කොහොමද කට්ටියට? ඔන්න ඉතිං මේ ලෑස්ති වෙන්නෙ තවත් සුපිරි කතා මාලාවකට උපසිරැසි අරගෙන එන්න. දැන් නම් කතා මාලාවම විකාශනය වෙලා අවසන්. කොහොම නමුත් කතාව හොදයි කියලා හිතුන නිසා උපසිරැසි ලබා දෙන්න තීරණය කලා. දැන් නම් ඉතිං මේ ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ වුනත් මම ඔයාලට මේ ගැන විස්තර ටිකක් කියලම ඉන්නම්. මුලි…

කොහොමද කට්ටියට? ඔන්න ඉතිං මේ ලෑස්ති වෙන්නෙ තවත් සුපිරි කතා මාලාවකට උපසිරැසි අරගෙන එන්න. දැන් නම් කතා මාලාවම විකාශනය වෙලා අවසන්. කොහොම නමුත් කතාව හොදයි කියලා හිතුන නිසා උපසිරැසි ලබා දෙන්න තීරණය කලා. දැන් නම් ඉතිං මේ ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ වුනත් මම ඔයාලට මේ ගැන විස්තර ටිකක් කියලම ඉන්නම්.
මුලින්ම අපි මේ කතා මාලාවෙ කොමික් පැත්ත ගැන ටිකක් බලමු. Runaways කියන්නෙ Marvel Comics විසින් පබ්ලිෂ් කරපු superhero comic කතා මාලාවක්. කතා මාලාව පාදක වෙලා තියෙන්නෙ තමන්ගෙ දෙමව්පියන් PRIDE කියලා හදුන්වන නපුරු සංවිධානයක සාමාජිකයො කියන කාරණේ හොයාගන්න තරුණ ළමයි හය දෙනෙක් වටා. Brian K. Vaughan සහා Adrian Alphona කියන දෙන්නා අතින් නිමවුනු මේ කතා Marvel Comics වල කොටසක් විදිහට 2003 ජූලි මාසෙ Tsunami මුද්‍රණයෙන් එළි දක්වනවා. ඒ වුනත් මේ සීරියස් එක 2004 සැප්තැම්බර් මාසෙ කැන්සල් වෙනවා යම් යම් හේතු කරණා නිසා. හැබැයි ඉහල වෙළදාම හේතුවෙන් Marvel සමාගම 2005 පෙබරවාරි මාසයෙ ආයෙත් මේ කතා මාලාව ආරම්භ කරනවා.

Runaways කතා මාලාවෙ තරුණ ළමයි හයදෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් වටා තමයි ගෙතිලා තියෙන්නෙ. මේ අයගෙ දෙමව්පියන් හැම වසරකම පාහෙ පුරුද්දක් හැටියට පුණ්‍යායතන රැස්වීමක් කරගෙන යනවා. එක අවුරුද්දක මේ ළමයි ටික එයාලගෙ දෙමව්පියො ගැන ඔත්තු බලන්න ගන්නවා. පස්සෙ තමා එයාලට දැන ගන්න ලැබෙන්නෙ එයාලා PRIDE කියන සංවිධානයේ ඉන්න අපරාධකාරයො, කාලය හරහා යන අය, අදුරු මායාකාරියො, පිස්සු විද්‍යාඥයො, පිටසක්වල ජීවි සහා මානසික බලයන් තියෙන විකෘතිකයො ටිකක් කියලා. හැබැයි ඉතිං රූපවාහිනි කතා මාලාව තුල මේ ටික මෙහෙම් නම් තියෙන එකක් නැ. මම මේ කියන්නෙ කොමික් පැත්ත ගැන සාරංශයක් විතරයි. මේ ළමයි ටික එයාලගෙ දෙමව්පියො ලග තියෙන ආයුධ සහා සම්පත් ටික හොරකම් කරලා එයාලගෙ දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච බලයන් ඉගෙන ගන්නවා.
