Watch Trailer

Njandukalude Naattil Oridavela (2017) Sinhala Subtitles | කකුළුවන්ගේ දේශයේ නිවාඩුවක්..! [සිංහල උපසිරැසි සමඟ]

කුරියන් චාකෝ කියන්නේ තමන්ගේ අම්මාගේ ඉල්ලීම මත ලන්ඩන් වල ඉඳලා කේරලයට එන තරුණයෙක්.අම්මා දුරකතනයෙන් කතා කරලා එක පාරටම ඔහුට ගෙදර එන්න කියනවා.ඒත් ඒ මොනවටද කියලා කියන්නේ නෑ .මේ ගැන කුතුහලයෙන් ඉන්න කුරියන්ට ගුවන් යානය ඇතුලෙදි එයාගේ යාළුවෙකුගෙන් ඉඟියක් ලැබෙනවා.යාළුවගේ මතය වෙන්නේ ඒ විදියට අම්මා කතා කරේ කුරි…

කුරියන් චාකෝ කියන්නේ තමන්ගේ අම්මාගේ ඉල්ලීම මත ලන්ඩන් වල ඉඳලා කේරලයට එන තරුණයෙක්.අම්මා දුරකතනයෙන් කතා කරලා එක පාරටම ඔහුට ගෙදර එන්න කියනවා.ඒත් ඒ මොනවටද කියලා කියන්නේ නෑ .මේ ගැන කුතුහලයෙන් ඉන්න කුරියන්ට ගුවන් යානය ඇතුලෙදි එයාගේ යාළුවෙකුගෙන් ඉඟියක් ලැබෙනවා.යාළුවගේ මතය වෙන්නේ ඒ විදියට අම්මා කතා කරේ කුරියන්ගේ විවාහය ඉක්මනට කරලා දෙන්න කියලා.කුරියනුත් ඒ ගැන හිතලා ගොඩක් සතුටෙන් තමන්ගේ ගෙදරට යනවා.කුරියන්ට අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා.අක්කා නම් විවාහකයි.කුරියන්ගේ අම්මා ගුරුවරියක්.මේ අය වගේම කුරියන්ගේ සීයාත් එයාලා එක්ක ජීවත්වෙනවා.කුරියන්ගේ අම්මා හැම දේකටම ගොඩක් ධෛර්යවන්තව මුහුණ දෙනවා.එයාගේ තාත්තා නම් ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්.මේ වගේ පවුල් පසුබිමක් තමයි කුරියන්ට තියෙන්නේ.කොහොමවුනත් කලින් සඳහන් කරපු විදියට එහෙමත් නැත්නම් කුරියන් හිතාගෙන ඉන්න විදියට එයාගේ විවාහය වෙනුවෙන් නම් නෙමෙයි එයාගේ අම්මා කුරියන්ට කේරලයට එන්න කියලා කියන්නේ.එහෙම කතා කරන්න හේතුව වෙන්නේ කුරියන්ගේ අම්මට එයාට පිළිකාවක් තියෙනවා කියලා සැකයක් ඇතිවෙන එක.කොහොමවුනත් කුරියන් මේ ගැන දැනගන්නේ ටික දවසක් ගෙවුනට පස්සේ.කුරියන්ගේ අම්මට ඒ විදියේ රෝගයක් වැළඳිලා කියලා වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වෙයිද? කුරියන් මේ දේට ඉස්සරහට මොන විදියට මුහුණ දෙයි ද? එයාගේ පවුලේ අනිත් අය මේකට මොන විදියට මුහුණ දෙයි ද? කුරියන්ගේ අම්මගේ ඉරණම මොන විදියට විසඳෙයි ද?

ඔන්න මේ සති අන්තයේත් මලයාලම් රසිකයින් එනකල් බලාගෙන හිටපු තවත් චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ.ෆිලුම නිකුත්වෙන්නේ සැප්තැම්බර් 1වෙනිදා.ඒ Comedy, Family, Romance කියන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙමින්.ඇත්තටම ගොඩක් මලයාලම් රසිකයින්ගේ අවධානය ෆිලුමට යොමුවුණේ මෙහි ප්‍රධාන රංගනයට පණ පොවන්නේ Nivin Pauly නිසා කිව්වොත් ඒකෙ වරදක් නැහැ .ලංකාවේ අපේ ගොඩක් අය මලයාලම් සිනමාවට ඇබ්බැහි වෙන්න හේතුවුන Premam(2016), Bangalore Days (2014) වගේ ආදරණිය චිත්‍රපට වල Nivinගේ රංගනය ගොඩක් කැපී පෙනෙන දෙයක් වුනා.Nivin එක්ක ෆිලුමේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායකවෙන්නේ නවක නිලියක්.ඒ වගේම කුරියන්(Nivin)ගේ අම්මාගේ චරිතයට පණ පොවන Shanthi Krishnaගේ සිනමා දිවියේ අවුරුදු 19ක හිස් තැනෙන් පසුව නැවතත් ඇය සිනමාවට එකතුවෙන චිත්‍රපටය ලෙසත් මේක ලොව පුරා මලයාලම් රසිකයින් අතර ජනප්‍රිය වුනා.චිත්‍රපටයේ අධ්‍යක්ෂණය,සංගීත අධ්‍යක්ෂණය සහ කැමරාකරණය සඳහා දායකත්වය දක්වන්නේ මේ චිත්‍රපටයෙන් ඒ ඒ ක්ෂේශ්ත්‍ර වලට එක්වෙන නවක කලාකරුවන් තිදෙනෙක් විසින්.ෆිලුම මේ වෙද්දී 7.2ක IMDb අගයක් ලබලා තියෙනවා.ඒ වගේම මෙය ආදායම අතින් ඉතා සාර්ථක වුන චිත්‍රපටයක් විදියට වාර්තා වෙනවා.

