Watch Trailer

Reset (2017) Sinhala Subtitles | කාලය-අවකාශය හරහා දෙලොවක් යා කල මව් සෙනෙහස! [සිංහල උපසිරැසි සමඟ]

අම්මා! මේ ලෝකේ උතුම්ම පදවිය. බුදුන්ට පමණක් දෙවැනි වන්නා වූ, ගෙදර බුදුන් තමයි, අම්මා! දස මසක් කුසේ දරාගෙන සිට, මෙලොවට බිහි කරන්නා වූ දරුවා හට තම රුධිරය කිරි බවට හරවා පෝෂණය කරන්නා වූ මිහිපිට දෙවියන්… අම්මා! තමන් හරි හැටි නොකා නොබී, තමන්ගේ කොටසත් දරුන්ව හට කන්න දී, ඒ දෙස බලා සිට සතුටු වෙමින් තම කුසගින…

අම්මා! මේ ලෝකේ උතුම්ම පදවිය. බුදුන්ට පමණක් දෙවැනි වන්නා වූ, ගෙදර බුදුන් තමයි, අම්මා! දස මසක් කුසේ දරාගෙන සිට, මෙලොවට බිහි කරන්නා වූ දරුවා හට තම රුධිරය කිරි බවට හරවා පෝෂණය කරන්නා වූ මිහිපිට දෙවියන්… අම්මා! තමන් හරි හැටි නොකා නොබී, තමන්ගේ කොටසත් දරුන්ව හට කන්න දී, ඒ දෙස බලා සිට සතුටු වෙමින් තම කුසගිනි නිවාගන්නා… අම්මා! සැපේදී මිනිසුන් ඕනේ තරම් ඔබත් එක්ක ඉඳීවි. හැබැයි දුකේදී හැමෝම ඔබව අත්හැරලා දාලා යාවි. එකම එක්කෙනෙක් ඇරෙන්න… අම්මා! ඔබ කාගෙන්හරි දෙයක් ඉල්ලන්න… බහුතරයක් දෙනා ඔබව මගහරීවී. නමුත් ඔබ අම්මගෙන් දෙයක් ඉල්ලන්න. සතුටෙන් හිනාවෙලා ඔබගේ නාමයෙන් තම ජීවිතය වුනත් ඇය ඔබ වෙනුවෙන් පූජා කරාවි. ඒ තමයි අම්මා! ධනය මත, බලය මත සියල්ල වෙනස් වන ලෝකයේ, කිසිවිටෙකත් අංශු මාත්‍රයකින් හෝ නොවෙනස්ව තම දරුවන් වෙනුවෙන් ඇප කැප වී, දරුවන්ගේ සතුට තම සතුට කරගත්තා වූද, දරුවන්ගේ දුක තම දුකක් කරගත්තා වූද ලොව ආදරණීයම පදවිය… අම්මා!

ඇයත් අම්මා කෙනෙක්, හය හතර නොතේරෙන්නා වූ දරුවෙකු සමගින් මෙලොව තනි වූ. රැකියාවෙන් ඇය විද්‍යාඥවරියක්. රැකියාවේ ස්භාවය නිසාම බොහොම අවිවේකී දිවි පෙවතක් තමයි ඇය ගත කලේ. නමුත්, හැකි සෑම විටෙකම තම දරුවා සමග කෙළිදෙලෙන් ගත කිරීමට මේ ආදරණීය අම්මා අමතක කලේ නැහැ. ජීවිතය බොහොම සුන්දර විදියට ගතවෙලා ගියා. නමුත්, නොසිතූ විරූ මොහොතක චණ්ඩ මාරුතයක් හමුවා.

