Watch Trailer

Fantastic Four (2015) with Sinhala Subtitle |’අරුම පුදුම සතර දෙනා නැවතත්’ (50) [සිංහල උපසිරසි සමඟ]

මට අද බොහොම විශේෂ වගේම ප්‍රීතිමත් දවසක්. අද මමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි 50 කඩයිම පසු කරපු කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම දැනට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි 50 පසු කළ ලාබාලතමයා මම. කියන්න දේවල් බොහොමයි. කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. 2013 වසරේ මැද භාගයේදී තමයි උපසිරැසි නිර්…

Fantastic Four (2015) -50Aditha

මට අද බොහොම විශේෂ වගේම ප්‍රීතිමත් දවසක්. අද මමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි 50 කඩයිම පසු කරපු කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම දැනට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි 50 පසු කළ ලාබාලතමයා මම. කියන්න දේවල් බොහොමයි. කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. 2013 වසරේ මැද භාගයේදී තමයි උපසිරැසි නිර්මාණය කිරීමේ අදහස මුලින්ම ඔලුවට ආවේ. කොහොමහරි අදහස ක්‍රියාත්මක වෙනකොට ඊළඟ අවුරුද්දටත් ලං වුණා. 2014 ජනවාරි දෙවෙනිදා Mujhse Shaadi karogi චිත්‍රපටය එක්ක තමයි මම බයිස්කෝප් පවුලට එකතු වෙන්නේ. පටන් ගන්න කොට නිකමටවත් හිතුවේ නෑ මේ තරම් දුරක් එන්න. උපසිරසිකරණයට තිබුණ ආශාව නිසාම අද උපසිරැසි 50 ක් දක්වා නොදැනීම ළඟා වෙලා. මේ උපසිරැසි 50 තුළ ඉංග්‍රීසි, හින්දි, තෙලුඟු, පකිස්ථානු, චීන, ජපන්, කොරියානු ආදී විවිධ වර්ගයන්ට අයත් වුණ චිත්‍රපට 43 ක් සහ රුපවාහිනි කතා මාලා කොටස් 7 ක් ඇතුළත් වෙනවා. උත්සාහ කළේ එකම රාමුවකට කොටු නොවී විවිධත්වයකින් යුත් චිත්‍රපට තෝරාගන්න. බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ සහයෝගයත් එක්ක ඒක සාර්ථකව ඉටු කරගන්න ලැබුණා කියලා හිතනවා. ඒ වගේම මෙතෙක් බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමග පැමිණි ගමනේදී ජිවිතයට එකතු කරගත් දේ, අලුතෙන් ඉගෙන ගත් දේ සහ දැන හඳුනාගත් යහළුවන්ගේ වටිනාකම මෙපමණැයි කිව නොහැකි තරම්.

