Watch Trailer

Kaante (2002) – Sinhala Subtitles | කටු…! [සිංහල උපසිරසි සමඟ]

[box]අවංක අරමුණු ඇති හය දෙනෙක්…. එක් සම්පූර්ණ පාවා දෙන්නෙක්… මම මුලින් පොඩ්ඩක් මගේ පම්පෝරිය ගහල ඉන්නම් නේද. ගොඩක් අය මට බනිනවා ඇයි මම අලුත් ෆිල්ම් කරන්නේ නැත්තේ කියලා. මෙහෙමයි මට සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් එලටම කරන්න දවස් තුනක් වත් යනවා. මොකද මගේ ටයිපින් ස්පීඩ් එක ටිකක් මදි වගේම වැඩ නිසා මම රෑට පැයක්…

Kaante (2002)අවංක අරමුණු ඇති හය දෙනෙක්….
එක් සම්පූර්ණ පාවා දෙන්නෙක්…

මම මුලින් පොඩ්ඩක් මගේ පම්පෝරිය ගහල ඉන්නම් නේද. ගොඩක් අය මට බනිනවා ඇයි මම අලුත් ෆිල්ම් කරන්නේ නැත්තේ කියලා. මෙහෙමයි මට සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් එලටම කරන්න දවස් තුනක් වත් යනවා. මොකද මගේ ටයිපින් ස්පීඩ් එක ටිකක් මදි වගේම වැඩ නිසා මම රෑට පැයක් දෙකක් තමයි සබ් වලට් කැප කරන්නේ. ඉතින් මම අලුත් ෆිල්ම් එකක් බාර ගත්තොත් එහෙම අපේම ඉන්න සහෝලට ඒක මට වඩා ගොඩක් ඉක්මනට දෙන්න පුළුවන්. අන්න ඒ නිසයි මම පරණ එකක් එහෙම කරලා පාඩුවේ ඉන්නේ. එතකොට, මගේ හිතේ හැටියට කරන්නැ පුළුවන් නිසා. ඔන්න ඕක තමයි මගේ කතාව. දැන් පොඩ්ඩක් ෆිල්ම් එක පැත්තට හැරෙමු නේද.

2002 දෙසැම්බර් 22 නිකුත් උන මෙය සන්ජේ ගුප්තා කියන කෙනා තමයි අධ්‍යක්ෂණය වගේම පිටපත ලියල තියෙන්නේ. imdb හි 6.2 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. මේකේ අමිතාබ් බච්චන්, සන්ජේ දත්, සුනිල් ශෙට්ටි වගේ සුපිරිම නළුවෝ සෙට් එකක් රගපානවා. ඒ වගේම මෙහි ‘බාලි’ ලෙස චරිතය නිරූපණය කරන මහේෂ් මන්ජෙකර් ගේ මුල්ම චිත්‍රපටිය වගේම ඔහු මේකේ විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරනවා. තවත් පොඩ්ඩක් කියනවනම්, මේකේ දෙබස් එහෙම මාරම ලස්සනයි, මම සමහරක් දෙබස් පාට කරල එහෙමත් දැම්මා ඔයාලට බලා ගන්න පහසු වෙන්න. ඒ වගේම මෙය Action, crime, drama ගණයට වැටුනත් මෙහි ඇති සමහර විහිලු ඉතාමත් හොදට, comady ෆිල්ම් එකකට වඩා හොදට තියෙනවා. අනික මම දන්නා විදියට මේක මෙච්චර පරණ වෙලත් ලංකාවේ ටි.වී. චැනල් එකක තවම විකාශය වෙලා නැහැ. මොකද මේ චිත්‍රපටයේ භාෂාව හා තේමාව නිසා වෙන්න ඇති. තවද මෙය තමයි මුල්ම චිත්‍රපටය සම්පූර්ණම රූගත කිරීම් ලොස් ඇන්ජලිස් වල කරපු.

