උපසිරසිකරුවන් දෙදෙනෙක් මේ සඳහා උපසිරසි ලබාදී ඇති හෙයින්, දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු. යුරාන් ධනුක සොහොයුරාගේ ලිපිය ජෝන් ගෝල්ඩ් කියන්නේ හිටපු බ්‍රිතාන්‍ය විශේෂ හමුදා සොල්දාදුවෙක්. දිනක් ඔහුගේ හොඳම යාළුවා වෙන සාජන් ඩැනියෙල් මේසන්ගෙන් උදව් ඉල්ලල දුරකතන ඇමතුමක් එනවා, ඒකට ප්‍රතිචාර වශයෙන් ඔහුව හම්…

උපසිරසිකරුවන් දෙදෙනෙක් මේ සඳහා උපසිරසි ලබාදී ඇති හෙයින්, දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු.
යුරාන් ධනුක සොහොයුරාගේ ලිපිය
ජෝන් ගෝල්ඩ් කියන්නේ හිටපු බ්‍රිතාන්‍ය විශේෂ හමුදා සොල්දාදුවෙක්. දිනක් ඔහුගේ හොඳම යාළුවා වෙන සාජන් ඩැනියෙල් මේසන්ගෙන් උදව් ඉල්ලල දුරකතන ඇමතුමක් එනවා, ඒකට ප්‍රතිචාර වශයෙන් ඔහුව හම්බෙන්න ඉතාම පිටිසර පළාතකට යන ජෝන්ට දැන ගන්න ලැබෙන්නේ කවුරුහරි ඩැනියෙල්ව හා ඔහුගේ පවුලේ අයව අමානුෂිකව මරලා දාලා කියලා . ඒ පැත්තේ කාගෙන්වත් ඒ ගැන කිසිම දෙයක් දැන ගන්න ජෝන්ට බැරි වෙනවා, ඒ කවුරුත් ඒ ගැන නොදන්නකම නිසා නෙමෙයි මේ පැත්තේ සිටින භයානක කණ්ඩායමකට තියෙන බය නිසා බව ජෝන්ට තේරෙනවා . ඩැනියෙල්ගේ ඝාතනයටත් මේ කණ්ඩායමේ සම්බන්ධයක් තියෙන බව ජෝන්ට වැටහෙන නිසා ඔහු මේ කණ්ඩායම පසුපස හඹායෑම ආරම්භ කරනවා. ඒත් මේ කණ්ඩායම සාමාන්‍ය කල්ලියක් නොව ඉතා විශේෂ පුහුණුවක් ලැබූ හමුදා බලකායක් බව ජෝන්ට පරීක්ෂණ වලදී අනාවරණය වෙනවා. ඒ කණ්ඩායමේ නායකයා වෙන්නේ මීට අවුරුදු කීපයකට උඩදී ඇෆ්ගනිස්ථානයේදී අභිරහස් ලෙස අතුරුදන් වූ සාජන් හැචර් බව ඔහු දැන ගන්න ලැබෙනවා. සාජන් හැචර් කියන්නෙත් හිටපු විශේෂ හමුදා සොල්දාදුවෙක් නිසා මේ කල්ලිය හඹා යෑම ඔහුට ලේසි වෙන්නේ නෑ. ඒ සඳහා ඔහුට විවිධ බාධා මෙන්ම උදව්ද ලැබෙනවා. ඇත්තටම ඩැනියෙල්ව මැරුවේ කවුද ? ඒ ඇයි? විශේෂ හමුදා බලකායක් මේ වගේ වැඩ කරන්නේ ඇයි ? ජෝන්ට මේ දරුණු කණ්ඩායම අල්ල ගන්න පුළුවන් වෙයිද ? ජෝන්ට මොනවා වෙයිද ? ඒ ගැන දැන ගන්නනම් මේක බලන්න වෙනවා.
2018 අගෝස්තු 18 ප්‍රදර්ශනය ඇරැඹූ මෙම සිත්තමට 4.0 ක IMDb අගයක් තමයි ලැබිලා තියෙන්නේ. Action\Adventure කාණ්ඩ වලට අයත් මෙය Ross Boyash අධ්‍යක්ෂනය කරලා තියෙනවා. එක්සත් රාජධානියේ රූ ගත කර ඇති මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Stu Bennet එහෙමත් නැත්තම් WWE රෙස්ලින් ක්‍රීඩක Wade Barrett විසින්. ඊට අමතරව සාජන් හැචර් ලෙස Gary Daniels සහ සැන්ඩ්‍රා ලෙස Anna Shffer ලෙස සම්බන්ධ වෙනවා, ලොකු අගයක් නැතත් හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක්. එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලලා ගුණ දොස් කොමෙන්ට් කරන්න.
තෙරුවන් සරණයි !
ධනංජය රත්නායක සොහොයුරාගේ ලිපිය.
ඔන්න යාලුවනේ මම මේ පාර 14 වැනි උපසිරැසිය විදියට අරගෙන ආවේ රෙස්ලින් ක්‍රීඩාවේ Stu Bennett රඟන IMDB අගය 4ක් වුවත් Action ගණයට අයත් පැය 1කුත් විනාඩි 32ක් කාලයක් ධාවනය වන ෆිලුමක්.ක්‍රියාදාම ගණයට යත් නිසා කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් මෙය තිරගතවීම ආරම්භ කරේ 2018 පෙබරවාරි මස 24 වන දින ජපානයේදි. Stu Bennett චිත්‍රපට කිහිපයකටම දායක වී තිබෙනවා. Eliminators (2016), Fanged Up (2017).මීට අමතරව Gary Daniels,Keith Allen,Keith Allen,Bryan Larkin, Kevin Leslie යන් අයවලුන් රංගනයෙන් දායක වෙනවා.
හිටපු කුලීකාර සොල්දාදුවෙක් වන ජෝන් ගෝල්ඩ් (Stu Bennett)හට ඔහුගේ මිතුරා වන ඩෑන් මේසන්ගේ (Kevin Leslie) ඝාතනය ගැන දැනගන්නට ලැබෙනවා.ජෝන් ගෝල්ඩ්ගේ ඝාතකයන් සොයා ඩිවොෂන් නගරය වෙත පැමිණෙනවා.ඔහු මේසන්ගේ මෘතදේහය පරික්ෂාකරන අතරතුරේදි දැනගන්න ලැබෙනවා මෙය සිදු කරන ලද්දේ සාජන් හැචර් බව සැක කරනවා .ජෝන්ට ලැබුණු ඩගීගේ (මේසන්ගේ පියාගේ ) හඩ පටයෙන් ඔහු හැචර් ගැන යම් තොරතුරක් රැස් කරගන්නවා.මේ ගැන හරියටම තොරතුරක් ලබාගැනීමට නගරයේ ඇති වයින් ෂොප් එක වෙත ගොස් සොයා බලනවා.එහිදි හැචර්ගේ කණ්ඩායම මුණ ගැසී යම් වචන හුවමාරුවක් සිද්දවෙනවා.කතාව දිගටම කියාගෙන යන්න ඕනෙ නැහැ.ඔයාලම බලන්නකෝ ජෝන් ගෝල්ඩ් යාලුවාගෙ සහ එයාගෙ පවුලේ ඝාතනය වෙනුවෙන් කරන පළිගැනීම.. ගොඩක් අඩුපාඩු ඇති සමාවෙලා චිත්‍රපටය බලන්න කියල ආරාධනාකරනවා..

