300 කඩඉම්වලින් හමු වෙමු... බොහොම ස්තුතියි සබ් එකටත්. බලා උන්න එකක්.

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝදරී.200 උපසිරැසියට සුබපැතුම්
    ජය වේවා!

  16. Kelum chethiya

    Subapathum....

  17. Shemil90

    Jaya wewa

  18. Chämàrá Sâmpáth

    200'වැනි කඩයිමට සුබපැතුම් සුරේනි අක්කා.
    මමනම් කියන්නේ නවතන්න එපා. මොකද එහෙම වුනත් අපරාදේ.
    කළු ලැයිස්තුව මෙච්චර දුරක් කරන් ආවා වගේ හෙමින් සැරේ සබ් එකක් කරගෙන යමු.
    250 වැන්නටත් ලගදීම ලගාවෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි.
    ජය!!

  19. Panther

    උණුසුම් සුබපැතුම් 200 වැනි උපසිරසියට

  20. sachintha

    Sub ekata thanks akkee...
    200 weni upasirasiyata suba pathanawa...
    #Blacklist eka nawaththanne nathuwa digatama sub demu....
    Jaya wewa

  21. sachintha

    Sub ekata thanks

  22. Kulanjana Maduranga

    Hat off Respect SIS….really appreciate your works..thanks for giving us all of this…Great work & Lot of thanks SURENI Sis.wish u’r great future..

  23. Amila sadagala

    thank you

  24. amilagihan12

    congrdz Sureni akzz... Thanks ahh,,,

  25. විමා

    200ට උණුසුම් සුබපැතුම් අක්කේ.
    ප්ලැටිනම් ලෙවල් එකටත් ඇවිල්ල දැන් හෙමින් හෙමින් ආව ගමන.
    බැනුම් අහගෙන බ්ලැක් ලිස්ට් එක අදින එකම ඇති ජාති ජාතිත් ටීවී සිරිස් ලොවක ඉපදෙන්න
    වෙනසින් පස්සෙත් වැඩේ නවත්තන්නේ නැතුව හෙමින් සැරේ හරි කරගෙන යමු බයිස්කෝප් එකට තව සාමජිකයෙකුත් එකතු කරගෙනෙම :D
    අනිවාර්යෙන්ම ලංකාවේ හැම කෙනෙක්ම බලන්න ඕන, වටිනා ෆිල්ම් එකක්. කිසිම කම්මැලිකමක් නැහැ පැය දෙක යනවා දැනුනෙවත් නැහැ.
    එහෙනම් කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා ජයෙන් ජය වේවා.... :D

  26. Athula

    සුබපැතුම් 200

  27. Jaime Lannister

    Congrazz akka.....digtma karagena ymu.blacklist mn gdk kmathi tv series 1k.ekta sub dena 1 nm nwaththnna epa...ewagema mechchra kal krapu sewayata thnx.....gd luck....

  28. Sajeewa Dilshan

    Thnx sis

  29. imeshmadhusahank

    Tnq a..

  30. Ravindu Rukshan

    200වෙනි උපසිරැසය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් අක්කි..
    මෙතනින් නොනැවතී තව ඉදිරියට යන්න පාර්ථනා කරනවා.

  31. Suranjan

    Thank you......jayawewa......!

  32. AsithaDilruwan

    mage suba pathum
    thanks sis

  33. AsithaDilruwan

    thanks sabata

    1. AsithaDilruwan

      200 ta suba pathum

    2. AsithaDilruwan

      nawa kadimata suba pathum

  34. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුරේනි.
    ජය.

    1. දමිත් රත්නායක

      200 ට ඔන්න සුබ පැතුම්.
      ඉදිරියටත් තවත් විශිෂ්ඨ චිතරපට ගොඩකට සබ් දෙන්න ලැබේවා.

