සිංහල උපසිරැසිකරණයේ මහගෙදර බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳ සිටින සුවහසක් දමිළ සිනමා රසිකයින් මඟ බලාසිටි සිනමා සිත්තමක් වන KAITHI 2019 චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසිත් සමඟිනුයි අද කුමාර ඉන්ද්‍රජිත් සොයුරා සමඟින් MTR තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා Baiscopelk.com වෙබ් අඩවියට ගොඩ වදින්නේ.! චිත්‍රපටයේ නමට…

සිංහල උපසිරැසිකරණයේ මහගෙදර බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳ සිටින සුවහසක් දමිළ සිනමා රසිකයින් මඟ බලාසිටි සිනමා සිත්තමක් වන KAITHI 2019 චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසිත් සමඟිනුයි අද කුමාර ඉන්ද්‍රජිත් සොයුරා සමඟින් MTR තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා Baiscopelk.com වෙබ් අඩවියට ගොඩ වදින්නේ.! චිත්‍රපටයේ නමට දාපු මාතෘකාව තුලින්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් වෙනදා මෙන්ම අදත් Spoil කරන්නෙ නැතුවම චිත්‍රපටය හා ඒ හා බැඳුනු කරුණු කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නටයි මේ සූදානම. එසේ නම් ඉක්මණින්ම ඒ මොනවද යැයි කියා පහතින් දක්වන්නම්.
ඔක්තෝම්බර් මාසය ලොවපුරා සිටින හින්දු භක්තිකයින්ට සුවිශේෂිවු මාසයක්.! ඒ ලොවපුරා සිටින හින්දු භක්තිකයින් උත්සවකාරයෙන් සමරන දීපවාලි දිනය ඔක්තෝම්බර් මස යෙදි තිබෙන නිසාවෙන්.! මුලු මහත් මානව සංහතියේම අඳුර නසා ආලෝකය ලබාදෙන යන අර්ථ ගැන්වුන දීපවාලි දිනය ඉන්දීය සිනමාවටද විශේෂ දවසක්ද වෙනවා. ඒ දීපවාලී උත්සවයට සමගාමීව තිරගත කරන්නට යෙදෙන දමිළ සිනමාවේ දැවැත්ත ඝණයේ සිනමාපටයන් නිසාවෙන්.! ඇත්තෙන්ම කියනවා නම් දීපාවාලී දිනයට සමගාමීව සිනමාපට ප්‍රදර්ශනයේදි එක්තරා තරඟකාරී බවක්ද තිබෙන බව කිවයුතුම කරුණක්.! අද අපත් සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන ආවෙත් ඒ වගේ සමස්ථ දමිළ සිනමාවම උඩුයටිකුරු කල තවත් විශේෂිත වූ චිත්‍රපටයකට. ඔක්තෝම්බර් මස 27 වනදා ලොවපුරා තිරගත කර Blockbuster කඩඉම කරා කිසිඳු අසීරුතාවයකින් තොරව ගමන් කල චිත්‍රපටයක් ලෙස KAITHI 2019 හැඳින්විය හැකියි. පොදුවේ ගත්කල නිෂ්පාදන වියදම ඉන්දීය රුපියල් කෝටි 40 ක් වැනි සුළු මුදලක් වැයකරමින් නිර්මාණය කොට දින 25 ක් වැනි කාලසීමාවකදි ලොවපුරා ආදායම ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවීමද එයට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන්න පුලුවන්.! වියදම සහ ආදායම නිසාවෙන් චිත්‍රපටය බැලියයුතු බව මා නිර්දේශ නොකරන නිසා මෙතැන් පටන් චිත්‍රපටයේ අනෙකුත් තොරතුරු විමසා බලමු.