Alex Wilder (ඇලෙක්ස්) තමයි මේ ටීම් එක මෙහෙයවන එහෙම නැත්තං මොලේ පාවිච්චි කරන කෙනා, Nico Minoru(නීකො) එයා දැන ගන්නවා එයා බලගතු මායාකාරියක් කියලා, Karolina Dean(කැරොලීනා) දැන ගන්නවා මෙයා පිටසක්වල කෙනෙක් කියලා, Gertrude Yorkes(ගර්ට්) හොයා ගන්නවා එයාට ඩයිනසෝර් කෙනෙක් එක්ක මානසික සම්බන්ධයක් තියෙන විත්තිය, Chase Stein(චේස්) එයාගෙ තාත්තා ලග තිබුන රොබෝ අත් දෙකක් හොරකම් කරනවා. හැබැයි ටිවි සීරියස් එකේ නම් එහෙම නෙවෙයි. Molly Hayes(මොලි) දැනගන්නවා එයා අසීමිත ශක්තියක් උරුම විකෘතිකයෙක් කියලා. මේ හයදෙනා තමයි තමන්ගෙම දෙමව්පියන්ට එරෙහිව නැගි සිටින්නෙ වගේම එයාලව පරද්දන්නෙ.
කොහොමහරි මේ සීරියස් එක ආපහු සැරයක් 3 වෙනි වෙළුමෙ 14 වෙනි නිකුතුවට පස්සෙ 2009 නොවැම්බර් මාසෙ කැන්සල් කරලා තියෙනවා. ඊට වසර 8 ට පස්සෙ නැවත වරක් නිවේදනය කරනවා Rainbow Rowell සහා Kris Anka කියන දෙන්නා යටතේ මේ කතා මාලාව ආපහු සැරයක් කරලියට ගේන්න හදන විත්තිය. ඒ වසරෙම සැප්තැම්බර් මාසෙ ආපහු කතා මාලාව කරලියට එනවා. ඊට පස්සෙ තමා Runaways TV series එක Hulu සමගින් එක්ව මාවල් පුංචි තිරයට එක්කහු වෙන්නෙ තවත් සුපිරි වීර කතාවක් විදිහට.
Runaways වසර ගානක් පුරාවට විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් විවිධ මාතෘකා යටතේ ඉදිරියට ආවාත්, රූපවාහිනි කතා මාලාව ගොඩක් පාදක වෙලා තියෙන බව කියවෙන්නෙ 2003 නිකුත් කල පළවෙනි වෙළුම එක්ක කියලා තමයි සදහන් වෙන්නෙ. කොහොම වෙතත් විචාරකයො කියන විදිහට බැලුවාම නම් රූපවාහිනි කතා මාලාවෙ ඉන්න චරිත ටික කොමික් චරිත ටිකත් එක්ක සුපිරියටම ගලපලා තියෙනවා.

ආයෙ ආපහු වතාවක් මේ අයට තියෙන හැකියාවන් බලයන් පිළිබඳව කියන එකේ තේරුමක් නෑනෙ. මම කොමික් පාර්ට් එක ගැන හැදින්වීමක් කරද්දි ඒ ගැන ලාවට කිව්වා. ඉතිං ඔයාලට කතා මාලාව තුලත් ඒ හැකියාවන් ඒ අයුරින්ම දකින්න පුළුවන්. හැබැයි පිටසක්වල ජීවියො, විකෘතිකයො ගැන නම් කතා වෙන වගක් පෙනුනෙ නැ.