  35. Nilupul Madukapriya Perera

    200වෙනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්..
    සුරේනි අක්කා කිව්වහම ඉතින් කාටත් මතක් වෙන්නේ
    කළු ලැයිස්තුව තමා ඉතින්. කාලයක් තිස්සේ හෙමින් හෙමින්
    හරි 200 ගැහැව්වනෙ. ඒකත් දීලා තියෙන්න සුපිරිම ෆිලුමකින් තමා.
    අර විමා කිව්වත් වගේ දැන් අක්කත් ප්ලැටිනම් ලෙවල් එකට ආවා එහෙනම්.
    ඉස්සරහටත් හෙමින් හෙමින් හරි කමක් නෑ නවත්තන්නේ නැතුව උපසිරසි
    ලබා දෙන්න කියලා තමා කියන්න තියෙන්නේ.එහෙමනම් ළගදීම 250 වෙනි උපසිරසියත්
    ලැබෙයි කියලා හිතනවා.
    වැඩි වැඩියෙන් සබ් කරන්නට කාලය ශක්තිය ලැබේවා. ඔබට ජයෙන් ජය!

  36. සිසිල ප්‍රසාද්

    දෙසිය වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පැතුම් අක්කේ!
    නවත්වනවා කියලා කොච්චර හිතාගත්තත් මේක නවත්තන්න බැහැ කියලා දන්නවා. මොකද, අපි හැමෝම සහෝදරත්වයේ බැඳීමකින් එක්හාසු කරලා තියෙන මේ උපසිරැසිකරණය කියන දේ කිසිම විදියකින් බිඳින්න බැරි දෙයක් බවට පත්වෙලා තියෙන්නේ. මෙතුවක් කාලයක් පුරාවට බයිස්කෝප් වෙබ් අඩවිය සහ සුවහසක් සිනමාලෝලීන් වෙනුවෙන් ඉටුකරන ලද මෙහය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම ලඟාවීමට ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  37. Waruna Kamalawansha

    උපසිරැසි 200 ක්
    බොහෝම ස්තූතියි සියල්ලටම......
    ඒ වගේම මේ සුපිරි කතාවටත්...

  38. hiruni

    Thankzzzz bro

  39. anushad franando

    congrats sureni sister wish you all the best...!!! thank you for sub ..............

  40. SAjith Anthony

    200 වෙනි උපසිරැසියට සුබ පැතුම්...!!
    ජයෙන් ජයම වේවා...!!

  41. ranga11112

    උපසිරැසි 200 Wow......බොහෝම ස්තූතියි......ඉදිරියටත් සබ් දෙන්න සහෝදරී....

  42. සනිඳු ලක්ඛිත

    200 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් අක්කේ. සබ් කරන එකනම් නවත්තනවා තියා හිතන්නවත් එපා අක්කේ. ඔයා වගේ 100%ක් ගුණාත්මක විදියට සබ් කරන කෙනෙක් නැති උනා කියන්නේ අපිට ලොකු පාඩුවක්. තව තවත් ඉදිරියට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා!

  43. Pathum Aroshana

    <3 <3 <3

  44. jagath55

    Thanks

  45. Sandeepmadushan

    Suba pathanava..

  46. Sandeepmadushan

    Suba pathanava..

  47. James DC

    200 වෙනි උපසිරැසියට සුභ පැතුම් !!!

  48. dpkdharmasena

    ඇත්තටම සබ් එකක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.ඒ උනත් ඔයාලා කරන මේ වැඩේ ගොඩක් වටිනවා.දැන් ලන්කාවේ අයට ෆිල්ම් එකක් කියද්දි බයිස්කෝප් එල්කේ කියන නම මතක් වෙන්නවා.ඒ තත්වෙට ඔයාලා මේක දියුණු කරලා තියෙනවා.ඉතින් 200 වෙනි උපසිරස වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා.තව තවත් උපසිරසි එලි දක්වන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කර්නවා

  49. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි උපසිරැසියට...... ජය වේවා!!!

  50. Viraj

    200ta suba pathum. sub ekata thanks akke. jaya wewa!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.