Watch Trailer

Secret Superstar (2017) Sinhala Subtitles | සැඟවුන තාරකාව.. [සිංහල උපසිරසි සමඟ]

සිංහල, දමිළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, කොරියානු, ප්‍රශ්න, ජර්මන්, ඉතාලි දැන් තුර්කි තව කොහෙන් අපේ සහෝදා සහෝදරියන් නතර වේවි ද? නමුත් මේ හැම භාෂාවකටම පොඩි සිනමා සිත්තම් ටෙලි කතා මාලා ඇතුලාන්තයේ එක සාධකයක් හැමෝටම පොදු වෙනවා, ඒ තමයි සංගීතය…. සංගීතය විශ්ව භාෂාවක් හැටියට නම් කරන්නෙත්, පෘථිවියෙන් ගුවන්…

සිංහල, දමිළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, කොරියානු, ප්‍රශ්න, ජර්මන්, ඉතාලි දැන් තුර්කි තව කොහෙන් අපේ සහෝදා සහෝදරියන් නතර වේවි ද? නමුත් මේ හැම භාෂාවකටම පොඩි සිනමා සිත්තම් ටෙලි කතා මාලා ඇතුලාන්තයේ එක සාධකයක් හැමෝටම පොදු වෙනවා, ඒ තමයි සංගීතය…. සංගීතය විශ්ව භාෂාවක් හැටියට නම් කරන්නෙත්, පෘථිවියෙන් ගුවන් ගත කරනා අභ්‍යවකාශ යානා පවා ලොවක් නියෝජනය කරන්නට රැගෙන යන්නේ අහම්බයක් නිසා වෙන්න බැහැ නෙව. මේ සංගීතයට ආදරය කරන, සංගීතය යොදාගෙන ලොවක් නලවන්නට සැරසෙන කුඩා ඇයගේ කතාවයි.

නමින් ඉන්සියා නම් වූ ඇය සංගීතය දෝතින් අරන් උපන් දැරියක්. නමුත් තමුන් යමක් දෝතින් බදන් මේ ලොවට ආවත් ඒ ත්‍යාගය උදුරා ගන්නට, අගුලා තියන්නට වෙර දරන්නවුන් මේ ලෝකයේ එමටයි නොව, අවාසනාවට ඇය උපන්නේ තමුන්ගේ දක්ෂතාව වන ගායනයට ඉඩක් ලබා දෙන වහලක් යට නෙමෙයි. ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ වඩොරා නගරයේ උපන් මේ කුඩා දැරිවිගේ පවුල බොහොම සම්ප්‍රදායික එකක්. නමුත් හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙන්නට වගේ ඇගේ අම්මා තමුන්ගේ දියණිය දිරි ගන්වන්නියක්, නමුත් ඒ ඇයගේ එකම රිදී රේඛාව නෙමෙයි ඇයගේ පිහිටට අන්තර්ජාලය නම් වූ ඉෂ්ඨ දෙවතාවක් ඉන්නවා. මොකද ඉතින් මේක 21 වැනි ශත වර්ෂය නෙව, ඉන්සියාගේ අරමුණ ගායන තරගයක් ජය ගන්නට මොකද ඇය දින්නොත් අලුත්ම ලැප්ටොප් පරිගණකයක් හා වසරක් පුරාවට අන්තර්ජාලයේ සැරිසරන්නට දත්තත් ඇයට දිනාගනට පුළුවන් නමුත් මේ සියල්ලටම තමුන්ගේ පියාගෙන් අවසර ගන්නට අවශ්‍යයි… සතියකට වරක් ගෙදර එන පියා ලේසි පහසු කෙනෙක් නෙමෙයි… ඉතින් මව ඇයගේ දොලදුක සපුරාලන්නට දුවනියට පරිගණකයක් තෑගී කරනවා…

ඒ තමයි සුපිරි තරුවකගේ ආරම්භය, බොහොම දෙනෙක් නරක වෙනුවෙන් භාවිතා කරන අන්තර්ජාලය ඇය තමුන්ගේ දක්ෂතා ඔප්නංවන ගුරුතුමිය කරගන්නවා වගේම, දමුන්ගේ හැකියාව ලොවට කියා පනා මාධ්‍ය ජාලය පවට පත් කරගන්නවා. ඒ Youtube නම් වෙබ් අඩවියට පින්සිදු වෙන්නට… ඉතින් පැය දෙකක් පුරා ඔබට බලන්න හැකිවෙන්නේ සිමාමායිම් බිදගෙන සංගීත ලොවක තමුන්ගේ සලකුණ තියන්නට රහසේ පොර කන මේ පුංචි දැරිවියගේ සිහිනයේ ආලින්ගනයයි….