මෙතෙක් දුර ආ ගමන් මඟේ උපසිරැසි 50 ක් දක්වා ළඟා වෙන්න උදව් උපකාර කරපු දිරිගන්වපු අය බොහොමයි. ඒ අයගෙන් කිහිප දෙනෙක්ව මේ වෙලාවේ මතක් කරන්නම ඕන.මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන කිසිම සම්බාධකයක් පනවන්නේ නැතුව මේ වැඩ කටයුතු වලට අවසර හා අතහිත දුන්න මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමකෙනෙක්ම. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ගැන මුලින්ම මට කියපු මගේ සමකාලීන සගයා රවිඳු නිපුන් සොහොයුරාවත් මතක් කරනවා. ‘මචන්, අපිත් සබ් එකක් කරමු’ කියන අදහස රවිඳු මගේ ඔලුවට දැම්මේ නැත්නම් අද මෙතන අදිත ප්‍රවීන් කෙනෙක් නැතිවෙන්න පුළුවන්. උපසිරැසි 50 පුරාවටම මාත් එක්ක ඉඳලා අඩුපාඩු පෙන්වලා දීලා අමාරුවේ වැටුණ වෙලාවට උදවු කරපු රවිඳු සහෝට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. පළවෙනි උපසිරසියේ ඉඳන් දිගටම උදව් කරපු කෙනෙක් තමයි විකියා අයියා. කියපු සැනින් කොහෙන් හරි චිත්‍රපටයක් හොයලා දීලා මුල් මාස කීපයේදීම මගෙන් උපසිරැසි බොහෝ ගණනක් ලබා ගන්න විකියා අයියාට පුළුවන් වුණා. බෑ කියන්න බැරි නිසා උපසිරැසි කරපු අවස්ථාත් තිබුණා. තාක්ෂණික ගැටලුවලදීත් උපසිරැසි සම්බන්ධ ඕනෑම ගැටළුවකදීත් පැය විසි හතරම උදව්වට ඉන්නවා. විකියා අයියා කාර්ය බහුල වීමත් එක්ක ඊළඟට මාව අහුවෙන්නේ සමීර කරුණාරත්න අයියාට. හොයලා දුන්නොත් හොයලා දෙන්නෙම මොළේ අවුල් කරන චිත්‍රපටයක්ම තමයි ඉතින්. මල් ගස් වටේ දුවන චිත්‍රපටම හොයන්නේ නැතුව සිනමාව ගැන ගැඹුරින් හිතන්න ඉගැන්නුවේ සමීර අයියා. නොදන්නා දෙයක් නෑ. ඕනෑම දෙයක් නිහතමානීව කියලා දෙනවා. ඒ වගේම තමයි ඉතින් ඕනෑම ඉංග්‍රීසි වචනයකට ශබ්දකෝෂයක නැත්නම් හදලා හරි සිංහල වචනයක් හොයලා දෙනවා.එයාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම මතක් කරන්න ඕන අපේ සමීර චතුරංග අයියාවත්. එකක් තෝරාගන්න බැරි තරමටම ෆිල්ම් හොයලා දෙනවා. සමහර වෙලාවට එයා භාර ගත්ත ඒවා පවා මට භාර දෙන්න තරම් කාරුණික වෙලා තියනවා. ටොරන්ට් එකක් හෝ උපසිරසියක් නිකුත් වුණ ගමන්ම දැනුම් දෙනවා. පැය විසි හතරම ඕනෑම උදව්වකට ඉන්නවා. හැබැයි ඉතින් සමීර අයියා එක්ක වැඩ වෙලාවට තියෙන්න ඕන. නැත්නම් ඉතින් මූණු පොතට ගිහින් ඉවරයි. 50 වෙනි උපසිරැසිය සඳහා මේ චිත්‍රපටය හොයලා දෙන්න නොසෑහෙන්න මහන්සි වුණෙත් සමීර අයියා තමයි.

ඒ වගේම රොයිලි අයියා, හසන්ත අයියා ඇතුළු ඇඩ්මින්වරු සියලු දෙනාවම බොහොම ආදරයෙන් මතක් කරනවා. ගයාන් රූකාන්ත අයියාවත් මතක් කරන්න ඕන. ‘මලේ අලුත් ෆිල්ම් එකක් තියනවා. කරමුද ‘ කියලා චිත්‍රපට ගණනාවක් හොයලා දීලා තියනවා. මම භාර ගත්ත චිත්‍රපටයක උපසිරසියක් නිකුත් වුණොත් මුලින්ම දන්වන්නේ ගයාන් අයියා තමයි. විමා අයියාවත් මතක් කරන්න ඕන. ටී ෂර්ට් එකක් නිසා මම විමා අයියාට නොසෑහෙන්න කරදර කරලාත් තියනවා . නොදන්නා දේවල් කියලා දුන්න, ඕනෑම වෙලාවක උදව්වට ඉන්න බයිස්කෝප් සෙට් එකේ යශෝධ අයියා, හේවා අයියා, ලක්ෂාන් නිලංක අයියා, රවින්ද්‍ර හංසක අයියා ඇතුළු  එකී මෙකී නොකී සෑම සහෝදරයෙක්ම සහෝදරියක්ම ආදරයෙන් මතක් කරනවා. ඒ යාළුකම් ගොඩක් වටිනවා. ඒ වගේම තමයි උපසිරැසි 50 ක් දක්වා මාත් එක්ක හිටපු ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටත් බොහොම ස්තුතියි. එක වචනයකින් හෝ මාව දිරි ගන්වපු  හැමෝටම ස්තුතියි. ඒ වගේම අනාගතයේදී ඉදිරියට යන්නත් ඔබේ සහයෝගය ඒ අයුරින්ම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