ගොඩක් වෙලාවට මේක මේ අවුරුද්දේ අරගෙන එන අවසාන උපසිරැසිය වෙන්න පුළුවන්.ඒ නිසා අවසාන වශයෙන් හැමෝටම සුභ මලයාලම් සිනමා සති අන්තයක්, සුභ නත්තලක් සහ සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා! එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.

11,805 downloadsDownload Njandukalude-Naattil-Oridavela-2017.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

11,805 downloadsDownload Subtitles80 KB

36 comments

  1. pubba

    description eke widihatama film eka patta …..sub ekata thanx brooo.. jayen jaya

  2. pasindu

    බොහෝම ස්තූතියි යාළුවා සබ් එක දෙනකම් බලන් හිටියෙ දිගටම සබ් දෙන්න

  3. නිරෝ

    ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා !

  4. D.Chamara

    bohoma sthuthi sahoooo .

  5. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. තිලින චාමර

    thank you…!!!

  7. Tharaka Lahiru

    Tnq

  8. Malan Kurera

    බොහොම ස්තූතියි තරිඳු සහෝ උපසිරැසියට…
    තවත් මලයාලම් එකකට උපසිරැසි අරන් ආවට ‍බෝම තුති.
    අලුත් මලයාලමි ෆිලුමකින් නැවත අප හමුවට එනමෙන් ඉල්ලනවා .ජයවෙිවා

  9. ඩොක් අයියා

    බොහොත් ස්තුති “තරිඳු රසාංග” මල්ලියෝ උපරැසියට

    තව එකක් කොරමු මේ නිවාඩු දවස් දෙකේ, ඔයා හැමදාම මට එකක් දෙනවා නේද

  10. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  11. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය...

  12. සිසිල ප්‍රසාද්

    බොහොම ස්තුතියි සහෝ. වෙලාවක් හම්බෙච්ච ගමන්ම මේකත් අනිවාර්‍යයෙන්ම බලනවා. දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් දෙමු. ජය!

  13. ලව්ලා

    තද තද රසාංග.....

  14. Indrajith

    Thanks for the subtitles..

  15. රංගික සිනෙත් කාරියවසම්

    තැන්කු මචන් තරිඳු ...බලාපො⁣රොත්තුව හිටපු ෆිලුමක් ..ලෙසටම සබ දීලා නියමයි ..

    ජය ජය වේවා....

  16. Udaya Fernando

    Thanks Tharindu

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි තරිඳු උපසිරැසියට...
    ටිකක් විතර පරක්කු වුනා කමෙන්ටුවක් දාන්න.
    බයිස්කෝප් එකවුන්ට් එකක්ම හදාගන්න කල් හිටියා. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  19. Enuka

    Thank you for all.

    Need sub for Power Rangers 2017!

  20. Su

    බෙහෙවින් ස්තුතියි ඔබ හට ...

  21. eshwara

    thanks for sub..

  22. sandun_zuti

    thanks bro

  23. ASELAHATHTHOTUWA

    why i cannot download this sub title its coming page not found.

  24. Chamarawacp

    thank u Tharidu boss......

  25. Sithum Premod

    Thnks Brow ^_^

  26. kavikalhara9h

    dj khiladi film ekt sub ekk hdnkoo

  27. malith

    ela ela

  28. Lalani Maduwanthi

    Oyala dan Malayalam movies denne nadda??

  29. Bela

    Patta lassana film ekak. sub naththan ithin balanna hambenne naha neh ..
    thankx bro.

  30. Madushanka

    THANK YOU

  31. Aravinda Munasingha

    thanx saho

  32. Menaka Herath

    ස්තූතියි සබට සහෝ....
    තවත් නිර්මාණකරනයට ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!

  33. Eranda Malith 2.0

    Sub ekta thanks mcn

  34. nish47

    thanks bro

  35. Anonymous

    Thanks brothers

  36. lahiru

    thx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.