Watch Trailer

Contessa (2018) Sinhala Subtitles | පණ මෙන් ඇති ලෝකය රැකගන්න ආරක්ෂකයා වන්න! [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේ එක පාරක් හරි… පොලීසියට එන්න වෙලා.. දවසක් හරි හිරේ හිටියොත්.. ඊට පස්සේ ජීවිතේ කලින් තිබ්බා වගේ.. තියෙන්නේ නෑ.. ඔයා ආවට පස්සේ… ඔයා කලින් හිටිය පුද්ගලයත් නෙමෙයි… මාගේ 52 වන උපසිරසි ගැන්වීම විදිහට අදත් ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ තවත් ලස්සන මලයාලම් ෆිලුමක උපසිරසිය අරගෙනයි. එහෙනම්…

ජීවිතේ එක පාරක් හරි…

පොලීසියට එන්න වෙලා..
දවසක් හරි හිරේ හිටියොත්..
ඊට පස්සේ ජීවිතේ කලින් තිබ්බා වගේ..
තියෙන්නේ නෑ..
ඔයා ආවට පස්සේ…
ඔයා කලින් හිටිය පුද්ගලයත් නෙමෙයි…

මාගේ 52 වන උපසිරසි ගැන්වීම විදිහට අදත් ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ තවත් ලස්සන මලයාලම් ෆිලුමක උපසිරසිය අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න විමා සහෝදරයාටත් , බයිස්කෝප් ටීම් එකටයි ස්තූතිවන්ත වෙනවා. ක්‍රියාදාම/ත්‍රාසජනක යන වර්ගීකරණය යටතේ ජාත්‍යන්තර සිනමා පර්ගීකරණය යටතේ 5.4/10 ක අගයක් ලබා ගන්නට සමත් වී ඇති මෙම සිනමා පටය රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දේ සුදීප් ඊ.එස් විසිනි. මෙම චිත්‍රපටයේ අප්පානි සරත්, ශ්‍රීජිත් රවී, හරීෂ් පෙරඩි, සිනිල් සයිනුදින් වැනි අය ප්‍රධාන චරිත නිරූපණය කරයි. චිත්‍රපටයේ කතාව ලියා ඇත්තේ රියාස් විසිනි. චිත්‍රපටය 2018 නොවැම්බර් 23 දින නිකුත් වූ චිත්‍රපටයකි.

අප්පානි රවී , රිය පැදවීමේ පාසලක උපදේශකයෙකු වන චන්දූගේ චරිතයට පණ පොවයි. ඔහු තම මිතුරා වන සදාම් (සීනිල් සයිනුදින්) හට තම මාමාගේ දියණිය විවාහ කර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයේ දී කාන්තාවක් බලහත් කාරයෙන් රැගෙන ගිව වරදට පොලිසියට හසු වේ. ඔවුන්ගේ පවුලේ පිටස්තරයෙකු වන සදාම්ගේ ඥාතීන් චන්දුට එරෙහිව පොලිසියට පැමිණිලි කරන අතර පසුව ඔහු සිරගත කරනු ලබයි. වාසනාවකට මෙන්, චන්දු සිරගෙයින් බේරා ගනු ලබන්නේ එම සිර කූඩුවෙහිම වරදකට සිරවී සිටින පප්පෙට්ටන් විසින් ඔහු ඒ පිළිබද ඔහුගේ ප්‍රධානියා වන වැලි කැණීම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන දොන් ජයන් හට පැවසීමෙන් පසුවය.