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,699 downloadsDownload I-Am-Vengeance-2018.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක ” සොහොයුරාට සහ “ ධනංජය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
34 comments
chadilan
kavinuweerakkody
www.biscopedownloads.com වෙබ් අඩවියේ Torrent link හා Direct link දෙකම තියෙන හින්දා කැමති විදිහකට මේ ෆිල්ම්ස් download කරගන්න පුලුවන්. ඒ වෙබ් පිටුවට ගිහින් බලන්න.
Prabodha Madhusankha Hettiarachchi
Patta broo thank movie ekata....!
dsdkavishka
Thenks bro dennatama
THE NEW FOLDER
ELA THANKS DENNATAMA..............
Bobby
Wow , Great job Thanks lot
Achi
තැන්ක්ස් බොක්ක
ජනියා
Jayawewa Sahoooo
Kulanjana Maduranga
subata thanks....
Ayesh Prashan
Thank You..Dennatama
subodha
Thanks
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ ලා දෙන්නටම...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා දෙන්නටම...ජය වෙිවා...
Bandara 1976
Thanks bro..more sub for more films
DilanMax
පට්ට Bro....
ස්තුතියSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dil600627
ගොඩක් ස්තුතියි …දිගටම උපසිරැසි කරන්න.අපි කලින් ෆිල්ම් බැලුවට තෙරුමක් නැතුව.ඔහෙ බලන් ඉන්නව.දැන් ෆිල්ම් එකේ හරි අර්ත්‍ය තෙරුම් අරන් බලන්න පුලුවන් ඒ බයිස්කොප් ටීම් එක නිසා.......බුදු සරණයි
Suresh Madhusanka
ජයෙන් ජය සහොදරයා......
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sumi
thanx a lot
sasala
thanks malli
Dula95
fatta thanks bro
Rashmika dumidu
Thanks you
harshani11112
ස්තුති ධනුක සහො ....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
Sajith581288
Niyami
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DilanDilshan
thanz sahoo..jaya wewaa..
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.jagath55
Thanks
apa
Sub ekata thank .
nalin.kumara0510
Thanks bro good luck.
HD9922
Thank you for both
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Rukshan37
Ela ela
Advertisement

I am vengeans eke sub eka vitharane tyenne.. Film eka nane..