Watch Trailer

Mersal (2017) Sinhala Subtitles | වෛද්‍ය විද්‍යාවේ දූෂණය හෙළිදරව් කිරීමට [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභම සුභ දවසක්..!ඔන්න එහෙනම් ඔබ මෙතෙක් කල් රසවින්දනය උදෙසා නොඉවසිල්ලෙන් පුලා පුලා මඟ බලන් සිටි තවත් අනර්ඝම බයිස්කොප් එකක් සමඟිනුයි සඳුන් ධනුෂ්ක සහ තරිඳු රුක්ෂාන් පෙරේරා යන අප දෙදෙනා බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණියේ..!!එසේනම් වැඩි අටුවාටිකා නැතිව මේ ලිපිය ලියනා මම තරිඳු,…

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභම සුභ දවසක්..!ඔන්න එහෙනම් ඔබ මෙතෙක් කල් රසවින්දනය උදෙසා නොඉවසිල්ලෙන් පුලා පුලා මඟ බලන් සිටි තවත් අනර්ඝම බයිස්කොප් එකක් සමඟිනුයි සඳුන් ධනුෂ්ක සහ තරිඳු රුක්ෂාන් පෙරේරා යන අප දෙදෙනා බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණියේ..!!එසේනම් වැඩි අටුවාටිකා නැතිව මේ ලිපිය ලියනා මම තරිඳු, සඳුන් ධනුෂ්ක සහෝට මා හටද මෙම සලරුවේ උපසිරැසි ගැන්වීමට අවස්ථාවක් ලබාදීම නිමිත්තෙන් ස්තුතිය පිරිනමමින් (මෙය ඔහු විසින් වෙන්කල ගත් සලරුවක් බැවින්) කතාව සහ චිත්‍රපටයේ අනිකුත් විස්තරයන් ඔබ සමඟ බෙදා හදා ගැනීමට කැමතියි. තවද විශේෂ ස්තූතිය ඉමේෂ් කුමාර (Snake Raj) සහෝදරයාට හිමිවිය යුතුවේ.

2017 වසරේ පෙබරවාරි මස Theri 2016 චිත්‍රපටයේ අධ්‍යෂකවරයා වන Atlee ගේ අධ්‍යක්ෂණය යටතේ රෑගත කිරිම් ඇරඹු මෙම සලරුව සඳහා දමිල සිනමා ලෝලීන් දැඩි ලෙස ප්‍රියකරනා ඉලයතලපති යැයි පැවසුවිට ඔබ හොඳින හඳුනනා විජේ ප්‍රදාන චරිතය හොබවනවා. තවද පිලිවලින් එස්ජේ සූර්යා ,සත්‍යරාජ්,කාජල් අග්‍රවාල්,නිත්‍යා මෙනන්,සමන්තා කොලිවුඩයේ විකට රජු වඩිවේලු සහ තවත් අප දන්නා හඳුනන නලු නිලියන් බොහොමයක් රඟදක්වනවා. මෙම චිත්‍රපටය සඳහා අන්තර් ජාතික චිත්‍රපට දත්ත ගබඩා දර්ශකයේ අගය (IMDb) 10/8.8 ලෙස පෙන්වනවා මෙහි වියදම ලෙස දක්වා ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 120 ක් ලෙසින් මෙහි බොක්ස් ඔෆිස් අදායම් ලෙස දක්වා ඇත්තේ දල වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 235 ක් ලෙසින් ඔබ දමිළ චිත්‍රපට ලෝලියෙක් නම් ඔබ දන්වා ඇති මා ඉහත කී Theri 2016 චිත්‍රපටයේ විජේ සහ Atlee සුසංයෝගයේ තිබු සාර්ථකත්වය එසෙනම් වසරකට පසු විජේ සහ Atlee ගේ යලි ඒකරාශි වීම කෙසේදැයි කියා මා ඔබට අමුතුවෙන් කිවයුතු නෑ යැයි මාහට හැඟෙනවා. එසේ නම් මෙම උත්කෘෂ්ඨ ඝණයේ සලරුව නැරඹිමට මා ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටින අතරම තවද මෙහි කතා වස්තුව දෙසට අවදානය යොමුකර සිටීමටත් කැමතියි.

