හැමෝටම කිවුව ගමන් මතක් වෙන Film එකක් අරගෙන ආවා. Max Payne කියන්නේ Microsoft ආයතනය එලි දක්වපු වීඩියෝ ගේම් එකක්. කොහොම හරි 2008 වර්ෂයේදී මේ ගේම් එක චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරනවා. බොහොම ආසාවෙන් බලපු එකක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමා Max Payne කියන්නේ. Max ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg. නි…
හැමෝටම කිවුව ගමන් මතක් වෙන Film එකක් අරගෙන ආවා. Max Payne කියන්නේ Microsoft ආයතනය එලි දක්වපු වීඩියෝ ගේම් එකක්. කොහොම හරි 2008 වර්ෂයේදී මේ ගේම් එක චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරනවා. බොහොම ආසාවෙන් බලපු එකක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමා Max Payne කියන්නේ. Max ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg. නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන මැක්ස් ඇතුලු සගයින් නගරයේ සිදුවෙන අපරාධ නවත්තන්න ගොඩක් මහන්සි වෙනවා. මැක්ස් පේන් කියන විශේෂ රහස් පරික්ෂකවරයා භාරව ඉන්නේ නොවිසඳුනු ගැටලු ඒකකයේ විසඳන්න බැරි දේවල් විසඳීම සම්බන්ධවයි. වැඩ කරන සගයින් කියන්නේ මොහුගේ මේසයට කාටවත් විසඳගන්න බැරි වුන ප්‍රශ්ණයක් ගෙනත් දැම්මොත් ඒක විසදුණා කියලා හිතාගන්න කියලයි. නමුත් මැක්ස්ගේ බිරිඳ හා දරුවා ඝාතනය කරලා අවුරුදු 3ක් ගියත් මැක්ස්ට ඒ ගැටලුව නම් ලෙහාගන්න බැරි වෙනවා. කොහොම හරි මැක්ස් අවුරුදු තුනක් තිස්සෙ මේ පරික්ෂණය කරනවා. හෝඩුවාවක් පස්සේ යද්දී හමුවෙනවා තරුණියක්. මේ තරුණිය එදා රාත්‍රියේ ඝාතනය වෙනවා. ඉතින් අන්තිමට තරුණිය දැකලා තියෙන්නේ මැක්ස් හින්දා, පොලිසිය ඇතුලෙම අය ඔහුවත් සැක කරන්න ගන්නවා.
ඒ අතරවාරයේ තවත් මියයාම් රැසක් සිදුවෙනවා. මේ අය මැරෙන්නේ යම් කිසි විශේෂ මත්ද්‍රව්‍යයක් නිසා. ඔහුට සහයට පැමිණෙන මැක්ස්ගේ පරණ සඟයාත් ජීවිතයෙන් වන්දි ගෙවනවා. ඉතින් මේ හැම ඝාතනයක්ම මැක්ස්ගේ කර පිටින් යන්න ගන්නවා. කොහොම හරි හෝඩුවවාක් හොයාගෙන මේ මත්ද්‍රව්‍ය පසු පස හඹා යද්දී ඇසියර් කියන සමාගම මෙම සිද්ධිවලට සම්බන්ධ බව හොයාගන්න ලැබෙනවා. ඔවුන් සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමට නිපදවපු ඖෂධයක අතුරුඵල තමයි මේ විදිහට එලියට එන්නේ කියලා හොයාගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මැක්ස් පෙයින්ගේ බිරිඳව මැරුවේ කවුද? ඇය මේ ආයතනයේ කල රැකියාව මොකක්ද? හැම දෙයක්ම දැනගන්න චිත්‍රපටය බලන්න.
Behind Enemy Lines හදපු John Mooreගේ Box office වාර්තා තියපු චිත්‍රපටියක්. නවීන තාක්ෂණය මුසු කරගෙන හදපු ධාවන කාලය පැය 1යි මිනිත්තු 43ක සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්. බලපු අයටත් සිංහල උපසිරැසි එක්ක ආයෙත් බලන්න කියලා ආරාධනා කරනවා.
සමීර චතුරංග සොහොයුරා කලින් පල කරන ලද ලිපිය`
ඔන්න මමත් බයිස්කොප් සිංහලෙන් අඩවියට ලිපි ලියන වැඩෙට එකතු වුනා…මෙක මගෙ පලමු ලිපියයි…මම අද කට්ටියට දෙන්න යන්නේ ඇක්ෂන් ෆිල්ම් එකක්….හැමෝම දෙන්නේ දුක හිතෙන කතායි,ආදර කතායිනේ.ඔන්න මම ඒකටත් එක්ක ඇක්ෂන් වලින් පිරුන එළ බයිස්කෝප් එකක් ගෙනාවා.