ආමිර් ඛාන්ගේ රංගන දායකත්වයෙන් රස ගැන්වෙන ඔබ සැම නැරඹීමට නොඉවසිල්ලෙන් මග බලා සිටි Secret Superstar (නොහඳුනන සුපිරි තරුව) හින්දි චිත්‍රපටය මේ අයුරින් ගෙන එන්නටයි සූදානම. Aamir Khan ගේ හා Kiran Rao ගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වන මේ සුන්දර චිත්‍රපටය තිර රචනයෙන් හා අධ්‍යක්ෂනයෙන් හැඩ ගන්වන්නේ Advait Chandan. ප්‍රධාන චරිතය වන අවුරුදු 15 ක් වයසැති ඉන්සියාගේ චරිතයට පණ පොවන්නේ.. ආමීර් ඛාන්ගේම Dangal චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි Zaira Wasim. සෙසු ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Meher Vij, Raj Arjun සහ Aamir Khan. Zee Studio බෙදාහැරීමක් ලෙස ලෝ පුරා තිරගත වූ Secret Superstar, ඉන්දියාවේ තිරගත වීම ආරම්භ කළේ 2017 ඔක්තෝම්බර් 19 වනදා. ඉන්දියානු රුපියල් කෝටි 900 ක බොක්ස් ඔෆිස් ආදායමකට හිමි කම් කී මේ චිත්‍රපටය, IMDb දර්ශකයේ 8.2 ක ඉහළ අගයකට හිමිකම් කීමටද සමත්ව තිබෙනවා. Filmfare සම්මාන උළෙලේ සම්මාන 10 කට පමණ නිර්දේශ වුනු අතර එහිදී. හොඳම නිළිය (විචාරක), හොඳම සහය නිළිය, ඒ වගේම හොඳම පසුබිම් ගායිකාව සඳහා වන සම්මාන හිමි කර ගැනීමට මෙම චිත්‍රපටය සමත් වුනා.

අද මේ උපසිරැසි ලබා දෙන්නේ දිගු කාලීන විරාමයකින් අනතුරුව අසා ලිවීමක් හැටියට. මොකද තවමත් හොඳ උපසිරසක් අන්තර්ජාලයේ හොයාගන්න නැති නිසාත් ඉක්මනින් මේ චිත්‍රපටය ඔබ වෙත ගෙන එන්න තිබුණු ඕනේකමත් නිසා. උපසිරසි නිර්මාණය සඳහා අවශ්‍ය කාල රාමු සකස් කර දුන් අපේ හසාට (හසන්ත වික්‍රමරත්න) චිත්‍රපටයේ ගීත සඳහා සිංහල උපසිරසි සකස් කර දුන් හේවාට (හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත) ඒ වගේම කාලෙකට පස්සේ ලිපියක් ලියා දියන් කිව්ව ගමන් අගනා ප්‍රවේශයක් මේ ලිපියට ලබා දුන් කරුණා වත් (සමීර කරුණාරත්න) මේ අවස්ථාවේ මතක් කරන ගමන්.. මේ අගනා නිර්මාණය නරඹන්න.. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න ඔබට ආරාධනා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

23,561 downloadsDownload Secret-Superstar-2017-BR.zip171 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Yashoda-e1499756189160.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

23,561 downloadsDownload Subtitles171 KB

119 comments

  1. chathura1985

    sub ekata thanks

  2. uditha1596

    thanxxxxxx bro
    api wenuwn sub hadanawata

  3. Hasitha353

    Supiri...thanks

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  6. Chokzi

    Tnx for the sub

  7. mihidumheshan123

    Jaya Janaki Nayaka 2017 meka fatta film akak mekata sub dennakooo thanks sub akata

  8. sapsara

    me film eka nane baiscopedownloads eke

  9. ශසිත් සඳරුවන්

    යසෝ අවුරුද්දකින් විතර නෙහ්. නියමයි ආහ්!
    මේ වගේ එකක් ඉතින් අනිවා බැලිල්ලක් තමයි. :P
    හේවාගේ සින්දු ටිකත් ඉතින් සුපිරියට ඇතිනේ.
    සමීරගේ ලිපියත් මරු.(තෙළිගු අමතක කරලා ☹ )
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට. ගොඩ කාලෙකින් නොවැ දැක්කේ.ඒකත් නියම ෆිලුමකින්. ඔන්න ඒනම් අපිත් ගත්තා. ජය වේවා!

