Watch Trailer

Malèna (2000) Sinhala Subtitles | කොල්ලට 12යි,කෙල්ලට 27+[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ළමයිනේ හාහා පුරා කියලා baiscope.lk එකට ලියන පළමුවෙනි පෝස්ට් එක… මං හොයාගෙන හොයාගෙන ගිහින් බලපු හොඳ බයිස්කෝප් එකක් තමයි මේක.. ඇත්තම කිව්වොත් මං ඞීවීඞී එකක් හොයාගෙන තියාගන්නඩම අරන් තමයි බැලූවේ… ඒ තරමට ආසයි… මේක ඔරිජිනල් ඉතාලි බයිස්කෝප් එකක්.. මෙන්න මෙහෙමයි කථාව.. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධ…

ඔන්න ළමයිනේ හාහා පුරා කියලා baiscope.lk එකට ලියන පළමුවෙනි පෝස්ට් එක… මං හොයාගෙන හොයාගෙන ගිහින් බලපු හොඳ බයිස්කෝප් එකක් තමයි මේක.. ඇත්තම කිව්වොත් මං ඞීවීඞී එකක් හොයාගෙන තියාගන්නඩම අරන් තමයි බැලූවේ… ඒ තරමට ආසයි…
මේක ඔරිජිනල් ඉතාලි බයිස්කෝප් එකක්.. මෙන්න මෙහෙමයි කථාව.. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා… මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතයක් වෙන්නේ රෙනාටෝ කියන අවුරුදු 12ක පිරිමි ළමයෙක්… මේ ළමයට එක දවසක වැදගත් සිද්ධි දෙකක් වෙනවා… එකක් තමයි ජීවිතේ පළමුවෙනි බයිසිකලය ලැබීම හා අති සුන්දර, ප‍්‍රියජනක, එක වතාවක් දැක්කොත් තව දස දහස වතාවක් බලන්න හිතෙන මේ කථාවේ ප‍්‍රධානතම චරිතය වන මලීනා දකින්නට ලැබීම…… කරුමේ කියන්නේ මේ ලස්සන ගෑනු ළමයා නිකෝ කියලා යුධ භටයෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ… ඒත් වටේ කෙළ පෙරන කොල්ලොන්ගේ හොද වෙලාවට මේ මිනිහාට යුද්දෙට යන්ඩ සිද්ධ වෙනවා..

මේ කාලේ රෙනාටෝගෙත් නියම වයසනේ… කොල්ලා පොඩි වුනාට අහිංසක ආදර හැගීම් ටිකක් ඇති වෙනවා මේ මලීනා කියන ගෑනු මනුස්සයා ගැන… ඉස්කෝලේ පාඩු කරගෙන යනවා මලීනා පස්සෙන්… ඔහොම ඔහොම යද්දී මලීනාටත් ගොඩක් ප‍්‍රශ්ණ… වෙන මොනවද ඉතින් ? සල්ලි තමයි…

මේ දෙන්න ආදරයෙන් වෙලෙයිද?එහෙම උනොත් අන්තිමට දෙන්නගෙම ඉරණම කොහොම විසදෙයිද?නැත්න්ම මේක ඒකපාර්ශ්වික ආදරයක් වෙයිද?එහෙම උනොත් ඒ ආදරය කොතරම් සාර්ථක වෙයිද?

හප්පේ… මං මුළු බයිස්කෝප් එකම ලියනවාද මන්දා… ඉතුරු ටික දැනගන්න මේක බලන්නම වෙනවා… ඉතාලියේ සුළු නගරයක සිද්ධ වෙන මේ කථාවට ලස්සන කැමරා කෝණ ටිකක් එකතු කරගෙන තියෙනවා… හාස්‍ය මතු කරන තැනුත් නැත්තෙම නෑ… කථාවත් ලස්සනට ලියලා තියෙනවා… නව යොවුන් වියේ පසුවෙන පිරිමි ළමයෙක්ගේ ජීවිතේ සිද්ධ වෙන සියළුම සිද්ධීන් හංගන්නේ නැතුව මේ බයිස්කෝප් එකේ පෙන්නනවා… මට වෙලාවකට හිතුනා අක්ෂරය බයිස්කෝප් එකත් මේකට ටිකක් ළගින් යනවා නේද කියලා…

