Watch Trailer

Lucania (2019) Sinhala Subtitles | ගොලු කෙල්ල [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම,මෙන්න මගේ 18 වෙනි නිර්මාණය අරගෙන ආවා. මේ ටිකේ දැන් ආපහු ටුවරිසම් හරියාගෙන යන ලකුණු පේනවා. දැන් ආයෙමත් පරණ පුරුදු රස්සාවට බහින්න පුළුවන් වෙයි. දැනටමත් අපිට දෙසැම්බර් ඉඳන් බුක් උන ටුවර් දෙක තුනක් ඇවිල්ලා තියෙන්නෙ. දිගටම හරිගියොත් අපේ කර්මාන්තෙ ඉඳපු මිනිස්සු හැමෝටම හරියාවි. මේ පාර ගෙනා…

ආයුබෝවන් හැමෝටම,මෙන්න මගේ 18 වෙනි නිර්මාණය අරගෙන ආවා. මේ ටිකේ දැන් ආපහු ටුවරිසම් හරියාගෙන යන ලකුණු පේනවා. දැන් ආයෙමත් පරණ පුරුදු රස්සාවට බහින්න පුළුවන් වෙයි. දැනටමත් අපිට දෙසැම්බර් ඉඳන් බුක් උන ටුවර් දෙක තුනක් ඇවිල්ලා තියෙන්නෙ. දිගටම හරිගියොත් අපේ කර්මාන්තෙ ඉඳපු මිනිස්සු හැමෝටම හරියාවි. මේ පාර ගෙනාපු ෆිල්ම් එක ගැන කිව්වොත් ඒක හෙමීට ගලාගෙන යන කතාවක්. ඉතින් සාමන්‍ය කම්මැලි කතාවක් කියල හිතෙයි. ඒත් පුළුවන් නම් බලන්න. ඒ වගේ කතාවකට අකමැති අය ඉන්නවනම් නොබල ඉන්නත් පුළුවන්. මම කරපු අනිත් ඒවා වගේ නෙවෙයි මේකෙ කතාව වෙනස්. මේ කතාව දැනට IMDB රේටින්ග්ස් වල 5.9 ක් අරගෙන තියෙනවා. මම මේ ෆිල්ම් එක තෝරගන්න ප්‍රධාන හේතුව උනේ මේකෙ රඟපාන ප්‍රධාන නිලිය. ඩැකොටා ජොන්සන් ගෙන් පස්සෙ මගේ හිත ඇදිල ගිය එකම නිළිය මෙයා. දැන් කාලයක් යනකන් මෙයා හිතේ ඉඳීවි.

මේකෙ කතාව ගැන නම් මම මුකුත්ම කියන්නෙ නෑ. අපේ සමහර උපසිරසි කරුවෝ කරන වැරැද්දක් විදියට මම ඒක දකිනවා. කතාවෙ ආරම්භය පොඩ්ඩක් කිව්වනම් ඇති. ගොඩක් වෙලාවට රූපවාහිණි කතා මාල දෙනකොට සමහර කොටස්වලදි හැඳින්වීමේ ලිපියෙන් කියනව “අද කොටසින් කතාවෙ අහවලාට පොඩි කරදරයක් වෙනවා” කියලා. ඊට පස්සෙ කතාව බලන කෙනා බලාගෙන ඉන්නෙ ඒ කියපු චරිතෙට කොයි වෙලේද ඒ කරදරේ වෙන්නෙ කියල. ඒකෙන් රසවින්ඳයට බාධාවක් වෙනවා කියන එක තමයි මගේ මතය නම්.

ඊලඟ එක ඔයාල දන්නවා මේ දවස්වල අපේ රටේ විස රසායනික පොහොර වගයක් ගෙන්නලා පොඩි ප්‍රශ්නයක් යනවා. ඒ වගේ කතාවක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුලුවන් වෙයි. ඒකෙන් වෙන හානියත් මේකෙ පෙන්නලා දීලා තියෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා කතාව බලලම ඉන්න කියල. ආපහු හම්බෙනකන් හැමෝටම ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,103 downloadsDownload Lucania.2019.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

3,103 downloadsDownload Subtitles15 KB

14 comments

  1. sadeepa

    Laabam Tamil film ekata puluwnm nm sub denna

  2. indika 75

    thanks..

  3. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Anonymous

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  6. Anonymous

    Thanks jayawewa....!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Ravij

    සබ් දුන්නට තෑක්ස්! මේ මූවි එක බාන්ඩ කලින් මේ පැත්තට ආවනම් මෙක පට්ටම බෝරිං මූවි එකක්. ඒ වගේ මූවි වල්ට අකමැති අය බාන්ඩ එපා.(අනික කෙල්ල ගොලුත් නෑ, )

  10. Jayasanka

    Thanks macho. Niyamai.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dewadithya

    Thanks for Sub!

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.