ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් හොද තෙලුගු ෆිලුමක් හම්බවුණා කරන්න මගේ 24 වෙනි උපසිරස විදියට. Ninnu Kori(2017), Sarrainodu(2016), Aravaan (2012), U Turn(2018), Rangasthalam (2018) යන මෑතකදි තිරගත කරන ලද චිත්‍රපටවලට දායකත්වය ලබා දුන් Aadhi Pinisetty මෙහි ප්‍රධාන චරිතය වන කල්‍යාන්ගේ චරිතයට පණ පොවනවා අන්ධ…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් හොද තෙලුගු ෆිලුමක් හම්බවුණා කරන්න මගේ 24 වෙනි උපසිරස විදියට. Ninnu Kori(2017), Sarrainodu(2016), Aravaan (2012), U Turn(2018), Rangasthalam (2018) යන මෑතකදි තිරගත කරන ලද චිත්‍රපටවලට දායකත්වය ලබා දුන් Aadhi Pinisetty මෙහි ප්‍රධාන චරිතය වන කල්‍යාන්ගේ චරිතයට පණ පොවනවා අන්ධ පුද්ගලයකු ලෙස. මීට අමතරව Tapsee Pannu,Ritika Singh රංගනයෙන් දායකත්වය දක්වනවා. 2018 අගෝස්තු 24 වන දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 විනාඩි 10ක් පුරා දිවෙන IMBD අගය 7.1ක ඉහළ මට්ටමක ඇති Romance ගණයට අයත් වුවත් triller ගතිය ෆිලුම බලාගෙන යද්දි ඔයාලට තේරෙයි.
කල්‍යාන් අන්ධ පුද්ගලයෙක් වුවත් මාමා සමග එක්ව ආපනශාලාවක් පවත්වාගෙන යන හොදට කටට රහට කෑම හදන්න පුලුවන් කෝකියෙක්. තම දවසේ වැඩකටයුතු ඉවර වුණාට පස්සේ පුරුද්දක් විදියට කරන්නෙ ගිටාර් එක අරගෙන සින්දුවක් කියන එක. දවසක් මේ විදියට සින්දුවක් කියාගෙන ඉන්නකොට ආපන ශාලාවට පැමිණෙන වෙන්නෙලා කෑම එකක් ඕන කියනවා. කල්‍යාන් ආපනශාලාව වහල තියෙන්නෙ කිව්වත් වෙන්නෙලා පවසනව කෑම එක එයාට නෙමෙයි, ඉස්සරහ ඉන්න වයසක සීයා කෙනෙක්ට කියල. කල්‍යාන් බෑ කියන්නෙ නැතුව කෑම එක හදල දෙන්නම ගිහින් කල්‍යාන්ගෙ අතින්ම කෑම එක දෙනවා. ඔහොම දවස් කීපයක් ගතවෙද්දි කල්‍යාන් වෙන්නෙලාට ආදරය කරන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් වැලන්ටයින් දවසෙ ආදරේ කියන්න හිතාගෙන වෙන්නෙලා එනකන් ඉන්න කල්‍යාන්ට අනූගෙන් කෝල් එනවා. අනූ ගැන කියන්න බැරි වුණානේ අනූ කියන්නෙ කල්‍යාන්ගෙ අල්ලපු ගෙදර කල්‍යාන් එක්කම හැදී වැඩුන කල්‍යාන්ට ආදරේ කරන කල්‍යාන්ව විවාහ කරගන්න හීන දකින කෙල්ලෙක්. මෙයාගෙන් එන කෝල් වලට කල්‍යාන් උත්තර දෙන්නෙ නැහැ වෙන්නෙලාව බලාපොරොත්තුවෙන් ඉන්න නිසා. කොහොම හරි වෙන්නෙලා ඇවිත් ආදරේ කියද්දි වෙන්නෙලා අඩනවා. විස්තරේ අහද්දි එයාගෙ තාත්තගෙ සැත්කමට සල්ලි වගයක් අරගෙන තියෙනවා. අවුරුදු දෙකක් තිස්සෙ මහන්සිවෙලා වැඩ කළත් තාම පොලියවත් ගෙවාගන්න බැරිවුණා, ඒ මුදල් ගත්ත අය එයාලට කරදර කරනව කියල කියනවා. ඉතින් මේක අහපුවාම කල්‍යාන් එයාලට සල්ලි ගෙවල බේරෙන්න උදව් කරන්නම් කියල පහුවදාම දෙන්න එක්ක ගිහින් සල්ලි දෙමු කියල කල්‍යාන් ගෙදර යන්න පිටත් වෙනවා. ඒත් හදිසියේම කල්‍යාන් පාර මාරු වෙන්න යද්දි වේගෙන් එන කාර් එකක කල්‍යාන්ව හැප්පිල රෝහල් ගත කරනවා.