අහලා තියෙනවද වෝම්හෝල් කියන්නේ මොකක්ද කියලා? වෝම්හෝල් කියන්නේ සාපේක්ෂතාවාදයේ සාමාන්‍ය න්‍යායන්ට ගැලපෙන දෙයක්. වෝම්හෝල් එකකට හැකියාව තියෙනවා, ආලෝක වර්ෂ බිලියන ගණනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ, මීටර් කීපයක දුරක් හෝ, වෙනත් විශ්වයන් හෝ,එකිනෙකට වෙනස් කාලයන් සම්බන්ධ කිරීමට. හැමෝටම තේරෙන විදියට කියනවා නම්, කාලය හරහා ගමන් කරන්න මෙමගින් උදව් ලබාගන්න පුළුවන්. හැබැයි, මේ වෝම්හෝල් කියන එක සැබෑවටම පවතිනවාද කියලා තවම කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේ කාලය හරහා ගමන් කිරීම පදනම් කරගනිමින් ඇමරිකාව අතිශය රහසිගත ලෙස පරීක්ෂණ පැවැත්වුවා. ඇමරිකාවට කරට කර සටනක් දෙමින් චීනයත් රහසිගත ලෙස මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වුවා. නමුත්, ඇමරිකාව සොබාදහමේ නීති උල්ලංඝනය කරමින් තම පරීක්ෂණ පවත්වාගෙන ගියා. නීති විරෝධී ලෙස මිනිසුන් පවා යොදාගනිමින් ඔවුන් මෙම කටයුතු පවත්වාගෙන ගියා. මෙයින් සිද්ධවුණේ ලොකු විනාශයක්. කිසිවෙකුත් නොසිතූ පරිදි සමස්ත පර්යේෂණාගාරයම විනාශ වී ගියා. නමුත්, චීනය කෙසේ හෝ තමන්ගේ පර්යේෂණ සාර්ථක කරගන්නා මට්ටමට පැමිණියා. මේ නිසාවෙන්, ඇමරිකාව තම ප්‍රතිවාදී චීනයේ පරීක්ෂණ රහස් හොරකම් කිරීම සඳහා සැලසුම් කරනු ලැබුවා.

කාල තරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නා වූ, කුඩා දරුවෙකු සමගින් තනි වූ විද්‍යාඥවරියක්… නොසිතූ විරූ මොහොතක දරුවා පැහැරගැනීමට ලක්වෙනවා. මොකක්ද මේ වෙන්නේ? දරුවෙක්ට වෙන්න පුළුවන් දරුණුම දේ වෙනවා දකින්න තරම් මේ ආදරණීය අම්මා පෙර පව් කරලා තියෙන්න ඇති. තම දරුවාට අති මහත් විනාශයක් වෙන අයුරු අසරණව බල සිටිනවා හැරෙන්න මේ අම්මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. දෛවය එතරම් ඇයට කුරිරු වුණා. නමුත්, තම දරුවාට සහ ඇයට සිදුවූ අසාධාරණය නිසාවෙන් කිසිවෙකුත් හීනෙන් හෝ නොසිතා අන්දමේ තීරණයක් ඇය විසින් ගනු ලැබුවා!

Richie (2017) චිත්‍රපටියේදී පොරොන්දු වුණා 2018 අවුරුද්ද ලබන්න කලින් තව ෆිල්ම් එකකුයි, පළවෙනිදට ෆිල්ම් එකකුයි අරගෙන එනවා කියලා. ඔන්න එහෙනම් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරමින්, මේ 2017 අවුරුද්දේ බයිස්කෝප් වෙබ් අඩවිය විසින් ඔබ වෙත තිලින කරන්නා වූ අවසාන උපසිරසියත් අරගෙන තමයි අද මේ එන්නේ. මේකත් විශේෂ චිත්‍රපටියක්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ, අපි කොයි කවුරුත් හොඳින් අඳුරන, ජැකී චෑන් විසින්. Action, Sci-Fi කාණ්ඩ යටතේ, Imdb දර්ශකයේ 5.8ක අගයක් ලබාගත් මෙම සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ, 2017 වර්ෂයේ ජුනි 30 වෙනිදා. ඇමරිකානු ඩොලර් මිලියන 29.8 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්නත් මෙම සලරුවට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටය තුල තාක්ෂනය බොහොම ඉහළම මට්ටමකින් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම, කතාවත් මගේ මතය අනුව නම් අවිවාදයෙන්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. මොකද, මේක තවත් අඩු මුදලින් නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් නම් නෙමෙයි. චිත්‍රපටියේ ට්‍රේලර් එක බැලුවොත් හිතාගන්න පුළුවනි මං මේ කියන කාරණාවේ සත්‍ය අසත්‍ය තාවය. කතාවේ අවසානයත් බොහොම සංවේදී එකක් වේවි. ඒ නිසා, අද වගේ දවසක රෑට (දෙසැම්බර් 31) බලන්න කියාපු චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

පොරොන්දු වෙච්ච විදියට තව චිත්‍රපටියක් දෙන්න තියෙනවා. ඒකත් අනිවාර්‍යයෙන්ම හෙට උදේ (ජනවාරි පළවෙනිදා) ලැබේවි. ඒ නිසා, දැන්ම අලුත් අවුරුද්දට සුභ පතන්නේ නැතුව ඉන්නම්. එහෙනම්, ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

7,158 downloadsDownload Reset-2017.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,158 downloadsDownload Subtitles34 KB

79 comments

  1. tmanura

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

  2. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට ස්තුතියි සිසිල අයියේ..

