පැරණි භාරත සිනමාවේ ඉතා ජනප්‍රිය නළු නිළ යුවලක් වු දේව් ආනන්ද් සහ මධුභාලා රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය 1958 වර්ෂයේ තිරගත වූවකි. ප්‍රවීණ සංගීතවේදී S.D බර්මන්ගේ සංගීතයෙන් හැඩ වූ මෙහි ඇත්තේ නිර්දෝෂී පියෙකු අසාධාරණ ලෙස සිරගත කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන පුතෙකුගේ කථාවකි. ඒ කථා සාරංශය අනුව “කරන්” ගේ ප…

පැරණි භාරත සිනමාවේ ඉතා ජනප්‍රිය නළු නිළ යුවලක් වු දේව් ආනන්ද් සහ මධුභාලා රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය 1958 වර්ෂයේ තිරගත වූවකි. ප්‍රවීණ සංගීතවේදී S.D බර්මන්ගේ සංගීතයෙන් හැඩ වූ මෙහි ඇත්තේ නිර්දෝෂී පියෙකු අසාධාරණ ලෙස සිරගත කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන පුතෙකුගේ කථාවකි. ඒ කථා සාරංශය අනුව “කරන්” ගේ පියා වන “ශංකර්” ගැහැනියක් ඝාතනය කළ බවට චෝදනා ලබමින් සිරගත කරයි. නමුත් මේ ගැන කරන්ට දැනුවත් නොකිරීමට ඔහුගේ මව ක්‍රියා කරයි. එමෙන්ම ඇය ද තම ස්වාමි පුරුෂයා ගැන කිසි දෙයක් සොයා නොබලයි. නමුත් කාලයක් ගතවන විට කරන්ට මෙය දැනගන්නට ලැබී මවගෙන් සත්‍යය විමසයි. ඔහුට සිදුවූ සියල්ලම පැවසීමට කරන්ගේ මවට සිදුවේ. පසුව ඔහු තම පියා බැලීමට බන්ධනාගාරයට ගියත්, ශංකර් තම පුතා හමුවීම ප්‍රතික්ෂේප කරයි. නමුත් කරන් කෙසේ හෝ තම පිය හමුවෙයි. මෙතැන් සිට කරන්ට මේ ප්‍රශ්න විසඳීමට සිදුවේ. අවසානයේ කරන්ට තම පියාව නොදොස් කර නිදහස් කරගන්නට හැකිවේවිද? මෙම සිනමාපටය කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් ඉතා ප්‍රසිද්ධ හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තුන්වන සිංහල උපසිරසිකරණයයි. මීට පෙර “Guide” සහ “Pakeezah” යන පැරණි හින්දි සිනමාපට දෙකට මා විසින් සිංහල උපසිරසි සපයා ඇත්තෙමි. පැය 02 යි, මිනිත්තු 17 යි, තත්පර 22 ක ධාවන කාලයක් සහිත මෙගා බයිට් 740 ක වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන අතර එය අන්තර්ජාලයේ නොමැති නිසා මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර ඇත. “බයිස්කෝප් ඩවුන්ලෝඩ්” වෙබ් අඩවියෙන් එය ඩවුන්ලෝඩ් කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.මේ සඳහා මා හට බෙහෙවින් උපකාර කළ විතානගේ ප්‍රියන්ත දයාකීර්ති මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත වන අතර පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන් ඉදිරියේදීත් මෙවැන්නක් රැගෙන එන්නම්. ඉතිං මේ ගැන අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමත්, මා ඔයාලාගෙන් බලාපොරොත්තු වෙනවා. ස්තූතියි!
මා විසින් මීළඟට සිංහල උපසිරසි ලබාදෙන සිනමාපටය වන්නේ 1955 වර්ෂයේ තිරගත වූ “Jhanak Jhanak Payal Baaje” පැරණි හින්දි සිනමාපටයයි.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
1,094 downloadsDownload Kala-Pani-1958.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/53736317_10211435163074651_6597406659595730944_n-e1553534782592.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග සදකැළුම් වීරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-05-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරංග සදකැළුම් වීරතුංග
Subtitles
10 comments
Priyantha Dayakeerthi
Tharaka
THANKS..............
චතුෂ තුෂර කුමාර
බොහොම ස්තූතියි... දේව් ආනන්ද්ගේ ෆිල්ම් එකක්නං ඉතිං අතෑරලා බැහැ...
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Ek Phool Do Mali (1969)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asankachathuranga
thanks bro
TharakaWAS
Jayen jayama wewa...
Digatma karan yamu...
Bohomatma stutui...!!!!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Tharanga weerathunga
අදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි....!
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
පැරණි හින්දි සිනමාවේ රහ දැනිලා වගේ.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!
Advertisement

තරංග සඳකැලුම් සොයුර,
මෙම සිංහල උපසිරසියට මුලින්ම ස්තුතිවන්ත වන අතර, මීට පෙර ඔබ සිංහල උපසිරසි ලබාදුන් සිනමාපට දෙක කීපවතාවක් දැනට නරඹා තිබෙනවා, ඒ මන්ද මා පැරණි හින්දි සිනමාව ඉතාමත් ප්‍රිය කරනා නිසා. ඔබ ඊළඟට උපසිරසි ලබාදෙන Jhanak Jahanak Payal Baage සිනමාපටයත් මා ප්‍රිය කරනා සිනමාපටයක්. ඉතිං ඔබගේ මේ වෙහෙස වෙනුවෙන් මාගේ ප්‍රණාමය, ඔබට ජය!!!