50 Aditha wish

චිත්‍රපටයට අවධානය යොමු කරමු.  Fantastic Four (2005) සහ  Fantastic 4: Rise of the Silver Surfer (2007) ලෙස මින් පෙර චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබෙන බව ඔබ දන්නවා.  ඒ චිත්‍රපට දෙක ලොව පුරා ජනප්‍රියත්වයට පත් වීම නිසා Fantastic Four ලෙසින්ම හැඳින්වෙන මෙම චිත්‍රපටය reboot එකක් ලෙසයි නිර්මාණය වෙන්නේ. 2009 වසරේදී තමයි 20th Century Fox සමාගම මෙලෙස චිත්‍රපටයක් නිර්මාණය කරන බව නිල වශයෙන් දැනුම් දෙන්නේ. තිරරචනය සහ නළු නිළියන් තෝරාගැනීම ආදී නොයෙක් කටයුතුවලදී ගැටළු කීපයක් මතුවීම නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ප්‍රමාද වී තිබෙනවා. චිත්‍රපටය තිරගත වන දිනය කිහිප වතාවක්ම වසරකින් පමණ කල් දැමීමට සිදුවී තිබෙනවා. කෙසේ වෙතත් අවසානයේ පසුගිය අගෝස්තු 07 වෙනිදා තමයි තිරගත වීම ආරම්භ කෙරුණේ. පැරණි චිත්‍රපට දෙකෙහි රංගන ශිල්පින් නෙවෙයි අලුත් තරුණ රංගන ශිල්පින් තමයි මේ චිත්‍රපටයට දායක වෙන්නේ.
 
Reed Richards          ලෙස  Miles Teller
Johnny Storm            ලෙස  Michael B. Jordan
Susan “Sue” Storm   ලෙස  Kate Mara

Ben Grimm                ලෙස  Jamie Bell
Victor von Doom        ලෙස  Toby Kebbell

යනාදී වශයෙන් රංගන ශිල්පින් රංගනයෙන් දායක වෙනවා. 20th Century Fox , Marvel Entertainment සහ තවත් සමාගම් කීපයක් යටතේ තමයි නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. අධ්‍යක්ෂණය Josh Trank විසින්. IMDb අගය සඳහන් වෙන්නේ 4.0 ක් ලෙස.