මෙම කතාවේදී අපට මුලින්ම මුණගැසෙන චරිතය වනුයේ මාරන් නොහොත් ඩොක්ටර් මාරන් අද කාලේ දොස්තර හොඳ හිත කෙනෙක් කිව්වොත් 100% ක් නිවැරදියි. හරිම හිත හොඳ අහිංසක මිනිස්සුන්ගේ මුදල් ගසානොකන මිනිස්සුන්ට ඉතාම සාදාරණ විදියට සලකන නොමිලේ බෙහෙත් කරන දොස්තර කෙනෙක් ඒත් එක් දිනක දොස්තර මාරන් ව අනපේක්ෂිත ලෙසින් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා..! ජනතාව විලාප දෙනවා මාරන්ගේ මෑණියන් හඬා වැටෙනවා මෙ සිදුවන සියල්ලක්ම ඔවුන් සියලු දෙනාවම මහත් ලෙස කම්පාවට පත්කල කාරණාවක් උනා..! දෙවෙනි චරිතය වෙට්රි මැජික් කාරයෙක් ඉතාමත් දක්ෂ මැජික් කාරයෙක් කිව්වොතින් නිවැරදියි සිදුවන මිනිමැරුම් වලට වග කිව යුත්තේ මොහු තුන්වන චරිතය වෙට්රිමාරන් අහිංසකයෙක් නිතරම ජනතාවට සේවයක් කරමින් හොඳම දේ පමණක් හොඳින්ම කරමින් දුෂ්කර ගම්මානයක ජිවත්වන අහිංසක ගැමියෙක් අවාසනාව දුෂ්ඨ ප්‍රෝඩාකාර වංචාකරුවන් කීපදෙනකු අතින් මියයනවා. මෙම කතාවේ සිටින ප්‍රදාන චරිතයන් ගැන මා ඔබට ඒ හෙලිදරව්කලේ.! එසේනම් මාරන් කවුද..? ඇයි ඔහුව පොලිස් අත්අඩංගුවට පත්වුනේ..? වෙට්රි කවුද ඇයි මිනිමැරුම් කරන්නේ..? වෙට්රිමාරන් කවුද ඇයි නිකරුනේ වංචාකාරයන් අතින් ඝාතනය වන්නේ..? කෙසේ නමුත් මොවුන් තිදෙනා අතර ලොකු සබඳතාවයක් තිබෙනවා මොකද්ද ඒ සම්බන්ධතාවය..? වෙනදා ලිපිවල මෙන් මා ඔබට මෙහි කතාව ගැන මීටත් වඩා ඉඟිලබා දීමට යන්නේ නෑ කිමද මා එසේ කලහොත් මෙය නරඹන ප්‍රේක්ෂක ඔබගේ රසිකත්වයට බාධා වන නිසාවෙන් එසේනම් අදට අප සමුගන්නවා.! සමුගන්නට මත්තෙන් තවත් එක් දෙයක් කිව යුතුයි මෙහි ප්‍රදාන චරිතය රඟ දක්වන නලුවා වන විජේ ගේ රංඟන හැකියාව කෙසේ වෙතත් ඔහුගේ පෞද්ගලික අදහස් උදහස් අරමුණු වෙනස් විශේෂයෙන් අප පිළිබඳ ශ්‍රිලංකාව පිළිබඳව මොහුගේ දේශපාලනික අරමුණු වෙනස් එම නිසා ඒ සම්බන්ධ දේවල් ඔබගේ අදහස් දක්වන ස්ථානයේ නැතිනම් කමන්ට් හි දක්වන්න එපා මන්ද කලාව කියන දේට කිසිදු ජාති භේදයක් භාෂා කුල භේදයක් නෑ අප සියලුදෙනා එය හොඳින් තේරුම් ගතයුතු කරුණක් එම නිසා ඔබත් චිත්‍රපටයක් නරඹන ආකාරයට මෙය නරඹා රසවින්ඳනයක් ලබාගෙන ඒ පිළිබඳව ඇති අදහස් පමණක් දක්වන ලෙසටත් කලාව පිළිබඳව මා පැවසු ආකාරයෙන්ම සිතන ලෙසටත් යෝජනා කර සිටිනවා. ස්තුතියි..!!
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.

59,245 downloadsDownload Mersal-2017.zip141 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sadun-Tharindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

59,245 downloadsDownload Subtitles141 KB

130 comments

  1. Eranga Sandaruwan

    එල එල.
    එනකල් බලන් හිටියේ..
    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  2. RAJ

    බොහෝම ස්තූති සිංහල උපසිරැසියට.
    සුපිරි පහරක්නෙ ගෙනල්ල තියෙන්නෙ මේ පාර.
    හැමෝම බලන්න වටින කතාවක්. අද කාළේ සිද්ද,
    වන සත්‍ය සිදුවීමක් මත පදනම් වෙච්ච ලස්සන කතවක්.

    ජය වේවා! ;)

  3. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සහෝලා දෙන්නටම.
    ජයෙන් ජය.

  4. manul

    sub eka ta thanx .dj film ekatath ikmanata sub danne

  5. Supun

    බොහොම ස්තූතියි සබ් එකට

  6. Lahiru madushanka

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Tharindu Perera

    meka denakan machan balagena hitiyeee godak pin bn..
    thanks machan..

  8. Harsha

    Tks bro.. hoda movie ekak enakan balan hitiye bro..

  9. gihan perera

    Good job bro and good luck...

  10. sachin gimhan

    thank you.. bros..

