මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාත්තනා කරනවා, ගොඩ කාලෙකින් බය හිතන චිත්‍රපටයක් ආවේ නැහැ කියලා හුල්ල හූල්ල හිටපු අයට මෙන්න හාහාපුරා කියලා සුපිරි භාන්ඩයක් අරගෙන ආවා, නම දකිනකොටම පොඩි මේවා එකක් එන්න ඇතිනේ ඉතින් ඒ වගේම තමයි චිත්‍රපටයත්, ඉතින් වැඩි කතා ඕනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු, ලරීසා සහ…

මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාත්තනා කරනවා, ගොඩ කාලෙකින් බය හිතන චිත්‍රපටයක් ආවේ නැහැ කියලා හුල්ල හූල්ල හිටපු අයට මෙන්න හාහාපුරා කියලා සුපිරි භාන්ඩයක් අරගෙන ආවා, නම දකිනකොටම පොඩි මේවා එකක් එන්න ඇතිනේ ඉතින් ඒ වගේම තමයි චිත්‍රපටයත්, ඉතින් වැඩි කතා ඕනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු,
ලරීසා සහ මැට් යුවල තම කුළුදුල් දරුපැටියව බිහි කරන්න අළුත් නිවසකට යනවා, ඉතින් අළුත් ප්‍රදේශයක් අළුත් ගමක් අළුත් අසල් වැසියෝ හැම දෙයක්ම වගේ අළුත් විදිහට තියනවා. ඒත් ලරීසාට එක පාරටම එක එක විකාර දේවල් පේන්න ගන්නවා. ඇය දකිනවා අල්ලපු ගෙදර ඉහල මහලේ රෝද පුටුවක ඉන්න තරුනියක් ඇය දිහා හැම වෙලාවකම ඔරවගෙන බලාගෙන ඉන්නවා ඉතින් ලරිසා මේ ගැන ටිකක් බයෙන් තමයි ඉන්නේ, ඉතින් ඔය අතරේ ලරිසට එක පාරටම අමාරු වෙලා රෝහලට අරගෙන යනවා. ඉතින් ලරීසා පස්සේ තමයි දැනගන්නේ එයාගේ දරුවා නැතිවෙලා කියලා. ඇය හුගක් දුක් වෙනවා, මොකද ඇය දරුවාට ඒනි හැම දෙයක්ම කලින් ඉදන්ම සූදානම් කරලා තිබුනේ, ඉතින් ටික දවසක් යනවකොට ඇයට ඒ දරුවට සූදානම් කරපු කාමරෙන් එක එක සද්ද ඇහෙන්න ගන්නවා, ඇය මැට්ට කොච්චර ඒ ගැන කිව්වත් ටිකක් වත් විෂ්වාස කර්න්නේ නැහැ. ඉතින් ලරිසත් ඒ දේවල් විදදරාගෙන කොහොම හරි ඉන්නවා, එත් ඒ කරදර එන්න එනම වැඩි වෙනවා, ලරීසා හිතන්නේ ඒවා වෙන්නේ තමන්ගේ නැතිවුන දරුවා නිසා කියලා ඒත් ඒක එහෙම නෙමෙයි කියලා ලරීසගේ ඇස් පනාපිටම තහවුරු වෙනවා…
ඉතින් කවුද මේ ඉසබෙල්, ඇයි ඇය ලරීසට කරදර කරන්නේ, ලරීසගේ දරුවා ඇත්තටම නැති වුනාද මොකක්ද අල්ලපු ගෙදර තියන අමුතු දේ, කවුද හැම වෙලාවකම ජනේලෙන් බලන් ඉන්න ස්ත්‍රිය, මේවට අත්තර හොයන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා, ඒ වගේම මේකට සබ් එක හදනකොට යම් යම් අවස්ථා වලදි මගේ හාට්බිට් එකත් වැඩිවුනේ නැතුවම නෙමෙයි, ඒක නිසා මේක රෑට බලනවනම් පපුව හෝස් ගාලා යයි කියන පනිවිඩෙත් එක්ක මම යනවා.
බුදු සරණයි…

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
7,412 downloadsDownload Isabelle-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
32 comments
Soori
1lakshitha1996
Hmmmm
යුරාන් ධනුක (දනුවා)
අම්මෝ ඇති යන්තම්..
සබ් එක දෙනකන් ඩවුන්ලෝඩ් කරන් හිටියේ
උපසිරැසියට බොහෝම ස්තූතියි සචීයා !!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට.පුළුවන්නම් මේවටත් සබ් දෙන්න
Under the Shadow (2016),Sadako (2019)දිල්ශාන් සචින්ත
ෆ්‍රී වෙලාවක දෙන්නම් සහෝ.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති korean films walatath sub dennako
දිල්ශාන් සචින්ත
මොනවගේ ඒවද. නම් ටිකක් කියන්න ට්‍රයි එකක් දෙන්නම්.
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....නියමයි....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!Hasitha Madush
සචී සහෝ thanks හොඳේ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Suranjan
Thanks jayawewa......!
Dewadithya
Thanks for Sub!
sanjayasenavirathne
කොහොමද ටොරන්ට් ගන්නේ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Shan Ashok
meke imd adune ban
Rukshan37
Ela
Shaggie
Thnks mchn
Malaka prasad
Thanq dilshan brother sub ekata.... goda kalekin horror film ekak blanne.. jaya wewaa
Sarojalakmali
THANKS sub ekata
AsithaDilruwan
ela saho thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!lydumindasanjeewa
Best off luck bro thankyou
Bandaramudiyansi
sub adala copy walata galapan na oya balala naveda dnne. yts copy wlata hadnnako
suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruchiralakmal
Thanks for the sub!!!!
ruchiralakmal
sub not sync with movie
shanedesilva
Thanks a lot for the subtitle. Keep it up the good work malli.
DilanthaSandaruwan
sub set wen na ban godak 1080p walata
Shehan putha
Thanks sachee
Advertisement
තැන්කු තැන්කු සචී.... තැන්කූකූකූ