ඔයාගේ ගෙදර අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනව කියලා කවදාවත් ඔයා හිතන්න එපා ඔයා ලොකේ දිහා බලනවා.! ලෝකේ තියෙන තොරතුරු ඔයාගේ ආලින්දයට එනවා කියලනම්..! මොකද ඒකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තත් වෙනවා කියලත් හිතාගන්න. ඒ කියන්නෙ ලෝකෙත් ඔයා දිහා බලන් ඉන්නවා කියන එක..! උදාහරණයකට අන්තර්ජාලෙට ගිහින් මොනව හරි දෙයක් ගැ…

ඔයාගේ ගෙදර අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනව කියලා කවදාවත් ඔයා හිතන්න එපා ඔයා ලොකේ දිහා බලනවා.! ලෝකේ තියෙන තොරතුරු ඔයාගේ ආලින්දයට එනවා කියලනම්..! මොකද ඒකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තත් වෙනවා කියලත් හිතාගන්න. ඒ කියන්නෙ ලෝකෙත් ඔයා දිහා බලන් ඉන්නවා කියන එක..! උදාහරණයකට අන්තර්ජාලෙට ගිහින් මොනව හරි දෙයක් ගැන හොයලා බලන්න. නිකමට වගේඇඳුමක් ගැන හොයන්න බලන්න එහෙම ඔයා හොයද්දි Suggestion Pages කියලා ඔයා හොයන ජාතියේ දේවල් ගැන කීයක් නම් පැත්තකින් පෙන්නනවද.? ඒ කියන්නේ ඔයා දිහා අනිත් පැත්තේ ඉඳන් ඔයාට නොදැනි කවුරුම හරි ඔයා කර කියන වැඩ ගැන බලන් ඉන්නවා කියන එක නේද..?
ඉස්සර නම් තමන්ගේ අතිශය පෞද්ගලික දේවල් දින පොත් වල ලියන්න පුරුදු වෙලා හිටියා දින පොතක් උනත් කොච්චර පෞද්ගලිකවද පරිශීලනය කරේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒත් අද කාලේ අය තමන්ගේ ජිවීතේ සිද්දවෙන කුඩාම දේ ඉදලා වැඳගත්ම දේ ගැන පවා Facebook / Twitter ඇවිත් දානවා. ඉතින් අද කාලේ කෙනෙක්ගේ ෆෝන් එකක් අරගත්තොත් එයාගේ දෙමව්පියෝ යාළුවෝ හිතුමිතුරෝ එයා ගැන දන්න දේවල් වලට වඩා දෙයක් දැනගන්න පුලුවන් උදාහරණයකට ෆෝන් එක Hack කරොත් ඔයාවම යටත් කරගත්තා වගේ තමයි. හොඳට මතක තියාගන්න අපි Facebook / Twitter ගිහින් දාන Likes/Comments කියන දේවල් තවත් අයට බලන්න පුලුවන් වගේම අපි යවන පෞද්ගලික Massages පවා අවශ්‍යනම් අනවසරයෙන් තවත් කෙනෙක්ට බලන්න පුලුවන් කියන කාරණාව..! මේවා අහද්දිත් එපා වෙනවා ඇති. මින් ඉස්සරහට කොහොම මේවා පාවිච්චි කරන්නද කියලත් හිතෙනවා ඇති.
හොඳට මතක තියාගන්න තවත් දෙයක් මේ වගේ දේවල් වලින් අපිව බේරගන්න පුලුවන් අපිටම විතරයි කියලත් මොකද අපිම තමයි මේවට ගොදුරු නොවි පරිස්සම් වෙන්න ඕන ගොඩක්ම සිද්ද වෙන දෙයක් තමයි බොහොමයක් ප්‍රසිද්ද වෙබ් අඩවිවගේම තවත් වෙබ් අඩවි අන්තර්ජාලේ පුරාවට Hackers ලා පවත්වන් යනවා. ඉතින් හොයා බලන්නේ නැතුව ඒවට ගිහින් තියෙන දේවල් Click කරපුවම ඒ අයව Hack කරලා ඒ Hackers ලා තමන්ගේ පාලනයට අරගන්නවා. ඔතනින් පස්සේ වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.