කල්‍යාන්ගෙ අස්ථි කිහිපයක් බිඳීල රෝහලේ ඉදන් ප්‍රතිකාර කරන අතර තුරම කල්‍යාන්ගෙ ඇසේ රේටිනාව ආලෝකයට ප්‍රතිචාර දක්වන බව සොයාගන්නා අක්ෂි වෛද්‍යවරිය ඔහුව දෙමාපියන්ගෙ අනුමැතිව ඇතුව සැත්කමකින් පෙනීම ලබා දෙනවා. මේ සැත්කම් වලට ප්‍රතිකාර ගන්න මාස 3ක් රෝහලේ හිටිය නිසා කල්‍යාන් වෙන්නෙලාව හොයන්න පටන් ගන්නවා. හැම තැනකම හෙව්වත් හොයාගන්න බැරිවෙනවා. හොයල හොයල බැරිම තැන කල්‍යාන් තීරණය කරනවා දෙමාපියන්ගෙ බලකිරීමට අනූව කසාද බැදගන්න. ඔන්න ඉතින් විවාහ ගිවිස ගැනීම හෙට කියල තියෙද්දි හදිසියේම වෙන්නෙලාගෙ තාත්තා ආපනශාලාවට ඇවිත් දුව බේරල දෙන්න කියල කල්‍යාන් ගාව හඩා වැලපෙනවා. කල්‍යාන් පහුවදාම සල්ලිත් අරගෙන වෙන්නෙලාගෙ තාත්තා එක්ක වෙන්නෙලාව බේරගන්න යනවා. මේ අවස්තාවේ වෙන්නෙලා අල්ලගෙන හිටිය කණ්ඩායමේ කෙනෙක් වෙන්නෙලාගෙ තාත්තට වෙඩි තියල මරල දාල සල්ලිත් අරගෙන වෙන්නෙලාවත් අරගෙන කල්‍යාන්ට පරදී පැනල යනවා. කල්‍යාන් ඇහැරල බලද්දි වට පිටාවෙ කිසිම දෙයක් වුණයි කියල හෝඩුවාවක් නැහැ. අඩුම ගානෙ වෙන්නෙලාගෙ තාත්තගෙ වෙඩි වැදුන ශරීරයවත් පේන්න නැහැ. කල්‍යාන් ගෙදර යනකොට වෙලා ගිහින් විවාහ ගිවිස ගැනීමත් කඩාකප්පල් වෙනවා. ඉතින් ඔහොම ඉද්දි ප්‍රවෘත්ති වලට කියනවා වෙන්නෙලාගෙ තාත්තා වෙරළක් අයිනෙ පාරක මරල දාල ඉන්නව නෑදෑයෙක් වෙතොත් ඇවිත් මෘතදේහය බාරගන්න කියල. හත්තිලව්වයි. කොහොමද එකම මිනිහ දෙපාරක් මැරෙන්නේ? ඔන්න ඉතින් කල්‍යාන් ඒකෙ සුලමුල හොයන්න පටන් ගන්න යනවා. කල්‍යාන්ට විතරක් නෙමෙයි ඔයාලත් සුලමුල හොයන්න පටන් ගන්න. එහෙනම් ආයෙමත් ෆිලුමකින් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
11,631 downloadsDownload Neevevaro.2018.Baiscopelk.com_.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
39 comments
Kulanjana Maduranga
gayan215
godak sthuthi saho..
Ayesh Prashan
Thank You
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata bro...
gihan perera
අමුතුයි. .ඒත් මරු...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...ජය වෙිවා....
Ruwishka fernando
හොදට අහලා පුරුදු කතාවක්..මේක ඉන්දියාවේ වෙන ෆිල්ම් එකක කොපියක් නේද?
hansi rathnayaka
Adhe kangal. Tamil ekak
Ruwishka fernando
Ela
NuwanK
Thank u bro...
deliya
thanks sub aka dunnata.digatama sub karamu aa.....budusaranai.samada obata jaya
RuwanLakshan93
සබ් එකට ස්තූතිය.... එළ ආ.......
Shalin Herath
Tnx for sub bro
Bandarajbandara
Thanks ජයවේවා
Sanjeewa2010
Thnxxxxxxxxxxx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..lipiya hambo spoil kara ne
Dul_Dula
sub walata thx broooooooooooooo .. jayen jayama wewa
lahiru sadaruvan
thank you so much brother
Udaya Saman
බොහොම ස්තූතියි උපසිරසියට...දිගටම සබ් දෙමු...ජය
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshani11112
ස්තුති සහො
තෙරැවන්සරණයිMenaka Herath
බොහෝම ස්තූතියි සහෝ මේ උපසිරැසිය ගෙන ආවාට......
Cool_maths
Tnx ..ela jayawewa!
subodha
Thanks
thilz
thank u vry much
darshana100
24 wani sub akata suba patum saho jay wewa
asankachathuranga
thanks
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා.
ඔන්න ගත්තා.
දිගටම සබ් දෙමු ආ...ඔබට ජයBandara76
බොහෝම ස්තූතියි සහෝ දිගටම සබ් දෙමු......
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
චානක ඉඳුනිල්
බොහොම ස්තූතියි සබ් එකට සහෝ,
Kanchaka
Thanks bro............
Lasantharathnasirirox
ධනංජය සොයුරාට ගොඩාක් ස්තුතියි......ජයවේවා !
amchaminda1996
thanks.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!IsuruF
උපසිරසට ගොඩාක් ස්තුතියි
L.G.T.Dilshan Liyanage
Ty !!!!!,
Abishek karunanayaka
thanks bro
mithnil1986
Thanks for the sub...
Advertisement

subata thanks....