ලොස් ඇන්ජලිස් වල සිදුවන කුඩාම සිදුවීමකට පවා පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගන්නේ එහි සිටින ඉන්දියානුවන්ය. මෙලෙස අත්අඩංගුවට පත්වන සිව් දෙනෙකු ඔවුන්ගෙන් පලි ගැනීමට සිතා හිරේ සිටම සැලැස්මක් හදනවා පොලිසියේ අයගේ මාසික වැටුප ගිණුමට බැර වෙන බැංකුවක් වන සේර්විස් ඇමරිකා බැංකුව කොල්ලකෑමට. මොවුන් සිව් දෙනා එය ඉතාම සූක්ෂම ලෙස සිදු කරන අතර බැංකුව කොල්ලකා එලියට එනවාත් සමග පොලිසිය විසින් ඔවුන් වට කරනවා. එයින් බේරී පලා යන ඔවුන්ට දැනගන්න ලැබෙනවා සිව් දෙනා අතරින් කෙනෙකු රහස් පොලිසියේ බව. ඉතින් ඔන්න මම ෆිල්ම් ඒකෙන් බාගයක්ම කිව්වා. අවසානය ඔයාලට හිතා ගන්නවත් බැරි වෙන විදියටයි සිදු වෙන්නේ. ඉතිරි ටිකවත් ඔයාලම බලන්න. පරණයි කියලා නොබලා ඉන්න එපා කියා ඉල්ලනවා. මම ගැරන්ට් කරනවා ඔයාල ඉන්ග්ලිෂ් ෆිල්ම් එකක් බැලුවා හා සමාන වෙයි කියලා. තව දෙයක් ඔයාල කොමන්ට් එකක් එහෙම දාන්න හිතන් ඉන්නවනම්, ෆිල්ම් එක බලල ඉවර වෙලා දාන්න කියල ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. අහ්හ් මම මේකේ තියෙන සින්දු කාල්ලකින්ම අවසන් කරන්නම්, එතකොට ඔයාලට ෆිල්ම් එකේ අවසානය ගැනත් පොඩි අදහසක් ගන්න පුළුවන් (එතකොට ෆිල්ම් එක බලන්නම ඕනේ නැහැ, සේරම මම කිව්වනේ).

සිතුවෙම නැත දෛවය අපව මෙතනට රැගෙන ඒයි කියා….

අරමුණ වෙත ලගා වෙද්දීම ජීවිතය යන්නට යාවි කියා..

මේ බව අප සිහිනෙකින්වත් නොසිතුවෙමි…

ඒමට ප්‍රථම සතුට යන්නට යාවි කියා…

අප සිතුවේ කුමක්ද? නමුත් සිදු වූයේ කුමක්ද

අපි යන්නටයි සූදානම ලෝකයාට පවසමින්..

මේ කුමක්ද සිදු වූයේ, දෙවියනි?

මේ කුමක්ද සිදු වූයේ, දෙවියනි?

එය නුබගේ හෝ මාගේ වරදක් නොව?

දෙවියනි, මා එතරම් නරක නොවන්නට තිබුනා..

නුබ චපල නොවුවා නම්…

මෙය පමණක් පවසන් මා හට…

නුබට මොනවාද ලැබුනේ කියා?

දුකෙහි කටු මා මාර්ගයේ අසුරා.

මේ කුමක්ද සිදු වූයේ, දෙවියනි?

Due to copyright issues, we do not provide any torrent links.

1,106 downloadsDownload Kaante.2002.zip113 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,106 downloadsDownload Subtitles113 KB

48 comments

  1. shann

    patta patta machan

  2. දිනුක මධුශාන්

    ටිකක් පරණ එකක් උනත් එල ෆිල්ම් එකක්.. පරණ එවුවත් අපි බලන්න එපැයි නැද්ද සහෝ ;) . බොහොම ස්තුතියි! ජය!