ඔයාලට බලන්න බැරිදේවල් තව ගොඩක් තියෙනවා. ඔයාලා අහල තියෙනවද Dark-Web කියලා වචනයක්..! අහලත් ඇති අහලා නැතුවත් ඇති අහලා තිබ්බත් මොකක්ද ඒ කියලා හරියට දන්නෙ නැති අයත් ඇති ඒ හැමෝටම දැනගන්න මෙහෙම කියන්නම්.! හැබැයි මම මේ Dark-Web කියන දේ ගැන ඔයාලට පැහැදිලි කරන්න යනවා නෙවෙයි මේවගේ දේවල් අපි අතර තියෙනව වගේම මේවාගේ ක්‍රීයාකාරිනුත් අපි අතරම ඉන්න අයමයි කියලා පෙන්වාදීමක් කරන්නයි මගේ උත්සහය.. මෙහෙමයි ඩාර්ක් වෙබ් කියන්නේ අන්තර්ජාලේ තියෙන අඳුරු පැතිකඩ සරලවම කියනව නම් හොඳ තැනක් නෙවෙයි සමාන්‍යයෙන් අපි වගේ සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයින්ට පහසුවෙන් යන්න බැරි තැනක්..! ඉතින් මේක ඇතුලේ ආයුධ වෙළඳාම,මත්ද්‍රව්‍ය වෙළද්‍රාම වගේම මනුස්සයෙක්ව උයන්නේ කොහොමද..? ඒකෙත් තියෙන විශේෂිත දේවල් මොනවද කියන එක පවා මේක ඇතුලේ තියෙනවා. හොඳට මතක තියාගන්න මේ Dark-Web වල වෙන දේවල්වල ක්‍රියාකාරීන් වෙන්නේ ත්‍රස්තවාදීන් එහෙම නෙවෙයි කියන කාරණාව ඔයාලගේ ලඟම ඉඳන් අම්මේ කියලා කතාකරන පුතා.! ඔයාලට අක්කේ කියලා කතා කරන මල්ලි.! මෙන්න මේ වගේ පරිගණක පාවිච්චි කරන අය බහුතරයක් කිව්වොත් පුදුමත් හිතෙයි.
අප පාවිච්චි කරන අන්තර්ජාලයෙ හා Dark Web හි ඇති වෙනස පිළිබඳව දැක්වෙන දළ රූපසටහනක්..!
අද ඉපදෙන දරුවට පවා Facebook ගිණුමක් හදන මේ කාලේ දරුවන්ට පරිගණකයක් අරන් නොදී බැහැ වගේම අරන් දෙන්න එපා කියන එකත් විහිලුවක් .! ඉතින් අද කාලේ හැටියට ලෝකේ යන විදියට ඉගෙන ගන්න දරුවන්ට පරිගණකය කියන දේ අත්‍යඅවශ්‍යයි.! දෙමව්පියෝ විදියට ඒ වගේ දෙයක් අරන් දුන්නම අපිට දරුවො මේවගේ ව්‍යසන වලින් බේරගන්න මේ වගේ විවිධ ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරන්න පුලුවන් පරිගණකය කවදාවත් දරුවගේ නිදන කාමරේ තියන්න එපා.! ඒක සාලෙන් තියන්න එතනදි දෙපැත්තකින් දරුවා නිකන්ම ආරක්ෂා වෙනවා එක දරුවට උනත් අනවශ්‍ය වැඩ පරිගණකයෙන් කරන්න බැහැ මොකද ඒක දෙමව්පියන්ට පේනවා. දෙක Hacker කෙනෙක් ගේ ග්‍රහණයට අහුවුනොත් සාලෙ වගේ තැනක පරිගණකයක් තිබ්බම පෞද්ගලිකත්වයට කිසිම විදියකින් බලපෑමක් කරන්න බෑ.
අනිත් දේ තමයි අන්තර්ජාලේ නොමිලේ මොනව හරි පාව්වි කරනව නම් ! ඇත්තටම ඒක නොමිලේ දෙන දෙයක් නෙවෙයි! මොකද ඒවට දෙන විස්තර අරගෙන ඒ පැත්තේ ඉන්න කෝටි ගණන් හම්බකරනවා. නියම මිල තමයි ඔයාගේ තොරතුරු. ඒක නිසා කවදා හරි නොමිලේ දෙන දෙයක් අන්තර්ජාලේ හරහා පාවිච්චි කරන්න යනවනම් ඒ ගැන දෙපාරක් නෙවෙයි ඊට වැඩි වාරගණනක් හිතලා බලලා පාවිච්චි කරන්න.
2019 මැයි මාසේ අටවෙනිදා තිරගතවුන චිත්‍රපටියක් තමයි KEE කියන්නේ දකුණු ඉන්දීය සිනමා රසිකයින්වන ඔබට මතක ඇති Irumbu Thirai 2018 ,Ye Mantram Vesave 2018 කියන සිනමාපටයන් ඒ සිනමා පටවල කතා කරලා තිබ්බ මාතෘකාත් මතක ඇති තොරතුරු තාක්ෂණයේ අනිසි ප්‍රථිඵල ගැන. මේ චිත්‍රපටයෙත් කතා කරලා තියෙන්නේ ඒ මාතෘකාවලටම සමාන අපි එදිනෙදා නොදැන කරන තාක්ෂණික අත් වැරදිවලින් සිදුවන හානි පිළිබඳව. ඉතින් මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි කරන්න අවස්ථාව මට ලැබුනා. ඉතින් වෙනදා වගේම බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම විසින් තමන්ගේ රසිකයින්ට දැනුම ලබාදීමේ උත්සහයක තවත් පියවරක් විදියට අදත් චිත්‍රපටයෙන් පෙන්වා දෙන ආදර්ශය දීර්ඝ ලෙස විස්තර කරලා දීලා කාලීන මාතෘකාවක් වගේම ව්‍යසනයක්ද වෙන මේ තාක්ෂණයේ සිදුවන අනිසි පැතිකඩවල් ගැන ඔබ සියලු දෙනාහට සුළු දැනුවත් කිරීමක් කරන්න සිතුවා.