Lokesh Kanagaraj ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුන මේ සිනමා නිර්මාණය සඳහා ධනාත්මක විචාරයයන් අගය කිරීම් රැසක් හිමිවුනා. Lokesh Kanagaraj ගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණය වන මෙය දමිළ සිනමාවේ මෙන්ම සමස්ථ ඉන්දියාවම කතා කරන්නට යෙදුන සිනමාපටයක් බවටද පත්වුනා. අති සූක්ෂම තිර රචනය (Screen Play) මෙන්ම චිත්‍රපටයෙ රඟපාන සියලු නළු නිළියන් තම තමන්ගේ චරිතයන් මැනැවින් හඳුනාගෙන ඒ ඒ චරිතයන්ට සරිලන ආකාරයේ හොඳ සාධාරණයක් ඉෂ්ට කිරිමද මේ සිනමාපටයේ සාර්ථක්වයට තුඩුදුන් කරුනු අතර විශේෂම ස්ථානයක් ගනු ලබනවා. පසුබිම් සංගීතය,කලා අධ්‍යක්ෂණය,සටන් අධ්‍යක්ෂණය,ආලෝක කරණය සහ එකි මෙකි නොකි කරුණු රැසක් චිත්‍රපටයට ධනාත්මක ප්‍රතිචාර ලබාගැනීමට මෙන්ම සාර්ථක වීමටද හේතු වුනා.
KAITHI 2019 චිත්‍රපටයේ අධ්‍යක්ෂක Lokesh Kanagaraj සහ කාර්ති සිවකුමාර් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර….
මෙහෙදි විශේෂයෙන්ම සඳහන් කල යුතු කෙනෙක් නම් මෙහි කතා නායකයා වෙන දමිළ සිනමාවෙ පතාක යෝධයකු බඳුවු කාර්ති සිවකුමාර් පිළිබඳව.! ඇත්තෙන්ම කාර්ති මෙහිදි රඟපානවද නැද්ද යන්න සිනමාපටය නරඹන අතරතුරදි ඔබටත් ගැටලුවක් පැන නඟිනවා නොඅනුමානයි. එතරම්ම ඔහුගේ රංගනය ඉතාමත් තාත්විකයි. Experiment Level රඟපෑම් සඳහා(පර්යේෂණ මට්ටමේ නොහොත් ඒකාකාරී චරිතයන්ගෙන් මිදී) නිතර නිතර යොමුවන කාර්ති සිවකුමාර් මෙවර තම ප්‍රේක්ෂකයින් බලපොරොත්තුවූ පරිදි නමුත් ප්‍රේක්ෂකයන් නොසිතුවිරු ආකාරයේ අත්දැකීමක් ලබාදී තිබෙන වග සිනමාපටය නරඹන විට ඔබටද හැඟීයාවි. බොහො දෙනා ඉන්දීය සිනමාව ගැන කතා කරන විටදි ඉතාමත් උපහාසාත්මකව කතා කරනා දෙයක් වන ක්‍රියාදාම දර්ශණයන්ද මෙහිදි ඉතාමත් තාත්වික ලෙසින් නිර්මාණය කර තිබෙනවා.එහිදීද කාර්ති සිවකුමාර් නොපිරිහෙලා තම වඟකීම ඉටුකරන බව නැවතත් කිවයුතුම දෙයක්.
චිත්‍රපටය ගැන සමාජ ජාලාවන් හි බහුලව හුවමාරු වු ඡායාරූප කිහිපයක්.!


ඉතාමත් උසස් මට්ටමේ කතාවක් අන්තර්ගත KAITHI 2019 සිනමාපටයේ නමෙහි අර්ථය වන්නේ සිරකරුවා යන්නයි. සමාජ ජාල වල මෙන්ම සිනමා විචාරක වෙබ් අඩවි වල පවා බොහෝ ලෙසින් කතා බහට ලක්වුණ චිත්‍රපටයේ සුවිශේෂිතම වු කරුණු කිහිපයක් ගතහොත් No Songs, No Romance, No Heroine, No Dupe (ගීත අඩංඟු නැත,ප්‍රේම ජවනිකා අඩංඟු නැත,ප්‍රධාන නිලියක් නොහොත් කතා නායිකාවක් නැත,දෘෂ්‍ය ප්‍රයෝගයන්ද නැත.) යන දේවල් හඳුන්වන්නට පුලුවන්.! ඒලෙසින් සාම්ප්‍රදායික සිනමා පටයක තිබෙන දේවල් වලින් තොර වුවද KAITHI 2019 සිය ප්‍රේක්ෂකයාට අවසානය දක්වා කුතුහලයෙන් සහ ත්‍රාස ජනක අත්දැකීමක් ලබාදී ඔවුන්ව කතාවට ඇද බැඳ තබාගෙන ඉතාමත් සංවේදි කරමින් නොදැනීම දෙනෙත් වලට කඳුලක් පවා උපදවමින් ප්‍රේක්ෂකයාව කතාව තුලම ගිල්වා ඇති බව මෙතැනදි අනිවාර්යෙන්ම පැවසිය යුතුම දෙයක්.! කාර්ති සිවකුමාර්ගේ දිල්ලි නම් වූ චරිතය ගැන බොහෝ දෙනා අතර කතා බහට ලක්වුනා වගේම ප්‍රෙක්ෂකයන් විසින් මෙම චිත්‍රපටය ඉතා ආදරයෙන් වැලඳගත් බවද සඳහන් කල යුතු කරුණක් වෙනවා.
KAITHI 2019 චිත්‍රපටයේ කාර්ති විසින් රඟදැක්වු චරිතය.