විශේෂයෙන්ම කියන්න ඕන, මේ චිත්‍රපටය බොහොම හැලහැප්පීම්වලට ලක්වුණ ආන්දෝලනාත්මක සහ අර්බුදකාරී චිත්‍රපටයක් වුණ බව. එහෙත් චිත්‍රපටය නිෂ්පාදනය කරන බව නිවේදනය කළ කාලයේ සිටම සුපරි වීර චිත්‍රපට සිනමාවේ නව බලාපොරොත්තුවක් ලෙසයි ප්‍රේක්ෂකයන් සහ විචාරකයින් මෙය හැඳින්වූයේ. මෙම චිත්‍රපටය සඳහා නිකුත් වූ teaser trailer එක 20th Century Fox ඉතිහාසයේ වැඩිපුරම නැරඹු පුර්ව ප්‍රචාරක පටය ලෙස වාර්තා තැබුවේ ඊට පෙර එම වාර්තාවට හිමිකම් කී  X-Men: Days of Future Past චිත්‍රපටයේ පූර්ව ප්‍රචරක පටය අතික්‍රමණය කරමින්. මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් කළ දෙවෙනි නිල පූර්ව ප්‍රචාරක පටයටද එලෙසම විචාරකයන්ගෙන් සහ ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුවා. එහෙත් චිත්‍රපටයට තිරගත වීමෙන් පසු ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ඇගයීම් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අඩු වූවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර තරමක් සතුටුදායක ලෙස ලැබුණත් චිත්‍රපට විචාරකයන්ගේ දැඩි විවේචනයට මෙම චිත්‍රපටය ලක් වුණා. හොලිවුඩයේ ඇතැම් ආරංචි මාර්ග මඟින් චිත්‍රපටයේ අධ්‍යක්ෂක Josh Trank සහ නිෂ්පාදක Fox සමාගම අතර මතභේද ඇතිවී තිබුණ බවයි දැනගන්නට ලැබුණේ. චිත්‍රපටය අඩක් පමණ නිර්මාණය කර අවසන්ව තිබියදී  Fox සමාගම චිත්‍රපටය මුළුමනින්ම අත්පත් කරගත් බවයි ආරංචි වෙන්නේ. අධ්‍යක්ෂක Josh Trank විසින් එක් අවස්ථාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා චිත්‍රපටය තමාගෙන් සම්පුර්ණයෙන්ම උදුරාගත් බව සහ තමා නිර්මාණය කරන්නට සුදානම් වූ අයුරින් එය නිර්මාණය කළේ නම් මීට වඩා හොඳ විචාරක ප්‍රතිචාර ලබා ගත හැකිවන බවත්. පසුව ඔහු එම ප්‍රකාශය ඉවත් කරගෙන තිබුණා. ආදායම් ඉපයීමෙන්ද එතරම් සාර්ථකත්වයක් පෙන්වා නැහැ. නිෂ්පාදන වියදම නම් ඉක්මවලා තියනවා. මගේ පෞද්ගලික මතය තමයි යම් යම් සුළු අඩුපාඩු තිබුණත් චිත්‍රපටයක් විදියට හොඳ ගුණාත්මක තත්වයකින් යුතුව රස විඳිය හැකි චිත්‍රපටයක් බව. කවුරුන් කෙසේ කීවත් කොතරම් පාඩු ලැබුවත් මෙම චිත්‍රපටයේ දිගුවක් 2017 වසරේදී නිකුත් කිරීමට දැනටමත් කටයුතු සිදුවී හමාරයි. තීරණය ප්‍රේක්ෂක ඔබට භාරයි.

කතාව ගැන කිවුවොත්, රීඩ් රිචඩ්ස් පාසල් වියේ සිටම උත්සාහ කරන්නේ දූරවිස්ථාපනය (ටෙලිපෝට්) කළ හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කරන්න. එහෙත් පාසලෙන් හෝ වෙනත් කිසිම තැනකින් ඔහුට කිසිදු උපකාරයක්, දිරිගැන්වීමක් ලැබෙන්නේ නෑ. එක්තරා විද්‍යා ප්‍රදර්ශනයකදී අහඹු ලෙස බැක්ස්ටර් නම් සමාගමේ ෆ්‍රෑන්ක්ලින් ස්ටෝම් සහ ඔහුගේ දියණිය වන සූසන් ස්ටෝම්ව  රීඩ්ට  මුණ ගැසෙනවා. රීඩ්ගේ හැකියාව හඳුනා ගන්නා ෆ්‍රෑන්ක්ලින්, ඔහුට බැක්ස්ටර් සමාගමේ ශිෂ්‍යත්වයක් ලබා දී රීඩ්ගේ පර්යේෂණයට සහයෝගය ලබා දෙනවා. ඒ වන විටත් රීඩ්ගේ පර්යේෂණයෙන් අඩක් පමණ බැක්ස්ටර් පදනම මගින් සොයාගෙන අවසන්. ඔවුන් රීඩ්ගේ සහය ලබා ගන්නේ පර්යේෂණය සම්පූර්ණ කර ගැනීමටයි. ඔවුන්ගේ ව්‍යාපෘතිය මගින් අත්හදා බලන්නේ වෙනත් මානයකට, වෙනත් සමාන්තර ලෝකයකට මිනිසුන් යැවීමයි. අවසානයේ පර්යේෂණය සාර්ථක කරගන්නා රීඩ්ගේ කණ්ඩායමේ බලාපොරොත්තුව වන්නේ ප්‍රථමයෙන්ම නව මානයට පා තබන මිනිසුන් ලෙස ඉතිහාසයට එක්වීමයි. එහෙත් එම ව්‍යාපෘතියට ආයෝජනය කරන සමාගමේ අදහස් ඊට ගැලපෙන්නේ නැහැ. ඒ හේතුවෙන් රීඩ්, සූසන්ගේ සොහොයුරා වන ජොනී ස්ටෝම්, රීඩ්ගේ මිතුරෙකු වන බෙන් ග්‍රීම් සහ වික්ටර් වොන් ඩූම් රහසේම නව ලෝකයට පා තබනවා. එහිදී සිදුවන අනතුරකින් වික්ටර්ව එහි තනිකර නැවත පෘථිවියට ඒමට අනෙක් සගයන්ට සිදු වෙනවා. එහිදී නව ලෝකයේ පාරිසරික තත්ත්ව මත රීඩ්, බෙන් සහ ජොනී නැවත පැමිණෙන්නේ අසාමාන්‍ය ශාරීරික තත්ත්වයන් යටතේයි. ඔවුන් නැවත පැමිණීමේදී ඇතිවන පිපුරුමෙන් ඇතිවන බලපෑමෙන් සූසන්ටද අනෙක් අයට මෙන් අසාමාන්‍ය ශාරීරික තත්වයන් ඇතිවෙනවා. වික්ටර්ට මොනවා වුණාද කියලා කවුරුවත් දන්නේ නෑ. ඔය ඇතිනේ.ඉතුරු ටික ඔයාලාට.