මෙන්න මෙකයි කතාව..ඔයල මෙ කතාව ගැන අහලත් ඇති…මේ කතාවේ ප්‍රධාන නලුවා මැක්ස්..මැක්ස් ගෙ බිරිදයි දරුවයි කිසියම් ත්‍රස්තවාදි කාණ්ඩායමක් විසින් මරනවා….මේ හේතුවට කෝප වු මැක්ස්…එම ත්‍රස්තවාදි කණ්ඩායම සොය ගෙන තම බිරිද හා දරුවා මැරු පලිය ගැනිමට තවත් සමාජිකයින් කිහිපදෙනෙක් සමග යන ගමනක් තමා මේ කතාවෙන් කියවෙන්නේ… ඔය ඇතිනේ මම තව මේ කාතාව ගැන කියන්න ඕනෙ නෑනේ…
මේ බයිස්කොප් එක VFX තාක්ශණය අතින් ගොඩක් ඉහල බයිස්කොප් එකක්..වේගවත් කැමරාකරනය අතිනුත් එමටයි..වෙඩිලක් පවා යන විදිය මෙම බයිස්කොප් එකෙ තාක්ශණයට එකතු කරල තියෙනවා….එ ගැන ඔයාලට බලන්න පුලුවන් මේ බයිස්කොප් එක ඔයාලා බාගෙන බලනකොට…ඇක්ෂන් කතාවලට ගොඩාක් කැමති හැමෝම අනිවාර්යයෙන්ම බලන්න…
අනෙක තමා මේක 2001 වසරේදී මේ නමින්ම නිකුත් වූ වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන නිපදවූවක්. මේක අධ්‍යක්ෂණය කර ඇත්තේ John Moore වන අතර ප්‍රධාන නළුවා ලෙස රංඟනයෙන් එක්වන්නේ Mark Wahlberg.ඒ වගේම ප්‍රධාන නිළිය වන්නේ Mila Kunis.
කට්ටියම බාගෙන බලලා කොමෙන්ට් පාරක් දාන්න මතක් කරලා….

Due to copyright issues, we do not provide any torrent links.
Max.Payne.2008.UNRATED.720p.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
1,545 downloadsDownload Max-Payne-2008.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
60 comments
KoK
Subash Priyankara
Ai ane balapu ewama danne.....Awlak ne patta film 1a...Bagena balanne Jaya Wewa
චරිත
මට නම් මේක එච්චර වැදුනෙ නෑ.
ashan kandy
apu dawass walama wage bawa ne.. maga aruna aya balanna. ( game 1th maru. :D
හෙළයා
බලමු...ස්තූතියි
පොඩි මෑන්
මමනම් මේක බැලුවා මේක බැලුවා.
ඒත් කමක් නෑ බොහොම ස්තූතී.Dinesh Chameera Meththasinghe
නියමයි මචෝ ඔහොම්ම දිගට යමු........ මමත් මෙන්න බෑවා... ස්තූති!!!
ඉන්දික
මේක එච්චර සාර්ථක චිත්තරපටියක් කියලා මටත් හිනතන් නෑ
සමීර උත්සහයට තැන්කියුwappula
හුග දවසකින් බයිස්කෝප් එකක් බාන්න බැරි උනා මොකද? ඔක්කොම බලපුව නෙ කමක්නෑ තෑන්ක්යු.
විදුර ඉමේෂ්
බොහොම ස්තුතියි සහෝ!! ආදර කතා බලල බලල කාලෙකින් ඈක්ෂ්න් ෆිල්ම් එකක් බලන්නෙ.එ නිසා දෑන්ම බානවා!!!!!!
සෑම්
@ kok ස්තුති සහො,
සෑම්
@ Subash ඉස්සරහට අපි අලුත්ම චිත්‍රපට ගෙනවා..සහො..අනිවා.
සෑම්
@ චරිත,
අව්ලක් නැ මචං මම හොද ලිපියක් ඉස්සරහට ලියන්නම්.Tharindudoo
මමත් මේක බැලුවා මචන්,,එච්චරම අවුලකුත් නැහැ,,බලන්න පුලුවන්,,නොබලපු එවුන් බලාපල්ලකෝ!!!!
සෑම්
@ ashan kandy ඇත්ත මචං ෆිල්ම් එක ඇවිත් ගොඩක් කල් තමා..මෙක බයිස්කොප් එකේ ගියපු නැති නිසා බං දාන්න හිතුවේ. :)
සෑම්
@ හෙළයා, ස්තුති සහො.