මේ තියෙන්නේ චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රතිචාරයන්..!

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා රචනය Kalees නම් අධ්‍යක්ෂකවරයා විසින් සිදු කරන අතර නිෂ්පාදනය S. Michael Rayappan විසින් සිදුකර තිබෙනවා. ප්‍රදාන රංගනය දමිළ නළු Jiiva සමඟින් Nikki Galrani, Anaika Soti, RJ Balaji යන නළු නිලියන්ද රංගනයේ යෙදෙනවා.එසෙනම් Cyber Crime Thriller සිනමාපටයක රසය විඳින අතර තමන්ගේ දැනුමටද යමක් එකතු කරගන්නා ලෙසට ඉල්ලා සිටිමින් මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කිරීමට අවස්ථාව සලසා දුන් අප සංස්කාරක මඩුල්ලේ සාමාජිකයෙකු වන තිසර සහෝට වගේම අප අඩවියේ සහෝදර උපසිරැසිකරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලිටත් විශේෂ ස්තුතිය පුද කරමින් අදට මා සමුගන්නවා. තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
32,849 downloadsDownload Kee-2019-Update.zip114 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
85 comments
Ayesh Prashan
sksalitha
Thanks for Sub
gayan215
bohoma sthuthi saho...
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi brooo sub ekata...
gihan perera
ස්තුතියි සහෝ....මේක උපසිරැසි දානකන් හිටියේ....ස්තුතියි ස්තුතියි ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
sachinkumarabandara
I am a hacker
geeganagamage
බොහොම ස්තුතියි මේ කරන වටින සේවය වෙනුවෙන් .
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Lahiri
THANKZ SAHO
rangika Kariyawasam
සුපිරියක් සහෝ .බෝම තුති සබ දුන්නට .ජයවේවා
damith_janaranjana
Thanks bro
kelumchathuranga
thanks
pradeepdarshana
sub ekata thans... godzilla king of the mon sters 2019sinhala sub Dannako??
Sanjeewa2010
Pattaaaaaaaaaa
Asitha.pramoth
Sub ekata thanx bro
Upul Sampath
Ikmanatama Sub eka dunnata thanks saho
ඔෂද ධනංජය
thanx sahoo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Hotel Mumbai (2018)
Rukshan37
ela ela
Thimira Upeka
අලුත් ටැමිල් film එකක් බලන්න හිටියෙ ගොඩ දවසක්. තැන්ක්ස් සහෝදරයා. තවත් මේ වගේ ඒව ඕන
ilanga
komada bro download kranne film eka a
Eranda Malith 2.0
Thankscn
Lalani Maduwanthi
Thank you malli,,,,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Rumesh dhanushka
Thanks brother
Isira janith
Godzilla 2019 sub dennko thx sub kee
Chathu_OO
අප්පට සිරි...
නොමිලේ දෙන උපසිරැසි ගැන එහෙමත් දෙපාරක් හිතන්ට වෙයිද???COOLSAMITHA
Ela
sathyajith
thanks for the sub
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
subodha
Thanks
krishan7777
Thanks bro
kodagoda
tnx sahoo subata
Vijitha Rathna (විජ්ජ)
Patta
Subata tnnx
Lipiyath pattaDilupa alkshan
DarkWeb or DeepWeb use Karanna Hithanawanam Google or Bin Walin Log wanna Epa,
Mokada Log Wenna Beha (Tro) Use Karanna But Deep Walata Witharak Log Wnna Dark Ekata Log Wenna Epa
Anathurudayakai!!!!ThankS!!sunlight
superrrrrr
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයprasakr
ජයවේවා...... බොහෝම ස්තූතියි උපසිරැසියට...
deliya
thanks saho sub akata.niyamai aaaaaaaa.jayawewa
C lakmal
THANKS BRO
sampath n perera
thanks brother
isb
Great I like this topic. Dark web eke karanna beri deyak nehe Oyata onnam manussayekwa marawanna puluwan eka live balanna unath puluwan yanna hithannawath epa
Udaya Saman
සුප්ප අයියේ...සුපිරියක් ොවැ ගෙනත් තියෙන්නේ...ටික දවසකින් සබ් එකක් දෙන්නත් බැරි වුන නිසා පට්ටම එකක් දිලා.බොහොම තුති අයියේ....
Haritha245
Thank you....
thilz
thamk uuuu
Shehan putha
thanks bro...
jaya wewa !Bandarajbandara
එල ජයවේවා
sampath n perera
thanks brother
D.Chamara
bohoma sthuthi sahooo ...
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Amila Roshan
Thanks saho sub ekata sub eka iye gatte comment ekak danna bari una
Me wage film walata mama godak asai cyber patte api nodanna godak dewal igena ganna puluwan
ehenam JAYAWEWA
Advertisement
![Kee (2019) Sinhala Subtitles | නවීන මන්තරකාරයෝ.! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/kee-2019.jpg)

Thank You.. Sub Ekata Saha Information Tikata