Watch Trailer

Green Lantern: Emerald Knights (2011) with Sinhala Subtitle | මගේ බලයෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ ගෙනාවේ මගේ තුන්වැනි සිංහල උපසිරැසිය. මං මීට කලින් දුන්නේ Batman Year One 2011 ඇනිමේට්ටුවටනේ. මේ පාර ග්‍රීන් ලෑන්ටර්න්. මේක කරනවද නැද්ද කියලා හුඟ කාලෙක ඉඳන් හිත හිත හිටියේ. මේ බයිස්කෝප් එකට ළඟදී අළුත් කැටයම් පාරක් එහෙම දාල තියනවනේ, දැන් නම් කලින්ට වඩා ලයින් එකක් තියනවා නේ? ඒක නිසා මමත් හිතුව…

Green Lantern Emerald Knights (2011)

ඔන්න මේ ගෙනාවේ මගේ තුන්වැනි සිංහල උපසිරැසිය. මං මීට කලින් දුන්නේ Batman Year One 2011 ඇනිමේට්ටුවටනේ. මේ පාර ග්‍රීන් ලෑන්ටර්න්. මේක කරනවද නැද්ද කියලා හුඟ කාලෙක ඉඳන් හිත හිත හිටියේ. මේ බයිස්කෝප් එකට ළඟදී අළුත් කැටයම් පාරක් එහෙම දාල තියනවනේ, දැන් නම් කලින්ට වඩා ලයින් එකක් තියනවා නේ? ඒක නිසා මමත් හිතුවා තවත් උපසිරැසියක් කරන්න. ඔන්න වෙලාවක් ලැබුණු ගමන්ම ඊයේ රෑ බාර අරගෙන තමයි මේ උදෙන්ම අරගෙන එන්නේ.

මම මුලින්ම දුන්නු Green Lantern First Flight 2009 කස්ටියට මතක ඇතිනේ, ඒකෙදී තිබුණේ හැල් ජෝර්ඩ්න්ට අබින් සර්ගේ බල මුද්ද ලැබිලා ග්‍රීන් ලෑන්ටර්න් කෙනෙක් වුන විදියනෙ, සිනෙස්ට්‍රෝ කහ පාට මුද්දක් හදාගත්තා. ඒක කොළ පාටට වඩා ගොඩක් බලගතුයි. ඔහු මුළු ග්‍රීන් ලෑන්ටර්න් බලකායම යටත් කරගෙන කොළ මූල ධාතුව සම්පූර්ණයෙන්ම වගේ විනාශ කරා. ආරක්ෂකයෝ හැල් ගැන වැරදි අවබෝධයක හිටිය නිසා ඔහුගේ මුද්ද අයින් කරලයි තිබුණේ. නමුත් හැල් අවසාන සටනට ඒ මුද්ද හොයාගෙන යන්න හැදුවා. ඒත් මූල ධාතුව නැති නිසා බලයක් නැහැ.හැල් බැටරිය ළඟට ගිහිල්ලා කොහොම හරි ඒකට බලය ගත්තා. හැල් අසීමාන්විත විශාල බලයක් ලබාගෙන සුපිරිතමයෙක් වගේ වුණා. සිනෙස්ට්‍රෝගේ කහ පාට බලයත් එක්ක තනිව සටන් කරලා දිනුවා.