හැමෝම දන්න මොනිකා බෙලූෂි තමයි මලීනාගේ චරිතේ රගපාන්නේ… රෙනාටෝගේ චරිතයට පණ පොවන කොල්ලගේ නම ටිකක් කියවගන්න අමාරුයි අප්පා… (Giuseppe Sulfaro)

චිත්‍රපටය ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියෙනවා 2001දී…

පසුවදන : මේ බයිස්කෝප් එක ගැන පුළුල් සංවාදයක් ඇති වෙනවා නම් මං කැමති.. මොකද කියනවා නම් මේ කථාව අපේ රටටත් සමහර තැන් වලදී ගැලපෙන හින්දා… සැමියා යුද්දෙට ගියපු බිරිඳක් විඳින අනේක දුක් කම්කටොළු මේ බයිස්කෝප් එකෙන් මනාවට පෙන්නුම් කරන හින්දා… මේ වගේ කථා අනන්තවත් අපේ රටේ ඇති… ඒත් අපි දන්නේ නැත්තේ අපේ කණ් වලට ඇහෙන්න කලින් ඒ කථා නිහඩ වෙන නිසා වෙන්න ඇති…

පවුලේ සැමට එකට නැරබිය නොහැක …

ලිපිය – උදාර මදුශන්ක

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

11,038 downloadsDownload Malena-2000-SinhalaSubs.Baiscopelk.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11

Subtitles

11,038 downloadsDownload Subtitles25 KB

151 comments

  1. Gayan Sutherland

    the reader wagema kathawak nedha mama kohomath kemathi aadreya boundless wenawata balala kiyannam matanam english copy ekak hambawuna

  2. මනුශාන්

    @ පොතේගුරා
    අලුත් තීම් එකනම් හොදයි
    හැබැයි අකුරු පොඩි වැඩියි අකුරු පාටත් ටිකක් මදි වගේ

  3. පොතේ ගුරා

    @Gayan! ඔව් මචන් ටිකක් ඒ වගේ තමයි සිද්දිය නම්..ඒත් මේක බැලුවොත් තේරෙයි සම්පූර්ණයෙන් වෙනස් එකක් කියල..ඒකෙ කොල්ලට වඩා මේකෙ බුවා පොඩියි..

    @මනුශාන්! එහෙම එකක් නම් තියෙනව තමයි මචන්..එ උනාට මීට වඩා වැඩ තියෙන ඒව දාන්න ගීයොත් කට්ටිය වැඩි වෙලාවට ඩවුන් වෙන්න ඉඩ තියෙනව.. :(

  4. Naln

    Its realy good movie. Machan "pothe gura" malina director "Giuseppe Tornatore" ge "Cinema Paradiso" hoyagena balapan, Ejath sira film eka

  5. udara

    ගොඩක් ස්තූතියි පොතේ ගුරා මහත්තයෝ මගේ පොස්ට් එක දැම්මාට... මනූෂාන් කිව්වා වගේ තීම් එකේ පොඩි පොඩි අවුල් වගයක් නම් තියෙනවා වගේ... ඔය මහත්තයට පුළුවන් නම් බේසික් තීම් එකක් පාවිච්චි කරන්න බලන්න... එතකොට අනම් මනං වැඩි වැඩ නැතිව සරළව කියවන්න බලන්න පුළුවන් වේවි... බයිස්කෝප් සයිට් එකේ අන්තර්ගතය හොද නිසා අමුතුවෙන් සුකුරුත්තන් එල්ලන්න ඕනේ වෙන එකක් නෑ මගේ හිතේ...

  6. kathu

    WOW... thanks man. Mama meka beluwa issella. Ayemath balanna hoya hoya hitiye.. Niyamai.. Elakiri...

  7. පොතේ ගුරා

    @Naln! ඒක ලෝකෙන් 84 වෙන ස්ථානයේ තියෙන ෆිල්ම් එක..බලන්න වටිනව..තෑන්ක්ස් මචන්..ටොරන්ට් නම් නෑ හොද ඒව.. :( RS හ‍රි බලන්න ඕන!

    @udara! දැන් අකුරු ටිකක් ලොකු ක‍රල තියෙන්නෙ මචන් මුලින්ට වඩා..මේ පෙනුම ගොඩක්ම අවුල් නෑ නේද? (තව ටිකක් හදන්න තියෙනව කොහොමත්)

    @kathu! එළ මචෝ..ආයෙ බැලුවත් පාඩු නෑ..මමත් මේ ලිපිය දැක්කට පස්සෙ තමයි බාල බැලුවෙ..ගති..