KAITHI 2019 සිනමාපටය සඳහා ලැබුණ විවිධ වර්ගීකරණයන් .!

KAITHI 2019 චිත්‍රපටය තිරගත කල විවිධ ප්‍රදේශයන්හි සිටිනා සිනමා විචාරකයින්,ප්‍රේක්ෂකයින්,ප්‍රවීන නළු නිලියන් රැසක් මේ සිනමාපටය සඳහා ඉතාමත් ඉහල මට්ටම් වල ධනාත්මක ප්‍රතිචාරයන් දක්වා තිබුණා.



ජනප්‍රිය සිනමා විචාරක අඩවි කිහිපයක් විසින් KAITHI 2019 සඳහා ලබාදී තිබෙන ලකුණු අගයන්.!


නැවතත් මතක් කරන්නම් පෙර දිනයන් වලදි සේම චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳව අදත් කිසිවක් ලිවිමට අදහස් කරන්නෙ නෑ. ඒ චිත්‍රපටය හා බැඳුනු තොරතුරු ස්වල්පයක් ඉදිරිපත් කර ඇති නිසා. චිත්‍රපටයේ කතාව මෙතැනදි කියන්නට ගියොත් කිසිම රසයක් විඳින්නට ලැබෙන්නෙ නෑ. කතාවේ අන්තර්ගතය ගැන පුංචි ඉඟියක් පමණක් ලබාදුන්නෙ ඒ නිසාවෙන්.! එසේ නම් මේ දක්වා ලිපිය කියවපු ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටමත් බෙහෙවින්ම ස්තුති වෙන ගමන්ම මෙතැන් පටන් චිත්‍රපටය නරඹා රසවිඳින්නට ඔබට භාර කරමින් ඔබගේ වටිනා අදහස් උදහස් පහල තිබෙන කමෙන්ට් තීරුවේ දක්වන්නටත් කාරුණික වෙන ලෙසටත් ඉල්ලා සිටිනවා.තවද සමුගන්නට මත්තෙන් මෙහි සිංහල උපසිරැසි ගැන්වීම සඳහා සහය ලබාදුන් කිහිප දෙනෙක්වත් මතක් කර ස්තුතිය පිරිනමනවා.මේ සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට මාහට චිත්‍රපටය වෙන්කර දුන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන තිසර සහෝට.! මගේ බොහොමයක් කාර්ය්‍යන් වලදි නිතර මට සහය දෙමින් මා ලඟින්ම සිටින සහෝදර උපසිරැසිකරුවකුද වන කුමාර ඉන්ද්‍රජිත් මල්ලි ට ලිපිය සැකසීමේදි ඡයාරූප සකස් කර දුන් සහෝදර උපසිරැසිකරුවකුද වන තාරක නුවන් දිල්හාර මල්ලිට කාලරාමු සැකසීමේ මූලික කටයුතු සඳහා සහය දුන් සහෝදර උපසිරැසිකරුවකුද වන චන්දිම අමරසිංහ සොයුරාට (සෑර්ට) ඒවගේම අසාලිවීමක් ලෙසින් උපසිරැසි ගැන්වීම කිරිමේදි මෙහි Cam Copy පිටපත සඳහා කාල රාමු නිර්මාණය කර දුන් මා සමඟින්ම රාජකාරි කරනා E,G ජානක කැලුම් බණ්ඩාර මල්ලිටත් මෙහිදි මා විශේෂ ස්තුතිය පිරිනමමින් සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL / HDRip / BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
54,860 downloadsDownload KAITHI-2019-BR.zip193 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට සහ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
118 comments
Mewan_maz
Asitha.pramoth
ස්තූතියි
Milinda sampath
Thanks Brothers....
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obalata sub laba dunnata..
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!prageeth
thanks bro
Shan-madu
Niyamai saho..film akath bana gaman
hotpot
Deram girl kiyana hindi film akata sub dennako
wms sp
Thnks machan
Sajeewa_Dj
Thanx ❤️❤️❤️
Wpm-Wijelath
Thanks brooo... film eka enakan balagena hitiyeee