කතාව මේකයි, අපි මේ කතා වෙන ලමයි හයදෙනා පුංචි කාලෙ ඉදලම යාලුවො. එහෙම වෙන්නෙ එයාලගෙ දෙමව්පියො යාලුවෙ නිසා. හැබැයි නීකොගෙ සහෝදරි වෙන ඇමීගෙ මරණයත් එක්ක මේ හයදෙනාගෙ මිතුරුකම සීසීකඩ විසිරිලා යනවා. හැමෝම තම තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවා. ඒ වුනත් ඇලෙක්ස්ට ලොකු උවමනාවක් තියෙනවා ආපහු කට්ටිය එක්කහු කරන්න. මේ කාලෙ වෙනකොට PRIDE සංවිධානයේ වාර්ෂික හමුවත් යෙදිලා තියෙනවා. ඉතිං ඇලෙක්ස් කල්පනා කරලා එයාගෙ අම්මගෙන් අවසරය ගන්නවා ඒ දවසෙම එයාගෙ යාලුවො ටික ගෙදරට ගෙන්න ගන්න. ඉතිං ඒ අය මෙයා කියපු ගමන් එයිද, කොහෙත්ම නැ. ගොඩක් සිදු වීම් වලින් පස්සෙ යාලුවො ටික ඇලෙක්ස්ගෙ ගෙදරට එකතු වෙනවා. හැබැයි කිසිම සතුටක් කාගෙවත් ලග නැ. ඔය අතරෙම මේ අයගෙ දෙමව්පියො ටික වෙනම එයාලගෙ හමුව කරගෙන යනවා. මිනිස්සු හැමෝම එක වගේ නෑනෙ, ඉතිං මෙතන යාලුවො ටිකත් එකිනෙකාට වෙනස් අය. චේස් කොහොම හරි ඇලෙක්ස්ගෙ තාත්තගෙ ඔෆිස් කාමරේට යනවා මොනා හරි බොන්න. ඒ පස්සෙන් අනික් අයත් එතෙන්ට එනවා. එතනදි තමා ඇලෙක්ස් අතින් වෙන දෙයක් නිසා රහස් දොරක් ඇරෙන්නෙ. ඉතිං මේ දොරෙන් යන්නෙ කොහෙටද, ඇතුලෙ මොනවද තියෙන්නෙ මොනවද වෙන්නෙ වගේම තමන්ගෙ දෙමව්පියො මොන වගේ පිරිසක්ද කියන කාරණෙත් මෙයාලට දැන කියා ගන්න ලැබෙනවා. ඉතිං ඔයාලටත් ඒක දැන ගන්න ඕනනම් කොටස් 10 පුරාවට දිවෙන Runaways කතා මාලාව සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
Runaways කතා මාලාවට උපසිරැසි අරන් එන්න මගෙත් එක්ක චාමර සම්පත්, නුවන්ත දුලාන්, නිලුපුල් මධූකප්‍රිය, අචින්ත උදයංග, රවිදු රුක්ෂාන්, දිල්ශාන් සචින්ත සහා යසිරු කියන සහෝදරයො හත් දෙනාත් එකතු වෙලා ඉන්නවා. පළවෙනි කොටස මේ විදිහට පලවෙනකොට අනික් සියළුම කොටස් වලටත් උපසිරැසි ලැබිලා ඉවරයි. ඉතිං ඔයාලට ඉක්මනින්ම සියලුම කොටස් වල උපසිරැසි ඉක්මනින් ලබා දෙන්න ඇඩ්මින් මණ්ඩලය කටයුතු කරයි. මට නැතත් අනික් සහෝදරයන්ට කමෙන්ට් එකක් දාලා සහයෝගයක් දෙන්න ඉදිරියටත් මේ වගේ කතා මාලාවල් ලබා දෙන්න. එහෙනම් මම ගියා.
#Hail Marvel.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
6,794 downloadsDownload Marvels-Runaways-S01E01.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
79 comments
Nthara86
ultranooblk
Ftta mchn denakan hitiye
darshana100
super super supe bro
Subhash13
niyama wadak...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
විදුෂාන් සජිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරන වැඩේට මන් සුබපතනවා!!..
:-) කල්වේලා තියනවානම් Fear The Walking Dead Season 03 එකේ සබ් දෙන්න, ලොකු දෙයක්. :-)
දිගටම කරගෙන යමු. ජය වේවා!!...KasunRe
බොහොම ස්තූතියි සහෝ......
sachintha
Sub ekta thanks lahiru sahoo...
