මෙල් ගිබ්සන්, අයෙ අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනෙ නැහැනෙ. මේ චිත්‍රපටිය ඔහු තරුණ කාලෙ කරපු එකක්. අවුරුදු වලින් චිත්‍රපටිය පරණ උනාට, කතාව නම් කවදාවත් පරණ වෙන්නෙ නැහැ. නමින් වගේම හැමදාම තරුණයි. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 6.0/10 අගයක් ගත් මෙය ලස්සන ආදර කතාවක්. මේ චිත්‍රපටියට පාදක කර ගත්තේ “The Rest of Da…

මෙල් ගිබ්සන්, අයෙ අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනෙ නැහැනෙ. මේ චිත්‍රපටිය ඔහු තරුණ කාලෙ කරපු එකක්. අවුරුදු වලින් චිත්‍රපටිය පරණ උනාට, කතාව නම් කවදාවත් පරණ වෙන්නෙ නැහැ. නමින් වගේම හැමදාම තරුණයි. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 6.0/10 අගයක් ගත් මෙය ලස්සන ආදර කතාවක්. මේ චිත්‍රපටියට පාදක කර ගත්තේ “The Rest of Daniel” කියන අදර කතාවයි. මෙම කතාව චිත්‍රපටියකට කරන්න Warner Bros. Entertainment ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ගෙවන්න වුනා කතාවෙ අයිතිය ලබා ගන්න. මෙය තමයි තිර රචනයකට මෙතෙක් කල වැඩිම ගෙවීම.
දැන් කියන්න යන්නෙ කතාව ගැන ටිකක් කෙටියෙන්. මෙහි ආරම්භය 1939 දක්වා ඔබව ගෙන යනවා. දැන් කට්ටිය හිතයි අපොයි පරන කතාවක්නෙ කියලා. චිත්‍රපටියක් තෙරුම් ගන්න නම් ඉවසීමත් ප්‍රගුණ කරන්න වෙනවා. ඔන්න ඉතින් ඒ කාල වකවානුවේ ඉන්නවා පරීක්ෂක ගුවන් නියමුවෙක්. නමින් කැප්ටන් ඩැනියල් මැකොමික්. ඔහුගේ පෙම්වතිය තමයි හෙලන්. මේ දෙන්නා වටා තමයි ආදර කතාව ගෙතෙන්නෙ. තව ඩැනියල්ට ඉන්නවා කාලයක් තිස්සෙ අඳුරන යාලුවෙක් නමින් හැරි. ඉතින් මේ හැරී විද්‍යඥයෙක්. එයාගෙ නවතම පරීකෂණය තමයි ජීවින්ගේ අයුකාලය වැඩි කරන එක. ඉතින් හැරී කුකුලෙක් යොදාගෙන සාර්ථකව පරීක්ෂණය කරනවා. දැන් ඔහුට ඕනෙ මිනිහෙක්ව යොදලා මේක කරලා බලන්න. ඉතින් මොන මිනිහවත් කැමති වෙන්නෙ නැහැ මේවගෙ එකකට මූන දෙන්න. මොකද ඔහු කරන්නෙ අධිශීතකරණයක දාලා ටික දවසක් වහලා තියලා ගන්න එක. ඔහොම ඉන්න අතරෙ ඩැනියල්ගෙ පෙම්වතිය හෙලන් රිය අනතුරකට ලක් වෙලා කෝමා තත්වයකට පත් වෙනවා. දොස්තරලටත් විශ්වාසයක් නැහැ අයේ සුවකරගන්න පුලුවන් වෙයි කියලා. තම පෙම්වතිය මියයන එක බලන් ඉන්න බැරි නිසා ඔහු හැරීට කියනවා තමාව අර පරීක්ෂණයට දාලා අවුරුද්දක් තියන්න කියලා. එම පරීක්ෂණය නමින් Suspended animation.( එයින් අදහස් කරන්නෙ ජීවිතය මිය නොයා හුස්ම ගැනීම,හදවතේ ක්‍රියකාරිත්වය නොමැතිව දීර්ග කාලයක් තියාගැනීමයි.) ඔන්න ඔය විදිහට වසරක නින්දට ගිය ඩැනියල් අවදිවෙන්නෙ වසර 53 කට පස්සේ. ඒ 1992 දි. මුලු ලෝකෙම වෙනස්,දන්න කියන කවුරුත් නැහැ. දුරකථන ඇමතුමක් ගත්තත් අංක අඩුයි කියනවා. ඔහොම කරකවලා අතහැරිය වගෙ ඉන්න ඩැනියල්ට මුනගැහෙන කුඩා ළමුන් දෙන්නෙකුගෙ උදවුවෙන් ජිවිතය ගෙනයන අතර අතීතය සොයන ඔහුට දැන ගන්න ලැබෙනවා අදහාගත නොහැකි ආරංචියක්. එනම් තම පෙම්වතිය තවමත් ජීවත් වෙන බව. ඉතින් මම මෙතනින් එහාට විස්තර කරන්න යන්නෙ නැහැ. ඉතිරිය ඔබට බාරයි.
