Watch Trailer

One (2021) Sinhala Subtitles | දූෂිත දේශපාලනයෙන් ඔබ්බට… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියනවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ මේ වර්ෂයේ නිකුත් වුණු මලයාලම් ෆිල්ම් එකක් වන “ONE” ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. කලින් මම ගෙනාපු ‘Angamaly Diaries’ ෆිල්ම් එක කට්ටිය නරඹලා රස විඳින්…

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියනවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ මේ වර්ෂයේ නිකුත් වුණු මලයාලම් ෆිල්ම් එකක් වන “ONE” ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. කලින් මම ගෙනාපු ‘Angamaly Diaries’ ෆිල්ම් එක කට්ටිය නරඹලා රස විඳින්න ඇති කියලා මම සිතනවා. ඒ වගේම මේක මලයාලම් ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් කරන මගේ දෙවන අවස්ථාවයි.

අපි දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමු. ඉස්සෙල්ලාම අහන්න ඕනේ, ඔයාට ‘දේශපාලඥයා’ කියන වචනය ඇහෙද්දි හිතට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා? ගොඩක් දෙනෙක්ට දැනෙන්නේ negative attitude එකක්නේ. මම හරි නේද? ඒකට හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට ඒ රටේ දේශපාලන පරිසරයම තමයි. ඔබත් මමත් ජීවත්වෙන ලංකාවේ දේශපාලනය ගැන සැලකුවොත් දැන් මේ යන සිස්ටම් එකත් එක්ක මිනිස්සුන්ටම දේශපාලකයන්ව තිත්ත වෙලානේ තියෙන්නේ. ඒත් ෆින්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය වගේ රටක් ගත්තාම ඒ රටක ජීවත් වෙන පුද්ගලයෙක්ට “දේශපාලඥයා” කියන වචනය ඇහෙද්දි හිතට එන ආකල්පය ඉතා යහපත් මට්ටමක තියනවානේ. දේශපාලනත් එහි වූ පාලකයනුත් රටින් රටට සාපේක්ෂයි. දේශපාලකයෙක් ඇත්තටම තමන්ගේ ජනතාව ගැන හිතලා , ඔවුන්ට තියෙන ගැටළු හඳුනාගෙන ඒවාට පිළියම් දීලා ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවානම් ඇත්තටම එතන වෙනසක් තියනවා නේද? පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරෙයි. මගේ අදහස නම් මේ චිත්‍රපටිය ඉතාම කාලීන මාතාවක් යටතේ නිෂ්පාදනය කර ඇති බවයි. මෙම චිත්‍රපටය එක්තරා දේශපාලන චරිතයක් වටා කේන්ද්‍ර වි ඇති අතර එම දේශපාලන චරිතයට පණ පොවන්නේ මලයාලම් සිනමාවේ ඉතා දක්ෂ නළුවෙක් වන ‘Mammootty’ වන අතර ඔහුගේ අති විශිෂ්ට රංගනය මෙහිදී කැපී පෙනෙයි. ඒ වගේම මෙම චිත්‍රපටය මේ වර්ෂයේ ඔහු රංගනයෙන් දායක වෙන දෙවන චිත්‍රපටයයි. ඊට අමතරව Murali Gopi, Joju George, Matthew Thomas, Gayathri Arun , Nimisha Sajayan යන නළු නිළියන්ගේ රංගනයෙන් මෙය අලංකාර වී ඇත. මෙම චිත්‍රපටියේ එන විපක්ෂ නායක තනතුර සඳහා රංගනයෙන් දායන වෙන Murali Gopi ගේ විශිෂ්ට රංගනයද මෙහිදී කතා නොකරම බැරිය. 2021 මාර්තු මස 26වෙනි දින මුල් වරට තිරගත වූ IMDb මීටරය 6.5ක් වැනි අගයකට කරකවපු Political Thriller/ Drama යන category එක යටතේ මිනිත්තු 150ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය මුල ඉඳන් අවසානය වෙනකම් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් ෆිලුමක් කියලා කියන්නත් පුළුවන් තවද Google පරිශීලකයන්ගෙන් 86% ක් පමණ මෙයට තම මනාපය ප්‍රකාශ කර ඇත. චිත්‍රපටය තිරගත කිරීමෙන් ඉන්දියන් රුපියල් කෝටි 16ක අදායමක් උපයාගෙන ඇත. මෙම චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත්තේ Santhosh Vishvanath වේ. කොහොමවුණත් ෆිල්ම් එක නම් සුපිරියක් තමයි.

අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනේ සිංහල උපසිරැසියක් කරන්න “ONE (2021)” ෆිල්ම් එක මට වෙන් කරලා දුන්නු සහෝටත් ස්තූති වන අතරම බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් ස්තුතිය පුද කර සිටිමි. ෆිල්ම් එක බලලා කට්ටියගේ ප්‍රතිචාර කොමෙන්ට් බොක්ස් එකේ කොටාගෙන යන්න. කොරෝනා වසංගතයෙන් ප්‍රවේසම් වන්න ! නැවත වතාවක් සිංහල උපසිරැසියකින් හමුවෙනතුරු ඔබගෙන් සමුගන්නවා . ඔබට ජයෙන් ජය! ජේසු පිහිටයි !

“මෙතැන් සිට , කිසිම අධිකාරියක්වත්, නායකයෙක්වත්, ඇමතිවරයෙක්වත් හෝ නෙමෙයි..ඔබලා… ඔබලා තමයි අංක එක වෙන්නේ ! “

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD  පිටපත් සඳහා අදාළ වේ.

6,681 downloadsDownload ONE-2021.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,681 downloadsDownload Subtitles75 KB

33 comments

  1. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරසියට බොහොම ස්තූතියි මල්ලි.
    තවත් මලයාලම් ෆිල්ම් වලට උපසිරැසි දෙන්න සිත් පහල වේවා ❤

  2. DILmin

    Sub ekata thanks!

  3. Anonymous

    Patta

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Kushan

    Sub akta thanks

  6. Arawinda Sunimal

    Thanks For Subtitles

  7. Anonymous

    මේක නම් බලලා ගොඩක් කල්
    Sunny මලයාලම් ෆිල්ම් එකට සබ් දෙමු

  8. රංගික සිනෙත් කාරියවසම්

    අංගමාලි ෆිලුම බැලුවා. ලෙසටම සබ් කරලා තිබුනා. One සබ් එකටත් බෝම තුති වේවා. දිගටම මලයාලම් සබ් දෙන්න කියලා ඉල්ලනවා. සබ් නැතුව මග ඇරුණු ෆිල්ම් ටික බලලා සබ් දෙන්න සහෝ. ජය

  9. Anonymous

    elakiri supirikiri

  10. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  11. Sheron

    Thanks bro

  12. Naveen

    උපසිරසියට තුති

  13. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. Anonymous

    තැන්කු වේවා

  16. Samith

    Thanks brother

  17. Anonymous

    Haathi Mere Saathi-2021 sub plz

  18. රනා

    බයිස්කෝප් එකෙන් සබ දුන්නේ නැති නිසා මේක නම් බැලුවා මචන් , කවුරුවත් සබ් නොදීපු Angamaly Diaries වගේ පරන මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න පුලුවන්නම් පට්ට...

  19. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  20. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!

  21. Anonymous

    Sunny-2021 sub dennko

  22. Anonymous

    Thanks for sub

  23. Rahal

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. Anonymous

    ස්තුති වේවා

  26. Eranda

    Thanks brother

  27. Anonymous

    Thnkz

  28. Nethini123

    බොහොම ස්තූතියි...දිගටම මලයාලම් වලට සබ් දෙමු

  29. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  30. Udaya Fdo

    Thank you

  31. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.