උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අත…

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන චිත්‍රපටය වන අතර මේ චිත්‍රපටය අපට ලැබෙන්නේ July 19, 2019 දින San Diego Comic-Con International අවස්තාව මූලික කරගෙනයි. ඒ වගේම කියන්න ඕන මේ තමයි DC ඇනිමේෂන් හරහා අපට ලැබෙන 35 වෙනි ඇනිමේෂන් චිත්‍රපටය කියලත්. මේ කතාවට පාදක වෙන්නේ Jeph Loeb සහ Jim Lee විසින් රචිත Batman: Hush නමැති කොමික් කතා මාලාව මුල් කරගෙනයි. මෙහි අධ්‍යක්ෂණය සිදුවී තිබෙන්නේ Justin Copeland අතින් වන අතර හඬ කැවීම් අංශයෙන් Jennifer Morrison, Sachie Alessio, Stuart Allan, Jason O’Mara, Jerry O’Connell යන හඬ කැවීම් ශිල්පින් දායකත්වය සපයා තිබෙනවා.
එහෙනම් මම කතාව ටිකකට මතක් කරලා ඉන්නම්. මේ චිත්‍රපටය ඇත්තටම පෙන්නුම් කරන්නේ ගෝතම් නගරය මූලික කරගෙනයි. බෘස් සහ ඔහුගේ පුත්‍රයා වන ඩේමියන් සිටින කාලය අතරතුර සිදුවන සිදුවීම් පෙළක් මේ චිත්‍රපටය පුරා දිවෙනවා. බෘස් තනියම ජිවත් වෙනකොට එක්තරා උත්සව අවස්ථාවකදී ඔහුට සැහෙන කාලයකට පසු සෙලිනා කයිල් මුණ ගැහෙනවා. ඔවුන් අතර තිබුන පරණ වැළලී ගිය ප්‍රේමය තරමකට පණ ගහන්න මේ අවස්ථාව උදවු වෙනවා. ඉතින් ඒ අතරේදී ගෝතම් වල පොඩි සිදුවීමක් වාර්තා වෙනවා බේන් විසින් පොහොසත් පවුලක දරුවෙක් පැහැරගෙන ඒ වෙනුවෙන් කප්පමක් ඉල්ලා සිටින බවට. ඒ වෙනුවෙන් ක්‍රියත්මක වෙන බැට්මෑන් එහිදී සටන් කරලා බේන් ගෙන් දරුවා මුදවා ගන්නවා. එත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සෙලිනා කයිල් හෙවත් කැට් වුමන් ඒ කප්පම් සල්ලිත් අරගෙන පැනලා යනවා. ඒ පසුපස හඹා යන බැට්මෑන්ට ලොකු අනතුරක් සිද්ධ වෙනවා. ඒ අනතුර සිදු කරන්න මූලික වෙන්නේ වෙනත් කෙනෙක්. ඒ කෙනා බෘස් සෙලිනා වගේම ගෝතම් වල ඉන්න අනික් අපරාධ කරුවන් වන පොයිසන් අයිවී, බේන්, ජෝකර්, හාර්ලි වගේම සුපර්මෑන්ට පවා ලොකුම වදයක් වෙන්නයි යන්නේ. එහෙනම් මෙතනින් මම නතර වෙන්නම්. හැමෝටම බාරයි කවුද මේ හෂ් කියල හොයාගන්න. හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
11,544 downloadsDownload Batman-Hush-2019-Blu-Ray.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

- Ratings
- Reviews
- 0
- Subtitles
- 313
- Downloads
- 4.5M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Batgirl
- #BATMAN
- #Bruce Wayne
- #Catwoman
- #Clark Kent
- #Damian Wayne
- #DC
- #Dick Grayson
- #Editor's Pick
- #Geoffrey Arend
- #Jason O'Mara
- #Jennifer Morrison
- #Jerry O'Connell
- #Kal-El
- #Lex Luthor
- #Lois Lane
- #Maury Sterling
- #MaxxA
- #Must Watch
- #Nightwing Sean Maher
- #Offbeat
- #Rainn Wilson
- #Rebecca Romijn
- #Sachie Alessio
- #Selina Kyle
- #Stuart Allan
- #Superman
- #The Riddler
- #Thomas Elliot
- #Warner Bros. Animation
- #You Decide
- #උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #හසන්ත වික්‍රමරත්න
Part of the Batman and DC Animated Movie Universe [DCAMU] collections — every film in order.
52 comments
Hiran Eranda
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට.
පුලුවන්නම් The Batman (TV Series 2004–2008) season 5 සබ් දෙන්න.සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..එනකම් බල්න් හිටපු එකක්. මේ පාර SDCC එකේ යාන්තමට වගේ තිබ්බ එකම DC ෆිලුමත් මේකනේ. බුදුසරණයි..ජය වේවා!
![Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Batman-Hush.jpg)

thanks for sub hasantha ayiye.....meka denakan thama balan hitiyee