“Time waits for no man, but true love waits forever” යන තේමා පාඨයෙන් ඔපවත් වු මෙම චිත්‍රපටිය Steve Miner ගේ අධ්‍යක්ෂණයක්. මෙහි මෙල් ගිබ්සන්ට අමතරව එලිජා වුඩ්, ජෙමි ලී, ඉසබෙල් ගාසර් යන නළු නිළියන් රංගනයෙන දායක වෙනවා. චිත්‍රපටියට බාහිරව යමක් කියනවනම් මෙහි එන Suspended animation කියන තාක්ශණය, බැලු බැල්මට විද්‍යයා ප්‍රබන්ධයක් වගෙ පෙනුනත් අද ලෝකයෙ පවතින්නක්. වසර 13ක් මේ ක්‍රමයට තියපු කළලයකින් 2005 නොවැම්බර් 28 වෙනිදා Laina Beasley ඇමරිකාවේදි උපත ලබනවා.එ වගේම Intergalactic Journey, මන්දාකිණි අතර ගමන් කිරීම සදහාද මේ තාක්ශණය යෝජනාවී තිබෙනවා.ඉතින් 99 වසරක මේ ආදර කතාව බලන ගමන් ගුණ දොස් විචාරන්නත් එක්ක පොඩි කොමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලනවා.
ලිපිය – හේමාල් සිල්වා

55 comments
chamila
sanathana
Thanks....
නිෂූ
ජය වේවා !
ඔන්න උදෙන්ම බාන්න දැම්මා
kenny
thanks
chamath
ptta me ilm ke amuthu gathiyak athi kiyala hithapu nisama banna damma onna saho math banna damma thanks wewa :D
Tharanga Darshana Ekanayaka
ඔන්න බෑවා............
sampath
story ekanam ela vage balama balamu neda thanks sahooo...jaya veva...
dana
මාර කථාව ගොඩක් ස්තුතිය්
උදය J G
thanks saho....
Madushanka Gamage
ගති පහරක් වගේ බාලම බලන්ට ඕනේ...තැන්කූ මචන් හේමාල්.....:) :)
Dinesh
onna mamath demma.........
roshan
thanks saho
uda
සහෝ ඔයා මේ කියන්නේ "ශිශිර තාරක නින්ද" කියන තාක්ෂණය ගැනද? විද්‍යා ප්‍රබන්ධ වලදී කියැවෙන විදිහටනම් ගගනගාමීන් වයසට නොයා වසර ගණන් නින්දට පත්කරන්නේ මේ කියන "ශිශිර තාරක නින්දෙන්" තමා. මේක මිනිස් හොයාගෙනීමක්නම් නෙමේ; මේක සොබාදහමේ නිර්මාණයක්. හිම වැටෙන කාලෙට වලස්සු, ලේන්නු, නරි එහෙම ඒ රටවලදී හිම කාලය අවසාන වෙනකම් මේ වගේ නින්දකට වැටෙනවා මාස 6ක් විතර කල් සමහර වෙලාවට. ඒ කාලෙදි ආහාර ගන්නේ නෑ, අනෙකුත් ශාරීරික ක්‍රියාකාරකම් නෑ. හුස්ම සහ හදගැස්ම පමණයි. විද්‍යාඥයන් මේක මිනිසාගේ ප්‍රයෝජනයට යොදාගන්න ප්‍රතිනිර්මාණය කළා.
මම මේ කියන එකත් ඔයා කියලා තියෙන එකත් එකක්ද? දෙකක්ද? මේකට මට පිළිතුරක් දෙන්න හේමාල් සිල්වා සහෝ!
කතාවට ස්තුතියි. මේ වගේ එකකට සිංහලත් තිබුණානම් තමා පාර!
කෝකවෙතත් ගොඩාක් පිං!deeps
හැමදාම වගේ මේකත් ඩවුන්ලෝඩ් ලිස්ට් එකට!! ස්තුතියි මේ වගේ බයිස්කෝප් හොයන එනවට
Dishan
බොහොම ස්තුති...