  11. Thisal

    ස්තුතිය උපසිරසට, wait for a hd or web rip

  12. විමා

    සබට තුති ආ
    පස්ස දොරෙන් සබ ලැබුනත් අනිවා කමෙන්ට් එකක් දාන්නම ඕන කියල හිතුව මොකද සබ තිබ්බ ගිණි ගින්දරට..
    ආයේ ඉතිං අමීර් + යසෝ + හින්දි කියන්නේ පට්ට මිශ්‍රණයක්, පිකේ එකෙන් ඒක දැක්කා.
    ඒ වගේම ඒකට හේවා + සමීර එකතු උනා කියන්නේ ෆලුඩා එකට දාන කස කසා ඇට වගේ තමා, :D
    හැබැයි හසා කියන්නේ නම් ෆලුඩා එකට වැටුන මැස්සෙක් වගේ. ඒකයි අවුල. කමක් නැහැ,
    හැම රිදී රෙඛාවකම අඳුරු වලාවක් තියෙනවනේ. ජය වේවා...

  13. Panther

    Thanz brother sub akta

  14. ranga11112

    ස්තුතිය උපසිරසට

  15. Shalin

    ආදරෙයි යකෝ උබලට ❤️

  16. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  17. Ara N Madhu

    Thanks ban!

  18. Nilush Angana

    Sub ekata thanx

  19. R.chandimal

    ela ela.tnx sub ekata..

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. 0777881934

    යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ස්තූති

  22. sublove

    bohoma sthuthi me agana nirmanaya apita balanna upasirasi ganvuvata.

  23. samzR

    Ela bro

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යශෝධ සහෝ.
    ජයෙන් ජය.

  25. kelumchathuranga

    thanks

  26. Tharaka Nuwan Dilhara

    ස්තුතියි යසෝ උපසිරසියට...
    කාලෙකින්...
    හේවගේ සින්දු ටිකත් සුපිරියටම ඇති...
    එල
    ස්තුතියි නැවතත්...
    ජයෙන් ජය...!!!

  27. Devaka Sadaruwan

    සාමාන්යෙන් බලපු ෆිල්ම් එකක් ආපහු බලන්නේ ගොඩාක් කලාතුරකින්. චිත්‍රපටියේ වගේම පිරිසක් මැද ඉදගෙන බලපු හින්දා එක සිරාවටම ගොඩක් තදට දැනුනා. 2017 බලපු සුපිරියක් නිසාත් සිරාවටම ලිපියේ කරුණු වලින් ආයෙත් ෆිල්ම් එක මැවුන හින්දාත් ආයේ බලන්න හිතුවා..

    ජය සහෝ..

  28. Kanchaka

    Thanks bro......

  29. Nirosh C

    ස්තුතියි යශෝධ සහෝ.ජයවේවා!

  30. eshankanchana k

    tnx sub ekata.

  31. eshankanchana k

    Aiyaary 2018 movie ekatath ikmanata sub denna ko බයිස්කෝප්

  32. gihan perera

    Niyamai machan...maka danakan hitiya...thanks....digatama sub danne...jaya wava..god bless you...

  33. siyath dasanayaka

    thank you very much!!!!

  34. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .

  35. geeganagamage

    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

  36. Dilshan999

    denakam balan hitiye thanks

  37. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  38. Chamara Diaz

    Thanks machan...~

  39. Shan

    හම්මේ යසෝ සෑහෙන කාලෙකින්නෙ.. :D
    ඒක නෙමෙයි මේ copy (HDTV) එක සම්පූර්ණ film එකම තියෙයි නේද??
    මොකද සාමාන්‍යයෙන් මේවගේ copy වල කොටස් අඩුයි.
    එහෙනම් පොඩ්ඩක් ඒ ගැනත් කියන්න.
    සබට තුති!
    ජයවේවා!

    1. යශෝධ ශ්‍රීමාල්

      ඔක්කොම තියෙනවා මචන් ...

    2. Shan

      එළ මචන්. ;)
      reply එකට බොහොම ස්තුතියි!
      ජය!

  40. akila13

    well done bro thanks for sub good luck

  41. gayan215

    bohoma sthuthi saho..

  42. subodha

    Thanks bro

  43. diyakawa

    thanx machan

  44. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  45. MudithaDissanayaka

    thanks broo sub akata................
    hoda koppy awith thiyenne

  46. Pravidu Fdo

    Thanks For The Subtitle. Please Update This Sub To HDRip HDRIP Has Been Released

    1. MudithaDissanayaka

      [movcr.com] Secret Superstar (2017) Hindi 720p HDRip x264 AAC - 1.2GB With Sample - MovCr

  47. Amila8815

    thanks bro

  48. AsithaDilruwan

    bluray awama balamu
    elama saho thanks

  49. kumaradasa

    bohoma sttuie sub ekata

  50. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.