  3. quik

    thanks

  4. Dilan

    bohom sthuthi macho... maxxa ekakwage..
    jayawewa... tawa tawath denna hoda badu.. (Y)

  5. wow

    wow.. maru :D

  6. lasanatha!!!!!!

    loweth na pattama naluwo wagayak ne inne

  7. geeth

    supiri film akak. tx

  8. rusuru | රුසිරු

    මේක පට්ටම ෆිල්ම් එකක්.. ඔන්න බාන්න දැම්ම.

  9. chami

    jaya wewa!!!! thxxxxx

  10. tharanga

    බොහොම පින් අලුත් එකකුත් දෙමු නේ හසා. උබ පරණම ඒවා දෙන්නේ ඇයිද දන්නේ නෑ. :(

  11. ccnp

    Thanks

  12. Isuru

    owu hewa machan aluth sub nodipu awa one tharam thiye awath denna balamu ne. sub akata thxxxxx

  13. zumo man

    elazzz thnxzzz

  14. chamath cafe

    ජයම වේවා නියම ෆිල්ම් එකක් වගේ. සබ් එකට බොහොම පින්

  15. එරංග

    එලස්. බාමි ජය

  16. සමීර කරුණාරත්න

    බොහොම අගෙයි බොහොම අගෙයි සහෝ අලුත් ඒවට වඩා සෑහෙන නිර්මාණ ප්‍රමාණයක් තියනව අතීතයේ අපේ ඇස නොගැටුන, එහෙම ඒව හොයල ඒවයේ රේටිග්ස් ගැනවත් හිතන්නෙ නැතුව අපිට ගේන එක වටිනව ගොඩක්. ඕනෙ තරම් බයිස්කෝප් එළිදකීවි හෙට, නමුත් පරණ ඒව නැති වෙන්නෙ නැහැ එහෙම වුනා කියල තව හොඳ නිර්මාන අපේ අතරට අරෙගෙන එන්න ශක්තිය, ධෛර්‍යය, ටයිපින් ස්පීඩ් එක ලැබේවා.....! :D :D :D

  17. lk

    thnxxx so much

  18. Fernando

    maxxama thama hewa :D

  19. uda

    ආයි මොනවා කියන්ඩ ද හේවා...
    දුන්නොත් දෙන්නේ මරුම ඒවා...

    හින්දි වුණත් මරු මේවා...
    හේවා කලිනුත් මට කීවා...

    තව තව දෙන්ඩ ඕවා...
    ජයෙන් ජය වේවා...

  20. “චූටී මල්ලි”

    පරණද අළුත්ද කියන එක නෙමෙ වටින්නෙ ෆිල්ම් එකනෙ
    මේක කියෙව්වම නම් බලන්නමයි හිතෙන්නෙ
    පෝස්ට් එකත් එළටම තියෙ
    මේකෙ සයිස් එක දැක්කම තමා ඇඩෙන්නෙ ;)
    බලමු අනිවා කොහෙන්හරි හොයාගන්නවා පොඩි එකක්

  21. thusitha

    ela kiri

  22. Ashan ravihansa

    patta ma parane

  23. supun

    thanx machan

  24. dev

    mage asama naluwek tama සුනිල් ශෙට්ටි.me katawa nam balala ne saho.bohoma stuti meka sub ekkama dunnata.(meka balalat cmnt ekak dannam hode)

  25. $..Creative EYE..$

    maru maru

  26. ශාන් විමුක්ති [වීමා]

    ‍ෆිල්ම් එකනම් පහරක් වගේ :)
    පරනයි කියල හොද නිර්මාණ අහක දාන බෑනෙ සහෝ, අළුතෙන් එන හැම එකක්ම හොදම ඒවත් නෙමෙයිනෙ අනික. මේ වගේ හැංගිලා තියන නිර්මාණ අපිත් එක්ක බෙදාගන්න එක ගොඩක් වටිනව :)
    ඒත් දීල තියනෙ එකේ සයිස් එක දැක්කම තනි ඇහැට කදුළු ගගක් ගලනව සහෝ :P :(