  11. nowty

    Thanx oyalata. Plz ajith kumarge parana film walata sub dennakoo

  12. Dilan

    Arjun Reddy (2017) eleth sub denna ikmanata

  13. Chamith Mihiranga

    Thank you very much..!

  14. mahesh

    Thnx broo

  15. Kasun Gayantha Silva

    Sub eka denakan agili gena gena hitiye ban.digatama sub karanna shakthiya dairya labewa

  16. AWNCK

    Thanks Bro

  17. SPD

    enakam balagana indapu film ekak machan.
    bohoma sthuthi upasirasiyata.
    jaya wewa...!!!

  18. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි දෙදෙනාටම මේ සිංහල උපසිරැසිය ලබාදීම වෙනුවෙන්,
    ජය වේවා....!!!

  19. Kolitha

    Thanx bro

  20. C. R. ජයලත්

    Niyamai Sandun & Tharindu Sahola Jaya Wewa!!!!!!

  21. Pawan Shamika

    Thanx bro
    Supiri wadak
    Jayawewa!!!!!!!!

  22. Anupa

    Tnx sub ekata

  23. rukahan

    Thenks 2ntma sub ekata...

  24. Captain NIMESH

    ෆට්ට ඈ..... සබට තෑන්ක්ස් වේවා

  25. D.Chamara

    bohoma sthuthi oba depalatama . jaya

  26. Kasun Widusha

    Tnx sahoo........Karuppan ekatath denda

  27. sudarshana

    supiri filumak sinhala sube ekata thanks digatama sube karanna ....jayawewa.......

  28. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  29. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  30. oshanda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  31. shasith sandaruwan

    හම්මෝ ආසාවෙන් එනකල් බලාගෙන හිටිය චිත්‍රපටයක්
    විජෙයි, සමන්තා ඉන්නවා නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
    සඳුන් & තරිඳු දෙන්නටම බෝම තුති.
    දිගටම සබ් දෙමු ආ.. :P
    ඔබට ජය!

  32. Naveen Lakshan NL

    පට්ට ෆිල්ම් එකක් තමයි මේක මග බලාගෙන හිටපු බයිස්කෝප් එකක් බොහොම ස්තුතියි සබ් එක ඉක්මනින් දුන්නාට...!!!

    කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!

    බුදු සරණයි !! දෙවි පිහිටයි!!

    තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා....!!!!!

    ජයෙන් ජයම වේවා ඔබලාට !!
    ස්තුති...!

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    ජයවේවා !

  33. janitha

    thank you

  34. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  36. Ravindu Harsha

    පට්ටම ෆිලුමක්.එනකන් බලා ගෙන හිටියෙ..නියමයි.. විජෙයි ඉන්නවනම් තව මොනවද.....
    Sub එකට තෑන්ස්..

  37. Amila

    Thankz all

  38. Prasa...

    Ela, Thanks bro.

  39. Avindu umesh

    elama tnks for sub !!!!

  40. Hemantha De Silva

    Thanks Tharindu...
    Thanks Sandun...

    (Thanks Bais)

  41. malith madhushan

    supiri sahooo

  42. himala

    camara copyne tiyenne link ekak dennako

    1. Tharindu_Rukshan_Perera

      baiscopedownloads.com සයිට් එකට යන්න

    2. Tharindu_Rukshan_Perera

      baiscopedownloads ගුගල් සර්ච් කරලා අපේ ඩවුන්ලෝඩ් සයිට් එකට යන්න

    3. nali

      copy paste karala balahan, umbe ste eka suspended wela

  43. Kaushan Herath

    සබට තෑන්ක්ස් බොක්කලා.දෙනකන් හිටියේ

  44. maheshbabu

    Ela ela bro's
    Supiri paharak neh...
    sub denakan balan hitapu filumak....
    Puluwani nam Allu Arjun ge "DJ" filumatath sub demu,hoda copy awilla thyenne...
    Jaya wewa!!!

  45. සනිඳු ලක්ඛිත

    සහෝලා දෙන්නටම බොහොම ස්තුතියි උපසිරැසට...සබ් එක එනකම් මග බලාගෙන හිටපු ෆිලුමක් තමයි මේ..විජේගේ ෆිලුමක් කියන්නේ ඉතිං ඊට වඩා මොනවද. අනිත් දේවල් වැඩක් නෑ. විජේ කියන්නේ පොඩි කාලේ ඉදන්ම මං ආසම දමිල නලුවා. තවත් උපසිරැසියකින් හමුවෙමු..ජය වේවා සහෝලා දෙන්නටම!

  46. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  47. Sandheep

    සුපිරිම

  48. Mahesh

    Sub ekata thanx

  49. Kulanjana Maduranga

    Man of the Mass
    collection God
    Competitors Lover
    Truely superstar
    one and only Silent Entertainor with theatre claps...

    1. Kulanjana Maduranga

      niayamai…denakm hitapu filumak..bamak thama..thanks THARINDU & SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  50. DG

    bohoma sthuthi saho...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.