කතාව පරණ චිත්‍රපටවල වගේම නේද කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඊට වඩා වෙනස්ව අලුත් විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. හැමෝටම උපසිරැසි සමගම නරඹන්න කියලා ආරාධනා කරනවා. සුපුරුදු පරිදි අදහස් දක්වා යාමට කාරුණික වෙයි කියලාත් හිතනවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

 

Fantastic Four (2015) on IMDb

 

 

800 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

BB3CBEE191A794BEE0AD949643D482DFE1CB77C0

1.47 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න

C480EE726E784CACA4FC98F16E5BA31234C372A6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

20,494 downloadsDownload Fantastic.Four_.2015.BR_.zip168 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

20,494 downloadsDownload Subtitles168 KB

130 comments

  1. Saman Prasad [පූසා]

    50ට මුළු හදවතින්ම සුභ පතනවා අදිත මලයෝ...
    එහෙනම් ඔහොමම 100ත් අරගෙන එන්න බලමු නේද... :)
    මේක නම් ඉතින් Br ආවම තමා ගන්න වෙන්නෙ...
    ජය වේවා කොල්ලෝ...!!! :)
    සුභ පැතුම්...!

  2. waruna madushan

    සුපිරිනෙඑඑඑඑඑඑඑඑඑඑ

  3. sajeevi

    50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.
    මේක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ සබ් දෙනකම්.
    ගොඩක් ස්තූතියි.

  4. Isuru

    Tnx machan for the support......and all the very best for ur 50th job and counting more...

  5. Darshana Sampath

    thanxxxxx saho.

  6. රවිඳු තේනබදු

    පට්ට ඈ... 50ට සුභපැතුම්.
    අද උදේ දැක්ක ගමන්ම බාගෙන හිටියා... එල කොල්ලෙක්..

  7. ඉමල්ක ද සිල්වා

    50 වෙනි සබ් එකට සුභපැතුම් සහෝ ,
    දිගටම යමු
    ජයවේවා !

  8. madusanka jayasooriya

    jaya wewa.

  9. HD Brothers DJ

    උපසිරැසියට ගොඩක් ස්තූතියි.

