බයිස්කෝප් වැසියන්ට සුභ දවසක් අද මම ඔයාලා වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාව, මේකත් දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව නිර්මාණය වූ තරමක් වෙනස් නිර්මාණයක් කිව්වොත් මම ගොඩක් නිවැරදියි. Drama, War කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය ඇතැම් අවස්ථාවල Degraded, Demoted යන ඉංග්‍රීසි නම්වලින් හඳුන්වනවා. Vladimir Tumaev වි…

බයිස්කෝප් වැසියන්ට සුභ දවසක් අද මම ඔයාලා වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාව, මේකත් දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව නිර්මාණය වූ තරමක් වෙනස් නිර්මාණයක් කිව්වොත් මම ගොඩක් නිවැරදියි. Drama, War කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය ඇතැම් අවස්ථාවල Degraded, Demoted යන ඉංග්‍රීසි නම්වලින් හඳුන්වනවා. Vladimir Tumaev විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියට Aleksandr Mikhaylov, Filipp Bazhin, Nikita Tezin වගේ නළු නිලියන් රැසක් දායකවෙනවා. 2009 වසරේදි රුසියාවේ එලිදැක්වුන මේ චිත්‍රපටිය පැය එකහමාරකට ආසන්න කාලයක් පුරා දිවෙනවා. නාට්‍යමය චිත්‍රපටි නරඹන අය වෙනුවෙන් මේ සිනමාපටය වඩාත් ගැලපෙනවා කියල හඳුන්වාදෙන්න පුලුවන්.
දැන් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ආධුනික හමුදා නිලධාරියෙක් 1943 දි යුධ පෙරමුණට එකතුවෙන අතර පලවෙනි මෙහෙයුමේදිම ඉහලින් ලැබෙන හමුදා නියෝග කඩකරන්න සිදුවෙනවා, සාමාන්යෙන් මුලින් කාලතුවක්කු පහරදීම් සිදුකර සතුරන්ගෙ ස්වංක්‍රීය ගිනි අවි බංකර් ආදිය විනාශකිරිමෙන් අනතුරුව පාබල හමුදා සටනට යොදවන අතර එකල මෙය රුසියානු හමුදා නීතියක්වුනා. එහෙත් මේ හමුදා නිලධාරියට සිදුවන්නෙ සහායක කාලතුවක්කු හෝ වෙනත් පහරදීමකින් තොරව කෙලින්ම සටන්බිමට යෙදවීමටයි, මේ ආධුනික නිලධාරියා තම සොල්දාදුවන්ගෙ ජීවිත ගැන සලකා ඉහලින් ලැබෙන නියෝග අනුව පහර නොදී සිටිනවා. මේ සිදුවීම ගැන පරික්ෂනයක් සිදුකිරිමට හමුදා මූලස්ථානෙන් තවත් නිලධාරියෙක් එවනවා. ඉන්පසුව සිදුවෙන සිදුවීම් පෙල ඔයාලට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්, ඔබ සැමට ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
1,603 downloadsDownload Degraded-Officer-2009-aka-Razjalovanniy.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
7 comments
Hashan M. Priyadarshana
Buddhika Lakmal
Thanks for the sub
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
බොහොම ස්තුතියි උවිඳු සබ් එකට :) :) .. මේ වගේ russian ඒවට සබ් දෙන ගමන් Turkish films ගැනත් පොඩ්ඩක් බලල සබ් දෙනවද turkish ඒවගෙත් හොඳ හොඳ film තියනව :) ...
ජය වේවා.!