  8. ගල්ලේ බඩා

    හොද ෆිල්ම් එකක් කලෙකට කලින් බැලුවේ

  9. udara

    @ ගුරා - අකුරු නම් අවුලක් නෑ වගේ... ඒත් මචන් තීම් එක පුරුදු නෑ නෑ වගේ... ඔහොම යංකෝ පස්සේ හරියයි මගේ ‍හිතේ...

  10. udara

    @ ගුරා - මගේ තව පොඩි අදහසක් තියෙනවා ගුරා මහත්තයෝ... ඔයා මේ බයිස්කෝප් සයිට් එකේ මුල ඉදලා අද වෙනකම් දාපු බයිස්කෝප් වල ලිස්ට් එකක් දාන්නකෝ වෙනම... ගොඩක් ප්‍රයෝජනවත් ඔයාටත් මටත් අපි හැම දෙනාටමත්...

  11. පොතේ ගුරා

    @ගල්ලේ බඩා!ඔව් මචන්...සිරා ෆිල්ම් එක..

    @udara! හික් හික්..ඔවු ඔවු..පස්සෙ පුරුදු වෙයි.. :)තවත් එළ අයිඩියාවක්..ටිකක් වෙලා යන වැඩක්..මම වෙනම පිටුවක් හදන්නම් මචන් ලිස්ට් එක දාල..තැන්කූ වෙන්න ඕන.. :)

  12. zoniczz

    හ්ම්.....මේකත් බලලා තියෙන බයිස්කෝප් එකක්....මැක්ස කතාව..

  13. Anonymous

    download karanna bane

  14. Uraj Deemantha

    හික්ස්.... :D පොතේ ගුරාට චෝදනා එල්ල වෙයිද දන්නේ නෑ පොඩිහිටියන්ට සුදුසු නැති ඒවා දානවා කියලා ..........!! :P

  15. kathu

    මාර upset එක..! subtitles only in arabic...!!

  16. පොතේ ගුරා

    @zoniczz !එළ එළ!

    @නිර්නාමික! පුලුවන්නෙ! :D

    @Uraj Deemantha !අෆොයි එහෙම වෙයිද!හොද වෙලාවට මට 18+ නිසා අවුලක් නෑ.. :P

    @kathu!ඔන්න මචෝ ඉංග්‍රීසි උපසිරැස ෆයිල් එක දැම්ම..ඒක බාගන්න!සොරි වෙන්න ඕන වෙච්ච අපහසුතාවයට :D

  17. upul

    mama bagaththa file ake Audio awlak awa. mona hari awlak wela

  18. hariya

    godak kaalekata kalin balal tiyenne..

    hodai katawa..... hebei digai..

  19. Prabath

    hoya hoya hitiye

  20. ජයත් විජයකෝන්

    සම්මතයෙන් පටහැණි, නමුත් හදවතට කාවදින චිත්‍රපටියක්.....ලෝකයේ ඕනම තැනක මෙය සිදුවිය හැකිය.......

  21. maneesh

    got some same with READER.......

  22. Eranga

    mamath meeka hoy hoya hitiye. Subtitles link eka wada naa wage :(

    "The file link that you requested is not valid."

  23. Kasun Ranathunga

    hey brother .. dead links please upload sub file again ..

  24. Viraj

    බොහොම ස්තූතියි

  25. කැනී

    මේකේ ටොරන්ට් නැතෝ.........

    1. Nikal up

      Meke torrents tiyanava machan. man meka 2010 di beluve torrentz valin download karala. kauru mona kivvat ape jeevithavalata godak langin yana katavak. mehema kivvama ubala mona hittai da danne ne .meka tama man asama quote 1

      I pedaled as fast as I could... as if I were escaping from longing, from innocence, from her. Time has passed, and I have loved many women. And as they've held me close... and asked if I will remember them I've said, "Yes, I will remember you." But the only one I've never forgotten is the one who never asked... Malena.

  26. Shashi Fernando

    හරියට බැලුවොත් හොදා කතාවක්....

  27. me's(i)

    මේකේ ටොරන්ට් නැතෝ………ane mata meke torrent eka mail karannako [email protected]

    1. වාසල

      @me’s(i),
      දැන් බලන්න සහෝ... අප්ඩේට් කලා....