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි අදිත සහෝ..
    කොල්ලා 50 ත් ගහලා එහෙනම්..
    බයිස්කෝප් එකෙන් සබ් ගන්න හැමෝම ස්තූතිවන්ත වෙන්න ඕනි
    මේ කරන කැපවීම ගැන
    50 කඩයිමට ආව කියන්නේ ඉතින් කොච්චර කැපවීමක් වෙලාද කියන එක ගැන මොන කතාද ඉතින්
    තමන්ගේ වටිනා කාලයත් වැය කරමින්
    ඉතින් ඔයාගේ සබ් රටාවත් ගොඩක් හොඳයි
    ඉදිරියටත් 100 කඩයිමටත් ඉක්මනින්ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ඔයාට ජයෙන් ජයම වේවා...!!!

  11. Tharaka Nuwan Dilhara

    සුභ පැතුම් කොල්ලෝ...
    උපසිරැසි ලිස්ට් එක 49 තියාගෙන මාස ගානක් ඉවසගෙන හිටියා නේද අද වෙනකන්..
    එල.. ඊයේ රෑ සමීර අයියා කිව්වා අද පාටියක් තියේ කියලා.
    තව පාටි පෝලිමක් ඉස්සරහට එන්නත් තියේලු
    anyway... හදවතින්ම සුභ පතනවා මමත්
    ඉක්මනින් තවත් කඩයිම් පසු කරමු..
    කරන කියන වැඩ කටයුතුද සාර්ථක වෙන්න කියා ප්‍රර්ථනා කරනවා
    ජයෙන් ජය..!!!

  12. Sandaru

    Suba pathum saho.eth meke HD rip thama na neda?TS rip ekakda deela tiyenne?

  13. Maduka Ramanayake

    niyamai saho thanks sub ekata

  14. Darshana Sampath

    congratulations for 50 subsub.. good luck

  15. Praneeth

    උණුසුම් සුභ පැතුම්. දිගටම වැඩ කරගෙන යන්න හැකියාව ලැබේවා. කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. බුදුසරණයි.

  16. nisala udara

    suba patum saho

  17. kosala

    ela

  18. නලින්

    මුලින්ම අදිත මල්ලිට 50 වෙනි කඩඉමට සුභ පතනවා!

    තව තවත් මෙවැනි වු රසබර කථා ගොඩාරියකින් අඩවිය පුරවන්න කියලා ඉල්ලනවා! අපිට ලැබුනු මිල කළ නොහැකි සම්පත් වලින් එකක් තමයි අදිත මල්ලි ඔයා! දිගටම අඩවිය එක්ක ඉන්න.

    ස්තුතියි සබත් ඉක්මනින්ම ගෙනාවට

    ජය වේවා!

  19. amila-kandy

    මොකද්ද බන් මේ සයිට් එකට කරලා තියන විකාරේ.............
    ලෝඩ් වෙන්න හට පැයක් යනව. තිබුන විදියට තිබ්බනම් ඉවරනේ

  20. Ysa

    niyamai saho...50ta unusum suba pathum.meka br ma balanawa.jya wewa sahoooo,100th ikmntama demu......!!!!!!

  21. achi

    50 උපසිරැසියට සුබ පතනව මල්ලි...
    දිගටම තවත් සබ් කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව...
    සුපිරි...ජය!!!

  22. Nilupul Madukapriya Perera

    ආ මේ ගොඩ බැහැලා තියෙන්නේ සුපිරි ෆිලුමකින්ම..
    සුපිරි ෆිලුමකින්ම 50 ගැහුවා එහෙනම් ..
    ආයේ කියන්න දෙයක් නැහැ එලම තමයි ..
    50ට සුබ පතන ගමන් මිට වඩා වැඩි වේගයකින් 100ට ලගාවෙන්න
    ශක්තිය හා කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..ඔබට ස්තුතියි.

  23. asiri

    all the best

  24. elakiri

    elakiri 50ta suba pathum!

  25. chamila

    mage suba pathum.... sub akata thanks (Watema add tama epa wenne)

  26. thilina

    WoW man Nice Job and congzs. I am waited so so long for this one. Thanks again man. best luck. We appreciate the effort.

