ඔන්න එහෙනම් තවත් සිනමාපටයක උපසිරසියක් ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ අමුතුම ආකාරයේ කතාවක් තියන සලරුවක්. Horror | Thriller කියන සිනමා වර්ගීකරණයන්ට අයත් වන මේ චිත්‍රපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 අගෝස්තු මාසෙ හතරවෙනිදා ඇමෙරිකාවේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ T…
ඔන්න එහෙනම් තවත් සිනමාපටයක උපසිරසියක් ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ අමුතුම ආකාරයේ කතාවක් තියන සලරුවක්. Horror | Thriller කියන සිනමා වර්ගීකරණයන්ට අයත් වන මේ චිත්‍රපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 අගෝස්තු මාසෙ හතරවෙනිදා ඇමෙරිකාවේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Top Gun (1986), Into the Blue (2005) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු John Stockwell විසින්. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ Matt Savelloni විසින්. Blade චිත්‍රපට ත්‍රිත්වයෙන් හා මෑතකදී තිරගතවුණු Gallowwalkers(2012), The Expendables 3(2014) යන චිත්‍රපට වලට රංගනයෙන් දායකවුණු Wesley Snipes මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන අතර Anne Heche, Dave Annable, Kyle Russell Clements, Gene Simmons, Mo Gallini සහ ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයෙක් වන Seth Rollins සෙසු රංගන ශිල්පීන් වශයෙන් රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඇමෙරිකාවේ New Orleans හා Louisiana ප්‍රදේශ වල රූගතකිරීම් කරපු මේ චිත්‍රපටයේ නිෂ්පාදන බර පැන දරල තියෙන්නෙ Saban Films, WWE Studios, Erebus Pictures සහ Maandi Films කියන සමාගම් කිහිපය. චිත්‍රපටය ලොවපුරා බෙදාහැරල තියෙන්නෙ Voltage Pictures සමාගම මඟින්. කොහොම වුණත් මේ චිත්‍රපටයට ලැබිල තියෙන්නෙ නම් 3.7/10ක ටිකක් අඩු IMDb අගයක්. ඒත් මං හිතන්නෙ නම් මේ චිත්‍රපටයට ඊට වඩා වැඩි අගයක් ලැබෙන්න ඕන කියලයි.
ඉතින් කතාව පැත්තට ගියොත් ඇමෙරිකානු හමුදා විශේෂඥයෙක් වුණු ග්‍රේබ්‍රියෙල්, සැකකරුවන්ගෙන් කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් කියන්නෙ ඇත්තද, බොරුද කියල හොයාගන්න පුළුවන් ආකාරයේ කෘත්‍රීම බුද්ධියක් ඇතුළත් කරල පද්ධතියක් නිර්මාණය කරනවා. මේ කෘත්‍රීම බුද්ධිමය පද්ධතියේ නම තමයි “Temple”. ඉතින් මේ වෙද්දි ලෝකය පුරාවට Temple පද්ධති 13ක් පිහිටුවලයි තියෙන්නෙ. ඇමෙරිකාවෙ Temple පද්ධතිය පිහිටුවල තියෙන්නෙ හිර කඳවුරක් වගේ දැඩි ආරක්ෂාවක් ලබාදීල තියන ගොඩනැඟිල්ලක. ඉතින් මේ ගොඩනැඟිල්ලෙ රජකාරී කරන හමුදා සාමාජිකයින්ට දවසක් පද්ධතියෙන් අනතුරු ඇඟවීමක් කරනවා. ඒ සිදුවීමෙන් පස්සෙ Temple ස්ථාපිත කරල තියන ගොඩනැඟිල්ලත් එක්ක තියන සියළුම සම්බන්ධතා ඇණහිටිනවා. ඉතින් තමන්ගෙ යටතේ සේවය කරපු සෙබළුන්ට මොකක්ද වුණේ කියල හොයාගන්න අයිසැක් කියන විශේෂ හමුදා නිළදාරියා Temple නිර්මාණය කරපු ග්‍රේබ්‍රියෙල් හා තවත් හමුදා සෙබළුන් පිරිසක් එක්ක මේ ගොඩනැඟිල්ලට යනවා. එතනට ගියාම එයාලට දැනගන්න ලැබෙනවා Temple පද්ධතියේ බලශක්තිය අසාමාන්‍ය විදිහට අඩුවෙලා කියල. ඒ වගෙම වැඩිදුර සෝදිසි කිරීම් වලදි තැන තැන මැරිල ඉන්න සහෝදර හමුදා සෙබළුන්ගෙ මළසිරුරු මෙයාලට හම්බෙනවා. ඉතින් තව කියන්න ගියොත්
වැඩක් නැති නිසා බලලම ඉන්නකෝ…
‘අද ඉන්න මිත්‍රයා හෙට දවසෙදි සතුරෙක් වෙන්න පුළුවන්”
– අහ්මාඩි.
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~

Due to copyright issues, we do not provide any torrent link.
armed.response.2017.720p.web.dl.hevc.x265.rmteam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
12,841 downloadsDownload Armed-Response-2017.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
18 comments
osandha fdo
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. Rate එක අඩු උනත් හොඳ පොරවල් සෙට් එකක් ඉන්නවනෙ. අනිවා බලමු. එල. ගොඩාක් පිං
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
අසිත
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Amalka Himeshan
Thanks machan sub ekata film eka gatta
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~C. R. ජයලත්
නියමයි ඉසුරු අයියා ජය වේවා!!!!!
D.Chamara
niyami sahooo. bohoma sthuthi
chamikara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට
Bobby
Thank you very much
hasith
tnx bro
Krishan Jayaratna
Thank you!!! ,Shameless Eket Sub Eka Dennako, plzzz bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රවින්
Thanks for the sub
Teddyk99
Thanks a lot machan
Advertisement

Sub ekata tnq saho..keep it...m