02 epiyen hamu wemu
Jaya wewa...rock_promod
niyamai
SupunKaushalya
සබ් එකට තෑන්ක්ස් බන්
Hail Marvellosaka
niyama wadak bro antima ep yat awa ikmanata sub aka danawa neda??? jaya wava !!!!
Udara Damith Dissanayaka
සුපිරියි එල
ස්තුතියි
ආයුබෝවන්
#Hail Marvel
ස් කුබි ඩුබි ඩු ඌඌසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..සහෝලා ඔක්කොම එකතු වෙලා මේ වගේ සබ් දෙන එකනම් සුපිරි..මමනම් පෞද්ගලිකව සෑහෙන්න කැමති මේ වැඩේට. ජය වේවා..බුදුසරණයි..!
තරිඳු පෙරේරා
නියම වැඩක් මේක දෙනකන් බලන් හිටියේ අනිත් ටිකත් ඉක්මනට දෙන්න ඔබට ජය
Mokshan
ada download kare thama baluwe na ikmanata sub tika denna bn thanx ..for sub
Kasun A.
sub ekata wagema vistharayatath thuthi saho.jaya!
Soori
මිතුරු කල්ලියේ එකතු වීම
ලහිරු ප්‍රසාද්, චාමර සම්පත්, නුවන්ත දුලාන්, නිලුපුල් මධූකප්‍රිය, අචින්ත උදයංග, රවිදු රුක්ෂාන්, දිල්ශාන් සචින්ත සහ යසිරු කියන මිතුරු කල්ලියේ එකතු වීම අපට සතුටක්....
ඒ එකතුවෙන් මේ කතා මාලාව අපට ලබා දීම ගැන මාගේ හද පිරි ස්තුතිය සහෝලා ඔක්කොටම....!!
ජය වේවා !!!Prabath_Kaushalya
download karata balanna beri una sub nathi hinda....sub ekata thanks...
digatama sub denna. jaya wewa...!!!!Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් දෙනකන් හිටියේ....
සබ් ඔක්කම ආවහම ආයේ බලන්න ඕනේ....Thanusha
Thanks bro
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
එල සහෝ දිගටම දෙන්නSajithlakshan
උපසිරැසියට බොහොම ස්තූතියි
cavity
ammoooooo thnkx thnkx thnkx kiynna wachana naaaa...thnkx bro la mekta sub demmta...thnkuuuuuu.jaya wewaaaaaa
Kavi_maxxa
සබ් එකට තැන්ක්ස්
R.chandimal
tnx.sub ekata...
nuwanprasad
supiri
MXORMajoR55
පට්ට පට පට ...!
V.T.Piyumal
Sub akata thanks bro!parakku wela hari dunna ne!!ilaga tiaka ikamanata awanna,jaya wewa!!!!!!
dinusha666
Thank you bro
dinusha666
Thank you bro........
mindika
Thanks !!!!!!!!!!!!!!
nirodha uthpala
Oya nattan bro mama thamath shadowhunters balala na bro Anna eaka hinda mulinma oyatai thanks karanna ona thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
geeganagamage
බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි වගේ . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
thanula D
හම්මට......මේක දෙනකන් බලන් උන්නේ.ගොඩක් ස්තුතියි උපසිරැසියට.ඉතුරු ටික දෙනකන් බලාගෙන ඉන්නවා.ජයවේවා.
Vidura
Thanks Bro Sub ekata ilaga ep walatath sub enkan balan innawa :)
Isaac
Elama aiya issarahatath me wage sub denna labewai wish krnwa
Sumi Lak
THANKS FOR THE SUBTITLE...
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
supun madushanka Fernando
Thank sub ekata... aiye,sub eka pc eken download dunnta 4n eken denne nene..ai e???
Sajana_pathirana
සුපිරි වැඩේ දිගටම කරගෙන යමු
nisalt
Thanks bro...
Congrats....lasantha...chandimal
Patta patta.....
Kasun96
Thanks
Sahanp
thanks bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Dinuka Lakshan
THANK YOU MACHAN
lushan...thusi
thanx broo
Buddika Gamage
Thanks bro.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
jayadari
thank you
Advertisement


Thanks