@ පොඩි මෑන්,එල මචං තව පාරක් එහෙනම් බලමු.:P
@ Dinesh Chameera,එල එල :)
@ ඉන්දික,හ්ම්...ස්තුති මචං ඉස්සරහට එල ලිපි ගේනවා අපිත් එක්ක හැමදාම ඉන්න.:)සෑම්
@ wappula,හ්ම්..අපි දාන්න ඔනෙත් මචං හොද Copy නේ..camara copy නම් ඔන තරම් අලුත් චිත්‍ර පට වල තියෙනවා.එව දාලා වැඩක් නැනේ..බලමුකො ඉස්සරහට සහො..:)
@ විදුර ඉමේෂ් ,එකනේ බං හැමදාම මෙහේම ඉන්න බැනේ..හික් හික් :Dසෑම්
@ Tharindudoo,එල මචං..බලපු නැති කට්ටිය බාගෙන බලන්නකො..:)
kathu
මට නම් boring film එකක්..!! එත් සමීර brother ට ස්තුතියි මහන්සියට..
සෑම්
@ kathu හ්ම්ම්...ස්තුති මචං...
අසංක
මම මේක බලල තියනවා වරදක් නෑ මට නම්
Asitha
Welcome Sameera dude.. thnx a lot 4 d film...
Aniva balanava.....
All da best...සෑම්
@ අසංක,ස්තුති මචන් comment එකට :)
@ Asitha,එල කිරි මචො .. :DDar[K]
හප්පට !! ආයි සබ් හදන්නේ නෑ කිව්වට මේකේ DvD Rip එකකට නිකන් ලාවට හදන්න ගත්තා විතරයි අවුලක් නෑ එල එල
ගිශාන්
එල එල මම අක්ෂන් මූවි වලට කැමතියි, අනිවා බානවා, තැන්කූ සමිර අයියේ, දිගටම කරගෙන යන්න.
සෑම්
@ගිශාන්, එල එල..උබලගේ සප් එක දෙනවනම් අයේ අනිවා, :D
Uraj Deemantha
කාලෙකට පස්සේ මම බලපු බයිස්කෝප් එකක් දාලා.... :D SLT ADSL ත් කචල් එකේ, අද රවුරරේට නිවාඩු දෙනවා ටිකක්.....!! :P
rohan
thanks bro
apita nam meka baanna lesi naa
mokada dubai wala me site eka block
eth onna baanawa. hora paarakin gihin :) ;)sampath
ela
sampath
hjjjjjj
buddhika
hi macho niyamai api hamadama banawa ela ela..............
Anonymous
ස්තුති සහො, :) (^^^) :)
banuka banda
ස්තුති සහො, :) :P :)
jana
mame baluwa.niyamai.thanx
Sajith
බලමු මේකත් හොදයිද කියලා... ගොඩක් ස්තුතියි අයියේ
...............Ramraj
කථාවනම් ටිකක් තේරෙනවා අඩුයි වගේ. නමුත් හොදයි බලාගෙන ඉන්න පුලුවන්.
vihanga
apoooo meka banna bene appa
nesh
niyami
nesh
niyami....
SAMEERA
ela ela
Supun
sub eka nane machoooooooooo
nikon camera repairs
Good day! Do you use Twitter? I'd like to follow you if that would be ok. I'm definitely enjoying your blog and look forward to new updates.
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
Chalana
thnx bro...
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ.Watchmen (2009) එකටත් සිංහල සබ් කරන්න
ජය වේවා!Udara Damith B/K
ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Hewa Lunuwilage Asiri Priyantha
හම්මට, මේ ගේම් එක ඉස්සර කොච්චරනම් මලපන්නවන්න ඇද්ද.
එපා වෙනවා ගහන්න යද්දී.
මුල් හරිදීම ගේම් එක හිර වුනා.
මේ ෆිල්ම් එකනම් කලින් බැලුවා.
එත් සිංහලත් එක්ක බැලුවාය. අනික වොල්බර්ගයියා. අනිවා ආයේ බැලිල්ලක් තමයි.
සබට තැන්ක්ස් මචෝ.ආ, අඩවියට සාදරයෙන් පිළිගන්නවා සමීර සහෝ. ඉස්සරහටත් මේ විදියට ලිපි දෙමු සයිට් එකට.
පුළුවන් නම් සබකුත් කරමු.
ජයවේවා!!ravindu prabashwara
Suppa bro
Nelson
Good Work Friend, Thanks!
Advertisement

Film Eka hodai katawe podi podi adu padu nath thama naha, try that god but some time that was boring