ඒ කලින් එකනේ, මේකෙදි වෙන්නේ මෙහෙමයි. අබින් සර්ගේ මුද්ද ලැබිලා හැල් ග්‍රීන් ලෑන්ටර්න් කෙනෙක් වෙනවා. සිනෙස්ට්‍රෝ තවමත් හොඳ කෙනෙක්.මේ කතාවෙ මූලික වෙලා තියෙන්නේ ග්‍රීන් ලෑන්ටර්න්ලගේ ඉතිහාසය. මේක නම් අනිවාර්යෙන්ම බලන්න ඕන එකක් කියලයි මම නම් හිතන්නේ. මොකද මේකෙදී හොඳ හොඳ කතා ගොඩක් දැනගන්න පුළුවන්. පළවෙනි ග්‍රීන් ලෑන්ටර්න් කවුද? ඒක වුණේ කොහොමද? කිලොවොග්ගේ ආධුනික ලෑන්ටර්න් අතීතය කෙබඳුද? ඇත්තමයි ඒ ටික නම් නියමයි. එතකොට කාටවත් හැප්පෙන්න බැරි බලගතුම ග්‍රීන් ලෑන්ටර්න් කවුද? ඒක නම් කට්ටියට හිතාගන්නවත් බැරි දෙයක්! මම පුදුම වුණා… තව හුඟ දෙනෙක්ගේ විස්තර ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේකෙදි අර මම දුන්න අනිත්  Green lantern First Flight එකේ සිනෙස්ට්‍රෝ දුෂ්ටයෙක් උන එක ගැනත් කියවෙනවා. Green lantern චිත්‍රපටියෙදිත් අවසානයෙදි සිනෙස්ට්‍රෝ කහ පාට මුද්දක් දා ගන්නවනේ. ඒක නම් අනිවාර්ය සිද්ධියක්. මේකෙදි ඔය අතරේ ක්‍රෝනා කියලා යෝධ සතුරෙකුගේ ආක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒක නම් අර සුවිශේෂී කෙනා ඇවිල්ලා විසඳනවා. මම නම් කියන්නේ කාටූන් බලන්න කැමති කෙනෙක් නම් මේක අනිවාර්යයෙන් බලන්න ඕන සුපිරි කතාවක් කියලයි.

ආයිත් නම් අවුරුදු තුනක් විතර යනකම්වත් මට උපසිරැසියක් ගේන්න බැරි වේවි.මේක බලලා රස විඳින්න. 

෴යළි හමුවන තෙක් සැමට සුබ පැතුම්…!෴

Green Lantern: Emerald Knights (2011) on IMDb

 

 

651 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

2867629E5618FBFEDD016A71DF715A8E8B1CEA6A

1.3 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

47640A8FA57FEF243067B50476FDF3F25CCA5FF0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,633 downloadsDownload Green-Lantern-Emerald-Knights-2011-baiscopelk.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/හෂාන්-මධුවන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුවන්ත – හෑෂ් [#]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,633 downloadsDownload Subtitles71 KB

23 comments

  1. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

  2. thisal

    තැන්ක්ස් බන් පට්ට

  3. Kulanjana Maduranga

    niayamai…thanks HASHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!!

  5. දසුන් හසන්ත

    සබ් එකට තෑන්ක්ස්. බලල නං තියනවා. නියම වැඩක් සහෝ, විභාග එහෙම හොඳට කරගන්න. ඊට පස්සෙ සුපිරි ෆිල්ම්වලට දිගටම සබ් දෙන්න.

  6. udara

    supiri bn thnx

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. හෂාන් මධුවන්ත._හෑෂ් - #_

      Hamotama THANKS...!
      # :cool: :)

  8. ප්‍රියසාද්

    ela ela

  9. D Chamara

    niyamai sahoo niyamai degatma karagena yamoo jaya...

  10. රොයිලි

    බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. සුරිත විතාරණ

    sub 1ට ස්තුතියි.........

  12. Nethmal

    Niyamai Hashan ayye.....

  13. Lakshan

    Thanks...

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. Hashan Maduwantha # HASH

      Thanks bn....

  15. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    1. Hashan Madhuwantha

      Welcome bro!

  16. Kaazz_bat

    Thanks sahooo sub ekata,. Jayawewaaa,.

  17. rockz2020

    සුපිරියක් සහෝ ✌ බොහොම ස්තූතියි උපසිරැසිය වෙනුවෙන් ✌❤
    සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා!
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)

    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

  18. සචින්ත කල්හාර බෙනට්

    thanks bro

  19. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සබ්ටයිටල් එකට.... දිගටම වැඩේ කරගෙන යමු... ජය වේවා...❤️❤️❤️

  20. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.