  28. Shashi Fernando

    me film eka gana man attatama visheshayen kiyanna ona. mokada meka baala ganaye lingika asawan film walin ganna hadana ayatanam ulpathak. ath buddimathwa katawa rasavidinna, meka italiyen bihiuna vishishtama nirmanayak kiyanna puluwan, ahata kadulak unana katawak, visheshayenma a maleenage charithe vishishta charitahayak.

  29. Dinindu Sampath

    මමත් ඔන්න බානවා.. ස්තූතියි සහෝ

  30. MarK

    ෆිල්ම් එක ගැන කියන්න වචන නැහැ ......මේකට 7.4 වලට වැඩ ලැබෙන්න ඕනි.....ලොකු කතාවක් මේ ෆිල්ම් එකින් කියවෙනවා......අනිවා හැමෝම බලන්න ....ඇත අරින්න නම් එපා... යාළුවා තැන්ක්ස් මේ ෆිල්ම් එක ගැන කීවට

  31. Madu

    Very good... උදාර පුලුවන්නම් සිංහල උපසිරැසිත් දාන්ඩ කියලා මම ඉල්ලනවා ...
    Thanks...

  32. Shan

    ammata siri mekata sub ekak denna thi vei kiyala mama hithuve kalin balala thiyenava sub nathiva dan sub eka thiyena hinda aye balanava me para th mama 1 vage

  33. nuraj

    යේ, මුලින්ම සබ් එක ඩවුන්ලෝඩ් කරේ මම,එල

  34. d2dinu

    එළකිරි, හොද තේරීමක්. ජයවේවා!

  35. gihan

    Thankssssss

  36. රාම් රාජ්

    සබ්වලට ස්තූතියි.මම මේක බැලුවා.

  37. naleen

    patta ela kiri a

  38. ධනුෂ්ක ලක්මාල් | ධනා

    ගොඩක් ස්තුතියි මාත් මේක කලින් බලලා තියෙනවා. දැන් ආයෙමත් සිංහල උපසිරැසිත් එක්කම නරඔනවා. ජය වේවා

    අහිංසක හිත්නේ

  39. mihin ලංකා

    මරු බලන්න ඕනේ..මේක නම්

  40. සමන් කළුබෝවිල

    එල.. එල... මේවා නොබලන දෑස මක්කටයි කියනවනේ... ඔන්න මත බාන්න දැම්මා... සබ් වලට සිතුති පැතුම් සහෝ.... ජය... දිගටම සබ් දෙන්න..... :D

  41. rusuru | රුසිරු

    මේක පට්ට නේ බලන්න ඕනේ .... :) ජය

  42. නෙරංජි සුලක්ඛනා

    නියමයි.. අහලා තිබුණා බැලුවෙ නෑ.. සබ් එක්කම බලමු... ලියලා තියෙන විදිහට බලන්න හිතුණා... සදා ජය... තව හොඳ ඒවා කරන්න..

  43. අනුෂ්

    පට්ට ෆිල්ම් එක.
    ඒ වයසේ හැසිරීම් නියමෙට පෙන්නලා තියනවා.

  44. vee

    සුපිරි බලන්නම ඕනේ :) :)

  45. Uraj Deemantha

    ෆිල්ම් එක නම් සුපිරි ආ..... :) මම මේකේ මීට වඩා Quality එක අඩු කොපියක් බැලුවේ.... අළුතෙන් දීලා තියෙන 1.2GB කොපි එකයි, සිංහල සබ් එකයි එක්ක ආයේ බලන්න ඕනා...... :D

  46. Uraj Deemantha

    සිංහල සබ් වලට ස්තූති සහෝ..... මේ දීලා තියෙන කොපි එකමද දන්නේ නෑ කලින් මම බාලා බැලුවෙත්..... දැන් ඉතින් හොයන්න වෙනවා මේක...... :D

  47. Arulz

    ammeeee ubanam deyiyek.. me movie eka gena dawasak mata kenek kiwuwa.. math mara asawen balanna hithagena hitiyee.. eth movie eke nama amathaka una eka nisa hoyaganna beruwa duke hitiye... thank yooooooooooouu sooooo much machan..............

  48. kalinga

    ජය වේවා මචෝ අනිවා බානවා

  49. ccnp

    Thanks lokkaa patta

  50. සිංහලයා

    වැඩේ නියමයි දිගටම කරමු ජය වේවා

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.