නීතිවිරෝධී වැලි ප්‍රවාහනය කිරීම සඳහා පොලිස් නිලධාරි පිලිප් (සුනිල් සුගාඩා) ගේ සහාය ජයන් හට ලැබේ. චන්දුව ජයාන් බේරාගත් පසු ඔහු පවසන්නේ,ඔබ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පසු ජීවිතය අතිශයින් වෙනස් වන බවයි. චන්දුට තමා රැකියාව සිදුකල රිය පාසලේ රැකියාවද අහිමසිව යයි. පසුව චන්දුව ජයාන් ලග රැකියාවට ගන්නා ලෙස බල කරන්නේද, පප්පෙට්ටන් විසිනි.ජයාන් විසින් චන්දුව නීති විරෝධී වැඩ සඳහා යොදා ගන්නා අතර ජයන් යටතේ සේවකයෙකු ලෙස අලුතින් සම්බන්ධ වන චන්දු, ඔහුගේ දක්ෂතාවන්ගෙන් ඔහුව විශ්මයට පත් කරයි .

මේ කාලය වන විට ඔහු ජයරාගේ දියණිය සමඟ ආදරයෙන් බැදේ. යම් සිද්ධියක් සම්බන්ධයෙන් චන්දු ජයන්ගෙන් ඈත් වීමට සිදුවේ, එය චාන්දුගේ ජීවිතයේ තවත් කරදරවල ආරම්භය සනිටුහන් කරයි. දිනක් නොසිතු ලෙස චන්දුවට අරුම පුදුම දෙයක්ලැබේ. මේ දෙයින් සිදුවන්නේ චන්දුගේ ජීවිතයට මහත් වූ කරදර ඇතිවීමයි. එහෙනම් මොකක්ද මේ හමු වුනේ.? චන්දුට මේකෙන් මොකක්ද වෙන්නේ කියලා චිත්‍රපටය අරන්ම බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

අධ්‍යක්ෂණය : Sudip E.S
කාණ්ඩය : Action, Thriller
නිෂ්පාදනය : Sunkara Ramabrahmam
කථාව රචනය : Riyas
රංගන ශිල්පීන් : Appani Sarath, Sreejith Ravi, Zinil Zainuddin, Hareesh Peradi
ධාවන කාලය : 1h 59min
තිරගත කල දිනය : 23 November 2018 (India)
සංගීතය : Gopi Sundar
IMDB අගය : 5.4/10.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

2,849 downloadsDownload Contessa-2018.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,849 downloadsDownload Subtitles44 KB

16 comments

  1. indika75

    thanks..

  2. malithmadhushan45

    50 නැවතිලා නැ නොවැ නියමයි සහෝ අනිවා බලනවා කදිම බැලුව පට්ට

  3. රංගික සිනෙත්

    සුපිරියක් දිගටම මලයාලම් දෙන්න .ජය වේවා

  4. Kavinu

    Appani Sarath කියන්නෙම දවසක මලයාලමේ සිකුරු තරුව වෙන එකෙක්!!!
    මලයාලමක් ලේසියකට අතාරින්නේ නෑනෙ ඉතින්...
    ලිස්ට් එකට දාගත්තා එහෙනං
    කතාවත් හොඳයි වගේ
    බොහොම ස්තූතියි අයියේ උපසිරැසිය වෙනුවෙන්....
    ජය වේවා!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Priyantha Dayakeerthi

    උදය සමන් කුමාර සොයුර,
    ඔබගේ මෙම 52 වන සිංහල උපසිරසි නිර්මාණයට මාගේ ස්තුතිය, ඔබ කැපවීමට සහ වෙහෙසට මාගේ උපහාරය!

  8. Leoathuwa

    Sub aka hodai ,Film aka nam melo rahak na...low budget

  9. w.m.c.subhash

    sub ekata thanks brother,me dawas wala parissamin inna

  10. Anonymous

    Thanks Bro. Suba Aluth Awruddak wewa...

  11. oshanda

    thanks sahoo

  12. isuru srinath sjs

    බොහොම ස්තුතියි සහො ...!!

  13. rathnayaka rmmm

    cpl kuma oya hamadama hoda sub ekk denwa oyata suba anagathayak

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  15. Prabodha Jayakody

    Thanks.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.