  3. Zimmba

    Ptta

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Prabodha Madhusankha Hettiarachchi

    ගොඩක් ස්තුති සබ් එකට. සියලුම බයිකොප් වාසින්ට ලබාන්නා වු 2018 වසර සුභම සුභ නව වසරක් වේවා...........!

  6. geeganagamage

    බොහොම ස්තූතියි

  7. Udara Damith Dissanayaka

    බොහෝම ස්තුතියි
    subama suba parana awuruddak wewa

  8. Udara Damith Dissanayaka

    කොහොමද අප්පා මේක \ඩවුන්ලෝඩ් කරන්නේ
    හෙවුවා හෙවුවා නෑ
    ගතත කෙනෙක්
    හැෂ් එකවත් කමෙන්ට් කරන්දකෝ

    1. suchith

      6528EF5DE6CD9AAD280769BB2380EAFF92E0A17E

    2. Udara Damith Dissanayaka

      thanks

    3. Rachila

      AMMO TNX BN

  9. DhanushkaAASL

    Thanks sub akata

  10. tharindu sankalpa

    Ela.........tnx

  11. Avindu Umesh Gunasinghe

    tnx bro!!
    happy new year 2018!!

  12. DilZ

    සබට තුති .... දිගටම සබ් ලබා දීමට ශක්තිය ලැබේවා

  13. harshani11112

    Wow patta saho

  14. dinusha666

    Thank you

  15. dinusha666

    HAPPY NEW YEAR !!!!!!!!

  16. snranga7

    Nice job ....

  17. pushpa sameera

    බොහෝම ස්තුතියි

  18. Malinda

    me type eka nam aniwa balanawa.
    Thanks bro,

  19. nirodha uthpala

    Ah sisilaya apahu vadakata atha gahala vage...lipiya nam anduna bro..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  20. sakitha vibamith

    thnq prasa saho

  21. Chamith Mihiranga

    Thanks Aiya..
    Subha Nawa Wasarak Wewa..!

  22. chathudias99

    Wade nma hodai. Den kattiya comment dannam ona nisa dai.. sub ekata thank u. ❤

  23. ඩොක් අයියා

    තැන්කු “සිසිල ප්‍රසාද්” මල්ලියෝ උපරැසියට
    ඔන්න ඔයා කිව්ව නිසා බාගත්තා
    බලමු මොකෝ වෙන්න කියලා

  24. lakshankkn

    thanks for the sub

  25. sasinduweerasinghe

    බොහොම ස්තුතියි සහෝ............

  26. Pasindu Nimantha

    Sub eka download krnna bane.log wela inne

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  29. sasinduweerasinghe

    torrent link ekak ehema naddooo.............

  30. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට ස්තුතියි අයියේ..

  31. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  32. raviz

    Thank you.....!

  33. wwrs

    බොහෝම ස්තුතියි සහෝ........

  34. ksachith

    film eka download kragnne mknda bn. thnx sub denwaata.

  35. ravin

    Thanks fore the sub

  36. malith

    Ela ela thanks machoo

  37. Pradeep Darshana

    Supiri films eka

  38. dumindu chathuranga

    thanks

  39. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  40. Kenan Sujindra

    Thanks Dude ❤

  41. NuwanK

    thanx bro..

  42. Henadheera

    elaaaz...thanks

  43. wajira

    thanks...bro

  44. Tharu_MaduSanka

    එල මචන්... තෑන්ක්ස්

  45. Ruwan Udaya Shantha

    Thanx bro...........

  46. shan840

    obata sthuthi...... bs

  47. Pasindu Naveen

    tnq bro............

  48. shenal

    thanks

  49. tharuka didulanga

    Thanx BrO

  50. AsithaDilruwan

    elama saho thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.