සුභ දවසක් හැමෝටම. හොඳයි, එහෙනම් ඔන්න පරක්කු නොකර තවත් උපසි‍රැසියක් හැකි පුළුවන් උපරිම ඉක්මනින් බාරගෙන කරලා අරන් ආවා. මගේ 50 වෙනි කඩයිමට සුභ පතලා අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාරයක් නම් මට ලැබුනේ නෑ 🙁 කමක් නෑ… හුඟක් අය කැමති අලුත්ම ‍ෆිල්ම් වලට. මෙතන තියන ප්‍රශ්නේ එව්වා කර…

සුභ දවසක් හැමෝටම. හොඳයි, එහෙනම් ඔන්න පරක්කු නොකර තවත් උපසි‍රැසියක් හැකි පුළුවන් උපරිම ඉක්මනින් බාරගෙන කරලා අරන් ආවා. මගේ 50 වෙනි කඩයිමට සුභ පතලා අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාරයක් නම් මට ලැබුනේ නෑ 🙁 කමක් නෑ… හුඟක් අය කැමති අලුත්ම ‍ෆිල්ම් වලට. මෙතන තියන ප්‍රශ්නේ එව්වා කරන්න ලේසියෙන් ගන්න බෑ, බයිස්කෝප් ඒකෙනුත් කීප වතාවක්ම මම ‍ෆිල්ම් දෙක තුනක් කරන්න ඇහුවා, ඒත් එව්වා ගන්න ලැබුනේ නෑ. මොකද ඔක්කොම අය වගේ ඒවා කරන්න බාර අරගෙන තියෙන්නේ. ඉතින් මට අහුවෙන ‍ෆිල්ම් එකක් සීරීස් එකකට උපසි‍රැසි ගන්නවලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා 🙁

හොඳයි, එහෙනම් මේ ගෙනත් තියෙන්නේ 2002 වසරේ Box office ආදායම් වාර්තා ලෙස ඩොලර් මිලියන 50ක ආදායමක් උපයගන්න සමත් වෙච්ච Comedy චිත්‍රපටයක්.

කතාව මේකයි,

ජේසන් ශෙපර්ඩ් අවුරුදු 14ක ඉස්කෝලේ යන කොල්ලෙක්. තමන්ගේ මුළු ජීවිතයම මෙයා ගෙවන්නේ බොරුවෙන්. කරන්නේ මොකක්ද කියන්නේ මොකක්ද ඔක්කොම බොරු මුලාවක් පමණයි. කිසිදු පැකිලීමකින් තමන්ගේ දෙමාපියන්ටත් මෙයා මුළු දවස ගානෙම බොරුම තමයි කියන්නේ. කියන බොරුත් බොහොම ලස්සනට අහුවෙන්නේ නැති විදියට හිත් ඇදගන්නා සංවේදී විදියට තමයි මිනිහා හැමෝටම කියන්නේ. ඒ හින්දා හැමෝම වගේ මිනිහගේ බොරු වලට ‍රැවටෙනවා. හැබැයි ජේසන්ගේ දෙමාපියෝ නම් තමන්ගේ පුතාගේ කතා ගණන් නොගන තත්වයකට කාලයත් එක්ක පත්වෙනවා. ඉතින් ජේසන් මෙහෙම මෙයාගේ ජීවිතේ කාලයක් බොරුවෙන් අරන් යනකොට තමන්ගේ පාසලේ ගුරුතුමියට කියපු ඒක බොරුවක් ගුරුතුමියට අහුවෙනවා. ඉන් පස්සේ ගුරුතුමිය පැය කිහිපයක් ඇතුළත ජේසන් බොරු කියලා නොකර යට ගහපු රචනාවක් ආයෙම පැය කිහිපයක් ඇතුළත ලියලා තමන්ට ගෙනත් බාර දෙන්නයි කියලා ගුරුතුමිය ජේසන්ට කියනවා. ඒක නොකරොත් ජේසන්ට ලබන පාසල් නිවාඩු කාලේ ආයෙම ඉස්කෝලේ එන්න වෙනවයි කියලා ජේසන්ට අනතුරු ඇඟවීමක් කරනවා. දෙවියෝ තමන්ට දීපු බොරු කීමේ හැකියාව හොඳින් ප්‍රයෝජනයට ගන්නා ජේසන් බොහොම අපූරු දිගු කතාවක් කෙටි කාලයක් ඇතුළත නිර්මාණය කරලා ගෙදර ඉඳන් ඉස්කෝලේට ගුරුතුමියට මේ කතාව බාර දෙන්න යනකොට ලොකු අකරතැබ්බයකට කොල්ලට මූණ දෙන්න සිද්ද වෙනවා. ජේසන්ගේ මුළු ජීවිතයම මෙන්න මෙතන ඉඳන් තමයි වෙනස් වෙන්නේ. ජේසන් තමන්ගේ දෙමාපියන්ටත් හොරෙන් හොලිවුඩ් වලට ගිහින් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ගෙන් බොහොම අපූරු පළිගැනීමේ මෙහෙයුමක්ද ආරම්භ කරනු ලබනවා.

මේ පොඩි කොල්ලගෙම තවත් මේ වගේම මරු ‍ෆිල්ම් එකක් තියනවා, ඒ තමයි Agent Cody Banks (2003). ඒකත් අරන් බලන්න මරු 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,825 downloadsDownload Big-Fat-Liar-2002.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

2,825 downloadsDownload Subtitles47 KB

24 comments

  1. බොබී

    මම මේ දැන් සහෝගේ 50 වෙනි උපසිරැසියට කමෙන්ට් දාලා එන ගමන් හිටියේ. සයිට් එකෙන් එලියට බහින්න කලින් මේක දැක්කේ. කෝඩි බෑන්ක්ස්ගේ කතාව බලලා තියෙනවා. මේ උපසිරැසියටත් ස්තූතියි. ඔන්න එහෙනම් බෑවා.

  2. wnrodrigo

    Good work friend, Thanks!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  5. HummerDanu

    thanks bro

  6. Nandana_kumara

    Tu Bro

  7. Amila Madushanka sudda

    Thanks saho

  8. ranga11112

    patta...thanks saho,.....

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    කොමඩියක් නම් පට්ට ඇති...

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. jagath55

    Thanks

  13. Asanke

    Thanks for sub

  14. asabee

    බොහොම ස්‍තූති කොල්ලා

  15. Prabhasoft

    thank you....!!!

  16. geethkamal

    tnx for the sub. jaya wewa

  17. Minethra

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Nipun_sameera

    මචන් කෝඩි බෑන්ක්ස් 2ට සබ් දාපංකො

  20. IreshSampath

    thanks

  21. MAALnath

    Thanks ..........................good luck .......................

  22. sublove

    thawath niyama film ekakata sub ekak genawata sthuthi

  23. Lisha

    Thank you bro.....

  24. Anu

    Thanks bro...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.