Su From So (2025) Sinhala Subtitless ආයුබෝවන්, අද ගේන්නෙ කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. නිකම්ම චිත්‍රපටියක් නෙමෙයි ඉඳලා හිටලා කරකවල යන ගේමක් ගහන චිත්‍රපටි එන කන්නඩ සිනමාවෙන් කා ලෙකට ලොකු හිට් එකක් දැක්කෙ නෑ. ඒත් මේක කෝටි 5ක් දාල කෝටි 125ක් හම්බ කරපු කන්නඩ සිනමාවෙ තවත් එක සුපිරියාක්. මේ වන විට කන්නඩ…

ආයුබෝවන්, අද ගේන්නෙ කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. නිකම්ම චිත්‍රපටියක් නෙමෙයි ඉඳලා හිටලා කරකවල යන ගේමක් ගහන චිත්‍රපටි එන කන්නඩ සිනමාවෙන් කා ලෙකට ලොකු හිට් එකක් දැක්කෙ නෑ. ඒත් මේක කෝටි 5ක් දාල කෝටි 125ක් හම්බ කරපු කන්නඩ සිනමාවෙ තවත් එක සුපිරියාක්. මේ වන විට කන්නඩ සිනමාවෙ හයවෙනි විශාලම ආදායම ලබපු චිත්‍රපටය මේක තමයි.
ඇත්තටම මේක බොහොම සරල කොමඩියක්. ටිකක් මලයාලි වයිබ් එකක් තියෙනවා වගේ. මට මේ චිත්‍රපටය බැලුවම මතක් උනේ රෝමන්චාම් මලයාලි චිත්‍රපටය. ඉතින් මේක අනිවා බලන්න. ඇත්තටම සුපිරියක්. මේක සරල උනත් ඉතා තාත්වික හාස්‍ය සහ උපහාසය මවන අවස්ථා මුල සිට අග දක්වාම හරි ලස්සනට කිසි අඩුවක් නැතුව තියෙනවා. ඒ අතින් මේක නොබිඳුනු නියම ප්ලොට් එකක් බව තේරෙයි.
මේක එක ගමක ඉන්න තරුණයෙකුට මළගිය පරාණ කාරයෙක් වැහෙන කතාවක්. ඉතින් එයා එලවන්න මුළු ගමම එක්කහු වෙනවා. මුලින් පවුලෙ ප්‍රශ්ණයක් උනත් පස්සෙ ඒක මුළු ගමේම ප්‍රශ්ණයක් වෙනවා. පෙරේතය එලවන්න ගමේ විවිධාකාර නන් අයුරින් සහයෝගය ලබා දෙනවා. ඉතින් කතාව ඇතුලෙ තියෙන ඒ එක් එක් චරිත පිළිබඳ ලස්සන ඉදිරිපත් කිරීම් ගණනාවක්ම තියෙනවා. ඔබත් ගමක නම් මේ ආකාරයේ විවිධ චරිත අත් දැකල තියෙනවා අති. මේකෙ තියෙන ලස්සන ඒකයි.
රාජ් බී ශෙට්ටි කියන සුපිරි නළුවත් මේකෙ රඟ පානවා. ප්‍රධාන චරිතයකට නොවුනත් එයාගෙ චරිතය ඉතිං හැමදාම වගේ පට්ට විදිහට කැපිල පේනවා. ශනීල් ගෞතම් සහ ජේ පී තුමිනාද් කියන නළු යුගලය තමයි ප්‍රධාන චරිත කරන්නෙ. තුමිනාද්ගෙ කුළුඳුල් අධ්‍යක්ශනය තමයි මේක. ආයෙත් කියන්නෙ මේක නොවරදවා බලන්න.
තවත් උපසිරැසියක් සමග හමු වෙමු.
Su From So (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,306 downloadsDownload Su-From-So-2025.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Su From So (2025) Sinhala Subtitles
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Su From So (2025) Sinhala Sub
- #Su From So (2025) Sinhala Subtitless
- #Su From So Sinhala Sub
- #Su From So Sinhala Subtitless
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Isuru
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ සබ් එකට
Ruchira
Thanks for the sub!!!!
Lakshan
Supiriyak
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

Thank you mekata sub dunnata puluwannam Jarann (2025),Chokkor 302 (2025) film dekatath sub denna