  27. Aruna

    elazzzzzzzzzzzz

  28. thushara

    ela ela digatam sub denna machooo

  29. “චූටී මල්ලි”

    niyamayi malli
    50ta suba pathum
    brrip enakam inna hitan inne .....
    digatama dila ikmantama 100ni ekath denna
    labewaa kiyalaa wish laranawaa
    tnxxxxxxxxxxxxxxx

  30. Gayashan

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්...!!!

  31. චාමික දිල්හාර (දිලා)

    උණුසුම් සුභ පැතුම්..
    50ට මුළු හදවතින්ම සුභ පතනවා අදිත මලයෝ…
    එහෙනම් ඔහොමම 100ත් අරගෙන එන්න බලමු නේද… :)
    දිගටම තවත් සබ් කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව…
    සුපිරි…ජය!!! ජයවේවා.....!
    එල........

  32. Kalum Gunasekara

    50ට මගෙනුත් උණුසුම් සුභපැතුම් මලයෝ. ඉක්මණට ම 100ට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  33. අනුරුද්ධ(ලියෝ)

    50 වන උපසිරසියට උණුසුම් සුභ පැතුම්.තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.බුදු සරණයි!

  34. madhushan

    patta bro.. 50 weni sub ekata mage unusum suba pathum..!! ohomama 100 gahamu. jaya wewa..!!

  35. ඉසුරු දිල්ශාන්

    50සුභ පැතුම් අදිත සහෝ!
    දිගටම සබ් දෙමු!
    ජයවේවා!

  36. ROSS

    thx..... bro

  37. kavinda

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .

  38. දහරා මුතු අමා

    50 ට උනුසුම් සුබ පැතුම් මල්ලියෝ...

  39. danuka

    බොහොම ස්තූතියි

    1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් .

    උණුසුම් සුභ පැතුම්..
    50ට මුළු හදවතින්ම සුභ පතනවා

  40. Sanj

    Thanx bro

  41. Chämàrá Sâmpáth

    මුලින්ම , හදවතින්ම උණුසුම් සුභ පැතුම් එක් කරනවා ජයග්‍රාහි 50 වෙනි උපසිරැසියට .....
    මං බයිස්කෝප් එකෙ උපසිරැසි කරන හැමෝගෙම එක උපසිරැසියක් හරි බලන්න උත්සහ කරනවා. මං ඔයාගෙත් එකම එක උපසිරැසියක් බැලුවා. ඒක ගැන නම් ආයේ කියන්න ඕනේ නෑ සුපිරිම සුපිරි....
    එහෙනම් ඉතිං සුභ පතනවා දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න කියලා.... 50 ගැහුවා වගේම 100,150,200 කඩයිම්වලටත් ලගාවෙන්න ඕනේ කරන ශක්තිය ලැබේවා. කරන කියන හැම වැඩක්ම හොදින් කරගන්න.....
    මෙකෙ බ්ලුරේ ආවම ඔයාගේ උපසිරැසිය එක්කම බලනවා එහෙනම්.....
    ජයෙන් ජය............

  42. tharangani

    congrats!!!!

  43. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    50 වෙනි උපසිරසියට සුභ පැතුම්..
    ජය වේවා..
    :D

  44. prasad

    50 වෙනි උපසිරසියට සුභ පැතුම්..HDRIP akata update akak denawada.

  45. sasi

    suba pathum

  46. මලයා

    එල ඈ

  47. Shiwantha Fernando

    Okkamala Suba nam pathala. Kawuruwath kiyala neha debas walata kalin sub eka yanwa kiyala

    1. damith

      aniwa debas valata kalin sub eka ynava

  48. එල්.සී.දමැල්

    50ට සුභ පැතුම් එක් කරනවා මුළු හදවතින්ව අදිත...
    එහෙනම් 100ත් කරන්න කාලය හැකියාව ලැබේවා කියලා හිතනවා...
    ජයෙන් ජය...

  49. tharindu

    thank you very much saho...!!!

    1. tharindu

      50 weni upasirasiyata unusum suba pathum...:-)

  50. සමීර මාධව

    මේ කතාව නම් බලු වටින්නේ නැ.
    තු නෙදකින්.
    අපරාදේ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.