Udaya Saman
උදේ පාන්දරම ආව ගමන් බා ගත්තෙ අද සබ දෙයි කියල හිතලම....බොහොම තුති දෙපලටම උපසිරසිය ඉක්මනටම ලබා දුන්න එකට.......සුපිරියක්, සයිට් එකේ සුපිරිම දෙන්න අතින්.......එල..එල...ජය ේග
Shalitha111
Thanks bro
shashILwarU
Thank you
Sandunprabath1230
Thnks mchn
Lalani Maduwanthi
Thank you
ඔෂද ධනංජය
thanks bro.... dennatama... apu gamanma sub eka dila..loku wistharayakuth ekkama
hatharasingha
Thankx sahooo. Supirima.
LuciFER74
Elama....❤️
Madhura prasad
බොහොම ස්තුතියි බ්‍රෝලා සබ් එකට
යුරාන් ධනුක (දනුවා)
දෙමළ ෆිලුමක් කිව්ව ගමන් ගමන් මුලින්ම මතක් වෙන්නේ
තරිඳු අයියවයි, ඉන්ද්‍රජිත් අයියවයි තමයි...
ඒ තරමට ඔයාලගේ උපසිරැසි ගුණාත්මකයි ඒ වගේම ඉක්මනින් දෙනවා
බොහෝම ස්තූතියි දෙන්නටම !!!
ජය වේවා !!!darshana56
Sub Ekata thanks .......
DREAM GIRL (2019) SUB DENNAKO,,,,,,,,,Eranda Madhushan Premarathna
Thanx broooo
Kavishna
thnx bro..
Sanath Indika
Thx bro
subodha
Thanks
Anurada
Thank You !!!
nihalpujitha
THANKS ♥️♥️♥️
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට වගේම වටිනා ලිපියටත්
ජයෙන් ජයsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
gihan perera
නියමයි මචෝ සහෝ....මහන්සිය අපතේ යන්නේ නෑ මචෝ....පට්ට යි....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....
Rukshan37
Ela
silentnight
Oba dedenatama bohoma sthuthi sahoo...sub denakan balan hitiye..jaya wewa..
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම... ජයෙන් ජය
arawindasunimal
thanks sub ekata jayawewa..............
Sandunpriyankara
Thank You great work...
isb
Sub errors den films godakata mehema una mcn
hsjqapqvqf
රාම් පොත්තිනෙයිගේ pandaga chesko (2015),kandireega (2011) ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙන්නකෝ (බයිස්කෝප් උපසිරැසි නිර්මාණ කරැවන්ගෙන් කරන කාරැණික ඉල්ලීමක් )
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!
kusal podda
Hdrip ekata sub diyanko kaithi eke
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
silentnight
Sub eka weda naha machan..sub error kiyala watenawa..
Achi
Thank bokka
Rumesh dhanushka
Thanks all friends. Thank you.
chanukaprabashwara
1080p proper HD eka awilla ekata sub hadala danna puluwanda bro plz.......
Ranidu
baiscopedownloads wala deela thyena 720p hdrip copyata sub wada karanne naneh saho
Ayesh Prashan
Thank You
vas0303
Thank you so much
gayanmagee
thanks
ranga11112
Dennatama godak sthuthiy saho
thilz
thank u both
santhusha319
thanks bro
Lahiri
THANKZ BROS
CW19
Advertisement

Elaz