Irshad Haniffa
thks macchan ..good found
AL1717
Hari Mahcho onna den Gannai hadanne Thanks me film Eakata
Jaya WEwwaaaa
DragonD
ela
thnx machnsaradiyel
onna mamat balanawa,,,,,,,,,,,,,
Viraj
Thank You Very Much Hemal Saho.......
boralu
kathawa thiyena wideyata banna hithenawa....
yasitha
lassana film ekak wage..thanx machan me wage lassana kathawak dunnata.
chinthaka
story eka nam super...thanx machan mewage film ekak apita dunnata..mama th gannawa...thanx again
රාම් රාජ්
thaks
susantha
නියමයි මෙවගේ film එකකට sin sub දැම්මනම් තමයි මරු කමක් නහැ film එකට thnx... :cool: :cool: :cool:
rK
math bami bala balalama comment eka kuth dan nam
හේමාල්
සොබාදහමෙ තමයි ගොඩක් දෙවල් හොයගන්න.මෙකත් එ විදිහට තමයි හොය ගෙන තියෙන්නෙ.එත් මෙක දැන් විද්යය ප්‍රබන්ධයක් නෙමේ.අද ලොකයේ භාවිතා කරන්නක්.
බොහ්ම ස්තූතියි සහො ප්‍රතිචාරයට.
හේමාල්
@ UDA
සොබාදහමෙ තමයි ගොඩක් දෙවල් හොයගන්න.මෙකත් එ විදිහට තමයි හොය ගෙන තියෙන්නෙ.එත් මෙක දැන් විද්යය ප්‍රබන්ධයක් නෙමේ.අද ලොකයේ භාවිතා කරන්නක්.
බොහ්ම ස්තූතියි සහො ප්‍රතිචාරයට.
හේමාල්
හැමෝගෙම ප්‍රතිචාර වලට ස්තුතියි.සිංහල සබ් කරන්න වෙලාවක් හොයගන්න අපහසු නිසයි,ටිකක් දිගට විස්තර කරන්නේ.
kasun
ela ela...thnx wewa
dinnu
niyamai, onna mamath banawa.
jayawewa.sajith
ආයෙත් ෆට්ට බයිස්කෝප් එකක් දීලා තියෙන්නේ... එල එල තැන්කු කිව්වා ඕන්....
anupiya
onna ehenam ude pandarama bannai sudanama........balamu kohomada meka kiya
halaya
thanks machan
Nalina de silva
THanX matchoooooooo
alexis senarath
thanks sahoo....
කල්හාර
ඔන්න මේකත් දැම්මා බාන්න .......
බලලා ආයිත් කමෙන්ට් කරන්නම් ....බොහොම ස්තුතියි සබ් එකට .........
halapaya
niyama love story 1k wage penawa. thank u wewa
navo
tnx brother!
sachee
thnxxxxx for sub...:)
chandima
පට්ට කතාවක් වගේ..... ස්තූති වේවා.....
deeps
දැන් තමා මේක බලලා ඉවර වුනේ. හරිම ලස්සන කතාවක්. ඒ වගේම පරණ ෆිල්ම් එකක විද්‍යාත්මක ගතියක් තියනකොට ඒක හරි අමුතුයි. අහ්හ් , අර අන්තිමට පෙන්නන මුහුද අයිනේ දර්ශනය දකින කොට කාටවත් මතක් වුනේ නැද්ද ගාලු කොටුව එහෙම?
හේමාල්
@ Deepas
බොහොම ස්තුතියි කොමෙන්ට් එකට.මේක බැලුවට පස්සෙ ,ඔයා තමයි මුලින්ම කොමෙන්ට් එකක් දැම්මේ.
හර්ෂණී
ස්තූතියි.... ලස්සන කතාවක් වගෙයි.....
rohan
hmmm :( apita baana ba ne :( site block UAE wala me torrent eke. kawruhari mail karanawada matath torrent eka? [email protected]
Mapila
me link eka dubai wala banna bariyoooooooooo. block karala.
හේමාල්
@ Mapila (බයෙත් බෑ)
mail eka denna.ewannam.
Uraj Deemantha
බාගෙන, උඩින් පල්ලෙන් බෑලුවා, මැක්සා ෆිල්ම් එකක් වගේ..... :)
ajantha
ඔන්න ඩැන්ත්ම්යි බලලා ඉවර උනෙ.ලස්සන කතව.සින්හල ඩුන නම් තව හොඩ්යි
halapaya
niyama story 1k. thanks u very much ;)
Advertisement
hmm.... :D