    මොනව උනත් ලගදිම නිකුත් කරන්න බලාපොරොත්තුවෙන මගේ ඊලග ලිපියට දාන්න හිටපු කොටසක් ඔයා හොරකම් කලා ඕං ඒකයි නරක වැඩේ :P
    "අලුත් ෆිල්ම් එකක් බාර ගත්තොත් එහෙම අපේම ඉන්න සහෝලට ඒක මට වඩා ගොඩක් ඉක්මනට දෙන්න පුළුවන්. අන්න ඒ නිසයි මම පරණ ඒව කරන්න හිතුවෙ"
    :D
    ඕකම කියන්න වෙන විදියක් හොයාගන්නම්කො මං :P
    ජය වේවා සහෝ

  27. Manjula

    patta bang. thanks macho
    math sub ekak karanna hitan innawa
    dawasin dawasa kal yanawa

  28. Manjula

    Comment adu una kiyala duk wenna epa kollo.
    ada dawasata witarak 191 dl karala
    ube sub walata api asaiiiiiiiiiiiiiiiiiiiii godak

    budu saranai

  29. හසන්ත වික්‍රමරත්න

    කලන්තේ දීල නේද එහෙනම් හේවා. එල එල මම නම් කලින්ම බැලුවා. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් නේ. අලුත් එකක් දෙමු වෙන ඕල්ඩ් වෙලා ගෝල්ඩ් වෙන්න කලින්.

  30. දිෂාන්

    බෝම පිං සහෝ.. ප්ලිම් එක ගොඩාක් කල් තිබ්බා.. ඒත් තේරෙන්නෙ නෑ නොවැ

    දැන් හරි ජය වේවා

  31. නලියා

    ස්තුතියි සහෝ

    මේ මුවි එකට
    ජය වේවා

  32. SSR

    RESERVOIR DOGS EKEN KOPPA GAHAPU FILM EKA NEDA ME..

  33. Akalanka Yapa

    බොහොම ස්තුතියි! ජය!

  34. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා,ඔන්න මමත් ගත්තා.

  35. mudiya / මුදියා

    හේවගෙ සුපිරි හින්දි එකක්.හින්දි නම් අපේ හේව තමයි.නියමයි මචෝ.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  36. DoubleM

    Meka mama baluwa. Patta.. Meka Reservoir Dogs kiyana english film eke hindi eka. Balala nathnam ekath balannako...

  37. chirath

    නියමයි.........?

    No Problem hindi movie

    http://www.imdb.com/title/tt1431122/

    මේ ‍ෆිල්ම් එකටත් උපසි‍රැසි දෙන්නකෝ.

  38. Chami.S

    Thanks

  39. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ හේවා සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ :P :P

  40. yasiru

    thanx saho

  41. sanjeewa

    download karana flm play wenne nahane....man download kala flm godak ehema una.km player eken play karnne.samahara flm wala sound witarak enawa.samahara ewala sound ennet naha.player eke prashnayakda.........?

  42. Erangi

    too big, give MB file, Im not downloding GB files
    why only GB file ?

  43. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  44. sura

    මචං අලුත් පරන කියලා අවුලක් නෑ ෆිල්ම් එක හොඳ නම් එල කිරි......

  45. රාම් රාජ්

    හින්දි නේද හොදයි වගේ බලමු එහෙනම්.සිංහල සබ් වලට ස්තූතියි.

  46. සාරංග ලියනගම

    නියමයි සහෝ... ගොඩක් ස්තූතියි.
    සයිස් එක තමා අවුල....:(
    කමක් නෑ. එල film එකක්නේ..

  47. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට. torrent eka ne

  48. Rashmika

    thanks saho!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.